ශ්රීේ ලංකා මුහුදු පත්ලෙන් ඉතිහාසය ගොඩගන්න චීනය සැරසෙයි
නිල්වන්ව දිලෙන දියවරින් සපිරි සමුදුර පසුබිම්වද ගොඩනැගුණු ඉතිහාසයක් ශ්රීග ලාංකික අප සතුය. අතීතයේ එක් එක් කාලපරිච්ඡේදවලදී පරදුරධාන වශයෙන්ම වෙළඳාම අරමුණු කරගෙන මුහුදින් පැමිණ ගොඩබට විවිධ මානවයන් පිළිබඳව පුවත් ඉතිහාසය සොයා යන ගමනකදී මුණ ගැසෙයි. අපේ මහ පොළොවේ උපන් මුතු මැණික් ඇත්දළ ආදී වටිනා සම්පත් නොරටුන්ගේ අයිතියට පත් වූයේ මේ ආගිය ගමන්වල එක් පර්ි තිඵලයක් හැටියටය.
15 වැනි සියවසේ දී චීන නාවික හමුදාව මැදපෙරදිග සංචාරය කර ලංකාවටද පැමිණ ඇති බවත්, ලංකාවේ මුහුද වටේටම ඔවුන් සංචාරය කර ඇති බවත් ඉතිහාසය ඔස්සේ කියවෙතැයිද මේ පිළිබඳව ඉතිහාසය සොයා යාමට චීනය ලංකාව අවට මුහුදේ සමුද්රස පුරාවිද්යා පර්යේෂණයකට අත ගසන්නට සූදානම් වෙතැයිද යන ආරංචිය ඔස්සේ කරුණු විමසද්දී පුරාවිද්යාම දෙපාර්තමේන්තුවේ නියෝජ්යද අධ්යනක්ෂටවරයා පැවසුවේ පුරාවිද්යා් ගවේෂණයට තවම චීනයට අවසර දී නැති බවය. අතීතයේ පටන් චීනය ලංකාව සමඟ පැවැත් වූ වෙළෙඳ සබඳතා, එහිදී ශ්රීත ලංකාවේ මුහුද කේන්ද්රනස්ථානයක් කරගත් පසුබිම මේ ආදි තොරතුරු සොයා යන්නට අප අදහස් කළේ මේ වාතාවරණය මධ්ය්යේය. මේ ඒ අතීතය සොය යන්නට දරන වෑයමයි.
ගාල්ලෙන් හමුවූ තීරයි භාෂා ශීලා ලේඛනය ලෙස හඳුන්වන දෙමළ, චීන හා පර්සියන් යන භාෂා තිර්ලෙත්වයෙන්ම ලියැවුණු ශිලා ලේඛනය චීනය අතීතයේදී අප රට සමඟ වෙළඳ සබඳතා පැවැත්වූ බවට වන පැහැදිලිම ඓතිහාසික සාක්ෂිමයකි. ගාල්ලෙන් හමුවූ මෙම ශිලා ලේඛණය දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙම ශිලා ලේඛනයෙන් කියවෙන්නේ මෙබන්දකි.
දෙවුන්දර දෙවියන්ට චීන අධිරාජයා කියා ඇත්තේ වෙළඳාමේ එන මිනිසුන් ආරක්ෂාබ කර දෙන ලෙසය. ඒ වෙනුවෙන් තමන් දෙවුන්දර දෙවියන්ට රන්, රිදී, මුතු, මැණික්, සේද සළු, සඳුන් තෙල් වැනි බොහෝ වස්තු පූජා කරන බව එම ශිලා ලේඛනයේ සඳහන්ය. වර්ණනාත්මක ශෛලියෙන් ලියා ඇති එම ශිලා ලේඛනයේ මිනිසුන් ආරක්ෂාිකර රැකදෙනමෙන් දෙවුන්දර දෙවියන්ගෙන් දිගින් දිගටම ඉල්ලා ඇත.
මිංග් රජ පෙළපත යටතේ චීන අධිරාජ්ය ය පාලනය වූ යුගයේදී එම රජ පෙළපතේ යංග් ලී අධිරාජයා (කිරජ ප.ව 1360.1424) ලෝකයේ බටහිර දිගට තම බලසෙන් විහිදුවාලීමට පියවර ගත්තේය. එම අධිරාජයාට අවශ්යය වූයේ ඉන්දියානු සාගරයේත්, අරාබි මුහුදේත්, බටහිර දිගත් සමුද්රි බලය තහවුරු කර ගන්නටය.යංග් ලී අධිරාජයා එම කටයුත්ත පැවරුවේ අද්මිරාල් චෙංහෝටය. ඔහු දක්ෂග නාවික සෙන්පතියකු විය.
චෙංහෝට මේ වෙනුවෙන් දිගු සමුද්ර චාරිකා හතක් සංවිධානය කර දෙන්නට යංග් ලී අධිරාජයා කටයුතු කළේය. මේ සියල්ලේ අරමුණ වූයේ ඉන්දියානු සාගරය මැදපෙරදිග හා බටහිර දිග පෙදෙස් තම වාණිජ කටයුතු වැඩි දියුණු කිරීම හා තහවුරු කිරීමය.
එදවස චීනයේ සේද සලූ පිළි සමුද්රව සේද මාවත ඔස්සේ බටහිරට පරගෙ වාහනය කෙරුණි. කිරේ .ව 1405-1433 කාලයේදී චෙංහෝ නාවික සෙන්පතියා තම සමුද්රේ චාරිකාවල යෙදී ඇති බවත් ඒ චාරිකාවලදී කිහිපවතාවක්ම ඔහු ලංකාවට ද පැමිණ ඇති බවත් ඉතිහාසය පිරීක්සීමේදී පැහැදිලිවෙයි. ඔහුගේ මෙම සමුද්රත චාරිකා චීන දේශය මහත් වීරත්වයකින් යුතුව පිළිගෙන ඇත.
කිරද්ර.ව 1405 දී චෙංහෝ තමන්ගේ පළමු සමුද්රද චාරිකාව අරඹා ඇත්තේ නැගෙනහිර චීනයේ ෂුහු නුවරිනි. ෂුහු නුවර යනු එකල සේද රෙදි නිපැයුමට පරමන සිද්ධියක් ඉසුලූ නගරයකි. ඉනික්බිති කරිචීන.ව 1407, 1409, 1413, 1416, 1421 සහ 1430 යන කාලවලදී ඔහු ඉන්දියානු නගරයේත් අරාබි මුහුද ඔස්සේත් දිගු චාරිකාවල යෙදිණි. මේ සෙන්පතියා එහිදී ජාවා, මලක්කා, නිකොබාර් දූපත්, ඉන්දූනීසියාව, සියම, මාලදිවයින, වියට්නාමය, කාම්බෝජය, ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පිලිපීනය, අරාබිය, යේමන්, ඕමාන්, කෙන්යාව, සෝමාලියාව, පරංු ශය, ඉතාලිය ඇතුළු රටවල් තිහක පමණ සමුද්රා චාරිකාවේ යෙදී ඇත. චීන ඉතිහාසය පවසන්නේ චෙංහෝ කිලෝමීටර් 50,000ක පමණ දුරක් මෙම සමුද්රළ චාරිකාවලදී ගමන්කර ඇති බවත් නාවික භටයන් 27,000කට වඩා මෙම සමුද්ර චාරිකාවලට එක්වී ඇති බවත්ය. එමෙන්ම යොදා ගත් නැව් ගණන 300කට අධික බවද එකී තොරතුරුවල සඳහන්ය.
කවුද මේ චෙංහෝ
දැඩි ගති ගුණ සහිත මහමුහුදේ පරිණත අත්දැකීම් සහිත පළපුරුදු කාරයෙකු වූ චෙංහෝ වරක් තම සමුද්රබ චාරිකා අතරතුර දී ඉන්දුනීසියාවේ පලෙන්බාන් පෙදෙසට පැමිණ ඇත. එහිදී ඔහුට අසන්නට ලැබුණේ චීන වෙළෙඳ නැව් කොල්ලකන කොල්ලකරුවන් පිරිසක් ගැනය. ඒ කොල්ලකරුවන් ජීවගරදී හණයෙන් චීනයට ගෙන යන්නට චෙංහෝ සමත් වී ඇත.
චෙංහෝ ලංකාවට පැමිණ ඇත්තේ තම පරුව ථම සමුද්රන චාරිකාවෙදීමය. එනම් 1405 දීය. එම යුගයේදී කෝට්ටේ රජු වූයේ වීර අලකේෂ්වරය. චෙංහෝ පර්රනතික්ෂේප කළ රජු ඔහුගේ ලංකා ගමනට විරෝධය ද දක්වා ඇත. එසේම මේ රජු චීන අධිරාජයාගේ වෙළෙඳ පරචා තිපත්තිවලට තම අකමැත්ත පළකර ඇති අතර මේ පසුබිම මත චෙංහෝට නැවත හැරී යන්නට සිදුවිය.
එහෙත් 1411 දී ගාලූවරාය ඔස්සේ චෙංහෝ නැවත ලංකාවට පැමිණ ඇත. එවර ඔහු චීන අධිරාජයා දුන් තුටු පඬුරුද අප රටේ රජු වෙත රැගෙන ආවේය. කෝට්ටේ වැඩසිටි දළදාවහන්සේ වෙනුවෙන්ද පුදපඬුරු රැගෙන ආවේය. එහෙත් එම වතාවේද වීර අලකේෂ්වර රජු චෙංහෝට විරුද්ධ වූ අතර එයින් කෝප ගැන්වුණු චෙංහෝ කළේ වීර අලකේෂ්වර රජු හා ඔහුගේ පවුලේ උදවිය ජීවගරංහ හයෙන් ගෙන චීනයට ගොස් සිරකිරීමය. තෙවසරකින් එම රජු පරේ උමුඛ පිරිස ලංකාවට පැමිණි බව සඳහන් වේ.චෙංහෝ වෙත පැවැරුණු වගකීමත් රාජකාරියත් වී තිබුණේ ඉන්දියානු සාගරයේත්, අරාබි සහ යුරෝපීය මුහුදේත් චීන වෙළෙඳ කටයුතු සඳහා පවතින බාධක ඉවත්කර දැමීමයි.
1407 දී ඔහු තම දෙවැනි දීර්ඝ සමුද්රඉචාරිකාව අරඹා ඇත. දෙවැනි වරට ඔහු 1411දී ලංකාවට පැමිණ ඇත්තේද මෙම චාරිකාවේදීය. එහිදී ඉහත සඳහන් කළ පුදපඬුරුවලට අමතරව 1911දී ගාල්ලෙන් හමුවූ තිරතේදභාෂා සෙල්ලිපියද චෙංහෝ රැගෙන විත් ඇත.
චීන පුරා විද්යාකඥයන් විශ්වාස කරන්නේ සෙන්පති චෙංහෝ තම පිරිවරද සමඟ කිහිපවතාවක් ලංකාවට පැමිණ ඇති නිසා අපේ මුහුදු පත්ලේද චෙංහෝගේ ගමන් ගැන සාක්ෂිි හමුවිය හැකි බවය.
ඔවුහු සමුද්රස පුරාවිද්යා ගවේෂණයක් සඳහා ලංකා රජයේ අවසර ඉල්ලති. චීන නියෝජිත පිරිසකගේත් පුරාවිද්යා් අධ්යුක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඇතුළු ලාංකීය ජ්යෙයෂ්ඨ පුරාවිද්යා ඥයන් හා සමුද්ර පුරා විද්යාරඥයන් පිරිසකගේත් සහභාගිත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් ඉකුත්දා පැවති අතර එහිදී හම්බන්තොට ආශරිපු ත මුහුදේ සිට මන්නාරම තෙක් මුහුදු තීරයේ පත්ල ගවේෂණය කිරීමට චීන පුරාවිද්යා්ඥයන්ට අවශ්යරව ඇති බව පරන්නකාශ විය.
ඉන්දියානු සාගරයේ ඉතා වැදගත් තැනක පිහිටි අමිල ධන නිධානයක් සේ ගිණිය හැකි අපරටට මුහුදු පත්ල එක්පැත්තකින් මහා ධන නිධානයකි. මෙවැනි ව්යානපෘතියක් කිරීමට චීනය අවසර ඉල්ලීම පිළිබඳව මෙන්ම ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි සහ ඔවුන්ගේ අරමුණද අප පැහැදිලිව හඳුනාගැනීම වැදගත් වන්නේ මේ පසුබිම මතය.