සීගිරිය
පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කෙය් උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලයේ ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය තෙය් මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව මොනවාට පිළිබිඹු කරමිණි.
මැදිරිගිරිය වටදා ගෙය
මැදිරිගිරිය ක්‍රි.පූ. යුගයේ සිට මේ දක්වා අඛණ්ඩව පවතින පූජනීය ස්ථානයකි. එම ස්ථානයේ කළ කැණීම් වලදී හමු වූ බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොළු වලින් එහි දීර්ඝ ඉතිහාසය තහවුරු වේ. මැදිරිගිරිය ගැන ප්‍රථමයෙන් සඳහන් වනුයේ කනිට්ඨතිස්ස රාජ සමයේය. එතුමා සීමා මාලකයක් කළ බව සඳහන් වේ. හතරවන අග්ගබෝධි රජතුමා එහි දා ගෙයක් කල බව සඳහන් වේ. එය වර්තමාන වටදාගෙය විය හැකි බව විද්වත් මතයයි. දෙවන සේන රජකුමා විහාරයේ විහාරයේ නඩත්තුව සඳහා ගම්වර පූජා කොට ඇත. සොළී ආක්‍රමණ නිසා මැදිරිගිය පරිහානියට පත් වූ අතර නැවත පළමුවන විජයබාහු සහ පළමුවන පරාක්‍රමබාහු රජවරුන් මැදිරිගිරි වටදා ගෙය දියුණුවට කටයුතු යොදා ඇත.
උත්තරාරාමය
ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්‌ථාපිත ආරාමය යන අර්ථය සහිත උත්තරාරාමය යන නමින් හඳුන්වා ඇත. එහෙත් විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් පසු කාලයේ මෙම සිද්ධස්‌ථාන ගල් විහාරය යන නමින් මහජනතාව අතර ප්‍රචලිත වන්නට ඇති බව මහැදුරු ආරිය ලගමුව යන්ගේ අදහසයි. (ලගමුව 1999(142) චූලවංශයට අනුව මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකරවූ බවට පැහැදිලිවම සඳහන්ව ඇත.
"එසේම නරේෂ්වර තෙමේ (මහා පරාක්‍රමබාහු) මහා චෛත්‍යයට ආසන්න තන්හි පර්වතය බිඳුවා, එහි උත්තරාරාමය කරවූයේ ය. සියලු කර්මයන් දක්‌වා විද්‍යාධර ගුහාව ද, වැඩහුනු පිළිම ලෙනක් ද හොත් පිළිම ගුහායෙක් දැයි මෙසේ පිළිම ලෙන් තුනක් දක්‌ෂ වූ ශිල්පීන් ලවා කරවූයේය" යනුවෙන් දැක්‌වෙන සඳහන පෙන්වා දිය හැකිය.
සාංචි ස්තුපය
වීපවක්‍රවර්ත්තීවූ ධර්මාශෝක මහරජුට වේදිස නගරයෙහි දේවි නම් බිසොවක වූ බවත් ඒ බිසොවන්ගෙන් මහින්ද සංඝමිත්තා යන දෙදරු කෙනෙකුන් ලැබුණු බවත් ඉතිහාසයෙහි ප්‍රසිද්ධ දෙයකි. පසුව ධර්මාශෝක රජතුමා විසින් සිය පිය බිසොව උපන් වේදිස නගරයෙහි සැරියුත් මුගලන් ධාතුන් වහන්සේද නිදන් කොට මේ සාංචි ස්තුපය කරවන ලදී. පසු කාලයක ගරා වැටුණු සාංචි ස්තූ®පය සෑරූ ඉංගිී‍්‍රසි ජාතික පුරා විද්‍යාඞ්‍යක්‍ෂකයෙකුට සැරියුත් මුගලන් ධාතුන් ලැබී ඒවා බ්‍රිතාන්‍යයට ගෙනගොස් වික්ටෝරියා කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු ඒ ධාතුන් වහන්සේලා මහාබෝධි සමාගමය බාරේ ඉන්දියාවට එවන ලදුව ඒවා පෙර තුබූ තන්හිම තැන්පත් කිරීමේ මහෝත්සවයයි යට සඳහන් කරන ලද්දේ. මේ සැරියුත් මුගලන් ධාතු නිධානොත්සවයට සහභාගිවීමට ලැබීමද අපේ වන්දාගමනේ් උසස් ප්‍රතිඵලයක් ලෙස සලකමු. එසේම බුද්ධ වර්ෂ 236 යේ පොසොන් පුරපසළොස්වක් දින මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස අපේ ලංකා ද්වීපයේ බුද්ධ ශාසනය පිහිටුවා දියුණු කිරීම පිණිස පැමිණියේද මේ වේදසගිරි විහාරයේ සිටය. ඒ ස්ථානය සියැසින් දකින්නට ලැබීමද භාග්‍යයකි. සාංචි ස්තුපය යනු වේදිසගිරි විහාරයේ වර්තමාන නාමය බවද සැලකිය යුතුයි.