තුන්ලෝකාධිපති රාවණා
රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්, ක්රිඥ.පු. 2554 සිට ක්රි..පු. 2517 දක්වා ශ්රී ලංකාව පාලනය කළ ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්යනයක් වන ‘රාමායනය’ හි ඔහු ප්රරධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්ර න්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද මග පාදයි.
මේ ග්රමන්ථයන්ට අනුව රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්රා වකයෙක්, මහා ප්රා.ඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්රනසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්රාණඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ. -නමුත් සමහරක් පුරාණ කලා නිර්මාණ වල රාවණා සැබවින්ම හිස් දහයක් හා අත් විස්සක් සහිත අද්භූත ආකාරයකින් ඇඳ දක්වා තිබේ. - විකල්ප මතධාරීන්ගේ අදහස් දැක්වීමට අනුව රාවණා යනු පංචේන්ද්රිියන්ට ඊට අදාළ හැඟීම් නැති, වෙනත් බලවේගයන් මගින් පාලනය වූ කෙනෙකි. ඔවුනට අනුව රාමා ඊට ප්ර්තිවිරුද්ධ ලෙස තම අඟපසඟ හා හැඟීම් තමා රිසිසේ හසුරුවා ගත හැකි අයෙකි. ‘අථර්ව වේද’ නම් පුරාණ හින්දු ග්රින්ථයේ ‘දශාග්ව’ (දස-හිස්) හා ‘නවාග්ව’ (නව-හිස්) ලෙස සඳහන් වී තිබෙනු දක්නට ලැබේ. මේ පූර්ව ග්රතන්ථයන්ගේ ආභාෂයෙන් රාමායනයේ චරිත තුලට මේ දස-හිස් වර්ණනය පැමිණෙන්නට ඇතැයි සැලකේ.
රාවණා යනු විශිෂ්ඨ ග්රතන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්රගය හා ජ්යෝ තිෂයට අදාල බලගතු ග්රවන්ථයක් වන ‘රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ආයුර්වේදය හා රාජ්ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අායුර්වේදයට අදාලව වෛද්යය ග්රයන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්ර්හ්මයා විසින් ලබාදුන් දිව්යවමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.
මූලය:
රාවණා යන නාමය යම් කිසි මූලයක් සහිතව උපන් බව පෙනේ. මෙහිදී ‘රා’ යන්නෙන් සූර්යයා සංකේතවත් වන අතර ‘වණ’ යන්නෙන් පරම්පරාව හෝ වංශය යන්න සංකේතවත් වේ. ඒ අනුව රාවණ යන්නෙන් ‘සූර්ය වංශික’ යන අර්ථය දේ. රාවණා රජු හැඳින්වීමට දසිස් රාවණ, රාවන්, රවුලා, ලංකේෂ්වර, රාවනේෂ්වර ආදී නම් ද භාවිත වේ.
උපත :
මහා සෘෂි වෛශ්ර්වන (වෙසමුණි ) හා ඔහුගේ බිරිඳ වන ෛකකේසී නම් ධෛත්යර මහේෂිකාවට දාව රාවණ කුමරු උපත ලැබීය. ඔහුගේ සීයා වන පුලස්ත්යහ මහ බ්රහහ්මයාට දාව උපන් ප්රසජාපතී (මනසින් උපන්) පුත්ර යින් දස දෙනාගෙන් අයෙකි. එමෙන්ම ඔහු මහා සෘෂීන් සත් දෙනාගෙන් කෙනෙක් ලෙසද සැලකේ. ඔහු දේවගණ ගෝත්රෙයට අයත් වන නිසා රාවණා ද ඒ ගණයේ සැලකේ. රාවණාගේ මව වන කෛකේසිගේ පියා වූයේ ධෛත්යෙයන්ගේ රජ වූ සුමාලි (සුමාලය) රජතුමායි. ඔහුගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ දියණිය වන කෛකේසි මනුෂ්යය වර්ගයා අතර බලවත්ම පුරුෂයා සමග විවාහ කරවීමටයි. කෛකේසි අතින් බොහෝ රජවරුන් ප්ර්තික්ෂේප විණි. අවසානයේ සෘෂීන් අතර බලවන්තයන් සොයා බැලූ ඇය සිය ස්වාමියා වශයෙන් මහා සෘෂි වෛශ්රනවන තෝරා ගත්තීය. (වෛශ්ර්වණ ඒ වන විටත් කුබේර ගේ පියා විය.)
ඒ අනුව බැලීමේ දී රාවණ පිය පාර්ශවයෙන් බ්රාවහ්මණ ගෝත්රවයට ද මව් පාර්ශවයෙන් ධෛත්ය් (රාක්ෂස) ගෝත්රවයට ද නෑකම් කියයි. රාමා විසින් මහා බ්රාහ්මණයෙක් ලෙස රාවණා හට ප්රාශංසා කර ඇති අතර බ්රාරහ්මණයෙක් වන රාවණා මැරීම සඳහා රාම විසින් අශ්වමේධ යාගය සිදු කළ බව සඳහන් වේ.
විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි. එමෙන්ම කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. පසු කලෙක සුපනඛා ලෙස කුප්රඑකට වුයේ රාවණාගේ මේ සොහොයුරියයි.
තරුණ කාලය :
ආක්ර මණශීලී හා උද්ධච්ඡ ගති ප්රටකට කළත් රාවණා යනු ඉතාමත් දක්ෂ, ප්රකඥාවන්ත දරුවෙක් බව ඔහුගේ පිය වූ වෛශ්රකවණ මුනිවරයා හට වැටහිණි. මේ නිසා රාවණාට වෛශ්රතවණ භාරයේ රැඳී වේදය හා අනෙකුත් ශුද්ධ වූ ග්ර්න්ථයන් ද, කලා ශිල්ප හා විද්යාඋ ශාස්ත්රවයන් ද, ක්ෂිත්රිේයයන් (රාජකීයයන් / රණ ශූරයන්) විසින් උගත යුතු, ප්ර්ගුණ කළ යුතු වූ සියළුම හරඹයන් ද හැදෑරීමට අවස්ථාව උදාවිය. ඔහු මේ සියල්ල ඉතා හොඳින් උගත්තේය. එමෙන්ම රාවණා යනු ඉතා විශිෂ්ඨ ගණයේ වීණා වාදකයෙක් ද වේ. පසු කාලීනව ඔහුගේ නිළ ඡත්රලයේ (කොඩියේ) පවා වීණාවක රූපයක් අඩංගු වූ බව කියැවේ.
මේ අතරතුර රාවණාගේ මව වූ කෛකේසි දේවියගේ පියතුමා වූ සුමාලි රජුගේ අභිප්රාකය වූයේ ධෛත්ය වංශිකයන්ගේ ආචාර ධර්මයන් ආරක්ෂා කර ගනිමින් රාවණා තම ගෝත්ර ය තුළ රඳවා තබා ගැනීමටයි. රාමායනය පවසන පරිදි වර්තමාන ඉන්දියාවේ මහාරාෂ්ට්රත, රාජස්ථාන් සිට මාතුරා හි දකුණින් පිහිටි දිල්ලියත් සමග ගුජරාටයත් ඇතුලත් වන පුරාණ යාදු කලාපය සමගත් රාවණා හට කිට්ටු සබඳතාවයක් තිබී ඇත. එමෙන්ම රාමාගේ බාල සොහොයුරා වූ ශැතෘග්ණ විසින් මරණයට පත් කරන ලදුව සිය පාලනයට යටත් කර ගත් ලවණසුර නොහොත් රාක්ෂසයන් සමග ද රාවණාගේ ඥාතී සම්බන්ධතාවයක් තිබූ බවට විස්වාශයක් ඇත.
එසේම රාමායනය ඇතුළු පුරාණ ග්රමන්ථයන්ට අනුව යාඩු කලාපයේ සිටි ශ්රේවෂ්ඨතම රජවරුන්ගෙන් කෙනෙක් වන කර්තවීර්ය අර්ජුන් නම් රජු විසින් නර්මදා ගං ඉවුරේදී ශිව ලිංගය වන්දනාමාන කරමින් හා යාගහෝම පවත්වමින් ලබාගත් බලයක් මගින් රාවණා රජු යටත් කොට තබාගත් බව සඳහන්ය. කෙසේ වුවත් රාමායනයේ සඳහන් වන ලෙසට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ රාවණා යනු මනුෂ්යනයන් හෝ අසුරයන් අතර අසමසම පුද්ගලයෙක් වූ බවයි.
තපස් ව්රදතයන් :
පෙර කියන ලද ප්රාරථමික අභ්යාරසයන් සියල්ලම නිම කිරීමෙන් පසු රාවණා විසින් මහා බ්රඳහ්මයා වෙනුවෙන් වූ උග්රක තපස් ව්රිතයකට එළඹියේය. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ව්ර තය පුරන ලදී. තමා කෙතරම් හොඳින් ව්රරතයන් පිරුවත් මහා බ්රකහ්මයා තමා ඉදිරිෙය් පෙනී නොසිටි නිසා කෝපයට පත් රාවණා විසින් සිය හිස කපා දමන ලද බව සඳහන්ය. හිස කපා දැමූ පසු නැවතත් හිසක් පැන නැඟි අතර මේ ආකාරයෙන් දස වාරයක් ම ඔහු තම හිස කපා දැමීය. ඒ සෑම වාරයකදීම අළුතින් හිසක් පැන නැගී ඔහුගේ තපස් ව්රනතය දිගටම කරගෙන යාමට අවස්ථාව උදාවිය.
දස වන වාරය අවසානයේ මහා බ්රරහ්මයා රාවණාගේ ව්රනතය පිළිබඳ තෘප්තිමත්ව සතුටට පැමිණ ඔහු ඉදිරියේ පෙනී සිටින ලදී. මෙහිදී මහා බ්රණහ්මයා විසින් රාවණා වෙත වරයක් ප්රටදානය කරන ලදී. රාවණා ඉල්ලා සිටියේ තමාට අමරණීයභාවය ලබා දෙන ලෙසයි. මහා බ්ර හ්මයා ඒ ඉල්ලීම ප්ර්තික්ෂේප කළ නමුත් ඒ වෙනුවට සදාකාලික භාවයේ දිව්යවමය අමෘතය රාවණා හට ලබා දෙන ලදී. මෙම අමෘතය අඩංගු බඳුන රාවණාගේ නාභියට (බඳ පටියට) යටින් රඳවා තබා තිබුනු බවත් මේ අමෘත පානය අවසාන වන තුරු රාවණා අභිබවා යෑමට නොහැකි බවත් පැවසේ.
මෙම වරය ලැබීමෙන් පසු මීලඟට රාවණා ඉල්ලා සිටියේ දෙවියන්ට, දිව්ය ආත්මයන්ට, අමනුෂ්යු ආත්මයන්ට, සර්පයන් හෝ අනෙකුත් චණ්ඩ වන මෘගයන්ට තමාට හානියක් නොකළ හැකි ආකාරයේ හා තමාට ඒ සියල්ලන් කෙරේම ආධිපත්යඩ පැතිරවිය හැකි ආකාරයේ වරයක් ලබා දෙන ලෙසයි. මහා බ්රුහ්මයා විසින් මේ වරයත් ඔහුට ලබා දුන් අතර මේ සියල්ලටම අමතරව තමා වෙනුවෙන් රාවණා විසින් සිඳින ලද හිස් දහය වෙනුවෙන් දිව්ය මය ආයුධ හා යන්ත්රර-මන්ත්රාෙදී ගුප්ත ශාස්ත්රල පිළිබඳ වූ අනන්ත ඥානයද සමග අති මහත් ශක්තියක්ද ප්රුදානය කරන ලදී. මේ නිසා රාවණා දශමුඛ ලෙස හැඳින්වී යැයි පැවසේ.
ලංකාපති රාවණා :
මහ බ්රණහ්මයා ගෙන් ඉහත කී වරයන් ලබා ගැනිමෙන් පසු රාවණා මහා බල සම්පන්න භාවයකට පත් විණි. ඔහුගේ මීලඟ අපේක්ෂාව වුයේ තම මවගේ පියා වු සුමාලි රජුගේ හමුදා බලඇණියේ නායකත්වය ගැනීමයි. එයින් පසුව ඔහුගේ අවධානය යොමු වුයේ ලංකා පුරය අල්ලා ගැනීමටයි.
ලංකාව වනාහි කාව්යා විෂයානුඅතික්රායන්ත වු රමණීය පුරවරයකි. මේ උත්කෘෂ්ඨ පුරය දිව්යඥ භාණ්ඩාගාරික වු කුබේරයන් (කුවේර) හට විශ්වකර්ම දිව්යා ප්ර ත්රුයා විසින් නිමකර දෙන ලදී. කුබේර විසින් ඉතා නිර්ලෝභි ලෙස තමා සන්තක සියල්ලම රාවණා හා ඔහුගේ සෙසු සොයුරු සොයුරියන් සමග බෙදා හදා ගෙන සිටි මුත් රාවණා හට ලංකාව තම පුර්ණ ආධිපත්යා යටතේ තබා ගැනීමට අවශ්ය විය. කුබේර යනු රාවණාගේ පියා වු වෛශ්රකවණයන්ගේ වෙනත් බිරිඳකගේ ප්රතත්ර යා වේ.
ඒ අනුව කුබේර හා රාවණා යනු එකම පියා ගේ පුත්ර්යන් වන අතර එනිසාම අර්ධ සොහොයුරන්ද වේ. එය එසේ වුවත් රාවණා විසින් ලංකා පුරය බලෙන් ලබා ගන්නා බවට කුබේරට තර්ජණය කරන ලදී. මෙහිදී ඔවුන්ගේ පියා වු වෛශ්රිවණ විසින් කුබේරට උපදෙස් දුන්නේ රාවණා දැන් අභිබවා යා නොහැකි තරම් බලවන්තයෙක් වන නිසා ලංකා පුරය ඔහුට ලබා දීම සුදුසු බවයි.
රාවණා විසින් ලංකාව බලහත්කාරයෙන් මෙන් ලබාගත්තා වුවද ඔහු ලංකාපුර වැසියන්ට කරුණාවන්ත මෙන්ම කාර්යශුර පාලකයෙක් ද විය. ඔහුගේ පාලනය යටතේ ලංකාව ඉතා සමෘද්ධිමත් වුණු අතර එය විස්තර කොට දක්වන්නන් පවසන පරිදි ලංකා පුරයේ දිලිඳුම ගෙවල්වල පවා භාජන උතුරා යන තරම් රත්රන් තිබූ බව කියවේ. නගර වැසියන්ට කෑමෙන් බීමෙන් කිසිදු අඩුපාඩුවක් නොතිබුනු අතර බඩගින්න යනු ලංකාපුර වැසියන් නොදත් වචනයක් බවට පත්ව තිබිණි.
ශිවගේ අනුගාමිත්වයට පත්වීම :
ලංකාව අත්පත් කරගැනිමෙන් පසුව රාවණා මීලඟට පැටලුනේ ශිව සමගයි. ඔහුගේ වාස භවනය වු කෛලාශ කූටයේදි සටනට එළඹි රාවණාට ආ හදිසි කල්පනාව වුයේ කෛලාශ කූටය මුලිනුදුරා විසි කොට දැමීමටයි. අහංකාර රාවණාගේ මෙම ප්රවකෝපකාරී ගැහැට කිරීම් නිසා කෝපයට පත් ශිව කලේ ඉතා වේදනා උපදවන පරිදි කෛලාශය මත තිබු ඔහුගේ පයේ සුළැඟිල්ලෙන් රාවණා පාගා දැමීමයි. මේ ආකාරයට රාවණා හට කෛලාශ කූටය යටට වී ශිවගේ පයට පෑගී දඬුවම් විඳීමට සිදුවිය. මේ අතර ශිවගේ අනුගාමිකයන් විසින් රාවණා ගැටුනේ කවරාකාරයේ පුද්ගලයෙක් සමගද යන්න පහදා දුන් අතර තම වැරැද්ද ගැන රාවණා පසු තැවෙන්නට විය.
ශිව දේවයන් වර්ණනා වන පරිදි රාවණා විසින් ගීතිකාවන් තනා ගායනා කරන්නට යෙදුනු අතර ශිවගේ බන්ධනයෙන් මිදෙන තුරු වර්ෂ ගණනාවක් රාවණා හට මෙසේ සිටීමට සිදුවූ බව පැවසේ. රාවණාගේ යටහත් පහත් භක්තිවන්ත භාවය නිසා පැහැදීමට පත් ශිව විසින් ඔහුට චන්ද්රීහස් නම් දිව්යා නුභාව ඇති අසිපත ලබා දෙන ලදී. රාවණා ශිවගේ දණ්ඩනයට යටත්ව කඳු පර්වතයන්ට යට කරද්දී ඔහු කෑ ගසා හඬ නැඟූ ආකාරයට මහා පොළව පවා කම්පා වු බව පැවසේ. “මහා භයංකර ගර්ජණය” යන අරුතින් ‘රාවණා’ යන නම යෙදුණු බව සැලකේ. රාවණා දිවි ඇති තුරාවටම ශිව දේවයන්ගේ භක්තිමත් අනුගාමිකයෙක් වු අතර ශිව තාණ්ඩව ස්ත්රෝාත්රස නම් බැති ගීතිකාව රාවණා විසින් ශිව දේවයන් උදෙසා රචනා කරන ලදී . මහා බ්ර හ්මයාගෙන් ලද අමෘත පානය හේතුවෙන් අමරණියත්වයට පත් වි සිටි රාවණා ශිව වෙතට ගොස් ඔහු පිනවීම උදෙසා තම හිස සිඳ දමා එය ශිවට පුජා කරන ලදී. ශිව විසින් නව හිසක් ප්රෙතිෂ්ඨාපනය කරණ ලදී. මේ ආකාරයට නව වතාවක්ම සිදුවු අතර රාවණාගේ භක්තිවන්ත භාවය පිළිබඳ ශිව ඉතා පැහැදීමට පත් විය. මේ සිද්ධිය නිසා දශ-ශීර්ෂ යන නාමය යෙදුණු බව සඳහන් වේ.
:
මේ වන විට රාවණාගේ බල පරාක්රබමය බිය උපදවන තරමටම වැඩී වර්ධනය වී තිබිණි. සංග්රා ම දාමයකින් පසුව දිව්ය , මනුෂ්යශ, යක්ෂ යන තුන් ලෝකයම රාවණා විසින් දිනා ගන්නා ලදී. පාතාල ලෝකය ද සම්පුර්ණයෙන්ම යටත් කෙරිණි. තම බාල සොහොයුරා වු අහිරාවණ රජ තනතුරේ පිහිට වු රාවණා තුන් ලොවටම අග්රා.ධිපති ලෙස අසුරයන් පාලනය කලේය. නිවාතකවච හා කලාකීය නම් වූ ගෝත්රේයන් දෙක සමග සමගි සම්මුතියකට එළඹියේ ඔවුන් රාවණාගේ ඥාතීන් වීම නිසා ඔවුන් අභිබවා යටත් කරගැනීමට නොහැකි නිසාවෙනි.
මේ ආකාරයෙන් දීර්ඝ සංග්රා ම මාලාවකින් ඉක්බිති රාවණා සමස්ථ අසුර ලෝකයේම අධිරාජ්යනයා වශයෙන් කිරුළු පැළඳීය. රාමායනයේ දැක්වෙන කාලය වන විට, එනම් අවුරුදු සිය ගණනකට පසුව කාලයේදී රාවණා විසින් සියළුම දිව්යය හා මනුෂ්යන වර්ගයා වෙත සිත ආධිපත්ය පතුරුවා සිටි බව පැහැදිලි වේ. රාවණා කෙතරම් අනභිබවනීය ලෙස බලසම්පන්නව සිටියාද යත් ඔහුට තමාට අවශ්යන පරිදි හිරුගේ නැගීම - බැසීම පවා පාලනය කළ හැකිව තිබුණු බව පැවසේ.....