දෙවන අග්බෝ රජතුමා
පළමුවන අග්බෝ රජුගෙන් පසු ලංකාවේ සිහසුන හිමි කර ගත්තේ දෙවන අග්බෝ රජුය ක්‍රි.ව.609 දී රජ පැමිණි ඔහුගේ රාජ්‍ය කාලයද පළමුවන අග්බෝ රජුගේ කාලයේ මෙන්ම වැසියාට වැඩදායක සමයක් විය මෙම දෙවන අග්බෝ පළමුවන අග්බෝ රජුගේ සොහොයුරෙකුගේ පුත්‍රයාය
දිවයිනේ බොහෝ වෙහෙර විහාර කරවා ඒවාට ගම්බිම් පැවරීම කළ මේ රජ තෙමේ සසුන බැබළවූ ධාර්මික රජ කෙනෙකු වශයෙන් චූල වංශයේ විස්තර දැක්වේ
මේ රජුගේ උදාර පිංකම් අතරින් එකක් වන්නේ බුදු සමය හදුන්වා දීමෙන් පසු නිර්මාණය කළ පළමු චෛත්‍ය රාජයා වූ ථූපාරාම දාගැබ සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කරවීමය බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව මෙහි නිධන් කර තිබූ අතර දාගැබ ප්‍රතිසංස්කරණයේදී නිධන් කර තිබූ දකුණු අකු ධාතූන් වහන්සේ ලෝවා මහා ප්‍රාසාදයෙහි සුරක්ෂිතව තැන්පත් කොට චෛත්‍යයේ සියලු ප්‍රතිසංස්කරණ වැඩ නිම වූ පසු යළි නිධන් කරනු ලැබූ බව කියවේ
කෘෂිකර්ම අංශයෙන් බලන විට ගංතලා වැව හා ගිරිතලේ වැව යන විශාල වැව් දෙකක්ද දෙවන අග්බෝ රජු විසින් කරවන ලදී මේ නිසා ආර්ථික අංශයෙන් මෙන්ම ආගමික අංශයෙන්ද සෑහෙන වැඩ කොටසක් කළ පාලකයෙකු වශයෙන් ඉතිහාස ගතවී ඇත මොහුගෙන් පසු යළි වියවුල් සහිත කාලයක් උදා වූ බැව් ඓතිහාසික තොරතුරු විමසීමෙන් පෙනේ එයට හේතුව ඔහුගේ අසිග්ගාහක පදවිය හිමි කර ගෙන සිටි තැනැත්තා රජ පදවිය හිමිකර ගැනීමයි