වොහාරික තිස්ස මහා රජතුමා
වොහාරික තිස්ස මහා රජු සිරිනාග රජුගේ පුත්‍රයාය බුද්ධ වර්ෂ 753 දී වොහාරික තිස්ස සිහසුනට පත් වූ අතර ඔහුට අභය යනුවෙන් සොහොයුරෙකු විය දීප වංශයේ තොරතුරු පරිදි සිරිනාගගෙන් පසු රජ වූයේ අභය කුමරුය එසේම අභය නාග කුමරු වොහාර තිස්ස කුමරුට රජය අහිමි කිරීමට යෙදූ කටයුතු පිළිබඳව ද විස්තර දැක්වේ
වොහාර යන්න විග්‍රහ කර අර්ථ දක්වන අයගේ මතය නම් මෙම වොහාර යන්න මෑත කාලයේ නීතිඥ යන්නට සමාන පදයක් බවය නීති විශාරද තිස්ස වොහාර තිස්ස යනුවෙන් හැදින්වුණු බව මේ අනුව පැහැදිලි කෙරේ
මහ තොට හෙවත් මහාතිත්ථ මුල් යුගයේ මෙරට ප්‍රධාන වරාය ආශ්‍රිත ප්‍රදේශයෙකි එනම් වර්තමානයේ මන්නාරම අසල පෙදෙස වේ මෙහි ලොහොමුවා නැවක් තබා එහි දන්වැට පැවැත්වීම මේ රජු විසින් කරන ලද බැව් ප්‍රකාශිතය එසේම භික්ෂූන් විෂයෙහි ඔහු කරන ලද පුද පූජා මෙන්ම මිරිවැටිය,ඉසුරුමුණිය,නාගදීප, වැනි ස්ථානවල පුද පූජා කරවීම විශේෂ වැදගත්කමක් ගතී එයට හේතුව දිවයිනේ ණය බරින් මිරිකී සිටි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් තුන් ලක්ෂයක මුදල් වියදම් කිරීමක් ගැනද කියවෙන අතර එය ව්‍යාකූල සහිතය
තවද සසුනට හානිකරව තිබූ මහායාන මතවාදයන් වූ වෛතුල්‍ය වාදය මර්දනය කර කපිල නම් ඇමතියෙකු ලවා කරුණු විනිශ්චය කර වෛතුල්‍යවාදී ග්‍රන්ථගිනිබත් කරවා බුදු සසුන බැබළවූ බව සදහන්ය
සමහර ඉතිහාස ග්‍රන්ථවල සදහන් පරිදි ක්‍රි.ව.214 සිහසුනට පත් මේ රජු දඩුවම් වශයෙන් එකල තිබූ අත් පා කැපීමාදී ශාරීරක වධ අවලංගු කර රටේ සම්මත නීති ශංශෝදනයක් ඇති කළ බැව් පෙන්වා දෙයි පළමු වරට වෛතුල්‍යවාදී මත පළවූයේ මේ රජුගේ කාලයේ වීමද විශේෂ සිදුවීමකි
වොහාරික තිස්ස රජුට ද්‍රෝහි වූයේ ඔහුගේම සොහොයුරා වූ අභය නාග කුමාරයාය රජ බිසව හා අයථා සම්බන්ධයක් පැවැත්වූ හෙතෙම එය හෙළිදරව් වූ පසු ලක්දිවෙන් පළා ගිය බැව් කියවේ ඒ අවස්ථාවේ ඔහු ජනප්‍රසාදයට පත්ව සිටි රජු වැසියාගෙන් බිදවීම පිණිස සූක්ෂම ක්‍රියාමාර්ග යොදා ඇත ඒ සිය මයිලණුවන් රජුට ද්‍රෝහිකම් කිරීම පිණිස යොදවා ගැනීමය අභය නාගගේ මයිලණුවන් සුබදේව විය අභය නාග හා සුබදේව ඔවුනොවුන් සතුරු බව රජුට ඇඟවීම පිණිස තම අත් පා කපා දැමීමට එකඟ වී ඇති බැව් කියති කෙසේ වුවත් විකලාංග වූ සුබදේව රජු වෙත පැමිණි පලා ගිය සොයුරා තමාට දෙන ලද දරුණු වධය ගැන රජුට සැලකර සිටියේය මේ ගැන කටයුතු කළ වොහාරික තිස්ස ඔහු විශ්වාස කර රාජ්‍ය කටයුතු පාලනය මොහුට පවරා දුන්නේය
එතුන් සිට මොහු රජුගේ නාමයෙන් රජවාසීන්ට හිංසා පීඩා කරන්නට විය මේ හේතුව නිසා ටිකින් ටික රට වැසියා කෙරෙහි කළ කිරීමට පත් විය රජු හා වැසියා අතර හොද සිත පළදු වූ බැව් දැනගත් අභය නාග සේනාවක් පිරිවරාගෙන ලංකාවට පැමිණ තිබේ
මෙහිදී රජු වෙනුවෙන් සටන් කිරීමට රටවාසීන් කැමැත්ත නොදැක්වූ බැවින් දිවි රැක ගැනීම පිණිස රජ තෙමේ සිය මෙහෙසියද රැගෙන අසු පිටින් මලය රයය පැන ගත්තේය එහෙත් සිය සොයුරා ලුහුබැද ගිය අභය නාග රජු මරා මෙහෙසිය අත්පත් කර ගෙන අනුරාධපුරයට පැමිණියේය වොහාරික තිස්සට මරු කැද වූ ඔහුගේ මෙහෙසිය එතැන් සිට අභය නාගගේ බිසොව වූවාය
එදා අනුරාධපුරය - ඇතුළුනුවර කැණීම්
ශ්‍රී ලංකාවේ ලොකුම පුරාවිද්‍යා කැණීම වන අනුරාධපුර ඇතුළුනුවර කැණීම් අනුව අනුරාධපුර නගරය තරම් දියුණු ශිෂ්ඨාචාරයක ලක්‍ෂණ කි‍්‍රස්තු පූර්ව හයසියේ දී දකුණු ඉන්දියාවේ පවා නොමැති බව එහි කැණීමේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරාන් දැරණියගල කියයි.
ඇතුළුනුවර කැණීම නව ක‍්‍රමවේදයක් ඔස්සේ විධිමත්ව හා තාර්තිකව සනාථ කෙරෙන පුරාවිද්‍ය සාධක ඔස්සේ ජාත්‍යන්තර කැණීමක් ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව හා ජර්මනියේ බර්ලින් විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යඥයෝ පසුගියදා සංරක්ෂණ, පරීක්‍ෂණ,විශ්ලේෂණ හා වර්තා කටයුතු ඇරැඹූහ.බර්ලින් සරසවියේ පුරාවිද්‍යා මහාචාර්ය කායි කොල්මයර් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන් සමග නවීන තාක්ෂණික ක‍්‍රමවේදයක් ඔස්සේ කැණීම මෙහෙවයි. ආචාර්ය දැරණියගල කියනුයේ විජය රජුගේ ඉතිහාසයෙන් එපිට ඈත ඉතිහාසයක් ද දියුණු නගරයක් වූ අනුරාධපුරයේ ලෝහ තාක්ෂණ, මැටි නිර්මාණ හා අක්ෂර භාවිතය පැවැති බවත් එවැනි දියුණු නගරයක් දකුණු ආසියාවේම නොතිබූ බවත්ය.
‘‘ මේවගේ ලොකු කැණීමක් ලංකාවේම නෑ. අඩි සීයයි සියයක වළක් මෙහෙම පුරාවිද්‍යා පරීක්ෂණයක් ඉන්දියාවේත් නෑ. ඇතුළුනුවරට අයිති අක්කර 250ක පමණ භූමිය ආරක්ෂිත භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කොට තිබෙනනේ. ලොකුම ගැටළුව තමා මෙම ඉඩමේ අනවසර පදිංචිකරුවන් සිටීමයි’’
විජය රජුගෙන් පසු අනුරාධපුරය ලෙස නම් තැබූ අනුරාධපුරයේ කි‍්‍රස්තු පූර්ව 400ටත් පෙර නාමය ‘‘අනුරාධ’’ විය හැකි බවට සාධක ලැබී ඇතැයි ද ඒ මහතා කියයි. ‘‘අනුරාධ’’ යනුවෙන් අක්ෂර යෙදූ වළං කැබැල්ලක් එහි අදාල යුගයේ පස් ස්ථරවලින් හමු වූ බවත් කාබන් 14(සී-14) පරීක්ෂණය අනුව එය ක‍්‍රිස්තු පූර්ව 400ට අයත් බවත් ආචාර්ය දැරණියගල පවසයි.
අතුළුනුවර යනු අනුරාධපුර පැරණි දළදා මාලිගය පිහිටි භූමියයි. එය මෙරට රජ පෙළපතේ වසස්ථාන සහිත දියුණු නාගරික හා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත පුරාවිද්‍යා වැඩ බිමකි. විජය රජුගෙන් පෙර ඉතිහාසයේ උදෙනි, සැවැත්, බරනැස් ආදී දියුණු ඉන්දීය නගර පැවැති කාලයේදී ද එම අනුරාධපුර නගරය අතිශය දියුණු නගරයක් ලෙස ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ පිළිගනිති. මීට වසර 12කට පෙර ආචාර්ය ශිරාන් දැරණියගල මෙම කැණීම ඇරඹුවේ මෙරට ප‍්‍රාග් ඉතිහාසය ලෝකයට විදහා දැක්වීමේ ප‍්‍රධාන කැණීම ලෙසයි. ඒ අනුව බර්ලින් සරසවි කණ්ඩායම එම ඉලක්කය සඳහා තවත් වසර හතරක් පමණ පර්යේෂණ කිරීමට නියමිතය.
විල්පත්තුවේ කුවේණි මාලිගය
ඉතිහාස පොතේ කුවේණිය අපට මවාගත නොහැකි සිතුවමකි. නැතහොත් චිත‍්‍රපටකරුවකුගේ හෝ නවකතාකරුවකුගේ චිත්තරූපයකට වහල් වූ සේයාවක් පමණි.
තඹවැල්ල අදත් දිළිසෙමින් පවතී. විල නිසලය. තම්බපන්නිය සතුරන්ගෙන් මුදාගෙන ඇත. එදා මාතොට හා මග්ගන වරාය වෙනුවට වන ලැහැබින් සැරසුණු මෝදර ගං ආරු වෙරළ තීරයට ඔබ්බෙන් මහවන මැද කපු කිණිස්ස ගස් කාටදෝ අතවනනු සේ දිස්වේ. කපු නූලෙන් රෙදි වියන රාජිණිය එහි නැත. එහෙත් ක‍්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ සිට ඇගේ නමින් නැගී සිටින ගල්කණු පෙළ පණිවුඩයක් ගෙන දේ. ඒ ගරාවැටුණු කුවේණි-විජය පේ‍්‍රම මාලිගයේ ශෝකාන්තයදෝ හැගේ.
අක්කර තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ වන විල්පත්තු වනෝද්‍යානයේ ඇති ස්මාරක අතර මේ එක පුවතක් පමණි. විල්පත්තුව යනුවෙන් අප සිතා සිටින දර්ශනයේ සිටිනුයේ වල් අලින්, මුව රංචු, විල් හා වියලි කලාපීය වෘක්‍ෂලතා පමණි. මෙතෙක් කල් අප මනසට දමා තිබූ ඒ සිතුවිලි බැම්ම කඩා අලූතින් දොරටු විවෘත කරන්නට වනජීවී දෙපාර්තමේන්තුව සැරසේ. ඒ අතර භෞතික වශයෙන් නොච්චියාගම දෙසින් ඇති ප‍්‍රදේශ දොරටුවට අමතරව තත්තිරිමලෙන්, විලච්චිය මන්නාරම් හන්දියෙන්, එළුවන්කුලමින් හා මන්නාරම -මොල්ලිකුලමින් පිවිසෙන දොරටු තැනීමට දෙපාර්තමේන්තුව වැඩ අරඹා ඇත. මනසට දොර ඇරියේ ඉකුත් සතියේ පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන් ද නාහිමියන් විසිනි.
”විල්පත්තුව යනු සත්ව විවිධත්වය හා ජෛව විවිධත්වය විතරක් පිරුණු තැනක් නොවේ. විල්පත්තුව පුරා තිබෙන්නේ බෞද්ධ ස්මාරක”යැයි කියමින් නාහිමියෝ ඊට ප‍්‍රවේශ වූහ. මීට වසර 40 කට පෙර ශිෂ්‍ය භික්‍ෂුවක් ලෙස කාල පර්යේෂණ හා පුරාවිද්‍යා වාර්තා සමග වැඩම කර සිටින නාහිමියන්ට ගල්තලා ගල් ලෙන් හා ගොඩනැගිලි පාදම් හා ගැටීම එතරම් අසීරු නොවීය.
ඔච්චප්පු කල්ලූ ප‍්‍රදේශය තනිකරම පුරාවිද්‍යා නටබුන් බිමකි. ”ඔච්චප්පු කල්ලූ” යන්නෙහි අරුත එසවූ ගල් බව මේධානනන්ද නාහිමියෝ කීහ. එය එසේම දක්නා ලැබේ. ඒ අවට ඇති ගල්ලෙන් රැසක්ම පිහිටි ගල් ලෙන්වලට වඩා ඔසවා අඩ තබා වහලයක් බවට පත්කර තැනූ ලෙන්ය.
ඇතැම් තැනක ”චතුදිග අගස...” ආදී වශයෙන් බ‍්‍රාහ්මණ අක්ෂරයෙන් ගල්ලෙන් කටාරම් අසල ශිලා ලේඛන මූර්තිමත්ය. ඉන් කියැවෙන්නේ සතර දිගින් වඩින භික්‍ෂූන් උදෙසා ඒවා පූජා කර ඇති අයුරුය. ඔච්චප්පු කල්ලූවේ ගල්ලෙන් මෙන්ම අගනා ස්තූප දෙකක නටබුන් ද හමුවෙයි. එවාහි ඝර්භය දිගින් දිගටම නිධන් හොරුන්ගෙන් විනාශව පවතී. ඒ දිගුකල් පැවැති යුද්ධයෙන් අතුරු ඵලයන්ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට වසර හතළිහකට පමණ පෙර සංරක්‍ෂණය කළ වැලිවෙහෙර නටබුන් සංකීර්ණය ද නැවත නැවතත් හාරා විනාශ කර තිබේ. එය පිහිටා ඇත්තේ වනාන්තරයේ දකුණු දෙස පුත්තලම පැත්තට වන්නටය. වනජීවී දෙපාර්තමේන්තුව උත්සාහ දරන්නේ නිධන් හොරුන්ගේ ග‍්‍රහණයෙන් මේවා බේරා ගන්නටත් ඉතිහාසයෙ සැබෑ මුහුණුවර කියන්නටත් ඇති හොඳම මග ලෙස දෙස් විදෙස් සංචාරකයන්ට මේවා නැරඹීමට සැලැස්මවීමටය.
”මෙම ස්මාරක, පොකුණු ආදිය ඉතා ආකර්ශනීය පෙනුමකින් සංරක්‍ෂණය කිරීම අපේ අරමුණ. ඒ සඳහා රජයෙන් අවශ්‍ය තරම් මුදල් ප‍්‍රතිපාදන ද ලැබිලා තිබෙන්නේ. ”දැයට කිරුළ” වැඩසටහනට සමගාමීව එම ස්ථාන සකස් කර එම ප‍්‍රදර්ශනය නැරඹීමට එන ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට විල්පත්තුව හඳුන්වා දීමත් අපි බලාපොරොත්තුයි.” යනුවෙන් ගොවිජන සේවා හා වනජීවී කටයුතු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප‍්‍රකාශ කළේය.
වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එච්. වේරගම මහතා පවසන්නේ දැනට භාවිතයට ගැනෙන විල්පත්තුවේ අක්කර 150,000 ට අමතරව තවත් ලක්‍ෂයක්වත් සංචාරකයින් වෙනුවෙන් සකස් කරදීම තවත් අපේක්‍ෂාවක් බවයි. මනවිල, පනික්කවිල, තලවිල හා කොක්මොටේ ප‍්‍රදේශවල සංචාරක බංගලා හතරක් ඉදිකර තිබේ. ඊට අමතරව තවත් බංගලා 5ක් ගොඩනගා සංචාරකයන් ඇද ගැනීමට බලාපොරොත්තුවන බව වේරගම මහතා පවසයි.
ඔහුගේ අනෙකුත් සැලසුම් අතර වනයේ ඇති වැව් ප‍්‍රතිසංස්කරණය, ආහාර වනවගා සුපෝෂණය, දියවළවල් ඉදිකිරීම් හා විදුලි වැට ඉදිකර අලි මිනිස් ගැටුම වළක්වාලීම ද වේ.
මේ සියලූ සැලසුම් අවසානයේ වන සතුන් හා වන ගොමු නරඹන අයට මෙන්ම ඉතිහාසයට ඇළුම් කරන්නන්ට පුරාවිද්‍යා ස්ථාන සියයක් පමණ හඳුන්වාදිය හැකි බව පුරා විද්‍යාඥයෝ මෙන්ම වන නිලධරයෝ ද කියති. ශිලාවතුර, පොම්පරිප්පු, මෝදරගංආරු හා ඒ ආශ‍්‍රිතව අතීත ශ්‍රී ලංකාවේ සශ්‍රීකම නගරයක් වූ උරුවේල නගරය ඉතිහාස නටබුන් මතින් දැකීමට මෙයින් මග සැලසෙන බව මේධානන්ද නාහිමියෝ කියති.
නාහිමියන්ගේ සිහිනය මල්ඵල දරන්නට තව ඊට එක්විය යුතු ”අඩුමකුඩුම” බොහෝය. විවිධ දෙපාර්තමේන්තුවල සහයෝගය, නීතිමය, ආරක්‍ෂකමය හා ප‍්‍රදේශමය සහයෝගය අනෙකුත් කරුණුය.
එමෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන ලැබී ඇති සාධක ඔස්සේ ගැඹුරින් පුරාවිද්‍යා පර්යේෂණ සිදුවිය යුතුව තිබේ. තවද ගමන ඉදිරියට යාමට සංචාරක ව්‍යාපාරයද කළමනාකරණය කර ගත යුතුව පවතී. එවිට ක‍්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ 9 වැනි සියවස පමණ දක්වා ඇති විවිධ පුරා විද්‍යා සාධකවලින් මතුවූ දැවැන්ත ස්මාරක සමූහයක් ලොවට දායාද වනු ඇත.
කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිළ සංදේශයේ කවියා සිය ඳුතයාට,
”තම්මැන්නා අඩවිය දැකයන් නොසිට...” වශයෙන් අමතයි.
කෝකිලයා එවිටත් කම්මැන්නාවේ සුන්දරත්වය දැකීමට තරම් මනරම් වූ තම්මැන්නා අඩවිය සැබැවින්ම මතු පරපුරට අලංකාරයෙන් දැකගත යුතුව ඇත්තේ නොවේද?
උඩරට රජුන්ගේ රාජසභාව
අපගේ රජවරුන් රට පාලනය කළ රාජ සභා මණ්ඩප අතුරෙන් තවමත් ජීවමානව දැකිය හැකි රාජ සභා මණ්ඩපයක් වශයෙන් දළදා මැදුරු ආසන්නයේ ඇති මඟුල් මඩුව හැඳින්විය හැකිය.
ශ්රීප දළදා මලිගාවටත් රජ මාලිගා පරිශර මඩයටත් මැදිව පිහිටා ඇති උඩරට දැව කැටයම් නිර්මාණ ශිල්පීන්ගේ අපූර්ව නිර්මාණයක් වූ මෙම විවෘත මණ්ඩපය ශ්රී ලංකා දේශයම ගිවිසුමක් මගින් ඉංගීරව භසීන්ට අත්පත් කරදුන් ඓතිහාසික ලියවිල්ල වූ උඩරට ගිවිසුම අත්සන් කළ මණ්ඩපය ලෙසද සැලකේ.
එහෙත් ඊට පෙර මෙම මණ්ඩපය සාමාන්යල ජනතාවට ළඟාවිය නොහැකි අධිආරක්ෂිැත කලාපයක පිහිටි නායක්කර් රජවරුන් තම යුද අධිකාරම්වරුන් මෙන්ම නිලමේවරුන් සමග රාජ්යල පරිපාලන කටයුතු පමණක් නොව, අධිකරණ කටයුතු පවා ගෙන ගියේ මෙම ස්ථානයේ දී බැවින් මෙම ගොඩනැගිල්ලට ”මහ නඩුව” යන නමින්ද එදා ව්යේවහරට එක්වී ඇත.
එකළ මෙහි රාජ සභාව පවත්වන විට රතු හා සුදු රැලි පාලම් වලින් දැව කුලූන ඉතා අලංකාර අයුරින් සරසා ඇති අතර වර්තමානයේ එම අවස්ථාව දැක ගත හැක්කේ මල්වතු අස්ගිරි උභය පාර්ශවයේ නායක උත්සව වලදීය.
උඩරට දැව කැටයම් කලාවේ ඉහළම සංධිස්ථානයක් වශයෙන් සැලකිය හැකි මේ අපූරු නිර්මාණය කළේ දේවේන්ද්රම මූලාචාරිවරයායි. ඔහු ඓතිහාසික දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ නිර්මාණකරුවාද වෙයි.
ඓතිහාසික මඟුල් මඩුව සකස් කිරීම සඳහා යොදාගෙන ඇති හල්මිල්ල හා නා දැව මාතලේ නාලන්දෙන් රැගෙන ආ බවට සඳහන් වන අතර පත්තිරිප්පුව නිර්මාණය කිරීම සඳහා ගෙන එන ලද දැවද එම පරරැ දේශයෙන්ම ගෙන ආ බව සඳහන් වේ.
මඟුල් මඩුව මුලින්ම නිර්මාණය කරන ලද්දේ 1781 සිට 1798 දක්වා උඩරට පාලනය කළා රාජාධිරාජසිංහ රජු බව ඉංගිරය සි ලේඛක ජේ.සී. ලූවිස් සටහන් වෙයි.
එහෙත් රාජාධිරාජසිංහ රජු අභිරහස් ලෙස මිය යන විට එහි වැඩ කටයුතු අවසන් වී නොතිබූ බැවින් ශ්රීි විකර් රමරාජසිංහ රජුද එහි ඉදිකිරීම් කටයුතුවලට උර දී ඇත.
ඓතිහාසික වූ මේ මහා මණ්ඩපය ඉතිහාසයට එකතු වන්නේ, අපගේ රාජවශංයේ රජවරුන් දෙදෙනකු හා පසුව ඉංගීරේ මසීන් විසින් අලූත් කරන ලද රාජසභා මණ්ඩපයක් වශයෙනි.
එක්දහස් අටසිය තුනේ දී සිදු වූ ඉංගීර් අසි උඩරට ආකර් වමණයේ දී බොහෝ රාජකීය ගොඩනැගිලි ගිනි තබා විනාශ කළ බව 1803 පෙබරවාරි මස 24 වැනි දින ඉංගිර වශසීන් විසින් නිකුත් කරන ලද ගැසට් පතර ගියේ සඳහන් වේ.
එම හේතුව නිසාම 1815 දී ඉංගීර24 සීන් උඩරට පාලනයද සියතට ගැනීමෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ලේ ගොඩනැගීමේ කටයුතු නිමාකරන්නට ඇත.
එහෙත් 1875 වේල්ස් හි කුමරුව සිටි හත්වැනි එඩව්ඞ් රජුගේ උඩරට ආගමනය නිමිත්තෙන් එහි පරමෙමධාන සම්භාෂණය පැවති මෙම ගොඩනැගිල්ල එහිමුල් ස්වරූපයට හානි නොවන අයුරින් වෙනස් කොට ඇත.
මෙම ගොඩනැගිල්ලේ මුලින් පැවති දිග වූ අඩි 58 අඟල් 8ක පර් වමාණය තවදුරටත් දීර්ඝ කරමින් තවත් අඩි 31 අඟල් 6කින් දික් කර ඇති අතර එහි පළල අඩි 35 අඟල් 6ක පරතවදමාණ වෙනස් නොකර ඒ අයුරින්ම තබා ඇත්තේ එහි පළල වැඩි කළහොත් ගොඩනැගිල්ල, දෙපැත්තේ ඇති දැවැන්ත ලී කණු නිසා පළල් කරන ලද ස්ථානයේ සිටින පුද්ගලයන්ට කිසිසේත්ම පර ළලධාන මණ්ඩපය දැකිය නොහැකි නිසා විය හැකිය.
එවකට රජ මාලිගා පරිශර ි යට ඇතුළුවීම සඳහා පරඟලධාන දොරටු තුනක් තිබී ඇති අතර දැනට දළදා මාලිගාවට ඇතුළුවීමේ දී එය පසුකරන දිය අගල අසලින් හකුලන පාලමක් තිබූ බව සඳහන් වේ.
දැනට එම හකුලන පාලම දක්නට නොමැති වුවත් 1821 දී මහනුවර ස්වරූපය සියැසින් දුටු ජෝන් ඬේවී නමැත්තා මෙසේ සටහන් කර ඇත.
අවශ්යත වූ විටෙක ඉවත් කළ හැකි පාලමකින් ඇතුළු වී සුවිශාල ආරුක්කුවක් යටින් වැටුණු පාරකින් ගමන්කොට පඩිපෙළක් නැග තවත් කුඩා ආරක්කුවක් යටින් ගියවිට මඟුල් මඩුවට ළඟාවිය හැකි බව එහි සඳහන් වේ.
වර්තමානයේ දළදා මාළිගෙයි පත්තිරුප්පුව අසල ඇති වාහල්කඩින් ඇතුළු වී වමට හැරී පඩිපෙළ නැග ගියවිට කුඩා ආරක්කුවක් හමුවේ එහි පඩිපෙළ නැග ගියවිට මඟුල් මඩුව හමුවෙයි.
ජෝන් ඬේවී සඳහන් කර ඇත්තේ එම පඩිපෙළ හා ආරුක්කුව විය හැකි බවය.
වර්ෂ 1815 මාර්තු මස 2 වැනි දින උඩරට ගිිවිසුම අත්සන් කරන ලද්දේ ද මෙම ගොඩනැගිල්ලේ දීය. එම අවස්ථාව සියැසින් දුටු කපිතාන් ඇල් ද බූෂ් ගේ දින පොතට අනුව මෙසේ සඳහන් වේ.
එදින පස්වරු 4.00ට පමණ ආවතේවකරුවන් විශාල පිරිසක්ද සමගින් ඇහැලේපොල පළමු වැනි අධිකාරම් දෙවැනි අධිකාරම්වරු ඇතුලූ සියළු දිසාපතිවරුන් සමග මඟුල් මඩුවට පැමිණියහ.
මෙහිදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු ගිවිසුම තීන්දුකොට සියලූ පාර්ශවයන් විසින් ගිවිසුම් පතිරරම්කාව අත්සන් කරන ලදී.
මේ අවස්ථාවේ දී මහමළුව ඉදිරිපිට පෙළ ගස්වා තිබූ කාලතුවක්කු වලින් රාජකීය ආචාර වෙඩිමුර පවත්වන්නට යෙදුණි.
එහෙත් එදා විරාජමානව උඩරට ගිවිසුම අත්සන් කිරීමට මඟුල් මඩුවට පැමිණි මොණරවිල කැප්පෙටිපොළ හා මඩුගල්ලේ නිලමේ 1818 උඩරට කැරැුල්ලේ පරිණිධාන චූදිතයන් වී ඔවුන් ඇතුළු උඩරට නායකයන්ට මරණ දඬුවම නියම කරන ලද්දේ ද, මෙම ගොඩනැගිල්ලේ දීය. උඩරට ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ඊට විරුද්ධවන උඩරට පරරැුභූවරුන් ඝාතනය කරමින් එම ගිවිසුමේ ඇති පරු ධාන කොන්දේසියක් වූ බෞද්ධාගම ආරක්ෂා් කරන බවට වූ කොන්දේසිය ද කඩ කරමින් ඉංගීරඅමුසින් නොමිනිසුන් ලෙස හැසිරෙමින් ඓතිහාසික මඟුල් මණ්ඩපයේ කතෝලික පල්ලියක්ද ඉදි කළේය.
මෙමගින් උඩරට ජනතාව ඉංගීර් ඓසීන් කෙරෙහි දැඩි කෝපයටත් කලකිරීමටත් පත්වූවත් ඉංගීර් සීන්ගෙන් ලාභ පර් යෝජන ලැබූ එක්තරා පරරසීභූ පැලැන්ති කිහිපයක් පමණක් ඉන් පරන් තිලාභ ලැබීය.
ඉංගීරන් සීන්ට එරෙහිව නිදහස් සටන දියත් කිරීමේ දී සාංගරාි මික වශයෙන් උඩරට පරුඅභූ පවුල් කිහිපයක් එකතු වුවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ සබරගමුව ඌව හා මාතලේ ජනතාවයි. ඔවුන් බහුතරය ඉංගීරහිදසීන්ගේ නොමනා කිරදියයා කලාපයට එරෙහිව සටන් වැදුණි.
කෙසේ නමුත් ඉංගරීවිසීන් මෙම ගොඩනැගිල්ලේ ඔවුන්ගේ දේව මෙහෙයන් පැවැත්වීම සඳහා යොදාගෙන තිබී ඇත්තේ උඩරට රජවරුන් තානාපතිවරුන් හා වෙනත් විශේෂ අමුත්තන් හමුවීම සඳහා යොදා ගත් කොටසේයි.
මෙම කිර් කයාවට උඩරැටියන්ගේ දැඩි විරෝධය එල්ලවීම නිසා ඉංගීරන් සීන් දළදා මාළිගාවට මදක් ඈතින් පල්ලියක් ඉදිකිරීමට පියවර ගත්තේය. අද සාන්ත පාවුලූ දේවස්ථානය නමින් පත්තිනි දේවාලයත් නාථ දේවාලයත් අතර බිම් කඩක ඇති දේවස්ථානය එයයි.
අනතුරුව මඟුල් මඩුව නැවතත් අධිකරණ ශාලාවක් විය.
ගොඩනැගිල්ලේ දකුණු කෙළවරේ තරමක් උස් බිම් කඩක කොටුවක් ඇති ස්ථානයක් දැකිය හැකිය. එම ස්ථානය රජතුමාගේ සිංහාසනය තිබූ ස්ථානය වශයෙන් හැඳින්වෙන අතර, එහි සිට උඩරට රජවරුන් අධිකරණ කටයුතු රාජසභා පැවැත්වීම් ඇතුළු රටේ පරිපාලන කටයුතු කරගෙන ගොස් ඇත.
එදා අපගේ රජවරුන් පසුකලෙක ඉංගිරම් සි පාලකයන් ශ්රීත ලාංකික විනිසුරුවරුන් මුලූ මහත් දේශයටම වැදගත් වූ තීන්දු තීරණ ගත් මඟුල් මඩුව ඒ සියලූ මතකයන් විඳ දරාගෙන අදටත් පුරාවිද්යා ස්මාරකයක් ලෙස විරාජමානව නැගී සිටී.
කාලතුවක්කු ප‍්‍රහාර විසි දෙකකින් බෑට කෑ චේතියගිරි රජ මහා වෙහෙර
පදවිය - පරාක‍්‍රමපුර - ශ්‍රීපුර රජ කාලයේ පටන්ම ගොවි කමේ මුල් ගම්බිම්ය. ඒ බව සනාථ කරන විශාල වැව් රාශියක් අදත් මේ ගම්මාන වල හැමතැනකම වාගේ දැකගත හැකිය. ඒවා ප‍්‍රතිසංස්කරණය කරවා අක්කර දහස් ගණන් අස්වද්දන කුඹුරු මැදවච්චිය හන්දියෙන් හැරී පදවිය බලා එද්දී මඟ දෙපසම දිස්වේ. ගොවිකමට ශූර පදවි - පරාක‍්‍රමපුර වැසියන්ගේ උත්තම පුණ්‍ය භූමියකට අද අපි රජමහා වෙහෙරක කතාවෙන් ගොඩ වෙමු.
අනුරාධපුර නගරයේ සිට රඹෑව - මැදවච්චිය කැබිතිගොල්ලෑව - පදවිය පසුකරමින් අපේ ගමන වැටී තිබේ. පරාක‍්‍රමපුර ඇළ අසල හන්දියට පෙනෙන දුරින් ඓතිහාසික චේතියගිරි රජමහා විහාරය පිහිටා තිබේ. අනුරාධපුරයේ සිට පරාක‍්‍රමපුරට දුර කිලෝ මීටර් 64කි. මේ ඉපැරණි විහාරය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවි ජනපදයට අයත්ය.
චේතියගිරි රජමහා විහාරය, පරාක‍්‍රමපුර පිහිටි බුද්ධංගල, තෝනිගල, රාජපොකුණ ආදී අනෙකුත් පැරණි විහාර අතරින් එකකි.
විහාරයේ මුල් යුගය පිළිබඳව තොරතුරු සොයා බලද්දී චේතියගිරි විහාරය අනුරාධපුර යුගයේ මුල් කාල සමයට අයත්ය. ඒ අනුව දේවානම්පියතිස්ස රාජ සමය හෝ ඊට ආසන්න කාලයක මේ විහාරය ගොඩ නැගෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. පදවි ජනපදයේ පිහිටි ඉපැරණි මට්ටමේ බොහෝ වෙහෙර විහාර අනුරාධපුර මුල් යුගයට නෑකම් කියයි. ඒ බව සනාථ කළ හැකි ශිලා ලේඛන හෝ වංශ කතා විස්තර හමු නොවුණත් පුරාවිද්‍යාත්මක ලක්‍ෂණ පිරික්සා බලද්දී විහාරයේ පැරණි බව තහවුරු කරගත හැකිය. විශේෂයෙන් කැටයම් නොකළ සඳකඩ පහන් කිහිපයක්, කැටයම් නොකළ මුරගල් හා අනුරාධපුර මුල් සමයේදී බුදු පිළිමය වෙනුවට වන්දනා මාන කළ සිරිපතුල් ගල් කිහිපයක් චේතියගිරි රජමහා වෙහෙර තැනින් තැන දැකිය හැකිවේ. විශේෂයෙන් මේ සිරිපතුල් ගල් වල බුදු සිරිපාදය සියුම් කැටයම් සහිතව නෙළා තිබේ. මෙවැනි සිරිපතුල් ගලක් කොළඹ කෞතුකාගාරයේ හෝ දැකිය නොහැකි බව විහාරාධිපති කුඩාහල්මිල්ලෑවේ රතනසාර නාහිමියෝ අපට පැවසූහ.
විහාර බිම තැනින් තැන පිහිටි කුඩා ගල් කුළු අතරේ ඉදිකර ඇති විහාරාරාංග දැකුම්කළුය. එයින් ලම්බාකාර ගල් කුලක ඉදිකර ඇති චෛත්‍යය බැලූ බැල්මට වෙනස් ආරක් ගනී. මේ චෛත්‍යය කුඩා ගල් කුලක් මත ඉදිකර ඇති නිසා චේතියගිරි නමින් මේ ස්ථානය හඳුන්වන බව කියැවේ. දැනට චෛත්‍යය ඉදි කර ඇති ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටඹුන් තිබී ඇත. ඉන් පසු එම ගරා වැටුණු චෛත්‍යය මත්තේ නව චෛත්‍යය ගොඩ නංවා තිබේ. ඒ 1961න් පසු කාලයේය. චෛත්‍යයට නැගෙනහිර දෙසින් පැරණි විහාර මැදුරේ නටඹුන් අදත් දක්නට ලැබේ. එහි පැතලි උළු සෙවිලි කර තිබී ඇති අතර චෛත්‍යය ආසන්නයේ එම උළු තවමත් දක්නට ලැබේ.
පැරණි ගල් පඩි පෙළ, ගල් කණු, කොරවක් ගල් රාශියක් විහාර බිම තැනින් තැන පිහිටා තිබේ. මේ හරහා පැහැදිලි වන ප‍්‍රධාන කරුණු කිහිපයක් තිබේ. පෙර රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග‍්‍රහයද මේ ස්ථාන ලක්වී ඇති බව ඉන් එකකි. වවුනියාව, මුලතිව්, ත‍්‍රිකුණාමලය ආදී දිස්ත‍්‍රික්කවලට ආසන්නයේ මෙවන් ඓතිහාසික ශ්‍රී විභූතියක් පිහිටි පැරණි විහාර පැවතීම අනුව පෙනී යන්නේ මේ ප‍්‍රදේශවල අතීතයේ පටන්ම බෞද්ධ ප‍්‍රබෝධයක් හා සශ්‍රීක ජනපද බොහෝ පවතින්නට ඇති බවය. විටෙක මේ සා ඉපැරණි නටබුන් අපට දකුණේ සමහර ප‍්‍රදේශවලදීද හමු නොවුණි.
විහාරාධිපති හිමියන් පවසන ආකාරයට මේ චේතියගිරි රාජමහා විහාරයට දේවානම්පියතිස්ස මහසෙන්, සද්ධාතිස්ස, මහා පරාක‍්‍රමබාහු යන රජවරුන්ගේ අනුග‍්‍රහය ලැබී තිබේ.
විහාර මළුව එදා ගල් බැම්මකින් ආවරණය වී තිබී ඇත. නමුත් පසුකාලීනව එම ගල් බැම්ම විසිරී ගොස් තිබේ. එහි ගල් කුට්ටි තවමත් තැනින් තැන දැකිය හැකිය.
ඉතිහාසය පුරා ඉතා දියුණුව, සශ්‍රීකව පැවැති මේ ප‍්‍රදේශ කාලයාගේ ඇවෑමෙන් වනගත විය. මෑත යුගයේ දියුණුව ඇරඹෙන්නේ ඞී.ඇස්. සේනානායක මහතා පදවිය වැව යළි ප‍්‍රතිසංස්කරණය කරවා ගොවි ජනපද ආරම්භ කිරීමට මුල් අඩිතාලම දැමීමෙන් පසුවය. 1959 දී පරාක‍්‍රමපුර චේතියගිරි විහාරයට වැඩම කළ මාමඩුවේ රතනසාර නාහිමියන් මේ විහාරය සොයාගෙන මෙතැන පොල්අතු මඩුවක් තනා එහි කල් ගත කළහ. එකල පදවි ජනපදයෙහි මිනිසුන් පදිංචි කළ අතර අවට ගම්බිම්ද ජනාකීර්ණ වන්නට පටන් ගත්තේය.
1961 අවසාන කාලයේ මේ විහාරයට වැඩම කළ කුඩා හල්මිල්ලෑවේ රතනසාර නාහිමියන් (වැලිඔය හාමුදුරුවෝ) තවමත් මේ විහාරය ඇතුළු පදවිය-වැලිඔය වෙහෙර තැන්න ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් ගොඩ නංවා, ගොවිජනපද ඇතිකරවා මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක් කරගෙන යමින් සිටිති.
උන්වහන්සේ මෙහි වැඩම කිරීමෙන් පසු මේ පළාතකවත් උසස් පෙළ පන්ති නොතිබූ සමයක ගුරුවරුන් යොදවා උසස් පෙළ පන්ති ආරම්භ කළහ. දහම් පාසලක්, පෙර පාසලක්, ඉංග‍්‍රීසි පාසලක්, ජුකී මැෂින් පුහුණුවක් ආරම්භ කළහ. ඒ හරහා ගොවි ජනපද වල වෙසෙන දරුවන්ට අලූත් ලෝකයට ප‍්‍රවිශ්ඨ වීමේ මාර්ග ඇති කළහ. මේ දියුණුව පසුකාලය වෙද්දී පරිගණක තාක්‍ෂණය දක්වා දියුණු කර දරුවන්ට ලබාදීමට නාහිමියන් මුල්වූහ. ඒ සියලූ දේ අතරේ විහාර බිමේ දර්ශනීය බුද්ධ මන්දිරයක්ද ඉදි කළහ. එහි විශාල සමාධි පිළිම වහන්සේ දකින අයගේ පින් සිතිවිලි පහළ කරන අපූර්ව නිර්මාණයකි. විහාර ගෙය පුරා බුද්ධ චරිතයේ සිදුවීම් ලිය වැල්, ජාතක කතා අගනා සිතුවම් දක්නට ලැබේ. එසේම ඝණ්ඨාර කුළුණ, අටවිසි බුද්ධ මන්දිර හා විහාරයේ දැකුම්කළු උද්‍යාන සැලැස්ම තුළ නාහිමියන්ගේත් ශිෂ්‍ය පරපුරේත් දැක්ම, ජාතික ආගමික කැක්කුම, නිර්මාණශිලීභාවය දකින්නවුන්ට පසක් කර දෙයි.
විහාර බිම පසෙක පිහිටියේ පැරණි බෝධීන් වහන්සේ නමකි. පදවිය-පරාක‍්‍රමපුර අවට සියලූම ගම්මාන වලට 1984න් පසු ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රබල ප‍්‍රහාරයන්ට මුහුණ දෙන්නට සිදුවිය. විශේෂයෙන් මේ විහාරයත් නාහිමියනුත් ඉලක්ක කර කාලතුවක්කු ප‍්‍රහාර 22ක් එල්ල විය. එහි සංඥා ලැබෙන විටම පෙරපාසල් දරුවන් වළකට රිංගවා නාහිමියන්ද ආරක්‍ෂා වෙන්නට සෑම විටම වගබලා ගත්හ. එනිසා විහාර බිමට වැටුණු කාලතුවක්කු ප‍්‍රහාර 22න් එකකින් හෝ කිසිවකුටත් කිසිම තුවාලයක් සිදුවූයේ නැත. නමුත් විහාරයේ ගොඩනැගිලි රාශියකට අලාභහානි සිදුවිය. දැන් ඒ කුරිරු යුද්ධයද හමාරය. ප‍්‍රදේශ ශීඝ‍්‍රයෙන් ජනාකීර්ණ වෙමින් පවතී. අවට ගම්මානවල නව ජනපද පිහිටුවමින් යයි. යුද්ධය නිමාවී සැනසුම් සුසුම් විඳින ජනතාව අතරේ ඔවුන්ගේ උතුම් පින් බිමකට අද අපි රජ මහ වෙහෙරක කතාවෙන් ගොඩ වූයෙමු. පදවිය ජනපදයේ බෞද්ධ ප‍්‍රබෝධය විඳගන්නට ඔබටත් අවස්ථාව ලැබේවා.
බුදු දහම එන්නත් කලින් තිස්සමහාරාමයේ හැදු සඳගිරිසෑය
ඉර අවරගිරේ සැඟව යන්නට සූදානමින් සිටි හැන්දෑවක අනුරපුර පුදබිමේදී දුටු දසුනක් දැනුදු මගේ මතකයට නැගෙයි. එක් පසෙකින් ශ්වේත පැහැයෙන් දිලෙන රුවන්මැලි මහා සෑයත් තවත් අතෙකින් ගඩොල් පැහැගත් ජේතවනාරාමය සහ අභයගිරියත් මගේ නෙතට හසුවෙමින් තිබුණි. මහ සෑරදුන් අතීත ශ්‍රී විභූතියක මහිමය කියා පාමින් නිසලව වැඩ සිටියේ නිහඬ අතීතයක අනිගිභවනීය උරුමය වදනින් නොකියන උරුමයක් විලසිනි.
සිත නිසල කළ ඒ දසුන යළිඳු මගේ මතකයට පිවිසියේ ක‍්‍රි.පු 250, ක‍්‍රි.පු 200 තරම් ඈතට දිව යන ස්තූප දෙකක පුරාවත නැවත අනාවරණය වෙමින් පවතින පසුබිමකය.
ක‍්‍රි.පු 250 තරම් ඉපැරැණි අතීතයක් දරා හිඳින වගට කාලනීර්ණය කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරත් කි‍්‍ර.පු 200 තරම් අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ රාජයුගයක් කරා විහිද යන බවට අද සාක්‍ෂි දරයි.
අපේ ඉතිහාසයේ පළමුවැනි වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ සතූප දෙකක අතීතය ක‍්‍රි.පු 250 කි‍්‍ර.පු 200 තරම් ඈත යුගවලට අයත් වෙන බව තහවුරු කර ඇත.
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ නව වැඩපිළිවෙළකට අනුව දැන් මෙවැනි කාර්යයන් සිදු කරන අතර පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ කාර්යයන් සිදු කෙරීගෙන යයි. තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයේ කැණීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2000 වසරේදීය. 1986 දී රණසිංහ පේ‍්‍රමදාස මහතා කතරගම ගම්උදාව කරගෙන යන කාලයේදී සඳගිරි සෑය ප‍්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කළත් වසර 2000 වෙද්දී සඳගිරි සෑය කඩා වැටීමකට ලක්විය.
දාගැබ සංරක්ෂණයට පෙර විධිමත් පරීක්‍ෂණ කැණීමක් කිරීම පිළිබඳ අවධානය යොමුවූයේ මේ අනුවය.
මහා පරිමාණ බෞද්ධ ස්ථූපවලට ප‍්‍රතිසංස්කරණ අවධි කිහිපයක්ම ඇත. මහරජ කෙනකු මූලින් ගොඩනංවන ස්තූපය ඉන් පසු යුග යුගයන්හි රජවරු විසින් විවිධ ප‍්‍රතිසංස්කරණවලට බදුන් කරනු ලැබේ. ස්තූපය සංරක්‍ෂණය කරන්නට පෙර එම ස්තූපය අවසන් වරට ප‍්‍රතිසංස්කරණයකට බදුන් වූයේ කවර යුගයකදී දැයි යන්න විධිමත් පරීක්‍ෂණ කැණීමක් ඔස්සේ තහවුරු කරගනු ලැබේ. මුල් දාගැබේ සැලසුම හඳුනා ගැනීමත් ප‍්‍රතිසංස්කරණ අවධි හඳුනා ගැනීමත් සංරක්‍ෂණ කාර්යයට පෙර වැදගත් වෙයි.
2000 වසරේදී එවකට පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එච්. විජේපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ ආචාර්ය නිමල් පෙරේරා ප‍්‍රධාන අධීක්‍ෂණ නිලධාරීයා ලෙස මෙම විධිමත් පරීක්‍ෂණ කැණීමට දායත්වය සැපයූවේය.
දාගැබේ අවධි ගණනාවක් පිළිබඳ තොරතුරු සම්භවූයේ එම විධිමත් පරීක්‍ෂණ කැණීමේදීය.
එම ස්තූපය ගොඩනැංවීමට පෙර එම භූමියේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවැති බවට තොරතුරු හෙළිදරව් විය. ඒ එහි පළමු අවධිය වුවත් එම අවධිය පිළිබඳව තවදුරටත් සොයා බලා කාලනීර්ණය කරන්නට තරම් ප‍්‍රමාණවත් නියැදි සම්භ වූයේ නැත. එහෙයින් එම පළමු අවධිය පිළිබඳව කාල නිර්ණය කිරීමක් සිදු වූයේ නැත.
ඉනික්බිති එම අවධියෙන් පසු අවධිය යකඩ යුගයට අයත් ජනාවාසයක ලකුණුවලින් යුක්තවිය. කාලනිර්ණය කරන්නට තරම් නියැදී එම අවධියෙන් සොයාගත් නිසා එම අවධිය පිළිබඳව කාලනිර්ණයක් කළ අතර ඒ අනුව එම ජනාවාසය කි‍්‍ර.පු. 900 තෙක් ඈත අතීතයකට දිවෙන බව තහවුරු විය. පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් එම ජනාවාසයෙන් කාල - රක්ත මැටි බඳුන් ආදී ඓතිහාසිකත්වය විවරණය කරන සාක්‍ෂි හමුවිණි.
ක‍්‍රි.පූ. 200ට අයත් යැයි සැලකෙන සඳගිරි සෑය මුල්වරට ඉදිකර ඇත්තේ පොළොව යට තැනු ගල්වරි 47ක වේඳිකාවක් මතය. ඒ ගල්වරි නිර්මාණය කර ඇත්තේ ශක්තිමත් ගඩොලිනි.
ඇමරිකාවේ බීටා ඇනලටික් පරීක්‍ෂණාගාරයේදී මෙම කාලනිර්ණ පරීක්‍ෂණ පවත්වා තිබේ. දැලිවල කොටවෙහෙර සහ සඳගිරි සෑය යන ස්ථානවල පාදමෙන් සොයාගත් අගුරු කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමුකිරීමෙන් මෙම කාලනිර්ණ තහවුරු කරගෙන ඇත.
එදා අතීත රජුන් දවස ස්තූප ඉදි කිරීමේදී පාදම ඉදිකිරීම පිණිස කණින බිම පිළිස්සීමකට ලක්කර ඇත. පුරා විද්‍යා කැණීම්වලදී එම ස්ථර වලින් ඒ අඟුරු හමුවේ. අදාළ කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමු කරන්නේ කැණීම්වලදී සොයාගත් ඒ අඟුරුය.
මහාවංශය ප‍්‍රධාන කොටගත් වංශ කතා කියන පරිදි කි‍්‍ර.පු 250-210 යුගය අනුරාධපුර රජකම් කළ දේවානම් පියතිස්ස රාජ යුගයයි. ඇමෙරිකාවේ බීටා ඇනලටික් පර්යේණාගාරය ලබාදුන් කාල නිර්ණ දත්තය මහාවංශයේ එන එම ඉතිහාස කතාන්දරයෙ ද ඉඳුරාම තහවුරු කරන තවත් සාක්‍ෂියක් වැන්න. වංශ කතාවල කියැවෙන පරිදි දේවානම් පියතිස්ස රජු දවස මෙම නිර්මාණය කරවනු ලැබ ඇත්තේ මහානාග නම් කුමරු විසිනි.
සඳගිරි සෑයේ ගර්භය මුදුනේ ද කැණීමක් කර ඇති අතර ගඩොලින් කළ ගල්වරි 47 වේදිකාවෙන් පසු ප‍්‍රතිසංස්කරණ අවධි සඳහා ඊට වෙනස් ගඩොල් භාවිත කර ඇත.
සඳගිරි සෑයටත් වඩා ඉපැරැණි රඹුක්කන දැලිවල කොටවෙහෙර (ක‍්‍රි.පූ. 250) ආසියාවේ මෙතෙක් හමු වූ පරැණිම සේද රෙදිකඩ තම සන්තකයේ දරා සිටි ඉපැරණි ස්ථූපයකි. පබලූ මුතු ඇල්ලූ සේද රෙදිකඩකින් ඔතන ලද රත්තරන් කරඬුවක් දැලිවල කොටවෙහෙරින් හමුවී ඇත.
සාමාන්‍යයෙන් පුරා විද්‍යා සන්දර්භවල රෙදිකඩ රැඳී තිබෙන්නේ නැත. එහෙයින් මෙය විරල හමුවීමකි. ධාතූන් වහන්සේලා නිධන් කරද්දී සේද රෙද්දෙන් ආවරණය කර ඇත. සේද රෙද්දෙන් එතූ කරඬුව හමුවද්දී එම සේද රෙදිකඩ තිබුණේ කරඬුවටම ඇලී ගිය ස්වභාවයකිනි. සේද රෙදි කඩ ආරක්ෂාවී තිබුණේ ද එහෙයින්මය. එය අද දෑසට හසුවන්නේ අවර්ණවත් රෙදිකඩක් ලෙසය.
ඔස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරන පෞරාණික රෙදිපිළි පිළිබඳ විශෙෂඥවරියක වන මහාචාර්ය ජූඞීන් කැමරන් විසින් කොටවෙහෙරින් හමු වූ සේද රෙදිකඩ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන ලදී. එම සේද රෙදි කඩ කවර දේශයක කවර තැනක නිපදවූවේද යන්න පිළිබඳව සොයා බලන්නට සාධක නැති වුණත් මේ කාලය වෙද්දී සේද මාවත ඔස්සේ පැමිණෙන සබඳකම් පැවති බවට ඉතිහාසය දෙස් දෙයි.
එහෙයින් මෙම සේද රෙදිකඩ සේද මාවත ඔස්සේ මෙරටට ගෙන එන ලද්දක් විය හැකි බව අපට විශ්වාස කළ හැකිය.
ඉතිහාසයේ විචිත‍්‍රවත් කඩඉම් පොළෝ තලයේ මහ ගැඹුරේ මෙන්ම නටඹුන් තුළ ද ශේෂව පවතියි. මේ ඒ බොහෝ වූ සැඟවුණු අතීත තොරතුරු කදම්බයක් අතරින් මතු වූ එක් අතීත පරිච්ෙඡ්දයක සලකුණු පමණි.
දළදා පෙරහරේ හාස්කම්
වසර 1823 ය. මුළු රටම අකල් නියඟයකින් වේලූම් කා වගා බිම් අස්වැද්දවීමට වැස්ස ඇයදු රට වැසියන් බොන්නට වතුර සොයා ගත්තේ ද අසීරුවෙනි.
එවකට රට පාලනය කළ ආණ්ඩුකාර සර් එඞ්වඞ් බාන්ස්ට පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීමට විවිධ දේ කිරීමට සිදුවිය. අවසානයේ මුළු රටේම පාලකයන් ආණ්ඩුකාරවරයාගෙන් එක් ඉල්ලීමක් කළහ. ඒ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පෙරහැරකින් වඩම්මවා පරේරාදර්ශනය කර වර්ෂාව ලබාදෙන ලෙසය.
ඒ අනුව කිරිර යාත්මක වූ ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස්, මහා සංඝර ත්නයේත් උඩරට පර ව ධානීන්ගේත් මඟ පෙන්වීම යටතේ මහ මළුවේ අලංකාර මණ්ඩප තුනක් ඉදිකර චාරිතර්ම වාරිතරටදරයන්ට මුල්තැන දෙමින් පූජනීයත්වයෙන් ඉහළ මහ පෙරහැරක් පැවැත්විණි. අනතුරුව ශ්රී් දළදා වහන්සේ මහජනතාව වෙනුවෙන් පරජන දර්ශනය කළහ.
පොළොව ඉරිතලා, කොළ දලූවක් නැතිවන තරමට අකලට පෑයූ නියඟය නිමාව දළදා පෙරහැරත් දළදා පරළො දර්ශනය පැවැත්වීම ආරම්භ වීමත් සමග සියලූ රටවැසියන් මවිත වන අයුරින් ගංගා, ඇළ, දොළ, පිරී ඉතිරී යමින් මහා වැසි ඇද හැළුණේය.
මෙම පරාම තිහාර්යය එදා සුදු ජාතිකයන් පමණක් නොව මුළු රට වැසියන්ටම අදහාගත නොහැකි කරුණක් විය.
එතැන් සිට දළදා හාමුදුරුවන් වැඩමවන අවස්ථාවේදීත්, පෙරහර කරඬුව වඩමවන අවස්ථාවේදීත්, දළදා වහන්සේ පර දළදර්ශනය කරනා අවධියේදීත් සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳ ජන විශ්වාස බොහොමයක් ගොඩ නැගී තිබේ.
කිරී ත.ව. 367 වසරේදී අනුරාධපුරයේ රජකළ පළමුවැනි උපතිස්ස රජුගේ කාලයේදී ද මෙවැනි පරාා තිහාර්යන් සිදුව තිබේ.
රජුගේ පරබේදධානත්වයෙන් වෙනදා මෙන්ම මහත් උත්සව ශ්රීේයෙන් දළදා පෙරහර පැවැති ඇති අතර එහිදී මහා වර්ෂාවක් ඇද හැළී ඇත.
මහාවංශයේ සඳහන් ආකාරයට පොළොන්නරුව රාජධානිය පාලනය කළ පළමුවැනි පරාකරකළ මබාහු රජුගේ කාලයේ දී ශ්රීය දළදා පෙරහර සිදු වූ අවස්ථාවකදී පෙරහර ගමන් කළ මාර්ගයේ හැර සියලූ පරුග දේශවලට වර්ෂාව ඇද හැලී ඇළ දොළ, ගංගා පිරී ඉතිරී ගිය බව ද සඳහන්ය.
ඒ අනුව ඉතිහාසය පුරාවටම ශ්රීද දළදා පෙරහර හා බැඳුනු එක් කතා පුවතක් වනුයේ ශ්රී දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කලට වැසි ලැබී නියං දුරු වී රටේ සංශ්රීාකත්වය සෞභාග්යය ලබා දීමට හැකි වූ බවය.
කිත්සිරිමෙවන් රජ දවසත්, දෙවැනි පරාකර නුමබාහු රජ දවසේදීත් ශ්රීස දළදා වහන්සේ හා බැඳුණු තවත් පරා් තිහාර්ය ජනක කත පුවතක් වනුයේ දළදා වහන්සේ පරවත දර්ශනය කෙරෙන අවස්ථාවකදී දළදා වහන්සේ අහසට පැන නැඟ, ශ්වේත වර්ණ බුදුරැුස් මාලාවකින් පරවත තිහාර්ය පෑ බවය. මෙම ඓතිහාසික කරුණු පිළිබඳ දළදා පූජාවලියේත්, දාඨා වංශයේත් සටහන්ව ඇත.
දළදා වහන්සේ පරරජ දර්ශනය කරණ අවස්ථාවක දී කෙනෙකුට සිතීමටවත් නොහැකි පරාය තිහාර්යයක් වී ඇත්තේ ශ්රීේ දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව පුරාවට නැවුම් මල් සුවඳක් විහිදීමය.
අදට ද දළදා මාලිගාවට යන්නකුට හේවිසි මණ්ඩපය ඉදිරිපිට සිටගෙන සිටියදී, වචනයෙන් විස්තර කළ නොහැකි සැනසිලිදායක සුවයක් සිතට දැනෙන්නෙත්, ඒ තුළින් හමා යන සිසිල් සුළඟ ශරීරයට සුවදායක බවක් ගෙන දෙන්නෙත් ශ්රී දළදා වහන්සේගේ ආනුභාවයේ පිහිටෙන් විය හැකි බව ද විශ්වාස කෙරේ.
කිත්සිරිමෙවන් රජුගේ අවදියේදී ආරම්භ කළ ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහරට දීර්ඝ ඉතිහාසයක් ඇත. මීට වසර එක්දහස් හත්සිය දෙකකට පෙරාතුව දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්යයය පර ේ ථමයෙන්ම ලක්දිව ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජ දවස කිරර ම.ව. 310 දීය.
වාර්ෂිකව දළදා වහන්සේ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය දක්වා මහපෙරහරින් වැඩමවා දින අනුවක් තිස්සේ මහජනතාවට පරචක්දර්ශනය කළ බව ද ඉතිහාසගතය.
කහවනු නවලක්ෂයක් වැයකොට පැවැත් වූ මෙම පෙරහර මංගල්යළ නොකඩවා පවත්වන්නැයි කිත්සිරිමෙවන් රජු නියෝගයක් ද පනවා ඇත.
මෙම සෙංකඩගල ඇසළ පෙරහර සඳහා එදා මහා සංඝයා වහන්සේ, අදිකාරම්වරු, දිසාවේවරු, රටේරාළලා ඇතුළු සිංහල නිලධාරීහුද විවිධ තරාතිරමේ ඉංගරීො සි නිලධාරීහුද සහභාගි වූහ. පැරැණි රාජ්ය3 සමයෙහි පෙරහර මංගල්යල සංවිධානය වූයේ රජුගේ මූලිකත්වයෙන් රාජ්ය, අනුගරහුදහය ඇතුවය.
සෙංකඩගලපුර රාජධානියට ආවේණික ඇසළ පෙරහර මංගල්ය ය කිරමූ .ව. 1592 දී පළමුවන විමලධර්මසූරිය රජුගේ අවදියේදී දෙවියන්ට සිදුකරනා පූජාවක් ලෙස සලකා ‘‘දේව පෙරහරක්ද’’ පෙරහරට එක්කර තිබේ.
වර්තමානයෙහි පවත්වන ආකාරයට මහනුවර ඇසළ පෙරහර මංගල්යනය පැවැත්වීම ආරම්භ වූයේ සියම් දේශයෙන් වැඩම කළ පර ආ වර උපාලි තෙරුන් වහන්සේගේ හා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිගේ ඉල්ලීමක් අනුව කිර් ම.ව. 1753 දී කීර්ති ශ්රීස රාජසිංහ රජු දවසය. එතැන් පටන් ශ්රීක දළදා මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර ගමන් කරවීමේ සිරිත ඇරඹිණි.
මහනුවර ඇසළ පෙරහර මංගල්යරය පෞරාණික චාරිතරේග විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්යසයකි. මෙම පෙරහර මංගල්ය ය නැරඹීමට වාර්ෂිකව දෙස් විදෙස් ජනයා රැුස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්පරරහ දායික චාරිතරට ව විධි අදටත් එලෙසම පැවැත්වෙන ලොව එකම පෙරහර මංගල්යමය නිසා විය හැක. වර්තමානයෙහි කරිය යාත්මක වන බොහෝ දළදා චාරිතරුස විධි කුරුණෑගල සිව්වැනි පරාකර න මබාහු රාජ්යව සමයෙහි ලියැවුනු ‘‘දාඨා ධාතු චරිනිත’’ නම් වූ දළදා සිරිතෙහි එන ව්යකවස්ථාවන්ට අනුකූලව සැකසී ඇත. දළදා සිරිතෙහි එන ව්යුවස්ථාවන් 38 හි පෙරහර මංගල්යයක් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව විස්තර ඇතුළත් වේ.
ශ්රීත දළදා පෙරහරට සහභාගිවන සියලූ දෙනා මසකට දෙකකට පෙරාතුව පේවීම සිදුවේ. පුළුටු ආහාර නොගෙන (මස්, මාළු, බිත්තර, බැදුම්) අපිරිසිදු කිලිවලට නොගොස් ඥාතියෙකුගේ වුවද මරණයක් සිදු වුවහොත් එයට සහභාගි නොවී දියනා පිරිසිදු වී පුද්ගල වශයෙන් පෙරහරට සූදානම් වේ.
භෞතිකමය වශයෙන් දින දහයකට පෙර දළදා වහන්සේ වැඩ සිටිනා මාලිගාව සෝදා පවිතර වෙකර, කොඩි සේසත් දමා අලංකාර කිරීමත් අපිරිසිදු දෑ ඉවත් කර වර්ණවත් කිරීමත් සිදුවේ. ශ්රී දළදා පෙරහර ගමන් කරන මාර්ගය ද මෙලෙස කහ දියර ඉස පිරිසිදු කෙරෙන අතර පසුව කොඩි, සේසත්, විදුලි බුබුළු යොදා වීදි අලංකාරය කෙරේ.
අතීතයේ සිට අද දක්වා ශ්රීය දළදා වහන්සේ වෙනුවෙන් දෛනික තුන්වරු පූජාවක්, සතිපතා බදාදා දිනයන්හිදී නානුමුර මංගලයත්, මාසිකව පුරපසළොස්වක පූජාවත්, දුරුතු පොහොය මුල්කොට පැවැත්වෙන අලූත් සහල් මංගල්යඉයත් නොකඩවා සිදු කෙරේ. බක්මාසයේ දී සිංහල අලූත් අවුරුදු මංගල්යවයත් ඇසළ පෙරහර මංගල්යායත් ඉල් පෝය මුල්කොට යෙදෙන කාර්තික මංගල්ය යත් ශ්රීං දළදා මාලිගාවේ අදට ද මහත් භක්තියෙන් සිදු කෙරේ.
කිත්සිරිමෙවන් රජු ව්ය වස්ථා ගත කර ඇති ආකාරයටත් කුරුණෑගල යුගයේ සිව්වැනි පරාකරල් මබාහු රජ දවස ලියැවුණු දළදා සිරිත ගර භ න්ථයේ දැක්වෙන ආකාරයටත් අදට ද දළදා පෙරහර පැවැත්වේ. ඉන් පසුව රට පාලනය කළ සෑම රජ කෙනෙක්ම ඒ අයුරින්ම පෙරහර පවත්වාගෙන ගොස් තිබේ.
මීට වසර එක්දහස් හත්සිය දෙකකට පෙරාතුව ආරම්භ කළ ශ්රීහ දළදා පෙරහර 1828 වසර වනතෙක් වීදි සංචාරය කර පරහස්දර්ශනය කෙරුණ ද එම වසරින් පසුව, පෙරහරට සමගාමීව ශ්රීස දන්ත ධාතුන් වහන්සේ වැඩම කිරීම සිදුවී නැත. ඒ ආරක්ෂාණව හේතුවෙනි. එතැන් පටන් සිදුව ඇත්තේ සාධාතුක ධාතූන් වහන්සේලා අඩංගු පෙරහර කරඬුව වැඩම කර අලංකාර පෙරහර පෙර පරිදිම පවත්වා චාරිතර8එත ඉටුකිරීමය.
ශ්රීස දළදා මාලිගාවේ අදට ද භාවිත කරන පෙරහර කරඬුව කීර්ති ශ්රීත රාජසිංහ රජු 1753 දී පූජා කර ඇත. එම පෙරහර කරඬුව අලංකාර ලෙස සරසා ඇත්තේ කීර්ති ශ්රීර රාජසිංහ රජුගේ අග බිසවගේ මාල පළඳනාවන්ගෙන්ය.
දළදා සිරිතෙහි සඳහන් ආකාරයට දළදා පෙරහර හා බැඳුණු චාරිතරුව විදි තිස් අටක් පමණ ව්යළවස්ථා ගතකොට තිබේ.
එහි සඳහන් ආකාරයට පෙරහර පැවැත්විය යුතු ආකාරයත්, ශ්රීර දළදා වහන්සේ පිටතට වැඩම කළයුතු ආකාරයත්, ආපසු නැවත තැන්පත් කළ යුතු ආකාරයත්, කළ යුතු පූජා චාරිතරයළඳ ආදී චිරානුගත සම්පරි සදායන් බොහොමයක් සටහන් වී ඇත.
ජීවමාන බුදුන්වහන්සේ වැඩ සිටින්නාක් මෙන් අතිශය පූජනීයත්වයෙන් ලොව පුරා බැතිමතුන් මහත් භක්තියෙන් වන්දනාමාන කරන ස්ථානයක් ලෙසට මහනුවර දළදා මාළිගාව සැළකේ.
මහනුවර දළදා මාලිගාවේ රන් කරඬුවේ වැඩ සිටිමින් පුද සත්කාර ලබන දන්ත ධාතූන් වහන්සේ බුදුන් වහන්සේගේ යටි වම් දළදාව ලෙස සැලකේ.
ඉතිහාසය පුරාවටම දළදා විහාරය නොකියා දළදා මාලිගාව යනුවෙන් හඳුන්වා ඇත්තේ දළදා වහන්සේත් රාජ නිවසත් අතර පැවැති සම්බන්ධය නිසා බව ද කියැවේ.
Subscribe to:
Posts (Atom)






