විජය රජ
ශ්‍රී ලංකාවේ වංශකතාවලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම රජු ලෙස හැඳන්විය හැක. මොහු රජකළ කාලය වන්නේ ක්‍රි.පූ.543-ක්‍රි.පූ.504 දක්වාය.මොහු ගැන තොරතුරු සොයා ගැනීමට තිබෙන ප්‍රාථමික මූලාශ්‍රය වන්නේ මහාවංශයයි. මොහුගේ පියා ඉන්දියාවේ රජ කළ සිංහබාහුය. මොහුගේ මව වූයේ සිංහසීවලීය. විජයගේ ආධිපත්‍ය ප්‍රධාන වශයෙන් සිංහල සංස්කෟතියට බලපෑමක් විය. ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජධානියක් වන ඉන්දියාවෙන් වෙනස් වූ ආධිපත්‍යක්මොහු ගෙන ගියේය. ආර්යය රාජ්‍යය ප්‍රධාන වශයෙන් හින්දු, ද්‍රවිඩ ප්‍රදේශයන් වූ අතර මොහුගේ රාජධානිය බුදු දහම මත පදනම් වූ රාජධානියක් විය.මොහුගේ රාජධානිය බුදු දහම පදනම් වුවද මොහු බෞද්ධයෙක් නොවීය.ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙසට පැහැදිලිව වෙනස්වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේය.විජයගේ සහ කුවේණියගේ සම්බන්ධය වැදි ජනයාගේ ආරම්භය වූ අතර, පසුව පණඩු කුමරිය සමඟ විජය විවාහ විය.ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ මිත්‍රශීලී සම්බන්ධයක් ලෙස මෙම විවාහය හැඳින්විය හැක. මොහු ඇතැම් විට කෲර, අනුකම්පා විරහිත පාලකයෙකු වශයෙන් හැඳින්වූ පොත්පත්ද ඇත. මොහු දේවානම්පියතිස්ස, දුටුගැමුණු හෝ මහා පරාක්‍රමබාහු ආදී රජවරුන් තරම් ප්‍රසිද්ධියට ලක් නොවූයේ ඵ් නිසාවෙනි. විජයගේ සහ පාණ්ඩු කුමරියගේ විවාහයේදී විජයගේ සෑම අමාත්‍යවරයෙකුටම බිරින්දෑවරු ලැබුණු අතර ඹවුන්ගේ මුහුදු ගමනේදී පළමු බිදින්දෑවරුන් ඹවුන්ගෙන් වෙන්විය. පුරාණ කථාවලට අනුව බිරින්දෑවරුන් මාලදිවයිනට යැවෙන්නට ඇත. අමාත්‍යවරු ඹවුන්ගෙන්ම නමින් තම්මැන්නාව අවට නගර ආරම්භ කළ අතර ඵ්වා උජේනි, උරුවෙල, උපතිස්සගම, විජිත , අනුරාධගාම නම් දැරුවේය. මුල සිටම අනුරාධගාමය ප්‍රධාන තැනක් ඉසුලූ අතර පසුකලෙක මෙය වසර දහසක පමණ කාලයක් රජරට අගනුවර වී තිබුණි. විවාහයෙන් පසු ගතවූ වසර තිස් අට තුළ ඹහු දැහැමිව සහ සාමකාමීව ශ්‍රී ලංකාවේ පාලනය ගෙන ගියේය. විජයගෙන් පසු ශ්‍රී ලංකාවේ රජ කිරීමට තම සහෝදරයා වූ සුමිත්තට ඇරයුම් කළ අතර ඵ් වන විට සුමිත්ත ඉන්දියාවේ පාලකයා වූ නිසා ඹහුගේ පුතා පඩුවස්දෙව් කුමාරයා ලංකාවට ඵවීය. පඩුවස්දෙව් පැමිණ විජයගේ පරම්පරාව දිගටම පවන්වාගෙන ගියේය.
පණ්ඩුකාභය රජතුමා
අභය රජකමෙන් පහ කර පසු සෙසු කුමාරවරු එක්වී දෙවන සහෝදරයා වූ තිස්ස රජ බවට පත් කළේය මොහු අරාජිතව වසර 17 කාලයක් ගත වූ බැව් සදහන්ය
පණ්ඩුල බමුණාගේ ශිල්ප උගත් පණ්ඩුකාභය පන්සියයක් පමණ පිරිවර සමඟ කසාගල කදවුරු බැද ගත් බැව් සදහන් වේ පණ්ඩුකාභය රජ වන බව දැන සිටි පණ්ඩුල බමුණා ඔහු රාජ්‍යයේ අභිෂේක ලබන බවත් යම් කාන්තාවක් අතින් ඇල්ලූ කොළ රන්වන් වුවහොත් ඇය මෙහෙසිය කර ගන්නා ලෙසත්,සිය පුතුට පුරෝහිත තනතුර දෙන ලෙසත් ඔහු කුමරුගෙන් ඉල්ලා සිටියේය
කසාගල අවට කදවුරු බැදගත් පණ්ඩුකාභය සේනා තර කරන්නේ ගිරිකණ්ඩ නම් ප්‍රදේශය කරා ගොස් ඇත එම ප්‍රදේශය පාලනය කළ සිය මයිලණුවෙකු වූ ශිව නම් ප්‍රදේශාධිපතිගේ දියණිය ඔහුට මුණ ගැසිණි ඇය කෙතට ආහාර රැගෙන යමින් සිටි අතර පණ්ඩුකාභය ඇයගෙන් තමාට හා තම පිරිසට ආහාර ටිකක් ඉල්ලා සිටියේය එබැවින් කුමාරයාට රන් තැටියක දමා ආහාර පිළිගැන්වූ ඇය අනිත් පිරිසට ආහාර දීම සදහා නුග කොළ කඩා ගත්තාය පාලි නම් වූ මේ කුමරිය අත තිබූ නුග පත් රන් තලි බවට හැරුනු බව සදහන්ය කෙසේ වුවත් කුමරිය අත ගැසූ නුග පත් රන්වන් පැහැ වූ නිසා ඇය ස්වර්ණපාලි නම් වූවාය පණ්ඩුල බමුණාගේ අනාවැකිය සිහිගන්වමින් පණ්ඩුකාභය තෙමේ ඇය අග මෙහෙසිය කර ගත්තේය
මේ සිද්ධිය සැලවීමෙන් කෝපයට පත් ගිරිකණ්ඩ ශිව සිය දියණිය පැහැර ගෙන ගිය පණ්ඩුකාභය අල්ලා ගැනීමට පිණිස සේනා එවීය පණ්ඩුකාභය ඔවුන් සියල්ලන් විනාශ කළ අතර මේ සටන්වලින් ස්වරණපාලි කුමරියගේ සොහොයුරන් පස් දෙනෙකු මිය ගිය බව සදහන් වේ එයින් පසු මහවැලි ගගෙන් එතෙර දොළ පබ්බත නම් ගිරි දුර්ග ස්ථානයෙහි කදවුරු බැද ගෙන සිව් වසක් විසූ පණ්ඩුකාභයට මාමාවරුන්ගේ තර්ජන අඩුවක් නොවීය ඔහුට පහර දීම සදහා මාමාවරු දිඹුලාගල පර්වතයේ කදවුරු බැදගෙන සටන් කළේය
අනතුරුව දිඹුලාගල ජයගත් පණ්ඩුකාභය රිටිගල පර්වතයේ කදවුරු බැදගෙන සටන් කළේය මාමාවරු රිටිගල පර්වතය හැම අතින්ම වටලා පහර දුන්හ කුමාරයා අවසානයේ උපක්‍රමශීලීව තමා යටත් වීමට කැමැති බව දන්වා දූතයෙකු යැවීය එයින් පසු මාමාවරු යුධ වැදීම අත්හිටුවන ලදී එකෙණෙහි ම ඔවුන්ගේ කඳවුරුවලට කඩා වැදුන පණ්ඩුකාභය කුමරු සතුරු සේනා සමූලඝාතනය කළේය ලබුනෝරුව නම් මේ ස්ථානයේ කළ සටනේදී මාමාවරු අට දෙනෙක්ම යුද බිමේ මැරී වැටුන බව කියවේ මේ නිසා වසර 14 කාලයක් මාමාවරු සමග කරන ලද සටන් අවසන් කරමින් පණ්ඩුකාභයට ලක්දිව අසහාය පාලකයා වීමට හැකි විය
එයින් පසුව ලංකා රාජධානි වශයෙන් පවත්වා ගෙන ගිය උපතිස්ස නගරය වෙනුවට මල්වතු ඔය අසබඩ අනුරාධ ග්‍රාමය අගනුවර කරගෙන ඔටුනු පැළද රජ පැමිණි පණ්ඩුකාභය චන්ද බ්‍රාහ්මණ කුමාරයාට පුරෝහිත තනතුරද අභය මාමාට රෑ රජකම ද පැවරූ බව කියවේ එසේම අනුරාධපුරයට ජලය සපයා ගැනීම සදහා හෙතෙම අභය වැව කරවීය
මේ අග නගරයේ කැළි කසල ඉවත් කරවීම සදහා චණ්ඩාලයන් දේසියයක් යොදවන ලදී මළමිනී ඉවත් කිරීම සදහාත් සොහොන් පල්ලන් වශයෙන් සැඩොලුන් එකසිය පණහ බැගින් යෙදවූ බවද දැක්වේ නගරයේ සූතිකා නිවාස හා ගිලන් හල්ද දැක්වෙන අතර මෙම යවනයනක් කවුදැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි වුවත්,මොවුන් බටහිර දෙසින් පැමිණි ජන කොට්ඨසයක් විය හැකි යයි අනුමාන කෙරේ
සටන් සමයේ චේතිය නම් යකින්නක් වෙළඹකගේ වෙසින් ගැවසෙන බව දැනගත් පණ්ඩුකාභය ඇය අල්ලා ගත් බවත් පසුව ඇය කුමරුට රජකම ලබා දීමට පොරොන්දු වූ බවත් ඒ අනුව ඇයට අභය දානය දුන් බවත් කියවේ මේ අනුව වෙළඹ වෙස් ගත් යකින්නිය ගෙවුයන තුළ නැවැත්වූ බවද කියනු ලැබේ එසේම තමාගේ උපතේ සිට දාස බවින් උපකාර කළ චිත්තරාජ හා කාලවේල යන දෙදෙනෙකු ගැන සදහන්යමේ අනුව චිත්තරාජ හා කාලවේල යක්ෂ සේනාපතියන්ට සම තත්වයෙන් සැලකූ බවද කියවේ මේ අනුව ඔවුන්ට වසරක් පාසා බලි යාග දුන් බවත් සොහොන් බිම දංගෙඩියට පශ්චිම රාජනී දෙවොල,වෙසමුණි නුග රුක,වැදි දෙව් තල් රුත දෙවොල්ද,යෝන සහාග වත්ථුව,යාග ගෘහය සැඩොල් ගම ජෝතීය ගිරි,කුම්භාණ්ඩ යන න්ගණ්ඩ ආශ්‍රම ද කරවූ බව ඉතිහාසයේ එයි එසේම යුද වැද සිටියද අහම්බෙන් තමාට ළං වූ ස්වර්ණපාලි කුමරිය අග මෙහෙසිය කරගෙන හැත්තෑ වසරක් පණ්ඩුකාභය රජකම් කළ බව මහාවංශයේ එයි
මුටසීව රජතුමා
කොහොමද ඉතිං දැන් ලිපි ලියන්න මට වෙන්න වෙන්නෙ නැහැ හැමදාම පමණක් දවස්වල පන්ති පමණක් දවස්වල පාසලේ ක්‍රීඩා වලට සහභාගී වෙනෝ දැන් පාඩම් කරන්නත් එපාය ඒ හින්ද තරහ ගන්න එපා ඉඩ ලැබුණු වෙලාවට අනිවාර්යයෙන් ලියනවමයි
පණ්ඩුකාභය රජුගේ හා ස්වරණපාලි කුමරියගේ පුත්‍රයා වූ මුටසීව බු.ව.176-236 දක්වා ලංකා රාජ්‍යය පාලනය කළ අතර රාජාවලිය මුටතිස්ස නමින් මේ රජතුමා හදුන්වා ඇත මහ මෙව්නා උයන කරවන ලද්දේ මේ රජු විසින් යැයි සදහන්වන අතර උයන කරවන සමයේදී අකාල මේඝයක් නිසා මේඝවන නම් වූ බැව් කියයි හෙතෙම අනුරාධපුරයේ සැට වසරක් රජකම් කර ඇතත්,මේ කාලය තුල දී ද කොතෙකුත් වැදගත් දේවල් සිදුවන්නට ඇත මේ කාලය තුලදී ද කොතෙකුත් වැදගත් දේවල් සිදුවන්නට ඇත එහෙත් ඒ පිළිබඳ තොරතුරු වංශ කථාවලට ඇතුළත් වී නොමැත
මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු විවිධ තොරතුරු උපකල්පනය කරමින් මේ රජු මුරුන්ඩ ශිව යනුවෙන් දක්වා එම රාජ සමය පිළිබඳව දීර්ඝ විවරනයක යෙදී ඇත
ඉතිහාසගත තොරතුරු අනුව මුටසීව රජුට පුත්‍රයෝ දස දෙනෙක් හා දියණිවරු දෙදෙනෙක් වූ බැව් සදහන්ය මේ සොහොයුරු පිරිස දශ බෑයන් යනුවෙන් දීප වංශය හදුන්වයි
දේවානම්පියතිස්ස රජතුමා
දේවානම් පියතිස්ස රජුගේ පාලන සමය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ටානයක් සනිටුවන් කරන අවධියකි. මෙතුමාගේ පාලන අවධියේදී ලක්දිව බුදුසසුන පිහිටු වීමත් සමඟ උපත ලැබූ සිංහල බෞද්ධ ශිෂිටාචාරය ලෝකයේ අනෙකුත් සමකාලීන ශිෂ්ටාචාරවලට නොදෙවෙනි වන පරිද්දෙන් ශ්‍රී සෞභාග්‍යවත් හා සමෘද්ධියෙන් ආඩ්‍ය විය. මුටසීව රජුගේ දෙවෙනි පුත්‍රයා වූද තිස්ස යන නමින් හඳුන්වනු ලැබුවා. හෙතෙම ලක් සිහසුන හෙබවීමටත් පෙර සිටම ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා සමඟ මිත්‍ර සන්ථවය පැවැත්විය. ඔහු ආජාභිෂේකය ලබා නොබෝ කලකින්ම සිය මිතුරා වූ අශෝක අධිරාජයාට මාහැඟි පඩුරුද සමඟ දූත කණ්ඩායමක් යැවූ බව වංසකථාවල සඳහන් වේ.මේ දූත කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ තිස්ස රජුගේ බෑණනුවන් වූ මහාඅරිට්ඨ කුමරුන් විසිනි. ලක්දිව මිතුරාගේ මාහගි පඩුරු ලැදි අශෝක අධිරාජයා අපමණ සතුටට පත්ව දූත පිරිසටද තනතුරු පිරිනමා තිස්ස රජුට යළිත් අභිශේක කිරීමට අවශ්‍ය උපකරණ එවීය.මේ අනුව භාරතයේ පැවති සිරිතට අනුව අභිෂේ ලත් තිස්ස රජු රජ්‍යත්වය තහවුරු කරගෙන අශෝක පෙළපතේ උපාධි නාමය වන දේවානම්පිය යන නාමය නමෙහි මුලට යොදා ගත්තේය. දේ දෙදෙන අතර පැවති මිතුත්වයේ මල්ඵල ගැනීමක් ලෙස දැක්විය හැක්කේ ලක්දිවට බුදුදහම ලැබීමයි. අශෝක අධිරාජයාගේ ප්‍රධාන දායකත්වයෙන් පැවති තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් දියත් කළ ධර්ම ප්‍රචාරක ව්‍යාපාරය අනුව එතුමාගේ පුත් මහින්ද මහරහතන් වහන්සේ සමඟ ඉට්ඨිය,උත්තිය,සම්බල,භද්දසාල යන තෙරුන් වහන්සේලා සතර නමක් වැඩම කළ අතර සුමන සාමණේර භික්ෂවන් භණ්ඩුක උපාසක තැනත් එම ධර්මදූත පිරිසට අයත් විය.මිහිදු හිමියන්ට දේවානම්පියතිස්ස රජතුමා හමු වූයේ මිහින්තලාවේදීම.දඩකෙළියේ ගිය රජු හී බිම දමා තුනුරුවන් සරණ ගියේ එහිදීය.එදින පොසොන් පුර පසළොස්වක දිනයක් විය.මහාවංසය දක්වන පරිදි එහිදී මිහිඳු හිමියෝ ජුල්ල හත්ති පදෝපම සූත්‍රය දේශනා කොට ඇත.ධර්ම දේශනයට පළමුව රජු බුද්ධි පරීක්ෂණයට ලක් කළහ. එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ බුදුදහම තේරුම් තරම් නුවණක් මෙරට පාලකයාට තිවේදැයි පරීක්ෂා කිරීමට විය හැකිය. එහෙත් රජතුමා නිවැරදිව ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් බුදුදහම අවබෝධ කරගෙන එය මෙරට ප්‍රචලිත කිරීමට හැකියාවක් ඔහුට අතිබව උන්වහන්සේට පැහැදිලි වන්නට ඇත. ඇත්ත වශයෙන්ම උන්වහන්සෙගේ එම අභිමතාර්තය ඉතා සාර්ථක විය. පසුදින අනුරාධපුර රාජධානියට වැඩම කළ මිහිඳු හිමියන් ධර්ම දේශනා තුනක් පැවැත්වූහ. රජගෙදර කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් මෙහිදී හේතුකොට ගෙන ලක්දිව වුදුදහම ප්‍රචලිත වීම සාර්ථකව සිදු විය. දේවානම්පියතිස්ස රජුගේ ශාසනික සේවයේ ප්‍රතම කාර්යය ලෙස දැක්විය හැක්කේ මහමෙවුනා උයන සඟසතු කොට පූජා කොට මහාසීමා බැඳවීමය. එය ලක්දිව බුදුසසුන පිහිටුවීමේ සංකේතයක් බඳු විය. වුද්සසුනට ලක්දිව අයිතිය ලැබුනේ මහමෙවුනා උයන සඟසතු වීමෙන්. පසු කාලීනම ජාත්‍යන්තර වහයෙන් ථෙරවාදී වුදුදහාම් වුදුදහමේ කේනුද්‍ර ස්ථානය වූ මහාවිහාරය ඉදිකරවීම දේවානම්පියතිස්ස රජු බුදුසසුනේ දියුණුවට කරන ලඳ මහඟු සේවාවකි. මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවදී ප්‍රථමයෙන්ම වස් වැසීමට තෝරා ගත්තේ මිහින්තලා පර්වනයයි.දඹදිවදී ශ්‍රී මහාබෝදීන් වහන්සේ දකුණු ශාඛාවක් රැගෙන සඝමිත් තෙරණිය වැඩම කිරීමත් සමඟ මෙහි භික්ෂුණි ශාසනය ස්ථාපිත විය. දේවානම් පියතිස්ස රජුගේ බාල සොහොයුරු මහානාගගේ දේවිය වන අනුලා බිසව ඇතුළු පන්සියයක් දෙනා කාන්තාවෝ පැවදි වූහ. බෝධිරෝපණයද පුද සැලකිලි මැද ඉතා උ්කර්ෂවත් ලෙස පැවත්වූහ.බෝදීන් වහන්සේ වැඩම කළ නැවේ කුඹ ගහ සඝමිත් තෙරණිය වැඩ සිටි මෙහෙවරෙහි එක් ගෙයකද පලුපත තවත් ගෙයක කෙනිපාතය තවත් ගෙයකද මහජනයාට දැකබලා ගැනීමට තැන්පත් කරන ලදී.බුදුසසුන ලක්දිව මුල්වැස ගැනීමේ අරමුණ ඇතිව දේවානම්පියතිස්ස රජුගේ දායකත්වයෙන් සිදු වූ විනය සංඝායනාවට භික්ෂූන් වහන්සේලා සැට අට දහසක් රැස් වූ බවද ඓතිහාසික මූලාශ්‍රයවල සදහන් වෙයි.මීට අමතරව ඔහු වසරක් තුළදී කරන ලද වෙහෙර විහාර හා වෙනත් ආගමික ගොඩනැගිලි අතර ඉසුරුමුණිය විහිරය,ශත්ථාල්හක මෙහෙණවර,මහාපාලී දන්හැල,නාගදීපයේ දඹකොළ වෙහෙර හා තිස්ස මහාවිහාරය,ප්‍රාචීනාරාමය ආදිය දැක්විය හැකිය.ලේඛන කලාව,ගෘහ නිරිමාණ ශිල්පය,මූර්ති ශිල්පය,කැටයම් කලාව,චිත්‍ර ශිල්පය ආදී ගලා ශිල්පවලින් ශ්‍රී ලංකා ශිෂ්ටාචාරය ඔපවත් වූයේ මහින්දාගමනයෙන් පසුවය.දැනට මෙහි නොයෙක් ස්ථානවලින් හමුවී ඇති පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනවලින් පැරණිම ඒවා අයත් වන්නේ ක්‍රි.පූ.තුන්වන සියවසටය.මේවායෙහි ඇති අක්ෂර ඉන්දියාවේ අශෝක ශිලා ලේඛනවල අක්ෂරවලට සමානය. එවැබින් මහින්දාගමනයෙන් පසුව කුමවත් ලේඛන කලාව ඇති වීමත් සමග සිංහල සාහිත්‍යයේ උපත සිදු වූ බව ඵෙතිහාසික මූලාශ්‍රවල සදහන් තොරතුරු අනුව පැහැදිලි ිව්. මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවදී හෙළ අටුවා ග්‍රන්ථ රචනා කළ බව මහාවන්සයේ දැක්වේ.දේවානම් පියතිස්ස රජුගේ කාලයට පෙර තිබූ රාජධානිවල නටඹුන් ඉතිරි වී නැත ඒට හේතුව වන්නට ඇත්තේ මැටි ආදී ගල් නොපවතින ද්‍රව්‍ය යොදි සක්ස් කළ බැවිනි.ශ්‍රී ලංකාවේ ගෘහ නිරිමාණ ශිල්පය උසස් මට්ටමකට පත් වූයේ මහින්දාගමනයෙන් පසුව බවට අවිවාදයෙන් පිළිගත හැකිය.ඒ අවධිය වනවිට ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍ය තුළ අලංකාර වූත් විසිතුරු වූත් වෙහෙර විහාර,රජමාලිගා,ප්‍රභූ නිවාස ඉදිකර තිබිණි.ඉතා උසස් මට්ටමේ කලාත්මක ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයක් එහි පැවතිණි. මේවායෙහි ආභාසය බුදුසසුන පිහිටුවීමත් සමග මෙරටට ලැබිණි,මහාවිහාරය සැලසුම් කරයි.එසේම සගමිත් තෙරණිය සමග පැමිණි අටලොස් කුලයක ශිල්පීන් අතරද මේ විෂයය පිළිබද නිපුණත්වයක් ඇති අය සිටින්නට ඇත.ගඩොල්,ගල් ආදිය යොදා ගනිමින් එතැන් පටන් ලක්දිව අලංකාර ගෘහ නිරිමාණ ඉදිකිරීම ආරම්භ විය.පසු කාලීනව දේශීය ගෘහ නිර්මාණ ගැළපෙන අයුරින් ඔවුන්ගේ විහි වූ අතර දේශයට පරිසරයට ගැළපෙන අයුරින් ඔවුන්ගෙන් විහිවූ උසස් නිරිමාණ ශ්‍රී ලංකා ඉතිහාසය පුරා දක්නට ඇත
දුටුගැමුණු රජතුමා
මහාවංසයේ විසි දෙවන පරිච්ජේදයේ සිට තිස් දෙවන පරිච්ජේදය වෙන් වී ඇත්තේ දුටුගැමුණු රජතුමා පිළිබඳ විස්තර දැක්වීමටය.අසේල රජුගෙන් ලක්දිව බලය අල්ලා ගත් එළාර නම් දමිළ රජු සතළිස් අවුරුද්දක් රජකම් කළේය.ඔහු අනුරාධපුර රාජධානිය පාලනය කරන අවධියේ රුහුණේ මාගම රාජධානිය කරගෙන සිටියේ ගෝඨාබය පුත් කාවන්තිස්ස රජුය ඔහුගේ අගමෙහෙසිය වූයේ කැලණිතිස්ස රජුය.ඔහුගේ අගමෙහෙසිය වූයේ කැලණිතිස්ස රජුගේ දුවණිය වූ විහාර මහාදේවියයි.මේ දෙපළගේ වැඩිමහලු පුත්‍රයා වූයේ තිස්ස කුමරුය.දෙළොස්වෙනි වියේ සිටම ගැමුණු කුමරා අනුරාධපුරයේ දමිළ පාලනයට විරෝධය දැක්වූ අයුරු මහාවංසයේ සඳහන් පුවතින් පෙනේ. .කාවන්තිස්ස රජතුමා දූරදර්ශී පාලකයෙකු වූ බැවින් එකවරම එළාර රජු සමඟ සටනට ගියේ නැත.ඔහු කලක පටන් මේ සඳහා සූදානම් වූ බව පෙනේ.තම දරුවන් තරුණ වියට පත් වූ පසු දමිළයන්ගේන් කිසියම් උවදුරක් වුවහොත් ඊට ශක්තිමත්ව ඔවුන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය හැම පියවරක්ම ඔහු ගත්තේය.ඔහු විසින් සංවිධානය කරන ලද යුද බලඇණිය එවකට රෝහණ දේශයේ සිටි ප්‍රවල පුද්ගලයන්ගෙන් සැදුම් ලද්දක්.පළමුවෙන්ම ඔහු කළේ දස මහයෝධයන් ලවා එක් අයකුට දසදෙනා වැගින් යෝධයන් සොයා ගත්හ.මේ අයුරින් අවසානයේ එකළොස් දහස් එකසිය දසදෙනකුගේන් සමන්විත යෝධ බැලඇණියක් නිරිමාණය කළේය.ගැමුණු කුමරාද හස්ති ශිල්පය.අශ්ව ශිල්පය ආදී රජකුමාරයකුට අවශ්‍ය සියලු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යනය කරමින් ඒවා පිළිබඳ ප්‍රවීණත්වයට පත් වූයේය.කාවන්තිස්ස රජු ගැමුණු කුමරා තමා ඇසුරෙහි තබා ගත්තේය.ඒ වන විටත් රජතුමා සතුරු ආක්‍රමණ වළක්වනු පිණිස මහවැලි ගඟෙහි සෑම තොටකම බලඇණි යොදවා තිබිණ.රජුගේ අන් බිසවකගේ පුත්‍රයකු වූ දීඝගාමිණී කුමරා ලවා මහවැලි ගඟහි කසාතොට ආරක්ෂා කිරීම සඳහා තිස්ස කුමරා දිගාවැවට යවා තිබිණ.ඔහු එම ප්‍රදේශය සංවර්ධනය කරමින් රාජකාරී කටයුතු කළේය.රජරට අල්ලාගෙන සිටින දමිළ සතුරන හා සටනට අවශ්‍ය යුද ශක්තිය මෙන්ම අවශ්‍ය පහසුකම් ඇතිබව දත් තරුණ ගැමුණු කුමරාල රුහුණට කොටු වී ජීවත් වීම මදිකමක් සේ දැනිණි.එවැවින් ඔහු එළාර රජුට විරුදධව සටනට යාමට තෙවරක්ම පිය රජුගේ අවසරය ඉල්ලා සිටියේය.එහෙත් පියරජු ඊට ඉඩ නුදුන්නේ.ඊට විරෝධය පෑමක් වශයෙන් ගැමුණු කුමරා කළේ ඔහු වෙත සත්‍රී ආභරණ යැවීමය.මෙයින් කාවන්තිස්ස රජතුමා කිපී ගැමුණු කුමරා අල්ලාගෙන සිර කිරීමට තැත් කළෙන් ඔහු කඳුරටට පලා ගොස් කොත්මලේ ප්‍රදේශයේ වාසය කළේය.පියාට විරුද්ධ වූ බැවින් එතැන් පටන් ඔහු දුට්ඨගාමිණී හෙවත් දුටුගැමුණු නමින් ප්‍රසිද්ධ විය.මේ අමතරව කාවන්තිස්ස රජතුමා මහානාගහුල නැමැති ස්ථානයේ චෛත්‍යක් ඉදි කිරීමට ආරම්භ කළේය.එහි වැඩ නිම වූ පසු එය මහාසංඝයාට පුජා කිරීමේ උළෙලක් පැවැත්විණි.ඒ සඳහා භික්ෂුන් වහන්සේලා විසිහතර දහසක් වැඩැයහ.රජතුමා උන්වහන්සේලාට ඉදිරියට සියලු යෝධයන් රැස් කරවීය.ගැමුණු කුමාරයාත් තිස්ස කුමාරයාත් අතර යම් කලෙක සටනක් ඇති වුවහොත් ඊට සම්බන්ධ නොවීමට එහිදී ඔවුන් සපථ කරවා ගත්තේය.මේ අයුරින් කාවන්තිස්ස රජතුමා එතැන් පටන් විහාර සැටසතරක් කරවීය.එතුමාගේ අභාවය සැලවූ තිස්ස කුමරා අවුත් පියාණන්ගේ ආදාහනෝත්සවය නිමවා මව වූ විහාර මහාදේවියත් කඩොල් ඇතාත් රැගෙන ගැමුණු කුමරාට භයින් යළිත් දිගාවැවට ගියේය ඇමතියන් හසුන් ලද දුටුගැමුණු කුමරා මාගමට විත් රාජ්‍යයෙහි අභිෂේක ලැබීය මවත් කඩොලැතැත් ඉල්ලා තිස්ස කුමාරයාට හසුන් යැවූ නමුත් එය නෂ්පල වෑයමක් විය. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර යුද දෙකක් ඇති විය. භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම නිසා පසු ඔවුන් දෙදෙනා සමගි වූහ.කලක් තිස්සේ දුටුගැමුණු රජුගේ සිතට වදදුන් මනදොල සංසිදවා ගැනීමට අවස්ථාවක් උදා වූයේ ඉන් පසුවය.ආශිර්වාදය හා ආරක්ෂාව වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා පන්සිය නමක්ද පෙරටු කොටගත් යාන වාහන හා බලසෙන් සහිතව කඩොලැතු පිට නැගුනු දුටුගැමුණු රජතුමා රුහුණෙන් පිටත්ව අනුරාධපුරය බලා ගමන් කළේය.ඒ කාලවකවානුව තුළ මහවැලි ගඟෙන් මෙතෙර දමිළ වලකොටු කීපයක්ම අල්ලාගන්නා ලද්දේ උපාය මාර්ගයෙනි.මහියංගණය,අඹතොට,සැත්බෑ කෝට්ටේ,අතුරුහෙබ,ද්‍රෝණ,හල්කොල,නැලිහෙව,දික්අබාගල,කස්තොට,කෝට නුවර,වහිට්ඨ,ගැමුණුගම,කුඹගම,නන්දිගම,ඛානුගම,තඹගම ආදී ස්ථානවල පිහිටි දෙමළ බලකොටු බිඳ ඒවායෙහි සිටි දමිළ සේනාපතියන් අල්ලා ගැනීමට ඔහුට හැකිය.මෙහිදී යුදවලින් පැරදුණු බොහෝ දමිළයන් පලාගොස් විජිතපුර බලකොටුවට වන්හ.මේ සටන්වලදී දුටුගැමුණු රජතුමාගේ ප්‍රධාන සේනාධිපති වූයේ නන්දිමිත්‍රයෝදයාය.මහවැලි ගහෙන් එතෙර වූ දුටුගැමුණු රජුගේ ඉලක්කය වූයේ විජිතපුර බලකොටුවට පහර දීමය මේ බලකොටුව පවුර,අට්ටාල ආදියෙන් සමන්විත වූ උස් වූ ගල් පවුරකින් වට කොට තිබූණි.ඊට තිබුණේ අයෝමය දොරවල්ය දුටුගැමුණු රජුගේ සේනාව කඩොල් ඇතාත් යොදාගෙන මේ දොරටු අසල දමිළ සේනා සමඟ සටන් කළහ.අන්තිමේදී දමිළයෝ බලකොටුවෙහි දොරවල් වසාගෙන ඇතුළට වන්හ.කඩොල් ඇතා ලවා දකුණුපස යදොර බිදිලීමට තැත් කරද්දී නොයෙක් ආයුධවලින් පහර දෙමින්ද රත් කළ යකඩ ගැලි හා ලෝදිය දමමින්ද එම උත්සාහය මැඩලීමට දමිළයෝ උත්සාහ දැරූහ.මෙයින් වේදනාවට පත් හස්තියා එතැනින් පලා ගියේය එහෙත් පසුවට නොවුණු සිංහල හමුදා කඩොල් ඇතාට නිසි පිළියම් යොදා ඒ තෙල් සම් යොදා යළිත් දොරටුව බිඳීමට මෙහෙය වූහ.එම අවස්ථාවේදී ඔවුන්ගේ බලාපොරොත්තුව සඵල කරගැනීමට හැකි වීය.බලකොටුව තුළට පැනගත් සිංහල හමුදා සතුරන් නසමින් එය විනාශ කර දැමුහ.මේ සඳහා ඔවුන්ට මාස හතරක් ගත විය.ඉන්පසු ගිරිල නුවර බලකොටුව අල්ලාගත්හ.එහෙත් පහසුවෙන් අල්ලා ගත නොහැකි තවත් බලකොටුවක් තිබිණ.එය පිහිටා තිබුණේ මහෙල නම් ස්ථානයේය.එය දිග අගල් තුනකින් හා කටු වැටකින් ආරක්ෂා වූවකි.මේ බලකොටුව අල්ලාගැනීමට සාරමසක් සටන් කිරීමට සිංහලයන්ට සිදු විය එයින් නිසි ලෙස ඵල නෙළා ගැනීමට නොහැකි බව දැනගත් දුටුගැමුණු රජතුමා එය අල්ලා ගත්තේ උපාය මාර්ගයෙනි.එතැන් පටන් කිසිම බාධාවකින් තොරව සිංහල සේනාවට අනුරධපුරය දක්වා ගමන් කිරිමට හැකි විය එහෙත් දුටුගැමුණු රජතුමා එකවරම එළාර රජු සමඟ සටනට යාමට තීරණය කළේ නැත ඒ වන විටත් බලකොටු තිස් දෙකක් විනාශ කිරීමට උරදුන් සිංහල සෙබළු පීඩාවට පත්වී සිටින්නට ඇත.මෙතෙක් ඔව්න් සටන් කර තිවුණේ අනුරාධපුරයට අයත් පසල් දනව්වල සේනාධිපතීන් සමඟ පමණි.නමුත් ප්‍රධාන දමිළ සේනාව තව තවත් ශක්තිමත් වෙමින් සිටියා මිස සටනට සම්වන්ධ වුයේ නැත එබැවින් තම යුද ශක්තිය තරකරගැනීමටත් ඊට අවශ්‍ය ආහාර පාන බේත්හේත් ආදිය එක්රැස් කර ගැනීමටත් දුටුගැමුණු අදහස් කරන්නට ඇත එබැවින් ඔහු අනුරාධපුරයට සැතපුමු දහ අටක් තරම් දුරින් තිබුණු කසාගල කඳවුරු බැඳගෙන වැවක්ද තනවා පොසොන් මස්හි දිය කෙළියෙහි යෙදෙමින් කල්ගත කළේය මෙසේ ටික කාලයක් ගත වී ගිය පසු එළාර රජුද ප්‍රධාන කොට වූ යෝධයන් හා මන්ත්‍රණය කොට පර්වත නම් ඇතුපිට නැගී විශාල සේනාවක් රැගෙන දුටුගැමුණු රජු හා සටන් කිරීම සඳහා කසාගල දෙසට ගමන් ගත්තේය.එකල ඉන්දියාවේ මෙන්ම ලක්දිව පැවති යුද්දෝපක්‍රම නම් දෙපිළක් අතර සටනක් දියත් කළ විට විරුද්ධ පැත්තේ සෙන්පතියන් ජීවග්‍රහනයෙන් අල්ලා ගැනිම හෝ මරා දැමීම පහර දෙන පැත්තේ බලාපොරොත්තුව වීමයි ඔවුන්ට එසේ කිරීමට ඉඩ නොදීම අනික් පැත්තේ උපක්‍රමය විය එළාර රජු සතුව පඅවති යුද ශක්තිය චරපුරුෂ සේවය මගින් දුටුගැමුණ් රජ අවවෝධ කරගෙන සිටින්නට ඇති බවටද සැක නැත එබැවින් ඔහු සිය මෑණියන්ගේද උපදෙස් ලබාගෙන සතුරු පක්ෂයේ වීරයා පීඩාවට පත් තිරීමට උපායක් යෙදීය.ඒ අනුව බලකොටු තිස්දෙකක් එම ස්ථානයේ ඉදිකොට දටුගැමුණු රජතුමාට සමාන රජ රූපද කරවා රජු එහි සේසත යට සිටින බවක් ඇඟවෙන සේ එම රෑ දෙතිස බලකොටුවල තැබුවේය ඉන්පසු දුටුගැමුණු රජතුමා අභ්‍යන්තර බලකොටුවල සිටි අතර ප්‍රධාන සේනාධිපති නන්දිමිත්‍ර යෝධයා ඔහුගේ ආරක්ෂාව සඳහා සූදානම්ව සිටියේය.යුද්ධය ඇරඹීමත් සමඟ එළාර රජුගේ භයංකාර වූ මහත් බල ඇති දීඝජන්තු යෝධයා සටන් කරමින් දුටුගැමුණු රජු සිටින ස්ථානයයි සිතා බලකොටු දෙසට ඇවිත් ඒවාට පහර දීමට පටන් ගත්තේය ඔහු අසිපත හා පළිහද රැගෙන අටළොස් රියනක් පමණ අහසට පැන පළමු බලකොවෙහි තබා තිබුණු රුවට පහර දී එය බිම දැම්මේය මෙසේ බලකොටු සියල්ල බිඳදමා දුටුගැමුණු රජතුමා සිටින බලකොටුව දෙසට ගියේය ඔහුගේ ගමන වැළකි ගිය රජුගේ ආරක්ෂාව සඳහා සූදානමින් සිටි නන්දිමිත්‍ර යෝධයා පරුෂ වජනයෙන් බැනීමය ඔහුගේ ඒ උපක්‍රමය සාර්ථක විය පරුෂ වචනයෙන් බැණ වචනයෙන් බැණ වැදීමෙන් කිපුණු දීඝජන්තු රජු වෙත යාම නවතා නන්දිමිත්‍ර මරා දැමෙන අදහසින් අහසට පැන්නේය නන්දිමිත්‍ර එවිට කළේ තමාට පහර දීමට පහලට එන දීඝජන්තු වෙත පළිහ ඇල්ලීමය එවිට පළිහත් සමඟ නන්දිමිත්‍ර කපමෙයි සිතා දීඝජන්තු වැරෙන් කඩුපහරක් දන්නේය ඒ පහර පළිහෙන් වළක්වා කඩුව පළිහ විනිවිද ගෙනෙත්ම එය අතහැරියේය.එබැවින් කඩුවද ගිල්හී දීඝජන්තු බිම ඇද වැටිණ එහෙත් ඔහුට කඩුව අතට ගැනීමට නන්දිමිත්‍ර ඉඩ තැබුවේ නැත ක්ක්ෂණිකයෙන් නැගිට තම අසිපතින් දීඝජන්තු මරණයට පත් කළේය එළාර රජුගේ ජයග්‍රහණය සඳහා ප්‍රධාන තුරුම්බුව වූ දීඝජන්තුගේ මරණයත් සමඟම එහුගේ හමුදාව මානසික වශයෙන් කිසියම් පසුබැස්මකට ලක්වූ බව නිසැකය දුටුගැමුණු රජුගේ ඵුස්සදේව යෝධයා සක පිඹීමක් සමඟම එයින් බැයපත් වුණු ඔවුහු සීසීකඩ පලා ගියේ එහෙයිනි එබැවින් සිංහල හමුදාවට ලෙහෙසියෙන්ම ඔවුන් මර්ධනය කිරීමට හැකිවිය විජිතපුරයේ බල බිදී යත්ම සිංහල හමුදාව සමඟ කරන සටනේදී ලක්දිව සිටි තම හමුදාව ගැන එළාර රජු සැහීමකට පත් වී නොසිටි බවද පෙනේ එබැවින් ඔහු දකුණු ඉන්දියානුවෙන්ද ආධාර ඉල්ලා තිබිණ අන්තිමේදී යුදයෙන් පැරදී එළාර රජ පලා ගියේය එහු ලුහුබැද ගිය දුටුගැමුණු රජු ද්වන්ද සටනකින් ඔහු දකුණු වාසලේ දොරදී මරණයට පත් කළේය පුරාණ ක්ෂතීය ධර්මය අනුව රජුගේ දේහය ආදාහනය කරවා එතැන චෛත්‍යක් ඉදිකරවන ලදී දීඝජන්තුගේ බෑණා වූ භල්ලුක යෝධයා එළාර රජුගේ හස්න ලැබ සැටදහසක් සෙනඟ පිරිවරා ආධාර පිණිස ලක්දිවට ගොඩ වැස්සේය එළාර රජු ආදාහනය කොට සත්දිනක් ගත වීමෙන් පසුය ඒ දුක්මුසු පුවත ඇසූ භල්ලුක මහාතිත්ථයේ සිට අනුරාධපුරය බලා ගමන්ගත්තේය දුටුගැමුණු රජතුමාද යුදසෙනඟ පිරිවරා ඔහ් එන පෙරමගට ගොස් යුද කොට භල්ලුකද මරා දැමුවේය යුද්ධයේදී කරන ලද ප්‍රාණඝාත සිහිපත් වූ දුටුගැමුණු රජතුමා බොහෝ සෙයින් පශ්චාත්තාප විය එය සමනය කරන ලද්දේ භික්ෂූන්වහන්සේලා විසිනි එයින් සිත සාදාගත් ඔහු එතැන් පටන් මහාසංඝයාගේ ආශිර්වාදය ලබමින්ද බුදුසසුනට අපිරිමිත සේවයක් කරමින්ද වසර විසිහතරක් රජකම් කළේය .
<
blockquote>වට්ටගාමිණී අභය රජු
රජපවුලේ පැවති අසමගිකම් නිසා වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා කුමරු රජ වන විට රටේ අවුල් සහගත තත්වයක් උද්ගත වී තිබිණි විශේෂයෙන් රුහුණු රටේ එසේ විය ඔහු රජවී මාස පහක් පමණ ගිය පසු ඔහුට බොහෝ කරදරවලට මුහුණ පාන්නට සිදු විය දේශීය සතුරන්ගෙන් හා විදෙශීය සතුරන්ගෙන් ඔහුට තර්ජන එල්ල විය රුහුණේ සිට තීය හෙවත් තිස්ස නැමති බ්‍රාහ්මණයෙක් බමුණකු විසින් කියන ලද අනාවැකියට මුලා වී ලක්දිව සිහසුන පැතීය අනාවැකියට රැවටුණු බොහෝ අයද ඔහු වටා එකතු වූහ මේ අතර දෙමළ අධිපතීන් සත්දෙනෙක් මහතොටින් ලක්දිවට ගොඩ බැස්සහ ඔවුන් දෙපිරිස සමඟ සටන් කිරීමට තරම් සෙනඟක් ඒ වන විට තමාට නොසිටි බැවින් උපක්‍රමයෙන් ඔවුන් දුර්වල කිරීමට වළගම්බා රජු සිතාගත්තේය දෙමළුන් හා සටනට වන් නමුත් ජයගත නොහැකි විය මේ නිසා ජයෙන් උදම් වූ ද්‍රවිඩයෝ අනුරාධපුරයට ගමන් කළහ යොදන ලද උපාය සාර්ථක නොවූයෙන් වළගම්වා රජුද සටනට සැරසුණේය ඔවුන් දෙපිරිස අතර කෝලම්භහාලක නමැති ස්ථානයේදී සටන් ඇවිලිනි වළගම්බා රජු ජීවිතය බේරාගෙන එතැනින් පලාගියේ අනාගතයේ ශක්තිමත්ව ඔවුන් ලක්දිවින් නෙරපා හරින සිතුවිල්ල ඇතිවය අනුරාධපුරයේ සිටින තම අඹුදරුවන්ද රැගෙත යාමට ඔහු එදෙසට ගමන් කරද්දී උතුරු දොරටුව අසල සිටි ගිරි නැමති නිගණ්ඨයෙක් මහාකළු සිංහලයා පලායන බව කියමින් ශබ්ද නැගීය තමා මතු දිනක රජ වූ පසු එතන විහාරයක් කිරීමට අදිටන් කරගත්තේය බල්ලාට නාග නමැති තම සොහුයුරාගේ බිසව වූ එවකට ගැබ්බරව සිටි අනුලා දේවියත් ඇගේ පුත්‍රයන් වූ මහාවුල හා මහානාග යන කුමාරවරුන් රජුගේ බිසව වූ අනුලා දේවියන් පලායන රජුගේ රථයෙහි ගමන් ගත්හ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රාධාතුව රැගෙත යාමට ඔහුට නොහැකි විය සතුරන් පසුපසින් එළවමින් රථයේ ඉක්මණ් වීම පිණිස සෝමාදේවිය එයින් බිමට බැස්සාය එබැවින් ඇය සතුරන් අතට පත්වූවාය එතැන් පටන් යළිත් අනුරාධපුරයේ ද්‍රවිඩ පාලනයක් ඇති විය දෙමළ අධිපතීන් සත්දෙනාගේ එක් අයෙක් සෝමා දේවියද තවත් කෙනෙක් පාත්‍ර ධාතුවද රැගෙන යළිත් ඉන්දියාවට ගිය අතර අනික් පස්දෙනා උනුනුන් මරාගනිමින් වසර දහතුනකුත් සත්මසක් ලක් සිහසුන හෙබවූහ පලාගිය වළගම්බා රජු ඇතුළු පිරිස සැඟවී සිටියේ වෙස්සගිරි විහාරය බද වනාන්තරයෙහිය එහිදී කුපික්කල මහාතිස්ස නැමති භික්ෂුන්වහන්සේ නමක් පිණ්ඩපාතයෙන් රජු ඇතුළු පිරිසට ආහාර සැපවූයේය එතැනින් පලාගොස් සල්ගල අසල මාතුලවේලංග නමැති ස්ථානයෙහි සැඟවී සිටියේය කුපික්කල තිස්ස තෙරණුවෝ එතැනට පැමිණ රජුට උපස්ථාන කළේය එහෙත් රජු තමා වළගම්වා බව එතෙක් කිසිවකුටත් හෙළිකර නොතිබිණ වසර දහතුනක්ම අනාගත ලක් රජුන්ට ඇප උපස්ථාන කළ තනසීවට අත්වීමට තිබූ වරප්‍රසාද ගැහැණු ආරවුලක් නිසා අහිමිව ගියේය තනසීවගේ බිරිඳත් අනුලා දේවියගේ පලාපැසට පයින් ගැසුවාය විපතට පත්ව සිටි රජ පවුලක උපන් තමාල කළේ බලවත් අවනම්බුවකැයි සිතූ අනුලා දේවිය අඩමන් අවුත් එපුවත රජුට සැළ කළාය ප්‍රශ්නය දුරදිග යාමට පෙර එතිනින් ඉවත්ව යාම සුදුසුයැයි සිතූ රජු තම අඹුදරුවනුත් ගෙන එතැනින් පලා ගියේය තනසීවගේ බිරිඳද අවුත් තනසීව උසිගැන්වූයෙන් කිපුණු ඔහු දුන්නක් ගෙන රජුට විඳීමට ගියේය එහිදී තම ආරක්ෂාව පතා වළගම්බා රජු විසින් තනසීව මරණයට පත්කරන ලදී එහෙත් රජුට එයින් බලවත් අපහසුතාවකට මුහුණ දීමට සිදු විය ආගන්තුක තැනැත්තෙක් තම නායකයා මරා දැමීම පිළිබඳ ප්‍රදේශවාසීහු කලබලයට පත් වූහ එබැවින් රජුට තම රහස හෙළි කිරීමට සිදුවිය එය රජුගේ යහපතට හැරුණු බව පෙනේ සැඟවී සිටි ආගන්තුකයා වළගම්බා රජු බව දැනගත් ප්‍රදේශ වාසීහු ඔහු වටා රොක් වන්නට වූහ ලක් සිහසුන උරුම තැනැත්තාට මහජනතාවගේ ඇති ලැදියාව මෙහිදී අවබෝධ විය එතැනින් නික්මුණු රජු තමාට උපකාර කළ තෙරුන්ගේ විහාර සථානයැයි සිතිය හැකි බලස්ගල විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් වල නිරත විණි දෙමළ සතුරන්ට විරුදධව සටන් කොට ජයගත් තම පරපුරේ දුටුගැමුණු ආදී මුතුන් මිත්තන්ට පක්ෂපාතී වීරෝධාර රුහුණු ජනතාව යළිත් එබඳු සටනකට යොදා ගැනීමේ අරමුණ ඇතිව වළගම්බා රජු රුහුණ බලා පිටත්වීය තමා විපතට වැටී සිටින විට ඉක්මණ් වීම නුසුදුසු බව දැක්වෙන සිද්ධයක් ආකාශ ජේතියෙදී වළගම්බා රජු අතින් සිදුවිණ රජු සමඟ එක්වූ රණශූර ඇමතියන් අතර සිටි කපිසීස නැමති ඇමතියා සෑගිරිය ඉහළට නැග පහළට බසිමින් සිටියේය රජුත් දේවියත් ඉහළට නගිමින් සිටියේය මාර්ගය දුශ්කර බැවින් වෙනත් දෙයක් කළ නොහැකි නිසා කපිසීස කළේ හිඳ ගැනීමය එයින් රජතුමා හොඳටම කිපිණ තමාට කපිසීස දණ්ඩ නමස්කාරය නොකළේයැයි කිපුණු රජු ඔහුට කඩුවෙන් ගසා මරණයට පත් කළේය මේ අමානුෂික ක්‍රියාවට කලිකිරිණු ඉතිරි ඇමතිවරු සත්දෙන රජු හැරදමා එතැනින් පලා ගියහ මෙසේ පලායන ඔවුහු සොර මුලකට මැදි වූහ සොරු ඔවුන්ගේ බඩු පැහර ගත්හ එයින් අසරණ වූ ඔවුහු ඒ අසළ පිහිටි හම්බුගල්ලක නමැති විහාරස්ථානයට ගියහ එහි වැඩ සිටි තිස්ස නමැති බහුශැත තෙර නමක් ඔවුන්ට ආහාරපාන වස්ත්‍රාදියෙන් සංග්‍රහ කොට යළිත් රජු සමඟ සමගිය ඇති කිරවා ගත්තේය මෙයින් පැහැදිලි වන්නේ රට ජාතිය ආගම විපතේ වැටුණු සෑම අවස්ථාවකම මහසඟරුවන මැදිහත්ව එයින් ගලවාගත් බැවිනි ඒ කාලවකවානුව වන විට අනුරාධපුරයේ රජකම් කළේ දාඨික නම් දෙමළ රජුය රජකම වෙනුවෙන් ඔවුන් අතර කාලයක් තිස්සේ පැවති අරගලය නිසා රාජ්‍ය පාලන කටයුතු දුර්වල තත්වයක පැවතිණි රජවැසියන් සිංහල සිහසුනට නියම උර්මක්කාරයෙකු සොයමින් සිටින්නට ඇති බවට සැකයක් නැත මේ අතර වළගම්බා රජු වටා ජාති මාමක විශාල පිරිසක් එක්රොක් වී සිටියහ යුද්ධයකට නොවියව මුහුණ දීමට තරම් හමුදා ශක්තියක්ද තරවී තිබිණ එබැවින් ඔහු අනුරාධපුරයට දරුණු ප්‍රහාරයක් එල්ල කොට දාඨික රජු මරා අහිමිව තිබුණු සිහසුන යළිත් අත්පත් කර ගත්තේය සිහසුන ලැබගත් පසුව රජතුමා මුලින්ම කළේ ගිරින්ගණ්ඨයාගේ නමත් යොදා එය අභයගිරිය නමින් නම්කරන ලදී මේ අභයගිරි විහාරය රජතුමා විසින් පූජා කරන ලද්දේ තමා විපතේ වැටී සිටියදී උදව් කරන කුපික්කල මහාතිස්ස තෙරණුන්ටය තමන් සමඟි කළ හම්බුග්ගල්ලක විහාරයේ තිස්ස තෙරනුන්ට රජුගේ සේනාපතිවරු විහාර කීපයක් සාදවා පූජා කළහ මේ සෑම විහාරස්ථානයකටම සිව්පසයෙන් සංග්‍රහ කිරීමට සංග්‍රහ කිරීමට වළගම්බා රජු පියවර ගත්තේය වළගම්බා රජු දුටුගැමුණු රජතුමා තරම් වීරත්වයකිත් යුක්ත නොවූ නමුදු වසර දාහතක් පමණ නොයෙක් අපහස්තාවලට මුහුණ පාමින් වනගතව සිටි ද්‍රවිඩ සතුරන්ගෙන් රට ජාතිය ආගම බේරා ගැනීමට සේනා සංවිධානය කරමින් ජීවිතය ජීවිතය කැප කිරීමබෙහෙවින් අගය කළ යුත්තකි එතුමා රජ වීමෙන් පසුව විදේශ ගත වී සිටි සෝමා දේවිය ගෙන්වා නිසි තනතුරෙහි තැබීය එතුමා ඇගේ නමින් සෝමාරාමය නැමති විහාරය කරවීය