ගුප්ත අධිරාජ්‍යය

ගුප්ත අධිරාජ්‍යය උතුරු ඉන්දියාවේ පිහිටවූ විශාල හින්දු අධිරාජ්‍යයෙකි. ක්‍රි.ව. 320 දී පමණ පළමුවෙනි චන්ද්‍ර ගුප්ත රජු විසින් පිහිටුවනු ලැබූ එහි පසුව රජ පැමිණි රණශූර, දක්ෂ පාලකයන් නිසා අධිරාජ්‍යයේ ව්‍යාප්තියත්, ආර්ථික සංවර්ධනයත්, දේශපාලන සාමයත් හා සංස්කෘතියේ උච්චතම අවස්ථාවත් එළඹියේය. මේ අධිරාජ්‍යයේ ස්ථාවර භාවයට ආධාර වූ වැදගත් රජුන් දෙදෙනා නම් සමුද්‍රගුප්ත රජු හා ඔහු පුත් දෙවෙනි චන්ද්‍රගුප්තයි. මොවුන් දෙදෙනාගේ කාර්ය සාඵල්‍යය තමා අධිරාජ්‍යයේ ද ස්වර්ණමය යුගය ළඟා කර දුන්නේ. විශේෂයෙන් සමුද්‍ර ගුප්තයෙන් යුද්ධ කාර්ය නිසාත් දෙවෙනි චන්ද්‍රගුප්තගේ පාලන කටයුතුත් නිසා රටපුරා පතළ වූ දේශපාලන සාමය මෙයට බෙහෙවින් හේතුවිය. මෙම රජුන් දෙදෙනා හැරෙන්නට සෙසු ගුප්ත රජුන් මේ මාතෘකාවෙහි ලා එතරම් වැදගත් නොවේ.
මේ විශාල අධිරාජ්‍යය ශත වර්ෂ දෙකකට කිට්ටු කාලයක් (ක්‍රි.ව.320 – 490 දක්වා) පැවතුණු බව පෙනේ. එහි රජ පැමිණි 2 චන්ද්‍රගුප්ත රජු දවස ස්වර්ණමය අවස්ථාව එළඹි බව කීම වඩාත් සත්‍යය. මේ උච්ඡාවස්ථාව එක් අංශයක් කෙරේ පමණක් නොවේ දක්නට ඇත්තේ. දේශපාලනමය, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික හා කලාත්මක ආදී හැම අංශයකම දක්නා ලැබේ. දැනට නටබුන්ව පවත්නා ගොඩනැඟිලි හා ශිලා ලිපි ද කාසි හා විදේශික වාර්තා මඟිනුත් මේ කීම් බොහෝ දුරට ඔප්පුවේ. ශිලා ලිපි අතර අලහබාද් ලිපියත් (හරිසේන කවියාගේ), වාර්තා අතර පාහියන්ගේ හා හියුංසෑං ගේ වාර්තාත් වැදගත් වේ. ගොඩනැඟිලි අතර නාලන්දා විශ්වවිද්‍යාල නටබුන් ද කාසි අතර සමුද්‍රගුප්තගේ හා 2 චන්ද්‍රගුප්තගේ කාසිද ගුප්ත සංස්කෘතියේ වටිනාකම් ලොවට මුරගා කියන්නාක් වැන්න. අධිරාජ්‍යයේ ස්ථාවරභාවය වැඩීමට බෙහෙවින් උපස්ථම්භක වූයේ රණශූර හා කාර්යක්ෂම පාලකයන් වූ සමුද්‍ර ගුප්ත හා 2 චන්ද්‍රගුප්ත ආදීන්ගේ පහළවීමයි. රාජ්‍ය උරුමය ඔවුනට ලැබුණේ පිය පරපුරෙනි. පැරැණි හින්දු වැඩවසම් ක්‍රමය අනුව පාලනය ගෙන ගියේය. පුතුන් අතරත් දක්ෂයාටම සිහසුන භාරදීමේ සිරිත මේ රජුන් අතර පැවැති බවට අලහබාද් ප්‍රශස්තිය සඳහන් කරයි. පළමුවැනි චන්ද්‍ර ගුප්ත රජු තමාගේ ඇවෑමෙන් හිස්වන සිහසුනට කාර්යශූර පුද්ගලයෙක් වූ සමුද්‍රගුප්ත කුමාරයාගේ නම යෝජනා කිරීම එබඳු වැඩෙකි. මේ නිසා සෙසු නෑදෑයන්ගේ මුහුණු නරක් වූ බවද එම ලිපිය තවදුරටත් කියයි. කෙසේ හෝ දක්ෂ පාලකයන්ට පාලනභාරය පැවැරීමෙන් ගුප්ත අධිරාජ්‍යයේ සෞභාග්‍යය ඇතිවූ බව පෙනේ. අධිරාජ්‍යයේ ප්‍රදේශ විජයග්‍රහණය වහා වැඩී ගියේ සමුද්‍ර ගුප්තගේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය නිසාය. දැඩි අධිරාජ්‍ය වාදියකු වූ හෙතෙම උතුරු ඉන්දියාවේ හා දෙකානයේ ප්‍රදේශය තම රාජ්‍යයට ඈඳා ගත්තේය. ඉන්දියාවෙන් පිටත ලක්දිවට පවා ඔහුගේ බලය පැතිරිණි දැයි ඉතිහාසඥයන් අතර දැනට මතයක් පවතී. තවත් සමහරුන් සිතන පරිදි එය මිත්‍ර සම්බන්ධයක් පමණක් වන්නටත් පිළිවනි. සමුද්‍රගුප්තගේ විජයග්‍රහණයන් අලහබාද් ප්‍රශස්තියේ දැක්වේ. ඒ අනුව අධිරාජ්‍ය සීමාවන් උතුරින් හිමාලය සිට දකුණින් දෙකානය දක්වා ද බටහිරින් කතියවාරය පටන් නැඟෙනහිරින් ඇසෑමය තෙක් ද ව්‍යාප්ත විණි. තත්කාලීනව පිහිටුවූ ලිපියක් බැවින් බොහෝ දුරට මෙහි කීම් පිළිගත හැකි වුණත්, ප්‍රශස්තියක් බැවින් එහි එන අතිශයෝක්ති නිසා එහි ඇති ඓතිහාසික වටිනාකම බොහෝ දුරට සීමාවෙයි. සමුද්‍රගුප්ත දිනූ මේ ප්‍රදේශ පාලනය සඳහා ඔහු ක්‍රම කීපයක්ම අනුගමනය කළ බව ලිපියෙන්ම පෙනේ. ඇතැම් රාජ්‍යයන් හා විවාහ සබඳකම් මඟින් මිත්‍රවද, සමහර රජුන්ගෙන් කප්පම් ගැනීමෙන් ද, තවත් ප්‍රදේශ කෙළින්ම අධිරාජ්‍ය පාලනය යටතට ගැනීමෙන් ද හා තවත් කොටසක් සමඟ නොපැහැදිලි ලෙස සබඳකම් පැවැත්වීමෙන් ද යනාදී ක්‍රම කීපයකට පාලනය සංවිධාන වී තිබිණ. සමුද්‍රගුප්ත ලංකාව හා ශකමුරුණ්ඩයන් සමඟ විවාහ සම්බන්ධයන් ඇති කැරගත් අතර දෙවෙනි චන්ද්‍ර ගුප්ත වාකාටක කදම්බ, නාග හා ලිච්ඡවීන් සමඟ ද විවාහ ගිවිසුම් ඇති කරගති. දෙවෙනි චන්ද්‍රගුප්තට අතිරේක වශයෙන් යුද්ධ ආක්‍රමණයන්ට කළ යුතුව තිබුණේ වයඹ දිග ශකයන් පැරැදවීම පමණෙකි. එම කාර්යය නිසා මෙතෙක් සුරක්ෂිත නොවූ වයඹ දිගද ආරක්ෂා කරලීමෙන් ගුප්ත රාජ්‍යය වඩාත් ප්‍රබල වීය. මෙසේ යුද්ධාක්‍රමණ හා විවාහ මඟින් යටත් ප්‍රදේශ ඇතිකරලීමෙන් අධිරාජ්‍යය විශාල වීමත් රට සෙමෙහි පිහිටුවාලීමත් නිසා ආර්ථික තත්ත්වය ද බෙහෙවින් දියුණුවිය. දෙවෙනි චන්ද්‍රගුප්ත ගේ පාලන කාලයේදී නිකුත් කළ රන් හා රිදී කාසි මෙයට කදිම නිදසුන් වේ. කාසි මුද්‍රණය රනින් රිදීයෙහි පැවැතීම එකල පැවැති ආර්ථික සමෘද්ධිය පිළිබිඹු කරන්නකි. පුරාවිද්‍යා ගවේෂකයන් විසින් ගුප්ත කාසි රාශියක් සොයා ගනු ලැබ ඇත. ලිච්ඡවීන් හා ගුප්ත රජුන් පැවැත්වූ විවාහ සබඳතා ද මේවා සමහරෙකින් පැහැදිලි වේ. කාසියෙක එක් පැත්තෙක ලක්ෂ්මී දෙවඟන ද අනික් පැත්තේ ලිච්ඡවි කුමාරියක් ද සමහර කාසියෙක දැක්වේ. ලක්ෂ්මී දෙවඟන ආගමික විශ්වාසයක් මත යෙදීද? නැත්නම් මේ ලිච්ඡවි සම්බන්ධය නිසා එකල රටේ ඇතිවූ ශ්‍රී සමෘද්ධියේ සංකේතයක් දැයි සැක කිරීමට පිළිවනි. ගුප්ත රජුන් ලිච්ඡවි සම්බන්ධය මහත් ගර්වයෙන් දක්වනුයේ ද මේ නිසා විය හැක. නැත්නම් උසස් කුලයක් හා සම්බන්ධ වීමට ලැබුණු නිසා විය හැක. රාජ භාණ්ඩාගාරයේ ධනය එක්රැස් වුණේ ඉඩම් බදු, කප්පම්, තෑගිබෝග ආදිය නිසාය. අලහබාද් ලිපිය මෙයට සාක්ෂ්‍ය දරයි. වෙළඳාම අතින් බැලුවත් ගුප්ත රාජ යුගය ඉතා සාරවත් විය. පෙර අපර දෙදිග වෙළඳාමේ මධ්‍යස්ථානයක් වීම නිසා ඉන්දියාවේ ජාතික ධනය වැඩිවූ බව පෙනේ. දේශපාලන සාමය ඊට බෙහෙවින් පිටුවහල් වීය. භාණ්ඩාගාරයේ මුදල් පිළිබඳ අය වැය ගණන් තබන්නෝ ද වූහ. ඔවුන් “අක්ෂ පටලික” නමින් හඳුන්වනු ලැබීය. මේ අතර ගුප්ත පාලන සංවිධානය මනා සේ කරගෙන යාම සඳහා අධිරාජයා යටතේ විශාල නිලධාරි පිරිසක් ද වූහ. මන්ත්‍රී පරිෂද් හා සේනාපති ආදී මේ පාලන මඬුල්ල මෞර්ය පාලනයේ ක්‍රමවත් විකාශයෙකි. මේ කරුණු ද ගුප්ත කාලයේදී ඉන්දීය සංස්කෘතිය නඟාලීමට අතිශයින් උපකාරී විය. මෙකල විශේෂයෙන් ස්වර්ණමය යුගය ඇතිවුණේ සංස්කෘතික කටයුතු පිළිබඳව ය. මෙවැනි සංස්කෘතික උද්දීපනයක් ඇතිවීමට ආධාර වූවෝ ගුප්ත රජුන් පමණක්ම නොවේ. කලක සිටම වැඩීගෙන එමින් පැවැති මෙම හින්දු සංස්කෘතිය මෙකලදී මුදුන් මල් හටගැනීමේ අවදියට පා තැබුවා මිසක් මේ සමයේදී අලුතින්ම බිහිවූවක් ලෙස හැඳින්විය නොහැක. විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුත්තේ මේ වන විට බුද්ධ ධර්මය ඉන්දියාවෙන් කෙමෙන් තුරන් වීමත් සමඟම හින්දු පුනර්ජීවනය ඇතිවූ බවයි. සම්පූර්ණයෙන්ම වාගේ ගුප්ත සංස්කෘතිය හින්දු ආගම පදනම් කැර ගෙන බිහි වූවකි. එනම් හින්දු ආගමේ වැදගත් අවදියකි මේ. මෙහිදී මෙම සංස්කෘතික දියුණුව පිළිබඳ ඉතිහාසය සාහිත්‍ය ආගමික හා කලාත්මක යනුවෙන් බෙදා සාකච්ඡා කිරීම පහසුවෙන් වටහා ගැනීමට හේතුවේ යැයි හඟිමි. එකල ජනතාව අතර ව්‍යවහාර භාෂාව වූයේ “කාව්‍ය සංස්කෘතියයි.” මේ වන තෙක් ග්‍රන්ථ රචකයන් භාවිත කළේ ප්‍රාකෘතිය හා වෛදික සංස්කෘතයයි. එහෙත් කාව්‍ය සංස්කෘතය වඩා සරල බැවිනුත් මෙසේ ජනපි‍්‍රය භාෂාව වන්නට ඇතැයි සිතේ. මෙම භාෂාව ක්‍රි. ව. 1 ශත වර්ෂයේ ඇති වුවත් එය ක්‍රමයෙන් වැඩි ආයේ පොදු ජනයා අතර ප්‍රචලිත විය. එය ග්‍රන්ථ රචනයට හා අධ්‍යාපන මාධ්‍යය සඳහාත් යොදාගත් බව මෙකල ලියැවි ඇති ග්‍රන්ථ සමූහයෙන් ම පෙනී යන කරුණකි. එසේ ම එම භාෂාවේ ඇති සරලභාවය හා අලංකාරවත් භාවය වටහා ගැනීමට හරිසේනගේ අලහබාද් ප්‍රශස්තියම ප්‍රමාණවත් වේ යැයි හඟිමි. මහායාන බෞද්ධ ග්‍රන්ථ ද ලියැවී ඇත්තේ මෙම භාෂා මාධ්‍යයෙනි. එහෙත් මෙතෙක් පැවැති ප්‍රාකෘතය සම්පූර්ණයෙන් අභාවයට නොගියේය. මේ සාහිත්‍ය පෝෂණය වඩාත් ඉක්මන් වීමට හේතුව නම් ගුප්ත රජුනුත් කලාකාමි පිරිසක් වීමයි. සංගීතය හා කලාව පි‍්‍රය කළ බැවින් සමුද්‍රගුප්තට “කවිරාජ” යන විරුදාවලිය ද ලැබී ඇත. වීණාවක් අතින් ගත් ඔහුගේ රූපය දක්වන කාසිය මේ කරුණ ඔප්පු කරන්නකි. දෙවෙනි චන්ද්‍රගුප්ත ද සාහිත්‍යාභිලාෂින්ට හා කලාකරුවන්ට ආධාර කළේය. ඔහුගේ රාජ සභාවේම “නවරත්න” නමින් ශ්‍රේෂ්ඨ කවීන් සිටි බව ද ප්‍රබන්ධ කථාවලින් ද හෙළිවේ. ප්‍රබන්ධවලදී “වික්‍රමාදිත්‍ය” යන නාමයෙන් හඳුන්වනු ලබන්නේ දෙවෙනි චන්ද්‍රගුප්ත රජු බව ඉතිහාසඥයන් වැඩි දෙනා ගේ පිළිගැනීමයි. ඔහු කවියනට ආධාර ලබා දුන් අතර තමන් ද කලාපි‍්‍රය වීමෙන් සංස්කෘත කාව්‍ය හා නාට්‍ය ග්‍රන්ථාදි කලා කෘති ශීඝ්‍රයෙන් දියුණු විය. මේ යුගයේදී ශ්‍රේෂ්ඨතම කලා නිර්මාණ බිහිවීමට හේතු වූයේ මේ කරුණුයි. “නවරත්නයන්” අතුරෙන් ඉතාම කීර්තිමත් පඬිවරයා නම් කාලිදාසයි. සංස්කෘත සාහිත්‍යයට නොමැකෙන කීර්තියක් අත්කර දුන් ඔහු ලෝක සාහිත්‍යය නමැති අම්බරයේ දීප්තිමත් තාරකාවක් ව අදත් බැබලේ. ඔහු ප්‍රතිභාපූර්ණ කවිවරයකු මෙන්ම දක්ෂ දෘශ්‍ය කාව්‍ය රචකයෙක් ද විය. ඔහුගේ එම රසපූර්ණ දෘශ්‍ය කාව්‍ය නම් ශකුන්තලා, වික්‍රමෝර්වශිය හා මාලවිකාග් නිමිත්‍රයත්ය. ඒ අතර රඝුවංශ හා කුමාරසම්භව නම් මහා කාව්‍ය දෙක ද මේඝදූත නම් දූත කාව්‍යයද, සෘතුසංහාර නම් භාවගීතය ද ඔහුගේ අමරණීය කෘතීහු වෙත්. ඔහු හා සමකාලීන තවත් පඬිවරුන් ද විද්‍යාඥයන් හා දාර්ශනිකයන් ද විසින් සංස්කෘත සාහිත්‍යය වර්ධනයට කළ සේවය ඉමහත්ය. භාස, ශුදාක, විශාඛදත්ත, වරාහමිහිර බ්‍රහ්ම ගුප්ත, අර්යභට, දින්නාග, වසුබන්ධු ආදිහු ඔවුන් අතර ප්‍රමුඛ වෙත්. මොවුන්ගේ සමහර කෘති දැනට අභාවයට ගොස් ඇත. භාස විසින් ම නාට්‍ය 13 ක් ලියූ බව සඳහන් වේ. එසේ ම තාරක විද්‍යාව, නීතිය, ව්‍යාකරණ, ගණිත හා දර්ශන යන විෂයයන් පිළිබඳව ද ග්‍රන්ථ රචිත විය. රාමායණ, මහාභාරත යන වීර කාව්‍ය දෙක අවසාන වරට සකස් වූයේ ගුප්ත යුගයේ පඬිවරුන් අතිනි. පුරාණ සාහිත්‍යය ගැන ද කිව යුත්තේ එයයි. මෙබඳු සාහිත්‍ය පෝෂණයට ඉවහල් වූයේ එකල පැවැති අධ්‍යාපන තත්ත්වයේ උසස්කමයි. හින්දු ආගමික ආයතන ක්‍රමයෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පෙරැළිණි. මෙයට බෞද්ධ ආගමික සම්ප්‍රදායෙන් බොහෝ දුරට ආභාස ලැබී ඇති බව පෙනේ. තක්ෂිලාව මෙකල ඉතාමත් දියුණු අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන්ට ඇත. එහෙත් එම ප්‍රදේශය හරහා ඉන්දියාවට පැමිණි පාහියන් එම විශ්ව විද්‍යාලය ගැන කිසි සඳහනක් නොකරයි. අනික් අධ්‍යාපන මධ්‍යස්ථාන නම් බරණැස්, මථුරා හා පාටලිපුත්‍රයි. හින්දු අධ්‍යාපනය බෙදා දීමේදී බමුණු “අග්‍රහාර ගම්” ඉතා වැදගත්වේ. ගෝදාවරී නදිය අසබඩ පිහිටි පිෂ්ටපුරම් එබන්දකි. මේවාට රජයේ ආධාර නොඅඩුව ලැබිණි. ඒ අතර බෞද්ධ විහාර වටා ගොඩනැගුණු ශාස්ත්‍රය බෙදා දෙන තැන් ද තිබිණි. නාලන්දා විශ්ව විද්‍යාලය ඒවා අතුරෙන් මුල් තැන ගනී. උසස් අධ්‍යාපන ආයතනයක් වූ එය ජාත්‍යන්තර කීර්තියට ලක් වූවකි. ලෝකයේ නා නා දිශාවලින් ශාස්ත්‍රාභිලාෂිහු එහි දහස් ගණනින් ඇදී ආහ. එහි ඉගෙනුම ලත් අය දස දහසක් පමණ බවත් දිනකට දේශනා වාර 100 ක් පමණ පැවැත්වූ බවත් චීන වාර්තා දක්වයි. මහායාන හා ථෙරවාද ආදි දර්ශන වාදද නීතිය, තර්ක, ව්‍යාකරණ, ගණිත, ඡ්‍යොතිර් විද්‍යා ආදි හැම විෂයයක්ම ඉගැන්වූයේය. මෙහි තිබුණු ශ්‍රී විභූතිය මෙකල පවා, පුරාවිද්‍යා ගවේෂණවලින් මතු වූ නටබුන් වලින් පැහැදිලි වේ. මෙබඳු මධ්‍යස්ථාන නඩත්තුව සඳහා රජවරුන් හා අසල්වාසීන් විසින් ගම්වර ප්‍රදානය කරන ලදී. මේවා නිසා අධ්‍යාපන ප්‍රබෝධය භාරතය පුරා පැතිරෙන්නට ඇත. සංස්කෘත භාෂාව රාජ්‍ය භාෂාව වන්නට ඇත. ගුප්ත සමයය හින්දු ආගමේ අලුත් මුහුණුවරකින් වැඩී ගිය දියුණුවක් දක්නට ලැබෙන සමයෙකි. එයද මේ යුගයට පෙර පටන් සකස් වෙමින් ඇවිත් උසස් අවස්ථාවකට සම්ප්‍රාප්ත වීමකි. මේ වන විට හින්දු ආගමේ ශෛව හා වෛෂ්ණව වශයෙන් ප්‍රභේද දෙකක් වැඩී ගොස් තිබිණි. මෙකල විශේෂ ලක්ෂණය නම් ඒ දෙකොටසම ජනපි‍්‍රය වී තිබීමයි. ඒ ඒ ආගමික කොටස්වලට ප්‍රාදේශීය වෙනත් ආගමික විශ්වාස ද මිශ්‍ර විය. එය කවර ලෝක ආගම්වල ද දක්නට ලැබෙන්නකි. මෙකල භක්තිවාදය ජනයා අතර මුල් බැස ගත්තේය. දකුණු ඉන්දියාවේ හටගත් එය උතුරට ද ව්‍යාප්ත විය. හින්දු ආගමේ ඇති වූ විශාල දියුණුවට එකල ඉදිවුණු ගොඩනැගිලි හා ප්‍රතිමා ආදිය සාක්ෂ්‍ය දරයි. එහෙත් බෞද්ධාගම ඇදහු අයද හිඟ නොවූහ. පාහියන් භික්ෂුව කියනුයේ එකල ඉන්දියාවේ බෞද්ධයන් බොහෝ සිටි බවයි. ඇතැම් විට ඔහුගේ කීම අතිශයෝක්තියක් විය හැකි මුත් සාර්නාථ, බුද්ධගයා, වෙල්ලෝර් වැනි බෞද්ධ නෂ්ටාවශේෂ දෙස බලන විට එම කීම බැහැර කළ හැකි ද නොවේ. ගුප්ත රජුන් හින්දුන් වූ මුත් කවදත් භාරතිය හින්දු හා බෞද්ධ රජුන්ගේ පාලන ප්‍රතිපත්තිය වූයේ ආගමික සහනශීලිත්වය ගරු කිරීමයි. ඒ නිසා බෞද්ධ කටයුතු වලට ද ඔව්හු උදව් කළහ. ථෙරවද ධර්මය උතුරේ හා දකුණේ ජනපි‍්‍රය වූ බව පෙනේ. ලක්දිව පමණක් නිර්මල ථෙරවාදය රැඳුණු වග එකල ඉන්දියාව පවා පිළිගත් බව ථෙරවාදය හැදෑරීමට බුද්ධඝෝෂ හිමි මෙහි එවීමෙන් පෙනේ. ඔහු ආයේ ථෙරවාදය නැවැත ඉන්දියාවට හඳුන්වා දීමට අවබෝධයක් ලබාගැනීම සඳහා විය හැක. මෙකල මහායාන ධර්මය ප්‍රචාරය කළ අය අතර දින්නාග හා වසුබන්ධු වැනි දාර්ශනිකයෝ මුල් වූහ. මේ අතර ජෛනාගම ද සමහර ප්‍රදේශවල අදහන ලද.ි මථුරාවේ හා වලභියේ ද ජෛන ධර්ම සංගායනා දෙකක් පැවැත්වූ බව තද් ග්‍රන්ථ ප්‍රකාශ කරයි. දකුණේ හා දෙකානයේ ජෛන භක්තිකයන් සිටි බව පෙනේ. මොවුනට ද රාජ්‍ය ආධාර ලැබිණ. මෙබඳු ජෛන, හිංදු හා බෞද්ධ ආගමික නිකායන් අතර ආගමික වාද හා සාකච්ඡා ද පැවැත්විණි. කලාත්මක අංශය සලකා බැලුවත් එහිද විශාල දියුණුවක් දක්නට ලැබේ. නෂ්ටාවශේෂ මෙයට සාක්ෂ්‍ය දරයි. එම කලාත්මක අංග ද කලක සිටම වැඩීගෙන ආවක්මය. එම කලා කෘති ගොඩනැගුණේ හින්දු හා බෞද්ධ ආගම් වටාය. ජනයා අතර මුලදී හින්දු දේවරූප වන්දනාව නොපැවැතියේ නමුදු මෙකල ඔව්හු ඊට ඇබ්බැහි වී සිටියහ. බුද්ධාගමේ ප්‍රතිමා වන්දනය ද සමකාලීනව ඇරැඹිණි. ක්‍රි. ව. 1 ශත වර්ෂයේ නිකුත් කළ කාසි වලින් ද මීට ඉහත දේවතා රූප වන්දනය පැවැති බව පෙනේ. හැම හින්දු දෙවොලකම ප්‍රධානත්වය ලැබෙන්නේ විෂ්ණු හා ශිවටය. විෂ්ණු රූප බහුලව සොයාගෙන ඇති අතර ශිවගේ රූප ස්වල්පයෙකි. බුදු පිළිමයේ ක්‍රමික විකාශය ද මෙකල තවදුරටත් ඇතිවිය. ගන්ධාර ක්‍රමයෙන් ඇතිවූ බුදු පිළිමයේ රශ්මි වලල්ල මුලදි ඉතා චාම්ය. ගුප්ත ශිල්පියා අතින් එය අලුත් මුහුණුවරක් ගනී. එහි රශ්මි වලල්ල ඉතා විසිතුරු කැටයමින් අලංකාර වේ. මේ ශිල්පින්ගේ කලා විශාරද භාවයට හොඳම නිදසුන් නම් මථුරා හා සාර්නාත් පිළිමයි. ගුප්ත කලාකරුවන් බුදුන්ගේ කරුණා ගුණය හා සුන්දරභාවය ගලේ මූර්තිමත් කර දැක්වීම ඉතාම චිත්තාකර්ෂණියයි. චෛත්‍ය හා කුළුණු නිර්මාණය ද මෙකල දක්නට ලැබේ. ගලින් නෙලූ හින්දු දේවාල ද්වාරය ඉතාමත් විසිතුරු කැටයමින් අලංකාර වේ. චිත්‍ර කලාව අතින් ද ගුප්ත යුගය විශේෂ දියුණුවක් ලැබිය. අජන්තා බිතු සිතුවම් මෙයට කදිම නිදසුන්ය. ජාත්‍යන්තර කීර්තියක් ඒවාට ලැබී ඇත්තේ ගුප්ත නිර්මාණ ශිල්පියා ගේ කලා කෞශල්‍යයෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුය. ගුප්ත සංස්කෘතියේ තවත් විශේෂයක් නම්, එය ඉන්දියාවෙන් බැහැර රටවලත් ව්‍යාප්ත වීමයි. නාලන්දා විශ්ව විද්‍යාලය හා පැවැති විදේශ සම්බන්ධතා හා ඉන් යැවූ ධර්මදූතයන් මාර්ගයෙන් මේවා සුකර විය. අග්නිදිග ආසියාව හා චීනය හා ලක්දිවත් ඒ බලපෑම් ඇතිවී ගුප්ත ප්‍රතිමාවේ ආභාසය මධ්‍ය ආසියාවේ හා තවත් රටවල ඇති පිළිමවලින් ද පිළිබිඹුවේ. බෞද්ධ හා හින්දු ආගමික අදහස් මේ රටවල පැතිරිණි. ලක්දිවින් යන භික්ෂුන් සඳහා බුද්ධගයාවේ විහාරයක් තැනීම ආදි සිද්ධි ලක්දිව හා ඉන්දියාව අතර පැවැති සංස්කෘතික සම්බන්ධතා වලට නිදසුන් වේ. ඉන්දියා ගෘහ නිර්මාණ කලාව, ප්‍රතිමා කලාව හා ආගමික අදහස් ද මෙසේ ලක්දිව කලා කෘතින්හි පිළිබිඹු වේ. ඉසුරුමුණි විහාරයේ ගුප්ත කලා ආභාසය දැක්වෙන බව ඉතිහාසඥයන්ගේ මතයයි. ගුප්ත පාලනය ඉන්දියාව පුරා පතළ නොවූවත් ගුප්ත සංස්කෘතිය අතින් නම් ඉන්දියාව පුරා එකීයත්වයක් දක්නට ඇත. මේ ආදි කරුණු සලකා බලන විට අපට පැහැදිලි වනුයේ ඉන්දීය සංස්කෘතියේ මුදුන්මල් පිපුණු අවධිය ගුප්ත පාලනය සමය පසුබිම් කරගෙන ඇතිවූ බවයි.

වල්ලිපුරම් (දෙමළ)රන් පත

Inscription reads:
සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි ...බදකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ
Translation:
වසභ මහ රජුගේ රාජ්ය සමයේදී ඉසගිරිය අමාත්යවරයා නකදිව (නාගදීපය හෙවත් වර්ථමාන යාපන අර්ධද්වීපය) පාලනය කරත්දී බදකර අතනෙහි පියඟුක තිස (හෙවත් පුවඟුදීප තිස්ස) වෙහෙර කරවන ලදී.
Success! In the reign of the great King Vasabha, and when the Minister Isigiraya was governing Nagadipa (present day peninsular Jaffna), Piyaguka Thisa Vihara was built at Badakara Athana ( Senarath Paranavithana - Epigraphia Zeylanica (vol. IV)).

වසභ රජතුමා

ලක්දිව ප්‍රථම රාජවංසයේ පාලනය යසලාලක තිස්ස රජුගෙන් අවසන් විය ඔහුගෙන් රජකම අත්පත් කරගත් සුභ නමැති දොරටුපාලයා එතැන් පටන් වසර හයක් රට පාලනය කළේය එතැන් පටන් සිහසුන අයත් වන්නේ ලම්බකර්ණ වංසයේ වසභ කුමරාටය ශතවර්ෂ කීපයක් ලක්දිව පාලනය කළ දෙවැනි සිංහල රාජවංශය ලෙස සැලකෙන ලම්භකර්ණ වංසයට පහළොස්වන සියවස දක්වාම සිටි ඇතැම් රජවරු අයත් වූ බව පෙනේ පාරම්පරික කථාවලට අනුව ලම්භකර්ණ වංසය ඇති වූයේ උතුරු ඉන්දියාවේ සිට ලක්දිවට බෝධිය වැඩම කිරීමත් සමඟ පැමිණි කුමාරවරුන්ගෙනි ලේඛක යන පාළි වචනයට පර්යාය ලෙස යොදා ඇත්තේ ලමැණි යන වචනයයි එබැවින් ලම්භකර්ණ හෙවත් ලමැණි වංශයට අයත් අය මුල් අවධියේදී රජයේ ලියන්නන් හැටියට පෙනී සිටින්නට ඇත වසභ රජුට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි වේ ඔහු ස්වකීය දක්ෂතාව මත ශ්‍රී ලංකාවේ සිහසුන උරුම කරගත් පාලකයෙකි සිහසුන දැරීමට රාජවංසයටම අයත් අයකු වියයුතුය යන සම්ප්‍රදායික මතය අභිබවා ඔහු ජයගත් අයුරු පැහැදිලි වෙයි මොහු මුලිම්ම වාසය කළේ මාමා ළඟය ඔහු සුභ රජුගේ සේනාධිපති විය වසභ නැමැත්තෙක් රජ වන බවට අනාවැකියක් සුභ රජුට අසන්නට ලැබීමත් සමඟ ඔහු කළේ වසභ නම ඇති සියලු දෙනා මරා දැමීමය රජුට පක්ෂපාතී වූ සේනාධිපති තම බෑනා රජුට පාවා දීමට සැරසුණේය එහෙත් නැන්දනිගේ මාර්ගයෙන් වසභට දිවි ගලවා ගැනීමට හැකි විය ඔහු මහාවිහාරයේ භික්ෂූන්ගේ උපකාරය ඇතිව රුහුණට පලා ගියේය කුෂ්ට රෝගියකු විසින් ධෛර්යමත් කරවූ ඔහු රුහුණෙහි දාමරිකව හැසිරෙමින් ක්‍රමයෙන් මහජනයා තමා වෙත නම්මා ගතිතේය ඒ වනවිටත් රාජ්‍ය උරුමය පතා සටන් කිරීමට රජ පෙළපතට අයත් අයකු නොසිටි බැවින් ප්‍රධාන රාජ්‍යයේ ආරක්ෂක සේනාවේ වැඩි අවධානයක් නොතිබුණු දුරස්ථ ප්‍රදේශවල දී දක්ෂ එඩිතර අයකුට බලය ගොඩනගා ගැනීමේ හැකියාව එවකට පැවිතිණ එබැවින් වසභ එයින් නියම ප්‍රයෝජන ගත්තේය ඉතිහාසඥයන් පෙන්වා දෙන පරිදි ඔහු අනුගමනය කළේ සුළු අඩියක සිට තමාටත් වඩා උසස් වූ පුද්ගලයෙකු අනුගමනය කළ උපක්‍රමයකි එනම් ඉන්දියාවේ චන්ද්‍රගුප්ත නම් මෞර්ය රජු අනුගමනය කළ උපක්‍රමය පිළිපැදීමයි මැහැල්ලකගේ අවවාදයක් අනුව ළමයකු උණු කැවුම් ගෙඩියක් මැදින් නොකා වාටියේ සිට සිට කඩා කෑමට පටන් ගත්තේය එම අවවාදය චන්ද්‍රගුප්ත මෞර්යද ආදර්ශයට ගත්තේය එසේම වසභද අනුරාධපුර රාජධානියට පහර දී යටත්කර ගත්තේය ඔහුගේ මාමා වන සේනාධපතියාද සටනින් මියගියේය වසභ රජතුමා අග මෙහෙසිය බවට පත්කර ගත්තේ තම ජීවිතය ගලවා දුන් නැන්දනියයි මෙය කෙලෙහිගුණ සලකා කරන ලද්දක් බව පෙනෙතත් ඉහළ සමාජවල එදවස පැවති සිරිතක් වශයෙන්ද සැලකිය හැකි බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති වසභ රජුට සිංහාසනය පිළිබඳ පාරම්පරික උරුමයක් සතු වී නොතිබුණද ඔහුගේ ආධිපත්‍ය දිවයින පුරා පැතිරී තිබුණු බවට සාධක ඇත රජරට පැරණි ස්ථානවලින්ද යාපනේ උතුරු වෙරළබඩ වල්ලිපුරම් සහ දකුණේ තිස්ස මහාරාමය ආදී ප්‍රදේශවලින්ද හමු වූ ඔහුගේ අවධියට අයත් ශිලාලේඛනවලින් මේ බව පැහැදිලි වෙයි තමා වැඩැකල් ජීවත් නොවන බවට දෛවඥයකු විසින් කියන ලද අනාවැකියක් නිසාඉන් සිත් තැවුලට පත් වූ ඔහු ඉන් මිදීම සඳහා භික්ෂූන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගත්තේය ඒ උපදෙස් පරිදි දීරිඝායුෂ ලැබීම සඳහා භික්ෂූන්ට සිවිපසයෙන් උපස්ථාන කිරීම පන්සිල් හා දසසිල් රැකීම කැඩී බිඳී ගිය වෙහෙර විහාර සහ වැව්ද විශාල ගණනක් කරවීය මේ අනුව ඔහු වසර ඔහු හතලිස් හතරක් රජකම් කළේය රජුගේ අගමෙහෙසිය බෝමළුවෙහි සිත්කළු වූ වෘත්ත නම් සෑ ගෙයක්ද කරවීය වසභ රජතුමා ථූපාරාම විහාරයෙහි සෑගෙයක්ද කරවා එය සංඝයාට පූජා කරන අවස්ථාවෙහි මහදන් පැවතීය ග්‍රන්ථ ධූරයට දරන භික්ෂූන්ට සිවුපසද ගිලන් භික්ෂූන්ට බෙහෙත්ද දිළින්දන්ට වැටුපත්ද දුන්නේය නගරයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූ ඔහු ප්‍රාකාරය උස් කොට බැඳ වූ අතර සතර දොරටුවෙහි තොරණද කරවීය එතුමා විසින් කරන ලද වැව් ගණන එකොළහකි මෙයින් පැහැදිලි වන්නේ රටේ ආර්ථික සංවරධනයක් යොමු කළ බවය මෙයත් වැව,රජුපුල් වෑව,කේලිසාව වැව,කොළඹෑගම් වැව,මානිකවිටි වැව,මාගම වැව්දෙක,කෝහාල වැව,අබිවඩමක් වැව යන වැව් එකොළහක් රටේ සුභිෂේකය පිණිස මෙවු ඇළවල් දොළහක්ද මෙතුමා විසින් ඉදිකරවන ලදී

ගෝඨාභය මහා රජතුමා

බු.ව.792 රජ පැමිණි මෙකවරණ අභය හෙවත් මේඝවර්ණ අභය ගෝඨාභයගේ තවත් නාමයකි ඔහු දෙවන සිරිනාග රජුගේ පුත්‍රයා බව තිඹිරි වැව සෙල්ලිපිය ඇතුළු සෙල්ලිපිවල සදහන් කරුණු දක්වන ඉතිහාසඥයෝ විශ්වාස කරති සිරිසඟබෝ රජු සටන් නොමැතිව සිය කැමැත්තෙන්ම සිහසුන හැර ගිය බැවින් සිහසුන ගෝඨාභයට හිමි විය රෝහණ දේශයේ දෙමට මල් විහාරය හා මණ්ඩාගල සෙල්ලිපි විමසන ඇතැම් විචාරකයින් සදහන් කරන්නේ ගෝඨාභය විජයිදු රජුගේ සොහොයුරෙකු බවත් ඔහුට රජකමට නීත්‍යානුකූල උරුමයක් වූ බවත්ය 13 වසරක් රජකම් කළ ගෝඨාභය වැසියන්ගේත් මහා සංඝයාගේත් සිත් දිනා ගැනීමට හා ජාතික මොහෙවර ගණනාවක් ඉටු කර තිබේ ශ්‍රී මහා බෝධිය වටා ආගමික අංග සතක් කරවීම ලෝවා මහාපායේ බිදවැටුණු ගල් කණු සකස් කිරීම මිහින්තලේ වටදාගෙය,දිවයින පුරා අබලන් වූ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය මේඝවර්ණාභය නමින් නව විහාර කර්මාන්තයක් කිරීම ඒ අතර වේ සෙල්ලිපි වලින් අනාවරණය වන පරිදි ඔහුගේ ශාසනික සේවය මෙන්ම පාලන කටයුතුද එයින් පැහැදිලි වේ දෙමටමල් වෙහෙර ලිපියේ ගොටක අබ රජ යනුවෙන් ගෝඨාභය රජු පිළිබඳව සදහන් වන අතර රෝහණ දේශය ඔහුගේ පාලනය පිළිගෙන තිබූ බැව් සනාථ වේ එහෙත් රජුගේ ඇමති මණ්ඩලයේ සිටි ඇමතිවරු පිරිස රජු කෙරෙහි අප්‍රසාදයෙන් පසුවූ බවත් ඔවුන් රජුට විරුද්ධව කුමන්ත්‍රණ සැලසුම් කරමින් සිටි බවත් පෙනී ගොස් ඇත ගෝඨාභය රජ සමයේ දක්නට ලැබෙන විශේෂ සිදුවීමක් වන්නේ වෛතුල්‍යවාදීන්ගේ මූලස්ථානය වූයේ අභයගිරි විහාරයයි නිකාය සංග්‍රහයේ එන ආකාරයට අභයගිරි විහාරයේ ධර්ම රුචි නිකායින්ගන් බිදීගිය කොටසක් වූ සාගලිකයෝ දකුණු දිග වෙහෙරෙහි වූහ ධර්ම රුචිකයන් අතර නොසන්සුන්තා ඇති වූ අතර වෛතුල්‍යවාදී මත දැඩිව උත්සන්න වී ඇත රජු මේ වෛතුල්‍යවාදී භික්ෂූන් හැට දෙනෙකුගේ ශරීරයේ හං වඩු ගසා රටින් පිටමං කරනු ලැබූහ මොව්හු සොළී රටට ගොස් කාවේරියේ ආරාමයක වැඩවාසය කර ඇත මෙයින් එක් භික්ෂු නමකගේ ගෝලෙයකු වූ සංඝමිත්තා නම් වූ බුද්ධිමත් භික්ෂු නමක් විය අනුරාධපුරයේ මහා විහාරවාසී භික්ෂූන්ගේ අනුදැනුම මත තම ආචාර්යවරයාට හිංසා කරන ලද බව දැන ගත් හෙතෙම එම ක්‍රියාවට කෙසේ හෝ දඩුවම් කළ යුතු යැයි සිතා ගත්තේය එපරිදි අනුරාධපුරයට පැමිණ ගෝඨාභය රජු තමා කෙරෙහි පහදවා ගත් මේ භික්ෂුම ඔහුගේ පුතණුවන් දෙදෙනාට ධර්ම ශ්‍රාස්ත්‍ර ප්‍රගුණ කරවා දීම සදහා තමා වෙත භාර ගත්හ අනතුරුව ළාබාල කුමරුවන් දෙදෙනා තම මතයට අවනත කරවා ගැනීමට මේ තෙමේ සියුම් උපායක් යෙදවීය වැඩිමහල් කුමරු එනම් ජෙට්ඨතිස්ස මොහුට අවනත කර ගත නොහැකි වූවද බාල කුමරු එනම් මහාසේන ඔහුට අවනත විය මෙම සිද්ධිය මෙරට භික්ෂු ශාසනය කෙරෙහි අවාසනාවන්ත ලෙස බලපෑම් ඇති කළේය

දෙවන අග්බෝ රජතුමා

පළමුවන අග්බෝ රජුගෙන් පසු ලංකාවේ සිහසුන හිමි කර ගත්තේ දෙවන අග්බෝ රජුය ක්‍රි.ව.609 දී රජ පැමිණි ඔහුගේ රාජ්‍ය කාලයද පළමුවන අග්බෝ රජුගේ කාලයේ මෙන්ම වැසියාට වැඩදායක සමයක් විය මෙම දෙවන අග්බෝ පළමුවන අග්බෝ රජුගේ සොහොයුරෙකුගේ පුත්‍රයාය දිවයිනේ බොහෝ වෙහෙර විහාර කරවා ඒවාට ගම්බිම් පැවරීම කළ මේ රජ තෙමේ සසුන බැබළවූ ධාර්මික රජ කෙනෙකු වශයෙන් චූල වංශයේ විස්තර දැක්වේ මේ රජුගේ උදාර පිංකම් අතරින් එකක් වන්නේ බුදු සමය හදුන්වා දීමෙන් පසු නිර්මාණය කළ පළමු චෛත්‍ය රාජයා වූ ථූපාරාම දාගැබ සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කරවීමය බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව මෙහි නිධන් කර තිබූ අතර දාගැබ ප්‍රතිසංස්කරණයේදී නිධන් කර තිබූ දකුණු අකු ධාතූන් වහන්සේ ලෝවා මහා ප්‍රාසාදයෙහි සුරක්ෂිතව තැන්පත් කොට චෛත්‍යයේ සියලු ප්‍රතිසංස්කරණ වැඩ නිම වූ පසු යළි නිධන් කරනු ලැබූ බව කියවේ කෘෂිකර්ම අංශයෙන් බලන විට ගංතලා වැව හා ගිරිතලේ වැව යන විශාල වැව් දෙකක්ද දෙවන අග්බෝ රජු විසින් කරවන ලදී මේ නිසා ආර්ථික අංශයෙන් මෙන්ම ආගමික අංශයෙන්ද සෑහෙන වැඩ කොටසක් කළ පාලකයෙකු වශයෙන් ඉතිහාස ගතවී ඇත මොහුගෙන් පසු යළි වියවුල් සහිත කාලයක් උදා වූ බැව් ඓතිහාසික තොරතුරු විමසීමෙන් පෙනේ එයට හේතුව ඔහුගේ අසිග්ගාහක පදවිය හිමි කර ගෙන සිටි තැනැත්තා රජ පදවිය හිමිකර ගැනීමයි

මානවම්ම රජතුමා

දෙවන කාශ්‍යප රජුට මානවම්ම නැමති කුමාරයෙක් විය හෙතෙම සිංහල සිංහාසනයට උරුමකම තිබූ රාජ්‍ය වංශිකයෙකු වුවද අනුරාධපුරයෙහි රාජ්‍ය උරුමය වෙනුවෙන් ඇති වූ අඛණ්ඩ යුද කෝළාහල නිසා ඉන්දියාවට පිටත් විය මොහු සිය අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරන වීර පුරුෂයෙකු මෙන්ම දක්ෂ පාලකයෙක් හා යුද සෙනෙවියෙකුද වශයෙන් ලංකා ඉතිහාසයේ හැදින්වේ කෙසේ වුවත් මොහු ඉන්දියාවට ගොස් පල්ලව රාජධානියේ පල්ලව හා චාලුක්‍ය යන දෙරට අතර යුද්ධයක් ඇති විය මේ යුද්ධයේ දී පල්ලව රජු වූ නරසිංහ වර්මන්ගේ යුද සේනාංකයන් භාරව කටයුතු කර වීර වික්‍රමාන්විත ලෙස පල්ලව රජුගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළේය මේ නිසා ලංකා රාජ්‍ය හිමි කර ගැනීමේ කටයුතුතේදී ඔහුට පල්ලවයන්ගේ ආධාරය ලබා ගැනීමට ඉඩ කඩ සැලසුණි ඒ අනුව ඉන්දියාවෙන් විශාල බල ඇණියක් රැගෙන ලක්දිවට ගොඩ බට මානවම්ම කුමරු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළේය මේ වන විට ලක් රජය කළ දාඨෝපතිස්ස රජු මානවම්මගේ පල්ලව සේනාවට මුහුණ දීමට අපොහොසත් වීම නිසා අනුරාධපුරය අතහැර පළා ගියේය මානවම්ම කුමරුද පලා යන දාඨෝපතිස්ස රජු හා සේනාව ලහුබැද ගියේය දෙපිරිස සටන් ගෙන යන අතරේ මානවම්ම කුමරුට නරක දසාවක් උදා විය ඒ අනුරාධපුරය ජය ගැනීම තිබියදී පල්ලව දේශයේ අවශ්‍යතාවයක් අනුව පල්ලව සේනාව ඒ රටට කැදවීමයි මේ හේතුව නිසා මානවම්මගේ හමුදා බලය පිරිහී ගියේය දාඨෝපතිස්සගේ ප්‍රබල සේනාව හා සටන් කර ජය ගැනීම මානවම්මට තනිව කළ නොහැකි දෙයක් වූයෙන් පසු බැස ගිය මානවම්ම කුමරු යළි පල්ලව දේශයට පළා ගියේය මෙයින් මානවම්මගේ අපේක්ෂා බොද වී ගියද ඔහු තම අදිටන අත් නොහළේය පල්ලව දේශයට ගිය මානවම්ම නරසිංහ වර්මන් රජුට යළි සේනය කළ අතර ඔහු මිය ගියේය අනතුරුව බලයට පත් අනුගාමික පල්ලව රජුන් දෙදෙනෙකු ම ඔහු මනාපක්ෂපාතභාවයෙන් කටයුතු කළේය කෙසේ හෝ කාලය වර්ෂ වලින් විසි වසරක් ගත විය ඒ වන විට පල්ලව දේශයේ පාලකයා වූයේ දෙවන නරසිංහ වර්මන් රජතුමාය ඒ රජු විසින් සපයා දුන් සේනාව හා උපකාර නිසා ඔවුන් සමග ලක්දිවට ගොඩ බැස පළමුව උතුරු පෙදෙස ආක්‍රමණය කර අනතුරුව අනුරාධපුරය ජයග්‍රහණය කිරීමට කටයුතු යෙදවූයේය මේ වකවානුව වන විට ලංකාවේ සිංහාසනයේ තබා රූකඩ රජෙකු වශයෙන් සිටි හත්ථදාඨ රජතුමාය මේ තත්ත්වය මෙසේ පවතිද්දී ඒ වන විට සිංහල රජ වෙනුවෙන් සටන් කිරීමය යොදවා ගෙන සිටි දෙමළ අගම්පඩි සේනාව මෙහෙයවනු ලැබුවේ හත්ඛදාඨ හා පොත්ථකූඨ යන දෙදෙනා විසිනි මානවම්ම තෙමේ මේ සේනාව දෙකඩ කොට දෙදිසාවකින් පහර දී දෙදෙනාම අන්ත පරාජයකට පත් කරන ලදී අවසානයේදී හත්ථදාඨ යුද බිමෙහි මැරී වැටුණි පොත්ථුට්ඨ මාතලේ පෙදෙසේ කදුකරයක සැඟ වී ගත් අතර ඔහුගේ අවසානය එහිදී සිදු වී ඇත මානවම්ම කුමරු ලංකාවේ අභිෂේක ලැබූ අතර ඔහු වසර 35 ක් ලංකාවේ තිරසාර පාලකයක් ගෙන ගොස් තිබේ කෙසේ හෝ මානවම්ම අවුල් වියවුල් තිබූ ලක්දිවට සාමය හා ස්ථීරසාර වැඩ පිළිවෙළක් හදුන්වා දුන්නේය එසේම ලක්දිව අභිෂේක ලැබීමෙන් පසු නව රජ පරපුරක් පිහිටුවාලීමට ඔහුට හිමිකම ලැබුණි මෙහිදී මානවම්මගේ කාර්යයන් සුළුවෙන් හෝ විග්‍රහ කිරීම අත්‍යවශ්‍යය සැට වසරක් පමණ ලක්දිව භේද බින්නව අවුල් සහගත පාලන කටයුතු යටතේ සමෘධිමත් භාවය කෙළෙසී තිබුණි නගර පාලනය පමණක් නොව වැව් අමුණු,කෘෂිකර්ම කටයුතු,වාරිකර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය විය දිරාපත් වූ වෙහෙර විහාර ප්‍රකෘතිමත් කිරීමත් , ජනතාවගේ ශුභ සාධක කටයුතු යළි ක්‍රියාත්මක කිරීමත් පාලන තත්ත්‍රය ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය විය පළමුවෙන්ම ඔහු විසින් කරන ලද්දේ ලංකාවේ මුල් බැස ගෙන තිබූ කොල්ලකාරී ද්‍රවිඩ බලය මර්දනය කිරීමයි අනුරාධපුරයෙහි ප්‍රබලව සිටි ද්‍රවිඩ අධිපතීහු උසස් පදවි වලින් පහකළ මානවම්ම රජු ද්‍රවිඩ බලය මැඩලීම සදහා විශේෂ උපක්‍රම යෙදවීම එසේම මේ රජුගේ කාලය තුළ ඇතිවූ සිංහල හා පල්ලව සම්බන්ධය දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති බව පෙනී යයි පල්ලව කලා සම්ප්‍රදායයන් මෙරට බිහි වූයේ මානවම්ම රජ සමයේ සිට යයි කිවහොත් නිවැරදිය පල්ලව කැටයම් ශිල්පීන් විසින් කරන ලද ගල් කැටයම් අනුරාධපුර රාජධානියේ දක්නට ලැබෙන්නේ මේ යුගයේ සිටයි එසේම එම ශිල්පීන් විහාර කර්මාන්තවල යොදවන්නට ඇති බවද මේ අනුව විශ්වාස කෙරේ තවද ඔවුන්ගෙන් පැවතෙන්නන්ද දිගු කලක් ලක්දිව ජීවත් වූ බවට සැකයක් නැත

1521 විජයබා කොල්ලයෙන් පසු ලංකාව

මට නම් හිතෙන්නේ 1521 කියන්නෙ කාලකන්නි වසරක් කියලා පෘතුගීසින්ගේ වාසනාවට කුණාටුවක් නිසා ලංකාවට සේන්දු වුණානේ එතකොට ලංකාව රාජධානි තුනක් තිබුණනේ ඔන්න දැන් පෘතුගීසි ලංකාවට කඩා පාත්වුණා ඒ 1505 මාර්තු 24 වන දිනය එතකොට ලංකාවේ රජතුමා අටවන වීර පරාක්‍රමබාහු ඒ අවධියේ තමයි උඩරට රාජධානියත් බිහිවුණේ ඒතෙ රජතුමා සේනාසම්මත වික්‍රමබාහු තවත් කෑල්ලක් තිබුණනේ ඒකෙ රජ්ජුරුවෝ පරරාජසේකරම් යන දමිළ රජතුමා කොහොම හරි පෘතුගීසි ලංකාවට ආවනේ ඉස්සර දැන් වගේ රේඩාර් අරව මෙව්ව නැහැනේ අතීතෙ හිටියේ රජතුමාගේ ඔත්තුකාරයෝ පෘතුගීසීන්ගේ කාල තුවක්කු හඩ ඇසුණු ලක්වාසීන් බොහොම තිගැස්සීමකට හා බියට පත් වූවා ඒ මිනිස්සු බලන්න ඇති මොකාද යකෝ මේ පාත් වුණේ කියල අපේ ලංකාවේ එකෙක්වත් කාලතුවක්කු හඩ අහල තිබුණෙ නැහැනේ මෙන්න මොහෙමයි ඔවුන්ගෙ හැසිරීම් දැකපු රජතුමාගේ ඔත්තුකාරයො කිව්වේ සුදු පැහැති හමක් ඇති යකඩ හැට්ට ඇගලා යකඩ තොප්පි පැළද සුදු ගල් සපා කන ලේ බොමින් ලේ බොන මිනිසුන් පිරිසක් පැමිණ ඇත ඔවුන්ගේ තුවක්කු ගව් ගණන් ගොසින් වන් කල යුගන්ධර පර්වතය පවා පොඩි වන්නේය යමින් කියලා තියණවලුනේ මේක අහපු රජතුමාට හිතෙන්න ඇති මේ මොක්කුද රටට ඇවිල්ල තියෙන්නෙ කියල සුදු ගල් හපා කනවනම් උන්ට අපි කන එක මොන වැඩක්ද කියල හිතෙන්න ඇති රජතුමා ඒ නිසා හිතන්න ඇති මුන් හොදින් තියාගන්න ඕන කියලා ඉතිං රජතුමා කියල උන්ට රජතුමා හම්බ වෙන්න එන්න කියලා බලනකොට මුන් කාල තියෙන්නෙ සුදු ගල් නෙවෙයිනේ පාන්නේ මොකෝ පිටස්තරයින් පිරිසක් කොහාට හරි කඩා පාත් වුණාම ඔත්තු කාරයෝ ඔවුන්ගෙ ළගට යනවැය ඈතින් බලන කොට පෙනෙන්න ඇත්තෙ සුදු ගල් වගේ ලේ නෙවෙයි බීල තියෙන්න වයින් ඔන්න දැන් සිංහලයෝ බයවෙලානේ ඔන්න කැදවාගෙන ගියා කැදවාගෙන ගියේ කන්ද උඩරට පැත්තෙන් ඇවිල්ල තමයි කෝට්ටෙට ආවේ ඒ කරලා තියෙන්නෙ රජතුමා ඉන්නෙ ළග කියල දැනගත්තොත් රජතුමාට කරදරයක් කරයි කියලා ඉතිං පෘතුගීසිත් මෝඩයෝ නෙවෙයිනේ ඇයි මුස්ලිම්වරුනේ මෙහේ වෙළද බලය අත්පත් කරගෙන තියෙන්නෙ උන් බය කරන්න ඕනෙ නිසා කාලතුවක්කු වලින් නිතරම වෙඩ් තිය තිය ඉදල තියෙන්නෙ ඔන්න බොලේ රට මැදට යන්න යන්න වෙඩි හඩ අඩු වෙනෝ මුං හිතන්න ඇති රජතුමා ඉන්නෙ ඈත කියලා මෙන්න බොලේ තව ඈතට යන්න යන්න වෙඩි හඬ වැඩි වෙනෝ මුං ඊට පස්සෙ හිතන්න ඇති අපිට දීල තියෙන්න රැග් එකක් කියලා කොහොම හරි කියලා මුං දැන් රජතුමාගේ මාලිගාවට ආවනේ රජතුමා කියන්න ඇති උඹලටය මොනවද ඕනෙ කියල ඇයි හොදින් මේක බේරගන්න එපාය මුං ලේසි පහසු ජාතියක් නෙවෙයිනේ ඊට පස්සෙ පෘතුගීසි කියලා රජතුමණි අපිට ගව හම් පොත්තක ඉඩ ප්‍රමාණයක් මේ රටින් දෙන්න කියලා රජතුමා හිතන්න ඇති මෙහෙමත් මෝඩ රැලක් කියලා රජතුමා කියල ඕක මොකක්ද මම ඕක හෙටම ඇවිල්ල ලියල දෙන්නම් කියලා ඔන්න අරවගේ කැදවා ගියේ නිසා තමයි පරංගියා කෝට්ටේ ගියා වගෙයි කියන ප්‍රස්ථාව පිරුළ හැදිල තියෙන්නෙ ඔන්න දැං රජතුමා ආවනේ බැලින්නම් මුං ගව හම් පොත්තක් අරගෙන චූටි චූටි නූල් වලට ඉරල ඒව ගැට ගහල දීල ඒක තියල බලනකොට ලොකු ප්‍රදේශයක් කියලා ඔන්න ඒක තමයි අර රැග් එකට රිටර්න් එක රජතුමා හිතන්න ඇති මුන්ගෙන් ගැලවෙන එකනං ලෙසි නැහෙයි කියලා ඔන්න ඔහොම තමයි පෘතුගීසි ලංකාවේ පළමුවෙන්ම ඉඩමක් අයිති කර ගත්තේ ඔන්න දැං ඒකෙ භාණ්ඩ ගබඩාවකුත් හදලා පල්ලියකුත් හදලා ගිහිල්ල ඕක සිහිවෙන්න පෘතුගීසි ලාංඡනේ ගලක කොටල තියනවලුනේ මුං මොකටෙයි පල්ලියක් හදන්නෙ ඒ අවහල් දෙයකටෙයි මුං ආවේ ප්‍රධාන කරුණු දෙකකටනේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමට හා වෙළද බලය ලබාගෙන සිටින මුස්ලිම්වරු පලවා වෙළද බලය අත්පත් කර ගැනීමටනේ ඔන්න දැං මුන් ටික රටින් ගියා සැරින් සැරේ ආව කුරුදු ගිනියන්න ඔන්න එක පාරක් ඇවිල්ල බලකොටුවක් හදාගෙන ඒක තමයි කොළඹ කොටුව රජතුමා බලන්න ඇති මුං එක්ක කරන්න බෑ වැඩේ කියලා ලංකාවේ තවත් කුමක්වත් පිහිටුවන්න බැහැ කියලා ඉතිං මුන්ට වෙනත් රාජ්‍යයකට ඇවිල් මොකක්වත් කරන්න බැරි නිසා කටවහගෙන ඉදලා ඔන්න ඔහොම යනකොට හයවෙනි විජයබාහු රජතුමා කොට්ටේ රජ වෙනවනේ ඔන්න විවාහත් වුණා එතකොට ළමයි තිදෙනෙක් ඉන්නෝ ටික කලක් යනකොට ඒ බිරිද නැතිවෙනෝ ඊට පස්සෙ වෙනත් විවාහයක් කරගන්නවනේ ඒ කාලෙ දැන් වගේ එක්බිසවක් නෙවෙයිනේ ඉන්නේ පන්සියයවල් ඉන්නේ ඔන්න බදිනවනේ එතකොටත් ළමයෙක් බදිනවනේ ඔන්න ළමය ලොකු උනාම රජතුමාට අගමෙහෙසිය කියනෝ තමන්ගේ පුතාට රජකම දෙන්න කියල රජතුමා කියනෝ තවත් පුතුන් තිදෙනෙක් ඉන්නකොට තොපගේ පුතාට දෙන්නෙ කියලා කියන්න ඇති දන්නවනේ ගෑණුන්ට මායම් හැට හතරක්ම තියනවනේ දැං වුණත් ගෙදරක දුවට ඕනෙ දෙය කරේ නැති වුණොත් කන්නෙ නැතුව ඇදෙන් බහින්නෙ නැතුව උපවාසයක් කරල හරි වැඩේ කර ගන්නවනේ ඒ බිසවත් එහෙම වෙන්න ඇති ඔන්න මේ ආරංචිය අර පුතුන් තුන්දෙනාට යනවා ඒ ගොල්ලො හිතන්න ඇති තාත්තට පිස්සුද කියලා ඔන්න දැන් කුමාරවරු තුන්දෙනා රජතුමාව හම්බවෙන්න යනෝ රජතුමාගෙන් විමසනෝ රජතුමා කියන්න ඇති හපෝ පිස්සුද මං පුතාල තුන්දෙනා ට දෙන්නෙ නැතුව වෙන කාට දෙන්නද කියල කියන්න ඇති ඔන්න දැං මේක රට පුරාම පැතිරෙනෝ කුමාරවරු තුන්දෙනා හිතන්න ඇති පියා කරන්නෙ බොරුවක් කියලා දෙන්න ඕනෙ වැඩේ කියලා ඔන්න බුවනෙකබාහු,රයිගම් බණ්ඩාර,මායාදුන්නේ යන කුමාරවරු හොර රහසේම රාත්‍රියේ ගිහිල්ල පියාව මරා රාජ්‍ය පැහැර ගන්නෝ ඔන්න ඕක තමයි විජයබා කොල්ලය කියන්නේ මේකේ පියා මැරීමට වැඩි කොටසක් ඉටු කළේ පවුලේ බාලයා වූ රණශූර මායාදුන්නේ කුමාරයා ඔන්න දැන් කෝට්ටේ රාජ්‍යය කෑලි තුනකට බෙදුන ඒ තමයි බුවනෙකබාහු කුමාරයා කොට්ටේ පාලකයා, රයිගම් බණ්ඩාර කුමාරයා රයිගම ,මායාදුන්නේ කුමාරයා සීතාවක .ඔන්න ඔතනදි තමයි සීතාවක බිහිවෙන්නේ මෙතන වැඩි කොටසක් කළේ මායාදුන්නේ වුණාට ඔහුට තමයි පුංචිම කොටස හම්බ වුණේ දැං අයියල දෙන්න බයවෙලා ඉන්නෙ මල්ලි රණකාමිය නිසා කවදහරි තාත්තට දුන්න වැඩේ අපිටත් දෙයි කියලා ඔන්න ටික දවසකින් රයිගම් බණ්ඩාර මිය යනෝ වහා ක්‍රියාත්මක වුණු මායාදුන්නෙ රයිගම තම සීතාවක ඈදා ගන්නේ ඔන්න දැං වැඩි කොයසක් අයිති පවුලේ වැඩිමලා බයවෙලා ඉන්නෙ මූ මටත් වැඩේ දෙයි කියලා ඒ නිසා බුවනෙකබාහු තම ආරක්ෂාව බාර ගන්නා ලෙසට පෘතුගීසීන්ට පවරනෝ ඊට පස්සෙ පෘතුගීසීන් නිකං හිටියද නිකං දෙයියෝ දුන් තෑග්ගක් වගේ කියල හිතන්න ඇති කොයි වෙලාවේ හරි අපිට අඩ ගහයිද කියලා හිටිය පෘතුගීසීන්ට ඒ වෙලාවේ මොකක් හිතෙන්න ඇතිද ඔන්න දැං මායාදුන්නේ බයවෙලා ඉතිං ඔහුත් ඉන්දියාවේ සැමොරින් පාලකයාගෙන් උදව් ගන්නේ දැං දෙගොල්ලෙම විදේශීය ආධාර මත යැපෙන්නේ ඔන්න දැං යුද්ධ ඒත් මායාදුන්නේට කොට්ටේ අල්ගන්න බැරිවෙනෝ මායාදුන්නේට පුතෙකුත් ඉපදෙනෝ ඔහුගේ නම ටිකිර කුමාරයා ඔහු තාත්තටත් වඩා රණ කාමියා ඔන්න දැං වසරවල් ගෙවෙනවනනේ එකම තැන තියෙන්නෙ නැහැනේ බුවනෙකබාහු රජතුමා පෘතුගීසින්ට කියනෝ තමාගෙන් පසු ධර්මපාල කුමාරයාට රජකම දෙන ලෙසය ඉතිං ඔක ඉස්තීරයෙන් කරන බව රජුට පෙන්වන්න ඕන නිසා පෘතුගාලයේ ධර්මපාල කුමාරයාගේ පිළිරුවක් හදල එයට පෘතුගාලෙ රජතුමාට කියල ඔටුනු පළදවනවා ඊට පස්සෙ ධර්මපාල කුමාරයා ක්‍රිස්තියානි ආගම වැළඳගන්නෝ අවුරුදු හයේ පොඩි කොල්ල හැබැයි පෘතුගීසි බුවනෙකබාහු රජතුමත් එක්ක තරහින් ඉන්නෙ ඇයි සීතාවක් අල්ලා ගැනීමට ඔවුන්ට අවසර දුන්නෙ නැති හින්ද හා බුවනෙකබාහු රජතුමා කතෝලික ආගම වැළද ගත්තෙ නැති හින්දා ඔන්න රජතුමා විවේකය ගත කිරීමට කැලණියේ රජමාලිගාවේ උඩ තට්ටුවේ ඉන්නකොට පෘතුගීසි බටයෙක් රජුට වෙඩි තියල මරණෝ දැං පොරොන්දු වෙච්ච විදියට ධර්මපාල කුමරුවාට රජකම දෙන්න ඔනනේ ධර්මපාල කුමාරයා කියන්නෙ බුවනෙකබාහු රජතුමාගෙ මුණුබුරා එතකොට අවුරුදු හතේ කොල්ල ඉතිං මේක දන්නවයි රට පාලනය කරන්න නිකං රූකඩයක් වගේ පෘතුගීසි කියන කියන විදියට නැටුවා ඊට පස්සෙ බලෙන් ධර්මපාල කුමරුට කියලා කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවකින් අයිති කර ගන්නේ ඉතිං ධර්මපාල කුමාරයා කතෝලිකයෙක් නිසා දළදා වහන්සේ රැගෙන භික්ෂූන් වහන්සේලා හා බෞද්ධ ජනතාව මායාදුන්නේ ළඟට යනවා දන්ත දාතුව තැබීමට දළදා මාලිගයක් හදල නැහැ ඇයි එතකොට ඕන වෙලාවක ඇවිල්ල දන්ත ධාතුව පැහැර ගන්න ඇහැකිනේ ඒ නිසා දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක තමයි දන්ත ධාතූන් වහන්සේ සගවලා තියෙන්නේ මොකෝ පෘතුගීසීන් ඇවිල්ල කුරක්කන් ගල් අස්සෙ බලනවයි හැබැයි දළදාවට පුද පූජා පවත්වලා තියනෝ දැන් සීතාවක ප්‍රබල රාජ්‍යක් පෘතුගීසි හිතන්න ඇති මායාදුන්නේ මැරුනොත් ඌට වඩා අමාරු කාරයනේ ටිකිරා නැතිනම් රාජසිංහ කුමාරයා ඒ නිසා 1962 දී ද ලසර්දා නම් පෘතුගීසි සෙන්පතියා යටතේ පෘතුගීසි සේනාවක් එවනෝ මායාදුන්නේත් ටිකිරි කුමාරයාත් සේනාවක් අරගෙන එනෝ ඔන්න දෙගොල් හමුවෙනෝ මුල්ලේරියාවෙදි නැතිනම් අංගොඩ දී මුල්ලේරියාවේ වෙලේ වතුර ලෙයට හැරවුණයි කියල සින්දුවක් තියනවනේ ඒ කියන්නේ ලොකු යුද්ධයක් යන්න ඇති එතනදි පෘතුගීසි සේනාව සමූලඝාතනය වෙනවා ඔන්න ඔතන තමයි කිසිම ආධාරයක් නැතුව මායාදුන්නේ පෘතුගීසීන් එක්ක හැප්පිලා දින්නේ ඔන්න ඉතිං මේ කියන්න යන්නේ මායාදුන්නේ ටිකිරි කුමාරයා අතින් මැරුම් කාපු හැටි ඔන්න රජතුමාට ඕන වෙනවා පුතාගෙ දස්කම් සියතින් දැක බලාගන්න ඔන්න යුද පිටිය අසලට රජතුමා ළඟට යනෝ රජතුමා බලන් ඉද්දි සටන් කරුවෝ රජතුමාගේ පුතාට ගහවිය ඉතිං ඒ ගොල් ගෑණු ශොට්ලු ගහල තියෙන්නෙ මේක රජතුමාට හරි යන්නෙ නැතිලු ඉතිං එක දවසක් රජතුමා යුද පිටියේ මැද තියෙන පිදිරු ගොඩක් අස්සට වෙලා බලාගෙන ඉදල තියෙනෝ පුතා සෙල්ලම් කරන හැටි බලනකොට ප්‍රබල දාමරික ශොට් හමුවේ පුතා නිර්බයව දෙතුන් දෙනෙක් සමග සටන් කරනෝ දැක්කම රජතුමාට සතුටු හිතුනලු ටිකිරි කුමාරයගේ පුරුද්දක් තියෙනවලු සටන්කර ඉවරවුණාම අසිපත අජීවී දෙයක දමල ගහන්න ඉතිං එදා හිතිල තියෙන්නෙ පිදුරු ගොඩට දමල ගහන්න කඩුව කීස් ගහල පිදුරු ගොඩ ළඟට එව්වලු ඊට පස්සෝ රජතුමා බුදු අම්මෝ කියල කියන්න ඇති ඔන්න ඔහොම තමයි මායාදුන්නේ ලංකාවෙන් ගියේ සමහරවිට මේක ටිකිරි කුමාරයා දැනුවත්ව කරපු එකක් වෙන්න පුලුවන් ඒ දවස්වල තාත්ත මරලා රජකම ගත්ත රජකම ගත්ත අයලුනේ ඉදල තියෙන්න මේ ගැනනම් කිසිම පොතක සදහන් වෙන්නෙ නෑ මේ ජනප්‍රවාදයක් 1581 දී මායාදුන්නේ රජතුමා මැරෙනෝ ඔන්න ඊට පස්සෙ කවුරුත් දන්නවනේ කවුද රජවුණේ කියලා ටිකිරි කුමාරයා සීතාවක රාජසිංහ නමින් රජවෙනෝ ඔන්න රජවෙලා එක් වසරකින්ම උඩරට අල්ල ගත්තා හා මට කියන්න බැරි වුණා මැරෙන්න කලින් තාත්තයි පුතයි එකතු වෙලා එකවර කොළඹ කොටුවට හා කොට්ටේට පහර දුන්නනේ එහිදි කොට්ටේ භාගයක් විතර සීතාවකට ඈදා ගත්ත‍නේ එතකොට උඩරට රජතුමා තම බෑණා හා දුව සමඟ පෘතුගීසි මන්නාරම් කොටුවට යනෝ පෘතුගීසි බලං ඉන්න ඇති කවදද අපිට රට අභ්‍යන්තරයට යන්න වෙන්නෙ කියලා බොලේ දෙයියෝ දුන්න වගේ කඩා පාත් වුණාම බැහැයි කියලා ඉදීද ඉතිං රාජසිංහ රජු උඩරට පාලනය කිරීමට සාමන්ත කෙනෙක් පත්කරනෝ ඊට පස්සේ ආරංචි වෙනෝ උඩරට සාමන්ත වන වීරසුන්දර බණ්ඩාර වෙනමම රාජ්‍යයක් පිහිට වීමට උත්සාහ කරනව කියලා ඉතිං ඔහුව ප්‍රසිද්ධියේ මරන්න බැහැනේ ඊට පස්සෙ කටකතාන්දර යාවි ගොල්යව මැරුවයි කියලා නැතිනම් සිංහලයි සිංහලයන් මරා ගත්තා කියලා ඉතිං වීරසුන්දර බණ්ඩා අසු පිට යන පාරේ බොරු වලක් කපා එහි පුවක් ලී උල් කර හිටුව හිනී උල් වලට විස කවා තිබුණලු ඔන්න අසු පිට යනකොට ඕකට වැටුණලු ඊට පස්සෙ මොකද වෙන්න මැරෙන් නැතුව ඕක බලං හිටිය වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොනප්පු බණ්ඩාර මේක දැකලා මන්නාරම් කොටුවට පලා ගියා පෘතුගීසීන්ට වයසක කරලියද්දේට වඩා සිංහල ශක්තිමත් කොල්ලො වටිනවනේ ඒ නිසා බොහෝ ම ආදරයෙන් පිළිඅරගෙන ඔහුගේ දස්කතම් දැක ඉන්දියාවට ගිහිං යුද පුහුණු ලබා දී සෙන්පතියෙක් කරලා උඩරටට සේනාවක් එව්වලු එතනදි පහසුවෙන් උඩරට අල්ල ගත් පෘතුගීසීහු කරලියද්දේගෙ බෑණා යමසිංහ බණ්ඩාර නැතහොත් දොන් පිලිප් රජකමට පත් කළේය මේ ක බලං හිටිය කොනප්පු බණ්ඩාර මං මොකටද වෙන කාටවත් රජකම අරං දෙන්නේ කියලා දොන් පිලිප් මරලා විමලධර්මසූරිය නමින් රජවෙලා ඔන්න දැං රාජසිංහ රජතුමා සිත්තැව්ලෙන් ඉන්නේ තමා අමාරුවෙන් ගොඩ නැගූ සීතාවක අගාදයට යන නිසා නිකං පිස්සු වැටිල වගේ ඉන්නේ ඔන්න 1592 දී විමලධර්මසූරිය රජතුමාගෙන් අන්ත පරාජයකට පත් වුණාම පස්සේ ආපසු එන ගමනේදී පෙතන්ගොඩ උයනේ උණ කටුයක් ඇණී අභාවප්‍රාප්ත වූ බව කියවේ ඊට පස්සේ පෘතුගීසි පහසුවෙන්ම කෝට්ටේ සහ සීතාවක අල්ලා ගන්නා ලදී ඔන්න ඔහොම තමයි විජයබා කොල්ලයෙන් පසු ලංකාවේ තත්ත්වය එයින් වුණේ ඒ රජ පරම්පරාව අවසන් වුණා