ගඩලාදෙණිය විහාරය
ශතවර්ශ එක්දහස් දෙසිය හැටහයේ(1266) රජ පැමිණි හතරවැනි බුවනෙකබාහු රජුගේ අනුගරා40හයෙන් පළමුවැනි ධර්ම කීර්ති හිමියන්ගේ අනුගර126හයෙන් සේනාධිලංකාර නම් ඇමතිවරයා විසින් ඉදිකරන ලද්දකි.
ලාංකීය ගෘහ නිර්මාණ කලාවේ විශිෂ්ට නිර්මාණයන් ගණයට අයත් මෙම විහාරය ගම්පල යුගයට අයත් වුවකි. හින්දු ආගමට හා බෞද්ධාගම ඉතා කිට්ටු සබඳතාවක් පැවති මෙම යුගයක ඉදිකරන ලද්දක් බව පුරා විද්යානඥයන් පෙන්වා දෙති.
හින්දු දේවාලයක් මෙන් කළු ගලින් හා කඩොලින් ඉදිකර ඇත. හැඩහුරුකමින් ලංකාතිලකය දකුණු ඉන්දියාවේ විජයනාග රජු විසින් ඉදිකළ හින්දු දේවාලයට බොහෝ සේ සමාන බව පිළීගැණේ. මෙම යුගයේ සිංහල රජවරු ඉන්දියාවෙන් සරණපවා ගැනීම සිදුවීමද මෙයට බලපා ඇත. විහාරය කාමර දෙකකින් හා පිට මණ්ඩයකින් ඉදිකර ඇත. ඇතුල් කාමරයේ රියන් 12ක් පමණ උස ගණ රන් ආලේපිත ඔත් පිළිමයකින් සමන්විතය.
ගල්කැටයමින් යුත් තිරිතයත්ව ගල්කණුවලින් මණ්ඩපය සමන්විතය. විහාරයට අතුල්වන ස්ථානයෙහි අගනා මකර තොරණකි. උඩු මහලෙහි කැපු ගලින් නිමවු දාගැබ් හැඩරුවින් යුත් ගෙඩිගේ විහාර සම්පරවන දායට අයත් ගෘහයකින් සමන්විතය. 1412 දි කොට්ටේ රජ පැමිණ සයවැනි පැරකුම්බා රජු මෙම විහාරයට උළු සෙවිළි කළ පියස්සක් ඇතුලත් කර වටදාගයක්ද නිර්මාණය කර ඇත. මෙම විහාරය අඩි 40 ක් තරම් උසය. ගලින් නිමවු විහාර ගෙවල් හතරක් හා ඇත් රූප අටක් අට පැත්තෙන් නිර්මාණය කර ඇත. මෙම නිර්මාණය කර ඇත්තේ අඩි 12ක් පමණ උස් වු අඩිතාලමකය.