සියවස් එක හමාරක් පැරැණි හග්ගල මල් වත්ත

මෙරට ඉතිහාසය තුළ මහ බල පරාකර5:4මයක් විහිදූ රාවණා රජු දසිස් නමින් හඳුන්වති. හිස් දහයක් තිබුණු නිසා දසිස් යැයි පැවසුනද රාවණා මහ රජුගේ ශිල්පීය දක්ෂ9තා නිසා දසිස් නමින් හුවා දැක්වීමට අපේ පැරැුන්නෝ උත්සාහ දරා ඇත. මේ පරන්නතාපවත් රාවණා රජු දක්ෂස වෛද්යේවරයෙකු බවත් රජුගේ ඖෂධ උයන හග්ගල කන්ද ආශරි91කතව තිබු බව කියැවේ. රාමා සිතා කතාන්දරයේ සීතා දේවිය ස්තීරවරයපුර ගල්ලෙනක සඟවා සිටියදී මතුවූ අක්ෂින ආබාදයට පරාසයතිකාර කළේ හග්ගල ඖෂධ උද්යාලනයේදී බව ඓතිහාසික තොරතුරු අපට කියයි. එදා සීතාවන් රෝගයෙන් සුවය ලැබූ තැන අද ”සීතාඑළිය” ලෙස සලකුණු ලැබේ. අවුරුදු දහස් ගණනකට පෙර අති දක්ෂ” වෛද්යලවරයෙකුගේව පැවති ඖෂධ උයන 1861 වසරේදී හග්ගල උද්භිද උද්යා නය බවට පත්වූ අතර මෙම වසරට අවුරුදු 150ක් සපිරේ. ඉංගීර්ගලසි පාලකයන් නුවරඑළිය සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර් 9ක් පමණ ගිය තැනදී ඇරඹු දෙවන උද්භිත උද්යා නය ලෙස හග්ගල සැළකේ. මුහුදු මට්ටමෙන් මීටර් 2173ක් උසැති හග්ගල කඳුවැටිය පාමුල මීටර් 1745ක උසින් යුතුව එදා 1861දී අක්කර 500ක් පමණ පුරා විහිදී යන ආකාරයෙන් මේ හග්ගල උද්භිද උද්යාදනය ස්ථාපිත කර ඇත.
ඉංගීර මසීහු තම යටත් විජිත රාජධානියේ සීඝරහග යෙන් පැතිර ගිය මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා අවශ්ය ඖෂධයක් කොට සළකන ”ක්විනික්” නිෂ්පාදනය කිරීම සඳහා ”සින්කෝනා” නමැති ශාකයක් වගා කිරීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්යා නය හරහා 1859 වසරේදී පර්යේෂණ කටයුතු මෙම හග්ගල දී සිදුකර ඇත. එහි පර්ය තිඵලයක් ලෙස 1861 වසරේදී මෙම හග්ගල උද්යාමනය තුළ ඇතිකළ සින්කෝනා වගාව නිසා එය උද්භිද උද්යා නයක් බවට පත්විය. නුවරඑළිය දිස්තිර තික්කය හා බදුල්ල දිස්තිරබවටක්ක දෙක යාවන හග්ගල කඳු වැටිය ආශිරහග තව පිහිටි හග්ගල උද්භිද උද්යා්නයට ඊසාන දිග හා නිරිත දිග මෝසම් වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2200වේ. වසරකට දින 210ක් වර්ෂාව ලැබෙන මෙම උද්යාානය සාමාන්යි උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-15ක් අතර පවතින ඉසව්වකි. සම මිශරඋ15 දේශගුණයකින් යුතු හග්ගල කඳුවැටිය පාමුල පිහිටවූ හග්ගල උද්භිද උද්යානනය, සොබාදහමේ අපූරු දායාදයක් වන හග්ගල දැඩි රක්ෂිතය ආශරිු හතව පිහිටා අති අතර 1861 වසරේදී අක්කර 500ක් පුරා තිබුණද අද අක්කර 68කට පමණක් සීමා වී ඇත. සින්කෝනා වගාවෙන් ඇරඹු හග්ගල උද්භිද උද්යා නය ආශිරිතවතව මෙරට පරද‍ෂධාන වැවිලි දෙකක් වූ කෝපි හා තේ වගාවන්ද පර්යේෂණ වශයෙන් සිදුකළ ස්ථානයක් බව කියැවේ. උද්යා8නයේ පර්යේෂණ සඳහා සිටවූ කෝපි ආදර්ශන නොවූවත් අඩි 15ක් උසට විහිදුණු තේ ගස් අපට අදද හග්ගල උද්භිද උද්යාසනයේදී නෙත ගැටේ. වසර 150ක් පිරුණු මේ අභිමානවත් සොබාදහමේ තිළිණයක් බදු හග්ගල උද්භිද උද්යාපනයේ සිරි අසිරිය ගැන සොයන්නට කියන්නට ඉකුත්දා අප ඒ වෙත පියවර නැගුවෙමි. උද්යා නය සංරක්ෂික එම්.එම්.ඞී.ජේ. සේනාරත්න මහතා හදිසි අවශ්යදතාවකට නුවරඑළියට පිටව ගොස් සිටි අතර ඔහුගේ උපදෙස් මත උද්යානන සහකාර බී. මැද්දේගොඩ මහතා අපගේ සහායට එක්වූයේ ඉතා ලෙන්ගතුවය. අඩි 100-200ක් උසැති විවිධ වර්ගයේ ගහකොළ හෙවත් යටින් නෙක උයන් තුළින් මැද්දේගොඩ මහතා හග්ගල උද්භිද උද්යා නයේ පිහිටි කුඩා කාර්යාලය අසල සිට හග්ගල කාඳුපාමුල දක්වා වූ උද්යාුනයේ ඉහළ ඉසව්වට අප කැඳවා ගෙන ගියේය. ”මේ තියෙන්නේ 1861 වසරේ සින්කෝනා වගාව ආරම්භ කළ ස්ථානය. අද මේ තියෙන්නේ ආදර්ශයක් ලෙස සිටවූ ගසක්, ශ්රීා ලංකාවට ආවේනික හා උද්යාෙනයට ආවේනික ගස්වැල්වලට අමතරව විදේශයෙන් ගෙන්වා සිටවූ ශාකද ඕනෑ තරම් මේ උද්යාකනයේදී දැක ගන්න පුළුවන්. මේ මුළු උද්යායනයම ගහ කොළවලින් පිරුණු එකක් නිසා මහත්වූ සිසිල් බවක් උද්යාෙනය පුරාම තියෙනවා”. ගසින් ගසට විස්තර කරමින් උද්යාරන සහකාර මැද්දේගොඩ මහතා අපට ඉතා මනස්කාන්ත වූ අපුරු හැඩතලයකින් යුත් ගස් පද්ධතියක් තුළට කැඳවාගෙන ගියහ. ඒ 1883 දී සිටවූ ලොත්සුඹුල් ශාක එකතුවටය. ඉන් අනතුරුව අප නැරඹූ 1893 වසරේ දී චීනයෙන් ගෙන්වා මේ උද්යාඹනයේ රෝපණය කළ කපුරු ශාක පද්ධතියද සැබැවින්ම ගෙනදෙන්නේ මහත්වූ සුවදායක පරිසරයකි. කපුරු ගසකින් කොළ කීපයක් කඩා පොඩිකර අප නාසයට ළංකල මැද්දේගොඩ මහතා ”දැනෙනවද කපුරු සුවඳ” සැබවින්ම දෙවියන් මුවේ දල්වන කපුරු පෙතිවල ඇති සුවඳ අප නාස්පුඩු ඔස්සේ ඇදි ගියේය. ”දැක්කද අන්න ඉන්නවා මේ නුවරඑළිය පරල්වදේශයට ආවේණික කළු වඳුරෝ. අපේ උද්යාුනයේ රංචුවක් ඉන්නවා.” කළුපාට විශාල වඳුරන් කීපදෙනකු රිලවුන් රංචුවකට බයේ ගසින් ගසට පැන ගියේ ආත්ම ආරක්ෂා‍වට විය යුතුය. 1867 වසරේදී පර්යේෂණ සඳහා ඇසමයෙන් ශ්රී ලංකාවට ගෙන්වූ තේ පරත් භේද සිටවූ තේ වගාවේ පුරාණය හග්ගල උද්භිද උද්යා්නයේ ඉහළ මායිමේදී අපට දැකගත හැකිය. ඒවා අඩි 15ක් පමණ උස් ගස් බවට පත්වී ඇති අයුරු අපුරුය. හග්ගල උද්යාපනයේ අපූරු නිරමාණයකි. ස්වභාවික ගිරි උයන එය 1921 දී ස්ථාපිත කළ ඉතා ආකර්ශනීය සිරි ගන්වන්නකි. විවිධවූ ගල්කුළු වලින් පිහිටි අයුරින්ම ස්ථාපිත කරන ලද ගිරි උයන උද්යානනයට මහත්වූ ආභරණයක් වි ඇත. උණුසුම් වු තැනක සිට වායු සමනය කළ කාමරයකට ඇතුළු වූවා ලෙස සුවයක් ගෙන දෙන මීවන උයන තුළ ඇති සිසිල හා නෙත් පිනවන පරිසරය සොබා දහමේ අපූරුව කියන්නක් වැනිය. මීවන උයන පුරාම දිලීර හා ඇල්ගී විශේෂ එකතු වී සැදුනු ලයිකන් වර්ග හා විවිධ පාසි වර්ගද මීවන උයනට සැරසිල්ලක් බඳුය. හග්ගල උද්භිද උද්යාීනයේ විශාල භූමි පරාසයක් වසාගෙන ඇති වනෝද්යාගනය තුළ ඉතා ඉහළට විහිදී ගිය දේශීය මෙන්ම උප ඝර්ම කලාපීය රටවලින් හඳුන්වා දුන් රූස්ස වෘක්ෂ ලතා දැක ගත හැක. එම සෑම ශාකයකම උද්භිද විද්යාලත්මක නාමය කුලය හා සම්භවය දක්වන නාම පුවරුද දැක ගන්නට පුළුවන. අක්කර 68 ක් පුරා විහිද ගිය හග්ගල උද්යාුනයේ අසිරිමත් තැන් කරා ගිය අපට මැද්දේගොඩ මහතා උද්යා නයේ ශාකාගාරයේ දොරගුළු විවෘත කර දුන්නේය. ”මෙම ශාකාගාරයේ වසර 100ක වඩා පැරණි ශාකවල නිදර්ශන බලා ගන්න පුළුවන්. කඳුකර වනාන්තර හා කඳුකර පරාගාදේශයේ ශාකවල වියළි නිදර්ශන ශාක කුලවලට විශේෂ වලට අනුකූලව වෙන් වෙන් වශයෙන් ආරක්ෂිාතව තැන්පත් කර තිබෙනවා. 1000ක පමණ නිදර්ශන දැකගන්න පුළුවන්. ශාක පිළිබඳ පර්යේෂණ කරන ඕනෑම කෙනෙකුට මේ ශාකාගාර තුළින් බොහෝ දැනුම එකතු කර ගන්න පුළුවන්” මැද්දේගොඩ මහතා ඉන්පසු අප කැඳවාගෙන ගියේ උද්යාගනයේ සලකුණු ලෙස සලකන නොක් ගිම්හාන නිවාසය වෙතය. නොක් ගිම්හාන නිවහන 1904-1909 දක්වා හග්ගල උද්භිද උද්යා්නය පාලනය කළ උද්යායන ආරක්ෂ ක ජේ.කේ. නොක්ස් මහතා සිහිවීම පිණිස 1912 දී ඔහුගේ මිතුරන් විසින් ඉදිකළ සිහිවටනයකි. හග්ගල උද්භිද උද්යාකනයේ අවුරුදු 150ක ඉතිහාසය තුළ 1882-1940 දක්වා නොක්ස් පවුලේ සාමාජිකයන් තිදෙනකු අවුරුදු 58ක් කාලයක් පාලනය කර තිබීම විශේෂ සිද්ධියක් කොට සැලකිය යුතුය. 1881 වසරේදී හග්ගල සින්කෝනා වගාවේ පාලනයට පැමිණි විලියම් නොක් 1882 සිට 1904 දක්වා උද්යාිනයේ අධිකාරිවරයා ලෙස කටයුතු කර ඇත. සින්කෝනා වගාව ඇරඹූ හග්ගල උද්යායනය උද්භිද උද්යාිනය උද්භිද උද්යා නයක් ලෙස පරිවර්තනය කළ විලියම් නොක් 1904 ජූලි 18 වසරේ විශරාන ම ගියේ තම පුතු වු ජේ.කේ. නොක් උද්යාතන අධිකාරි ලෙසට පත් කරය. ජේ.කේ. නොක්ට හග්ගල උද්යා නය පාලනය කරන්න හැකිවූයේ අවුරුදු 5 මාස 3ක් පමණි. තම පියා සේම ජේ.කේ. නොක්ද උද්යාසනයට ඉමහත් සේවයක් ඉටුකළ අයෙකි. කෙටි කාලයක් උද්යාළනය පාලනය කළ ජේ.කේ. නොක් මහතා නිවාඩුවක් ගත කිරීමට බිරි ාතාන්යක බලා නැවකින් ගමන් ගනිද්දී 1909 දෙසැම්බර් 13 දින ගමන්ගත් නැව අනතුරට ලක්වීම නිසා ඒ මහතා මියගිය අතර ඔහුගේ නෑදෑ හිත මිතුරන් නොක් මහතා සිහිවීම පිණිස මෙම ගිම්හාන නිවෙස 1912දී ඉදිකළ බවට ගිම්හාන නිවහන තුළ පිහිටි සිහිවටන ඵලය අපට කරුණු කියයි. මේ අපූරු මිනිසා භාවිත කළ හිස් වැසුම අදද හග්ගල උද්යාොනයේ ඇති අපූරු මතක සලකුණකි. හග්ගල උද්යාුනයේ අසිරිමත් තැන් ස්පර්ශ කරමින් අප මැද්දේගොඩ මහතා සමග රෝස උයන, පළතුරු උයන, වීදුරු ගෘහය, ඉහළ පුෂ්ප උයන, අධ්යසයන හා ව්යාකප්තිය, රෝස උයන පැළ විකුණුම් හල බල්බ උයන හා මධ්යුම පොකුණ ආදි දැන් කෙරෙහිද නෙත් යොමු කළෙමු. අක්කර 68ක් තුළ ඉතා අරපරිස්සමින් හෝරා කීපයක් ඇවිද අවුරුදු 150ක් සපිරි හග්ගල උද්යානනයේ අසිරිය සොයා ගිය අප ඉස්පහසුවක් ගනිද්දී වර්තමාන හග්ගල උද්යාුන සංරක්ෂරක එම්.එම්.ඞී.ජේ. සේනාරත්න මහතා උද්යාඉනයේ කුඩා කාර්යාලයේදී අපට හමුවිය. අපේ මේ උද්යාානය තුළ ශාක 20,000ක් පමණ පවතින අතර ඒවා දේශීය විදේශීය හා ආවේණික වශයෙන් අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අතර ලංකාවට ආවේණික ශාක 4143ක්ද ලංකාව හා විදේශීයට ආවේණික 3107ක්ද හග්ගලට ආවේණික ශාක වර්ග 100ක් පමණද අප උද්යාංනයේ තිබෙනවා. අද උද්යාකනය තුළ තිබෙන ගස් අවුරුදු 100 ට වඩා පැරණි ඒවා ඒ නිසාමයි උද්යාසනයේ වටිනාකම ගොඩනැගෙන්නේ. 1860 සිට මේ උද්යාවනය භාරව පාලකයන් ලෙස 19 දෙනකු කටයුතු කර තිබෙනවා. ඒ අතර මේ උද්යා6නයේ 1984-1989 දක්වා උද්යා නයේ සංරක්ෂ ක වශයෙන් කටයුතු කළ අචාර්ය ඞී.එස්.ඒ. විජේසුන්දර මහතා අද ආර්ථික සංවර්ධන අමාත්යාං ශය යටතේ පවතින ජාතික උද්භිද උද්යායන දෙපාර්තමේන්තුවේ අධ්යසක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් මේ උද්යාශනය සංවර්ධනය කිරීමට අපට නිතරම අතහිත දී කටයුතු කිරීම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. අවුරුදු 30ක් රට තුළ තිබූ යුද්ධය අවසන්වීමත් සමඟ අති විශාල පිරිසක් උද්යා්නය බලන්න එනවා. 2011 වසරේ නොවැම්බර් මස අවසානය වනවිට උද්යාුනය නැරඹූ පිරිස 460.000ක් පමණ වෙනවා. විදේශිකයන් 10,000ක් පමණ මේ වසරේදී අපේ උද්යාවනයට පැමිණ තිබෙනවා. අද වනවිට අපේ උද්යා,නයට දැඩි ලෙස බලපාන පරේ නශ්නයක් තමයි රිලවුන්ගෙන් මතුවී ඇති ගැටලූව. ඒ විතරක් නොවේ. ගෝන්නු, ඌරෝ ශාකවලට හානි කරනවා. ඒ නිසා උද්යානනයට ආරක්ෂිශත වැටක අවශ්ය්තාවයක් තිබෙනවා. උද්යානනයේ තිබෙන සංචාරක විවේකාගාර මදි ඇතැම් විට බස්රථ 10-12 පිරිස් උද්යායනයට ඇතුල් වෙනවා. සමහර විට වර්ෂාව ඇදහැලූනම මේ එන පිරිසට වැස්සෙන් බේරී ඉන්න තැනක් නැහැ. දවල් ආහාර ගන්න සුදුසු ස්ථානයක් නැහැ. ඒ පිළිබඳ විවිධ පැමිණිලි අපට ලැබෙනවා. අදට වඩා හොඳ වැසිකිළි හා කැසිකිළි පද්ධතියක අවශ්යලතාවයක් මතුවී තිබෙනවා. විශේෂයෙන් විදේශ සංචාරකයෝ නිතර ඒ පිළිබඳව අපට පැමිණිලි ඉදිරිපත් කරනවා. උද්යාකනයේ පිවිසුමේ සිට කිලෝ මීටරයක් පමණ ඇතුළට මාර්ගය කාපට් ඇතිරීම් කළ යුතුයි. අප උද්යා නයේ මුළු කාර්ය මණ්ඩලය 78 දෙනකු පමණයි සිටින්නේ. අක්කර 68ක උද්යායනය රැකබලා ගැනීමට උපරිම අයුරින් අපේ කණ්ඩායම සේවය කරනවා. ඒත් උද්යා නය නැරඹීමට එන ඇතැම් අය ඉතා නොසැලිකිල්ලකින් ගහ කොලට හානි කරන අවස්ථා තිබෙනවා. එසේ නොකරන ලෙස අපි ඉතා වගකීමෙන් ඉල්ලීමක් කරනවා. අවුරුදු 150ක් පැරණි මේ උද්යාඉනය අපේ රටේ මහඟු දායාදයක් ලෙස සලකන්න ඕනි. ඒ නිසා උද්යාුනය තුළ හැසිරීම හා උද්යායනයට ගෙන එන පොලිතින් හා පාවිච්චි කළ ඉවත දමන දේ යළිත් ඒ එන සංචාරකයින් රැගෙන යනවානම් වටිනවා” මෙම හග්ගල උද්භිද උද්යාිනයට වසර 150ක් පිරෙන මේ මොහොතේදී සමරු සටහනක් ලෙස එදා සිට මේ දක්වා උද්යාිනය පාලනය කළ අය පිළිබඳ කරුණු ගෙනහැර දැක්විය යුතුමය. 1860-1866 දක්වා ඩබ්. මැක්නිකෝල්, 1868-1881 දක්වා ඊ.ජේ. ක්වෙයිට්ස්, 1882-1904 දක්වා ඩබ්. නොක්, 1094-1909 දක්වා ජේ.කේ. නොක්, 1911-1940 දක්වා ජේ.ජේ. නොක්, 1940-1947 දක්වා ඊ. පෙරේරා, 1947x1956 දක්වා ඞී.එන්.ඩබ්. රණසිංහ හා ජෝර්ඞ් රණසිංහ, 1956-1960 දක්වා ඞී.ටී. ඒකනායක, 1960-1971 දක්වා එස්.බී. තෙන්නකෝන්, 1971-1976 දක්වා රාජා අත්තනායක, 1976-1979 දක්වා ඞී.බී. සුමිතරවා ආරච්චි, 1979-1980 දක්වා ඒ.එම්. අබේරත්න, 1980-1982 දක්වා ඩි.එස්.ඒ. විජේසුන්දර 1982-1984 දක්වා ඞී.එම්.යු.බී. ධනසේකර, 1984-1989 දක්වා ඞී.එස්.ඒ. විජේසුන්දර, 1989-1991 ඩි.එම්.යු.බී. ධනසේකර, 1991 අපේර. 1ල් 1991-1991 නොවැම්බර් දක්වා කේ.එන්. යාපා, 1991-1995 දක්වා ඞී.එච්.පී. පෙරමුණගම, 1995-2003 දක්වා කේ.එන්. යාපා යන මහතුන් වේ.