වොහාරික තිස්ස මහා රජතුමා
වොහාරික තිස්ස මහා රජු සිරිනාග රජුගේ පුත්‍රයාය බුද්ධ වර්ෂ 753 දී වොහාරික තිස්ස සිහසුනට පත් වූ අතර ඔහුට අභය යනුවෙන් සොහොයුරෙකු විය දීප වංශයේ තොරතුරු පරිදි සිරිනාගගෙන් පසු රජ වූයේ අභය කුමරුය එසේම අභය නාග කුමරු වොහාර තිස්ස කුමරුට රජය අහිමි කිරීමට යෙදූ කටයුතු පිළිබඳව ද විස්තර දැක්වේ
වොහාර යන්න විග්‍රහ කර අර්ථ දක්වන අයගේ මතය නම් මෙම වොහාර යන්න මෑත කාලයේ නීතිඥ යන්නට සමාන පදයක් බවය නීති විශාරද තිස්ස වොහාර තිස්ස යනුවෙන් හැදින්වුණු බව මේ අනුව පැහැදිලි කෙරේ
මහ තොට හෙවත් මහාතිත්ථ මුල් යුගයේ මෙරට ප්‍රධාන වරාය ආශ්‍රිත ප්‍රදේශයෙකි එනම් වර්තමානයේ මන්නාරම අසල පෙදෙස වේ මෙහි ලොහොමුවා නැවක් තබා එහි දන්වැට පැවැත්වීම මේ රජු විසින් කරන ලද බැව් ප්‍රකාශිතය එසේම භික්ෂූන් විෂයෙහි ඔහු කරන ලද පුද පූජා මෙන්ම මිරිවැටිය,ඉසුරුමුණිය,නාගදීප, වැනි ස්ථානවල පුද පූජා කරවීම විශේෂ වැදගත්කමක් ගතී එයට හේතුව දිවයිනේ ණය බරින් මිරිකී සිටි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් තුන් ලක්ෂයක මුදල් වියදම් කිරීමක් ගැනද කියවෙන අතර එය ව්‍යාකූල සහිතය
තවද සසුනට හානිකරව තිබූ මහායාන මතවාදයන් වූ වෛතුල්‍ය වාදය මර්දනය කර කපිල නම් ඇමතියෙකු ලවා කරුණු විනිශ්චය කර වෛතුල්‍යවාදී ග්‍රන්ථගිනිබත් කරවා බුදු සසුන බැබළවූ බව සදහන්ය
සමහර ඉතිහාස ග්‍රන්ථවල සදහන් පරිදි ක්‍රි.ව.214 සිහසුනට පත් මේ රජු දඩුවම් වශයෙන් එකල තිබූ අත් පා කැපීමාදී ශාරීරක වධ අවලංගු කර රටේ සම්මත නීති ශංශෝදනයක් ඇති කළ බැව් පෙන්වා දෙයි පළමු වරට වෛතුල්‍යවාදී මත පළවූයේ මේ රජුගේ කාලයේ වීමද විශේෂ සිදුවීමකි
වොහාරික තිස්ස රජුට ද්‍රෝහි වූයේ ඔහුගේම සොහොයුරා වූ අභය නාග කුමාරයාය රජ බිසව හා අයථා සම්බන්ධයක් පැවැත්වූ හෙතෙම එය හෙළිදරව් වූ පසු ලක්දිවෙන් පළා ගිය බැව් කියවේ ඒ අවස්ථාවේ ඔහු ජනප්‍රසාදයට පත්ව සිටි රජු වැසියාගෙන් බිදවීම පිණිස සූක්ෂම ක්‍රියාමාර්ග යොදා ඇත ඒ සිය මයිලණුවන් රජුට ද්‍රෝහිකම් කිරීම පිණිස යොදවා ගැනීමය අභය නාගගේ මයිලණුවන් සුබදේව විය අභය නාග හා සුබදේව ඔවුනොවුන් සතුරු බව රජුට ඇඟවීම පිණිස තම අත් පා කපා දැමීමට එකඟ වී ඇති බැව් කියති කෙසේ වුවත් විකලාංග වූ සුබදේව රජු වෙත පැමිණි පලා ගිය සොයුරා තමාට දෙන ලද දරුණු වධය ගැන රජුට සැලකර සිටියේය මේ ගැන කටයුතු කළ වොහාරික තිස්ස ඔහු විශ්වාස කර රාජ්‍ය කටයුතු පාලනය මොහුට පවරා දුන්නේය
එතුන් සිට මොහු රජුගේ නාමයෙන් රජවාසීන්ට හිංසා පීඩා කරන්නට විය මේ හේතුව නිසා ටිකින් ටික රට වැසියා කෙරෙහි කළ කිරීමට පත් විය රජු හා වැසියා අතර හොද සිත පළදු වූ බැව් දැනගත් අභය නාග සේනාවක් පිරිවරාගෙන ලංකාවට පැමිණ තිබේ
මෙහිදී රජු වෙනුවෙන් සටන් කිරීමට රටවාසීන් කැමැත්ත නොදැක්වූ බැවින් දිවි රැක ගැනීම පිණිස රජ තෙමේ සිය මෙහෙසියද රැගෙන අසු පිටින් මලය රයය පැන ගත්තේය එහෙත් සිය සොයුරා ලුහුබැද ගිය අභය නාග රජු මරා මෙහෙසිය අත්පත් කර ගෙන අනුරාධපුරයට පැමිණියේය වොහාරික තිස්සට මරු කැද වූ ඔහුගේ මෙහෙසිය එතැන් සිට අභය නාගගේ බිසොව වූවාය