වල්ලිපුරම් (දෙමළ)රන් පත

Inscription reads:
සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි ...බදකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ
Translation:
වසභ මහ රජුගේ රාජ්ය සමයේදී ඉසගිරිය අමාත්යවරයා නකදිව (නාගදීපය හෙවත් වර්ථමාන යාපන අර්ධද්වීපය) පාලනය කරත්දී බදකර අතනෙහි පියඟුක තිස (හෙවත් පුවඟුදීප තිස්ස) වෙහෙර කරවන ලදී.
Success! In the reign of the great King Vasabha, and when the Minister Isigiraya was governing Nagadipa (present day peninsular Jaffna), Piyaguka Thisa Vihara was built at Badakara Athana ( Senarath Paranavithana - Epigraphia Zeylanica (vol. IV)).

වසභ රජතුමා

ලක්දිව ප්‍රථම රාජවංසයේ පාලනය යසලාලක තිස්ස රජුගෙන් අවසන් විය ඔහුගෙන් රජකම අත්පත් කරගත් සුභ නමැති දොරටුපාලයා එතැන් පටන් වසර හයක් රට පාලනය කළේය එතැන් පටන් සිහසුන අයත් වන්නේ ලම්බකර්ණ වංසයේ වසභ කුමරාටය ශතවර්ෂ කීපයක් ලක්දිව පාලනය කළ දෙවැනි සිංහල රාජවංශය ලෙස සැලකෙන ලම්භකර්ණ වංසයට පහළොස්වන සියවස දක්වාම සිටි ඇතැම් රජවරු අයත් වූ බව පෙනේ පාරම්පරික කථාවලට අනුව ලම්භකර්ණ වංසය ඇති වූයේ උතුරු ඉන්දියාවේ සිට ලක්දිවට බෝධිය වැඩම කිරීමත් සමඟ පැමිණි කුමාරවරුන්ගෙනි ලේඛක යන පාළි වචනයට පර්යාය ලෙස යොදා ඇත්තේ ලමැණි යන වචනයයි එබැවින් ලම්භකර්ණ හෙවත් ලමැණි වංශයට අයත් අය මුල් අවධියේදී රජයේ ලියන්නන් හැටියට පෙනී සිටින්නට ඇත වසභ රජුට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි වේ ඔහු ස්වකීය දක්ෂතාව මත ශ්‍රී ලංකාවේ සිහසුන උරුම කරගත් පාලකයෙකි සිහසුන දැරීමට රාජවංසයටම අයත් අයකු වියයුතුය යන සම්ප්‍රදායික මතය අභිබවා ඔහු ජයගත් අයුරු පැහැදිලි වෙයි මොහු මුලිම්ම වාසය කළේ මාමා ළඟය ඔහු සුභ රජුගේ සේනාධිපති විය වසභ නැමැත්තෙක් රජ වන බවට අනාවැකියක් සුභ රජුට අසන්නට ලැබීමත් සමඟ ඔහු කළේ වසභ නම ඇති සියලු දෙනා මරා දැමීමය රජුට පක්ෂපාතී වූ සේනාධිපති තම බෑනා රජුට පාවා දීමට සැරසුණේය එහෙත් නැන්දනිගේ මාර්ගයෙන් වසභට දිවි ගලවා ගැනීමට හැකි විය ඔහු මහාවිහාරයේ භික්ෂූන්ගේ උපකාරය ඇතිව රුහුණට පලා ගියේය කුෂ්ට රෝගියකු විසින් ධෛර්යමත් කරවූ ඔහු රුහුණෙහි දාමරිකව හැසිරෙමින් ක්‍රමයෙන් මහජනයා තමා වෙත නම්මා ගතිතේය ඒ වනවිටත් රාජ්‍ය උරුමය පතා සටන් කිරීමට රජ පෙළපතට අයත් අයකු නොසිටි බැවින් ප්‍රධාන රාජ්‍යයේ ආරක්ෂක සේනාවේ වැඩි අවධානයක් නොතිබුණු දුරස්ථ ප්‍රදේශවල දී දක්ෂ එඩිතර අයකුට බලය ගොඩනගා ගැනීමේ හැකියාව එවකට පැවිතිණ එබැවින් වසභ එයින් නියම ප්‍රයෝජන ගත්තේය ඉතිහාසඥයන් පෙන්වා දෙන පරිදි ඔහු අනුගමනය කළේ සුළු අඩියක සිට තමාටත් වඩා උසස් වූ පුද්ගලයෙකු අනුගමනය කළ උපක්‍රමයකි එනම් ඉන්දියාවේ චන්ද්‍රගුප්ත නම් මෞර්ය රජු අනුගමනය කළ උපක්‍රමය පිළිපැදීමයි මැහැල්ලකගේ අවවාදයක් අනුව ළමයකු උණු කැවුම් ගෙඩියක් මැදින් නොකා වාටියේ සිට සිට කඩා කෑමට පටන් ගත්තේය එම අවවාදය චන්ද්‍රගුප්ත මෞර්යද ආදර්ශයට ගත්තේය එසේම වසභද අනුරාධපුර රාජධානියට පහර දී යටත්කර ගත්තේය ඔහුගේ මාමා වන සේනාධපතියාද සටනින් මියගියේය වසභ රජතුමා අග මෙහෙසිය බවට පත්කර ගත්තේ තම ජීවිතය ගලවා දුන් නැන්දනියයි මෙය කෙලෙහිගුණ සලකා කරන ලද්දක් බව පෙනෙතත් ඉහළ සමාජවල එදවස පැවති සිරිතක් වශයෙන්ද සැලකිය හැකි බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති වසභ රජුට සිංහාසනය පිළිබඳ පාරම්පරික උරුමයක් සතු වී නොතිබුණද ඔහුගේ ආධිපත්‍ය දිවයින පුරා පැතිරී තිබුණු බවට සාධක ඇත රජරට පැරණි ස්ථානවලින්ද යාපනේ උතුරු වෙරළබඩ වල්ලිපුරම් සහ දකුණේ තිස්ස මහාරාමය ආදී ප්‍රදේශවලින්ද හමු වූ ඔහුගේ අවධියට අයත් ශිලාලේඛනවලින් මේ බව පැහැදිලි වෙයි තමා වැඩැකල් ජීවත් නොවන බවට දෛවඥයකු විසින් කියන ලද අනාවැකියක් නිසාඉන් සිත් තැවුලට පත් වූ ඔහු ඉන් මිදීම සඳහා භික්ෂූන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගත්තේය ඒ උපදෙස් පරිදි දීරිඝායුෂ ලැබීම සඳහා භික්ෂූන්ට සිවිපසයෙන් උපස්ථාන කිරීම පන්සිල් හා දසසිල් රැකීම කැඩී බිඳී ගිය වෙහෙර විහාර සහ වැව්ද විශාල ගණනක් කරවීය මේ අනුව ඔහු වසර ඔහු හතලිස් හතරක් රජකම් කළේය රජුගේ අගමෙහෙසිය බෝමළුවෙහි සිත්කළු වූ වෘත්ත නම් සෑ ගෙයක්ද කරවීය වසභ රජතුමා ථූපාරාම විහාරයෙහි සෑගෙයක්ද කරවා එය සංඝයාට පූජා කරන අවස්ථාවෙහි මහදන් පැවතීය ග්‍රන්ථ ධූරයට දරන භික්ෂූන්ට සිවුපසද ගිලන් භික්ෂූන්ට බෙහෙත්ද දිළින්දන්ට වැටුපත්ද දුන්නේය නගරයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූ ඔහු ප්‍රාකාරය උස් කොට බැඳ වූ අතර සතර දොරටුවෙහි තොරණද කරවීය එතුමා විසින් කරන ලද වැව් ගණන එකොළහකි මෙයින් පැහැදිලි වන්නේ රටේ ආර්ථික සංවරධනයක් යොමු කළ බවය මෙයත් වැව,රජුපුල් වෑව,කේලිසාව වැව,කොළඹෑගම් වැව,මානිකවිටි වැව,මාගම වැව්දෙක,කෝහාල වැව,අබිවඩමක් වැව යන වැව් එකොළහක් රටේ සුභිෂේකය පිණිස මෙවු ඇළවල් දොළහක්ද මෙතුමා විසින් ඉදිකරවන ලදී

ගෝඨාභය මහා රජතුමා

බු.ව.792 රජ පැමිණි මෙකවරණ අභය හෙවත් මේඝවර්ණ අභය ගෝඨාභයගේ තවත් නාමයකි ඔහු දෙවන සිරිනාග රජුගේ පුත්‍රයා බව තිඹිරි වැව සෙල්ලිපිය ඇතුළු සෙල්ලිපිවල සදහන් කරුණු දක්වන ඉතිහාසඥයෝ විශ්වාස කරති සිරිසඟබෝ රජු සටන් නොමැතිව සිය කැමැත්තෙන්ම සිහසුන හැර ගිය බැවින් සිහසුන ගෝඨාභයට හිමි විය රෝහණ දේශයේ දෙමට මල් විහාරය හා මණ්ඩාගල සෙල්ලිපි විමසන ඇතැම් විචාරකයින් සදහන් කරන්නේ ගෝඨාභය විජයිදු රජුගේ සොහොයුරෙකු බවත් ඔහුට රජකමට නීත්‍යානුකූල උරුමයක් වූ බවත්ය 13 වසරක් රජකම් කළ ගෝඨාභය වැසියන්ගේත් මහා සංඝයාගේත් සිත් දිනා ගැනීමට හා ජාතික මොහෙවර ගණනාවක් ඉටු කර තිබේ ශ්‍රී මහා බෝධිය වටා ආගමික අංග සතක් කරවීම ලෝවා මහාපායේ බිදවැටුණු ගල් කණු සකස් කිරීම මිහින්තලේ වටදාගෙය,දිවයින පුරා අබලන් වූ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය මේඝවර්ණාභය නමින් නව විහාර කර්මාන්තයක් කිරීම ඒ අතර වේ සෙල්ලිපි වලින් අනාවරණය වන පරිදි ඔහුගේ ශාසනික සේවය මෙන්ම පාලන කටයුතුද එයින් පැහැදිලි වේ දෙමටමල් වෙහෙර ලිපියේ ගොටක අබ රජ යනුවෙන් ගෝඨාභය රජු පිළිබඳව සදහන් වන අතර රෝහණ දේශය ඔහුගේ පාලනය පිළිගෙන තිබූ බැව් සනාථ වේ එහෙත් රජුගේ ඇමති මණ්ඩලයේ සිටි ඇමතිවරු පිරිස රජු කෙරෙහි අප්‍රසාදයෙන් පසුවූ බවත් ඔවුන් රජුට විරුද්ධව කුමන්ත්‍රණ සැලසුම් කරමින් සිටි බවත් පෙනී ගොස් ඇත ගෝඨාභය රජ සමයේ දක්නට ලැබෙන විශේෂ සිදුවීමක් වන්නේ වෛතුල්‍යවාදීන්ගේ මූලස්ථානය වූයේ අභයගිරි විහාරයයි නිකාය සංග්‍රහයේ එන ආකාරයට අභයගිරි විහාරයේ ධර්ම රුචි නිකායින්ගන් බිදීගිය කොටසක් වූ සාගලිකයෝ දකුණු දිග වෙහෙරෙහි වූහ ධර්ම රුචිකයන් අතර නොසන්සුන්තා ඇති වූ අතර වෛතුල්‍යවාදී මත දැඩිව උත්සන්න වී ඇත රජු මේ වෛතුල්‍යවාදී භික්ෂූන් හැට දෙනෙකුගේ ශරීරයේ හං වඩු ගසා රටින් පිටමං කරනු ලැබූහ මොව්හු සොළී රටට ගොස් කාවේරියේ ආරාමයක වැඩවාසය කර ඇත මෙයින් එක් භික්ෂු නමකගේ ගෝලෙයකු වූ සංඝමිත්තා නම් වූ බුද්ධිමත් භික්ෂු නමක් විය අනුරාධපුරයේ මහා විහාරවාසී භික්ෂූන්ගේ අනුදැනුම මත තම ආචාර්යවරයාට හිංසා කරන ලද බව දැන ගත් හෙතෙම එම ක්‍රියාවට කෙසේ හෝ දඩුවම් කළ යුතු යැයි සිතා ගත්තේය එපරිදි අනුරාධපුරයට පැමිණ ගෝඨාභය රජු තමා කෙරෙහි පහදවා ගත් මේ භික්ෂුම ඔහුගේ පුතණුවන් දෙදෙනාට ධර්ම ශ්‍රාස්ත්‍ර ප්‍රගුණ කරවා දීම සදහා තමා වෙත භාර ගත්හ අනතුරුව ළාබාල කුමරුවන් දෙදෙනා තම මතයට අවනත කරවා ගැනීමට මේ තෙමේ සියුම් උපායක් යෙදවීය වැඩිමහල් කුමරු එනම් ජෙට්ඨතිස්ස මොහුට අවනත කර ගත නොහැකි වූවද බාල කුමරු එනම් මහාසේන ඔහුට අවනත විය මෙම සිද්ධිය මෙරට භික්ෂු ශාසනය කෙරෙහි අවාසනාවන්ත ලෙස බලපෑම් ඇති කළේය

දෙවන අග්බෝ රජතුමා

පළමුවන අග්බෝ රජුගෙන් පසු ලංකාවේ සිහසුන හිමි කර ගත්තේ දෙවන අග්බෝ රජුය ක්‍රි.ව.609 දී රජ පැමිණි ඔහුගේ රාජ්‍ය කාලයද පළමුවන අග්බෝ රජුගේ කාලයේ මෙන්ම වැසියාට වැඩදායක සමයක් විය මෙම දෙවන අග්බෝ පළමුවන අග්බෝ රජුගේ සොහොයුරෙකුගේ පුත්‍රයාය දිවයිනේ බොහෝ වෙහෙර විහාර කරවා ඒවාට ගම්බිම් පැවරීම කළ මේ රජ තෙමේ සසුන බැබළවූ ධාර්මික රජ කෙනෙකු වශයෙන් චූල වංශයේ විස්තර දැක්වේ මේ රජුගේ උදාර පිංකම් අතරින් එකක් වන්නේ බුදු සමය හදුන්වා දීමෙන් පසු නිර්මාණය කළ පළමු චෛත්‍ය රාජයා වූ ථූපාරාම දාගැබ සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කරවීමය බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව මෙහි නිධන් කර තිබූ අතර දාගැබ ප්‍රතිසංස්කරණයේදී නිධන් කර තිබූ දකුණු අකු ධාතූන් වහන්සේ ලෝවා මහා ප්‍රාසාදයෙහි සුරක්ෂිතව තැන්පත් කොට චෛත්‍යයේ සියලු ප්‍රතිසංස්කරණ වැඩ නිම වූ පසු යළි නිධන් කරනු ලැබූ බව කියවේ කෘෂිකර්ම අංශයෙන් බලන විට ගංතලා වැව හා ගිරිතලේ වැව යන විශාල වැව් දෙකක්ද දෙවන අග්බෝ රජු විසින් කරවන ලදී මේ නිසා ආර්ථික අංශයෙන් මෙන්ම ආගමික අංශයෙන්ද සෑහෙන වැඩ කොටසක් කළ පාලකයෙකු වශයෙන් ඉතිහාස ගතවී ඇත මොහුගෙන් පසු යළි වියවුල් සහිත කාලයක් උදා වූ බැව් ඓතිහාසික තොරතුරු විමසීමෙන් පෙනේ එයට හේතුව ඔහුගේ අසිග්ගාහක පදවිය හිමි කර ගෙන සිටි තැනැත්තා රජ පදවිය හිමිකර ගැනීමයි

මානවම්ම රජතුමා

දෙවන කාශ්‍යප රජුට මානවම්ම නැමති කුමාරයෙක් විය හෙතෙම සිංහල සිංහාසනයට උරුමකම තිබූ රාජ්‍ය වංශිකයෙකු වුවද අනුරාධපුරයෙහි රාජ්‍ය උරුමය වෙනුවෙන් ඇති වූ අඛණ්ඩ යුද කෝළාහල නිසා ඉන්දියාවට පිටත් විය මොහු සිය අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරන වීර පුරුෂයෙකු මෙන්ම දක්ෂ පාලකයෙක් හා යුද සෙනෙවියෙකුද වශයෙන් ලංකා ඉතිහාසයේ හැදින්වේ කෙසේ වුවත් මොහු ඉන්දියාවට ගොස් පල්ලව රාජධානියේ පල්ලව හා චාලුක්‍ය යන දෙරට අතර යුද්ධයක් ඇති විය මේ යුද්ධයේ දී පල්ලව රජු වූ නරසිංහ වර්මන්ගේ යුද සේනාංකයන් භාරව කටයුතු කර වීර වික්‍රමාන්විත ලෙස පල්ලව රජුගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළේය මේ නිසා ලංකා රාජ්‍ය හිමි කර ගැනීමේ කටයුතුතේදී ඔහුට පල්ලවයන්ගේ ආධාරය ලබා ගැනීමට ඉඩ කඩ සැලසුණි ඒ අනුව ඉන්දියාවෙන් විශාල බල ඇණියක් රැගෙන ලක්දිවට ගොඩ බට මානවම්ම කුමරු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළේය මේ වන විට ලක් රජය කළ දාඨෝපතිස්ස රජු මානවම්මගේ පල්ලව සේනාවට මුහුණ දීමට අපොහොසත් වීම නිසා අනුරාධපුරය අතහැර පළා ගියේය මානවම්ම කුමරුද පලා යන දාඨෝපතිස්ස රජු හා සේනාව ලහුබැද ගියේය දෙපිරිස සටන් ගෙන යන අතරේ මානවම්ම කුමරුට නරක දසාවක් උදා විය ඒ අනුරාධපුරය ජය ගැනීම තිබියදී පල්ලව දේශයේ අවශ්‍යතාවයක් අනුව පල්ලව සේනාව ඒ රටට කැදවීමයි මේ හේතුව නිසා මානවම්මගේ හමුදා බලය පිරිහී ගියේය දාඨෝපතිස්සගේ ප්‍රබල සේනාව හා සටන් කර ජය ගැනීම මානවම්මට තනිව කළ නොහැකි දෙයක් වූයෙන් පසු බැස ගිය මානවම්ම කුමරු යළි පල්ලව දේශයට පළා ගියේය මෙයින් මානවම්මගේ අපේක්ෂා බොද වී ගියද ඔහු තම අදිටන අත් නොහළේය පල්ලව දේශයට ගිය මානවම්ම නරසිංහ වර්මන් රජුට යළි සේනය කළ අතර ඔහු මිය ගියේය අනතුරුව බලයට පත් අනුගාමික පල්ලව රජුන් දෙදෙනෙකු ම ඔහු මනාපක්ෂපාතභාවයෙන් කටයුතු කළේය කෙසේ හෝ කාලය වර්ෂ වලින් විසි වසරක් ගත විය ඒ වන විට පල්ලව දේශයේ පාලකයා වූයේ දෙවන නරසිංහ වර්මන් රජතුමාය ඒ රජු විසින් සපයා දුන් සේනාව හා උපකාර නිසා ඔවුන් සමග ලක්දිවට ගොඩ බැස පළමුව උතුරු පෙදෙස ආක්‍රමණය කර අනතුරුව අනුරාධපුරය ජයග්‍රහණය කිරීමට කටයුතු යෙදවූයේය මේ වකවානුව වන විට ලංකාවේ සිංහාසනයේ තබා රූකඩ රජෙකු වශයෙන් සිටි හත්ථදාඨ රජතුමාය මේ තත්ත්වය මෙසේ පවතිද්දී ඒ වන විට සිංහල රජ වෙනුවෙන් සටන් කිරීමය යොදවා ගෙන සිටි දෙමළ අගම්පඩි සේනාව මෙහෙයවනු ලැබුවේ හත්ඛදාඨ හා පොත්ථකූඨ යන දෙදෙනා විසිනි මානවම්ම තෙමේ මේ සේනාව දෙකඩ කොට දෙදිසාවකින් පහර දී දෙදෙනාම අන්ත පරාජයකට පත් කරන ලදී අවසානයේදී හත්ථදාඨ යුද බිමෙහි මැරී වැටුණි පොත්ථුට්ඨ මාතලේ පෙදෙසේ කදුකරයක සැඟ වී ගත් අතර ඔහුගේ අවසානය එහිදී සිදු වී ඇත මානවම්ම කුමරු ලංකාවේ අභිෂේක ලැබූ අතර ඔහු වසර 35 ක් ලංකාවේ තිරසාර පාලකයක් ගෙන ගොස් තිබේ කෙසේ හෝ මානවම්ම අවුල් වියවුල් තිබූ ලක්දිවට සාමය හා ස්ථීරසාර වැඩ පිළිවෙළක් හදුන්වා දුන්නේය එසේම ලක්දිව අභිෂේක ලැබීමෙන් පසු නව රජ පරපුරක් පිහිටුවාලීමට ඔහුට හිමිකම ලැබුණි මෙහිදී මානවම්මගේ කාර්යයන් සුළුවෙන් හෝ විග්‍රහ කිරීම අත්‍යවශ්‍යය සැට වසරක් පමණ ලක්දිව භේද බින්නව අවුල් සහගත පාලන කටයුතු යටතේ සමෘධිමත් භාවය කෙළෙසී තිබුණි නගර පාලනය පමණක් නොව වැව් අමුණු,කෘෂිකර්ම කටයුතු,වාරිකර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය විය දිරාපත් වූ වෙහෙර විහාර ප්‍රකෘතිමත් කිරීමත් , ජනතාවගේ ශුභ සාධක කටයුතු යළි ක්‍රියාත්මක කිරීමත් පාලන තත්ත්‍රය ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය විය පළමුවෙන්ම ඔහු විසින් කරන ලද්දේ ලංකාවේ මුල් බැස ගෙන තිබූ කොල්ලකාරී ද්‍රවිඩ බලය මර්දනය කිරීමයි අනුරාධපුරයෙහි ප්‍රබලව සිටි ද්‍රවිඩ අධිපතීහු උසස් පදවි වලින් පහකළ මානවම්ම රජු ද්‍රවිඩ බලය මැඩලීම සදහා විශේෂ උපක්‍රම යෙදවීම එසේම මේ රජුගේ කාලය තුළ ඇතිවූ සිංහල හා පල්ලව සම්බන්ධය දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති බව පෙනී යයි පල්ලව කලා සම්ප්‍රදායයන් මෙරට බිහි වූයේ මානවම්ම රජ සමයේ සිට යයි කිවහොත් නිවැරදිය පල්ලව කැටයම් ශිල්පීන් විසින් කරන ලද ගල් කැටයම් අනුරාධපුර රාජධානියේ දක්නට ලැබෙන්නේ මේ යුගයේ සිටයි එසේම එම ශිල්පීන් විහාර කර්මාන්තවල යොදවන්නට ඇති බවද මේ අනුව විශ්වාස කෙරේ තවද ඔවුන්ගෙන් පැවතෙන්නන්ද දිගු කලක් ලක්දිව ජීවත් වූ බවට සැකයක් නැත

1521 විජයබා කොල්ලයෙන් පසු ලංකාව

මට නම් හිතෙන්නේ 1521 කියන්නෙ කාලකන්නි වසරක් කියලා පෘතුගීසින්ගේ වාසනාවට කුණාටුවක් නිසා ලංකාවට සේන්දු වුණානේ එතකොට ලංකාව රාජධානි තුනක් තිබුණනේ ඔන්න දැන් පෘතුගීසි ලංකාවට කඩා පාත්වුණා ඒ 1505 මාර්තු 24 වන දිනය එතකොට ලංකාවේ රජතුමා අටවන වීර පරාක්‍රමබාහු ඒ අවධියේ තමයි උඩරට රාජධානියත් බිහිවුණේ ඒතෙ රජතුමා සේනාසම්මත වික්‍රමබාහු තවත් කෑල්ලක් තිබුණනේ ඒකෙ රජ්ජුරුවෝ පරරාජසේකරම් යන දමිළ රජතුමා කොහොම හරි පෘතුගීසි ලංකාවට ආවනේ ඉස්සර දැන් වගේ රේඩාර් අරව මෙව්ව නැහැනේ අතීතෙ හිටියේ රජතුමාගේ ඔත්තුකාරයෝ පෘතුගීසීන්ගේ කාල තුවක්කු හඩ ඇසුණු ලක්වාසීන් බොහොම තිගැස්සීමකට හා බියට පත් වූවා ඒ මිනිස්සු බලන්න ඇති මොකාද යකෝ මේ පාත් වුණේ කියල අපේ ලංකාවේ එකෙක්වත් කාලතුවක්කු හඩ අහල තිබුණෙ නැහැනේ මෙන්න මොහෙමයි ඔවුන්ගෙ හැසිරීම් දැකපු රජතුමාගේ ඔත්තුකාරයො කිව්වේ සුදු පැහැති හමක් ඇති යකඩ හැට්ට ඇගලා යකඩ තොප්පි පැළද සුදු ගල් සපා කන ලේ බොමින් ලේ බොන මිනිසුන් පිරිසක් පැමිණ ඇත ඔවුන්ගේ තුවක්කු ගව් ගණන් ගොසින් වන් කල යුගන්ධර පර්වතය පවා පොඩි වන්නේය යමින් කියලා තියණවලුනේ මේක අහපු රජතුමාට හිතෙන්න ඇති මේ මොක්කුද රටට ඇවිල්ල තියෙන්නෙ කියල සුදු ගල් හපා කනවනම් උන්ට අපි කන එක මොන වැඩක්ද කියල හිතෙන්න ඇති රජතුමා ඒ නිසා හිතන්න ඇති මුන් හොදින් තියාගන්න ඕන කියලා ඉතිං රජතුමා කියල උන්ට රජතුමා හම්බ වෙන්න එන්න කියලා බලනකොට මුන් කාල තියෙන්නෙ සුදු ගල් නෙවෙයිනේ පාන්නේ මොකෝ පිටස්තරයින් පිරිසක් කොහාට හරි කඩා පාත් වුණාම ඔත්තු කාරයෝ ඔවුන්ගෙ ළගට යනවැය ඈතින් බලන කොට පෙනෙන්න ඇත්තෙ සුදු ගල් වගේ ලේ නෙවෙයි බීල තියෙන්න වයින් ඔන්න දැන් සිංහලයෝ බයවෙලානේ ඔන්න කැදවාගෙන ගියා කැදවාගෙන ගියේ කන්ද උඩරට පැත්තෙන් ඇවිල්ල තමයි කෝට්ටෙට ආවේ ඒ කරලා තියෙන්නෙ රජතුමා ඉන්නෙ ළග කියල දැනගත්තොත් රජතුමාට කරදරයක් කරයි කියලා ඉතිං පෘතුගීසිත් මෝඩයෝ නෙවෙයිනේ ඇයි මුස්ලිම්වරුනේ මෙහේ වෙළද බලය අත්පත් කරගෙන තියෙන්නෙ උන් බය කරන්න ඕනෙ නිසා කාලතුවක්කු වලින් නිතරම වෙඩ් තිය තිය ඉදල තියෙන්නෙ ඔන්න බොලේ රට මැදට යන්න යන්න වෙඩි හඩ අඩු වෙනෝ මුං හිතන්න ඇති රජතුමා ඉන්නෙ ඈත කියලා මෙන්න බොලේ තව ඈතට යන්න යන්න වෙඩි හඬ වැඩි වෙනෝ මුං ඊට පස්සෙ හිතන්න ඇති අපිට දීල තියෙන්න රැග් එකක් කියලා කොහොම හරි කියලා මුං දැන් රජතුමාගේ මාලිගාවට ආවනේ රජතුමා කියන්න ඇති උඹලටය මොනවද ඕනෙ කියල ඇයි හොදින් මේක බේරගන්න එපාය මුං ලේසි පහසු ජාතියක් නෙවෙයිනේ ඊට පස්සෙ පෘතුගීසි කියලා රජතුමණි අපිට ගව හම් පොත්තක ඉඩ ප්‍රමාණයක් මේ රටින් දෙන්න කියලා රජතුමා හිතන්න ඇති මෙහෙමත් මෝඩ රැලක් කියලා රජතුමා කියල ඕක මොකක්ද මම ඕක හෙටම ඇවිල්ල ලියල දෙන්නම් කියලා ඔන්න අරවගේ කැදවා ගියේ නිසා තමයි පරංගියා කෝට්ටේ ගියා වගෙයි කියන ප්‍රස්ථාව පිරුළ හැදිල තියෙන්නෙ ඔන්න දැං රජතුමා ආවනේ බැලින්නම් මුං ගව හම් පොත්තක් අරගෙන චූටි චූටි නූල් වලට ඉරල ඒව ගැට ගහල දීල ඒක තියල බලනකොට ලොකු ප්‍රදේශයක් කියලා ඔන්න ඒක තමයි අර රැග් එකට රිටර්න් එක රජතුමා හිතන්න ඇති මුන්ගෙන් ගැලවෙන එකනං ලෙසි නැහෙයි කියලා ඔන්න ඔහොම තමයි පෘතුගීසි ලංකාවේ පළමුවෙන්ම ඉඩමක් අයිති කර ගත්තේ ඔන්න දැං ඒකෙ භාණ්ඩ ගබඩාවකුත් හදලා පල්ලියකුත් හදලා ගිහිල්ල ඕක සිහිවෙන්න පෘතුගීසි ලාංඡනේ ගලක කොටල තියනවලුනේ මුං මොකටෙයි පල්ලියක් හදන්නෙ ඒ අවහල් දෙයකටෙයි මුං ආවේ ප්‍රධාන කරුණු දෙකකටනේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමට හා වෙළද බලය ලබාගෙන සිටින මුස්ලිම්වරු පලවා වෙළද බලය අත්පත් කර ගැනීමටනේ ඔන්න දැං මුන් ටික රටින් ගියා සැරින් සැරේ ආව කුරුදු ගිනියන්න ඔන්න එක පාරක් ඇවිල්ල බලකොටුවක් හදාගෙන ඒක තමයි කොළඹ කොටුව රජතුමා බලන්න ඇති මුං එක්ක කරන්න බෑ වැඩේ කියලා ලංකාවේ තවත් කුමක්වත් පිහිටුවන්න බැහැ කියලා ඉතිං මුන්ට වෙනත් රාජ්‍යයකට ඇවිල් මොකක්වත් කරන්න බැරි නිසා කටවහගෙන ඉදලා ඔන්න ඔහොම යනකොට හයවෙනි විජයබාහු රජතුමා කොට්ටේ රජ වෙනවනේ ඔන්න විවාහත් වුණා එතකොට ළමයි තිදෙනෙක් ඉන්නෝ ටික කලක් යනකොට ඒ බිරිද නැතිවෙනෝ ඊට පස්සෙ වෙනත් විවාහයක් කරගන්නවනේ ඒ කාලෙ දැන් වගේ එක්බිසවක් නෙවෙයිනේ ඉන්නේ පන්සියයවල් ඉන්නේ ඔන්න බදිනවනේ එතකොටත් ළමයෙක් බදිනවනේ ඔන්න ළමය ලොකු උනාම රජතුමාට අගමෙහෙසිය කියනෝ තමන්ගේ පුතාට රජකම දෙන්න කියල රජතුමා කියනෝ තවත් පුතුන් තිදෙනෙක් ඉන්නකොට තොපගේ පුතාට දෙන්නෙ කියලා කියන්න ඇති දන්නවනේ ගෑණුන්ට මායම් හැට හතරක්ම තියනවනේ දැං වුණත් ගෙදරක දුවට ඕනෙ දෙය කරේ නැති වුණොත් කන්නෙ නැතුව ඇදෙන් බහින්නෙ නැතුව උපවාසයක් කරල හරි වැඩේ කර ගන්නවනේ ඒ බිසවත් එහෙම වෙන්න ඇති ඔන්න මේ ආරංචිය අර පුතුන් තුන්දෙනාට යනවා ඒ ගොල්ලො හිතන්න ඇති තාත්තට පිස්සුද කියලා ඔන්න දැන් කුමාරවරු තුන්දෙනා රජතුමාව හම්බවෙන්න යනෝ රජතුමාගෙන් විමසනෝ රජතුමා කියන්න ඇති හපෝ පිස්සුද මං පුතාල තුන්දෙනා ට දෙන්නෙ නැතුව වෙන කාට දෙන්නද කියල කියන්න ඇති ඔන්න දැං මේක රට පුරාම පැතිරෙනෝ කුමාරවරු තුන්දෙනා හිතන්න ඇති පියා කරන්නෙ බොරුවක් කියලා දෙන්න ඕනෙ වැඩේ කියලා ඔන්න බුවනෙකබාහු,රයිගම් බණ්ඩාර,මායාදුන්නේ යන කුමාරවරු හොර රහසේම රාත්‍රියේ ගිහිල්ල පියාව මරා රාජ්‍ය පැහැර ගන්නෝ ඔන්න ඕක තමයි විජයබා කොල්ලය කියන්නේ මේකේ පියා මැරීමට වැඩි කොටසක් ඉටු කළේ පවුලේ බාලයා වූ රණශූර මායාදුන්නේ කුමාරයා ඔන්න දැන් කෝට්ටේ රාජ්‍යය කෑලි තුනකට බෙදුන ඒ තමයි බුවනෙකබාහු කුමාරයා කොට්ටේ පාලකයා, රයිගම් බණ්ඩාර කුමාරයා රයිගම ,මායාදුන්නේ කුමාරයා සීතාවක .ඔන්න ඔතනදි තමයි සීතාවක බිහිවෙන්නේ මෙතන වැඩි කොටසක් කළේ මායාදුන්නේ වුණාට ඔහුට තමයි පුංචිම කොටස හම්බ වුණේ දැං අයියල දෙන්න බයවෙලා ඉන්නෙ මල්ලි රණකාමිය නිසා කවදහරි තාත්තට දුන්න වැඩේ අපිටත් දෙයි කියලා ඔන්න ටික දවසකින් රයිගම් බණ්ඩාර මිය යනෝ වහා ක්‍රියාත්මක වුණු මායාදුන්නෙ රයිගම තම සීතාවක ඈදා ගන්නේ ඔන්න දැං වැඩි කොයසක් අයිති පවුලේ වැඩිමලා බයවෙලා ඉන්නෙ මූ මටත් වැඩේ දෙයි කියලා ඒ නිසා බුවනෙකබාහු තම ආරක්ෂාව බාර ගන්නා ලෙසට පෘතුගීසීන්ට පවරනෝ ඊට පස්සෙ පෘතුගීසීන් නිකං හිටියද නිකං දෙයියෝ දුන් තෑග්ගක් වගේ කියල හිතන්න ඇති කොයි වෙලාවේ හරි අපිට අඩ ගහයිද කියලා හිටිය පෘතුගීසීන්ට ඒ වෙලාවේ මොකක් හිතෙන්න ඇතිද ඔන්න දැං මායාදුන්නේ බයවෙලා ඉතිං ඔහුත් ඉන්දියාවේ සැමොරින් පාලකයාගෙන් උදව් ගන්නේ දැං දෙගොල්ලෙම විදේශීය ආධාර මත යැපෙන්නේ ඔන්න දැං යුද්ධ ඒත් මායාදුන්නේට කොට්ටේ අල්ගන්න බැරිවෙනෝ මායාදුන්නේට පුතෙකුත් ඉපදෙනෝ ඔහුගේ නම ටිකිර කුමාරයා ඔහු තාත්තටත් වඩා රණ කාමියා ඔන්න දැං වසරවල් ගෙවෙනවනනේ එකම තැන තියෙන්නෙ නැහැනේ බුවනෙකබාහු රජතුමා පෘතුගීසින්ට කියනෝ තමාගෙන් පසු ධර්මපාල කුමාරයාට රජකම දෙන ලෙසය ඉතිං ඔක ඉස්තීරයෙන් කරන බව රජුට පෙන්වන්න ඕන නිසා පෘතුගාලයේ ධර්මපාල කුමාරයාගේ පිළිරුවක් හදල එයට පෘතුගාලෙ රජතුමාට කියල ඔටුනු පළදවනවා ඊට පස්සෙ ධර්මපාල කුමාරයා ක්‍රිස්තියානි ආගම වැළඳගන්නෝ අවුරුදු හයේ පොඩි කොල්ල හැබැයි පෘතුගීසි බුවනෙකබාහු රජතුමත් එක්ක තරහින් ඉන්නෙ ඇයි සීතාවක් අල්ලා ගැනීමට ඔවුන්ට අවසර දුන්නෙ නැති හින්ද හා බුවනෙකබාහු රජතුමා කතෝලික ආගම වැළද ගත්තෙ නැති හින්දා ඔන්න රජතුමා විවේකය ගත කිරීමට කැලණියේ රජමාලිගාවේ උඩ තට්ටුවේ ඉන්නකොට පෘතුගීසි බටයෙක් රජුට වෙඩි තියල මරණෝ දැං පොරොන්දු වෙච්ච විදියට ධර්මපාල කුමරුවාට රජකම දෙන්න ඔනනේ ධර්මපාල කුමාරයා කියන්නෙ බුවනෙකබාහු රජතුමාගෙ මුණුබුරා එතකොට අවුරුදු හතේ කොල්ල ඉතිං මේක දන්නවයි රට පාලනය කරන්න නිකං රූකඩයක් වගේ පෘතුගීසි කියන කියන විදියට නැටුවා ඊට පස්සෙ බලෙන් ධර්මපාල කුමරුට කියලා කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවකින් අයිති කර ගන්නේ ඉතිං ධර්මපාල කුමාරයා කතෝලිකයෙක් නිසා දළදා වහන්සේ රැගෙන භික්ෂූන් වහන්සේලා හා බෞද්ධ ජනතාව මායාදුන්නේ ළඟට යනවා දන්ත දාතුව තැබීමට දළදා මාලිගයක් හදල නැහැ ඇයි එතකොට ඕන වෙලාවක ඇවිල්ල දන්ත ධාතුව පැහැර ගන්න ඇහැකිනේ ඒ නිසා දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක තමයි දන්ත ධාතූන් වහන්සේ සගවලා තියෙන්නේ මොකෝ පෘතුගීසීන් ඇවිල්ල කුරක්කන් ගල් අස්සෙ බලනවයි හැබැයි දළදාවට පුද පූජා පවත්වලා තියනෝ දැන් සීතාවක ප්‍රබල රාජ්‍යක් පෘතුගීසි හිතන්න ඇති මායාදුන්නේ මැරුනොත් ඌට වඩා අමාරු කාරයනේ ටිකිරා නැතිනම් රාජසිංහ කුමාරයා ඒ නිසා 1962 දී ද ලසර්දා නම් පෘතුගීසි සෙන්පතියා යටතේ පෘතුගීසි සේනාවක් එවනෝ මායාදුන්නේත් ටිකිරි කුමාරයාත් සේනාවක් අරගෙන එනෝ ඔන්න දෙගොල් හමුවෙනෝ මුල්ලේරියාවෙදි නැතිනම් අංගොඩ දී මුල්ලේරියාවේ වෙලේ වතුර ලෙයට හැරවුණයි කියල සින්දුවක් තියනවනේ ඒ කියන්නේ ලොකු යුද්ධයක් යන්න ඇති එතනදි පෘතුගීසි සේනාව සමූලඝාතනය වෙනවා ඔන්න ඔතන තමයි කිසිම ආධාරයක් නැතුව මායාදුන්නේ පෘතුගීසීන් එක්ක හැප්පිලා දින්නේ ඔන්න ඉතිං මේ කියන්න යන්නේ මායාදුන්නේ ටිකිරි කුමාරයා අතින් මැරුම් කාපු හැටි ඔන්න රජතුමාට ඕන වෙනවා පුතාගෙ දස්කම් සියතින් දැක බලාගන්න ඔන්න යුද පිටිය අසලට රජතුමා ළඟට යනෝ රජතුමා බලන් ඉද්දි සටන් කරුවෝ රජතුමාගේ පුතාට ගහවිය ඉතිං ඒ ගොල් ගෑණු ශොට්ලු ගහල තියෙන්නෙ මේක රජතුමාට හරි යන්නෙ නැතිලු ඉතිං එක දවසක් රජතුමා යුද පිටියේ මැද තියෙන පිදිරු ගොඩක් අස්සට වෙලා බලාගෙන ඉදල තියෙනෝ පුතා සෙල්ලම් කරන හැටි බලනකොට ප්‍රබල දාමරික ශොට් හමුවේ පුතා නිර්බයව දෙතුන් දෙනෙක් සමග සටන් කරනෝ දැක්කම රජතුමාට සතුටු හිතුනලු ටිකිරි කුමාරයගේ පුරුද්දක් තියෙනවලු සටන්කර ඉවරවුණාම අසිපත අජීවී දෙයක දමල ගහන්න ඉතිං එදා හිතිල තියෙන්නෙ පිදුරු ගොඩට දමල ගහන්න කඩුව කීස් ගහල පිදුරු ගොඩ ළඟට එව්වලු ඊට පස්සෝ රජතුමා බුදු අම්මෝ කියල කියන්න ඇති ඔන්න ඔහොම තමයි මායාදුන්නේ ලංකාවෙන් ගියේ සමහරවිට මේක ටිකිරි කුමාරයා දැනුවත්ව කරපු එකක් වෙන්න පුලුවන් ඒ දවස්වල තාත්ත මරලා රජකම ගත්ත රජකම ගත්ත අයලුනේ ඉදල තියෙන්න මේ ගැනනම් කිසිම පොතක සදහන් වෙන්නෙ නෑ මේ ජනප්‍රවාදයක් 1581 දී මායාදුන්නේ රජතුමා මැරෙනෝ ඔන්න ඊට පස්සෙ කවුරුත් දන්නවනේ කවුද රජවුණේ කියලා ටිකිරි කුමාරයා සීතාවක රාජසිංහ නමින් රජවෙනෝ ඔන්න රජවෙලා එක් වසරකින්ම උඩරට අල්ල ගත්තා හා මට කියන්න බැරි වුණා මැරෙන්න කලින් තාත්තයි පුතයි එකතු වෙලා එකවර කොළඹ කොටුවට හා කොට්ටේට පහර දුන්නනේ එහිදි කොට්ටේ භාගයක් විතර සීතාවකට ඈදා ගත්ත‍නේ එතකොට උඩරට රජතුමා තම බෑණා හා දුව සමඟ පෘතුගීසි මන්නාරම් කොටුවට යනෝ පෘතුගීසි බලං ඉන්න ඇති කවදද අපිට රට අභ්‍යන්තරයට යන්න වෙන්නෙ කියලා බොලේ දෙයියෝ දුන්න වගේ කඩා පාත් වුණාම බැහැයි කියලා ඉදීද ඉතිං රාජසිංහ රජු උඩරට පාලනය කිරීමට සාමන්ත කෙනෙක් පත්කරනෝ ඊට පස්සේ ආරංචි වෙනෝ උඩරට සාමන්ත වන වීරසුන්දර බණ්ඩාර වෙනමම රාජ්‍යයක් පිහිට වීමට උත්සාහ කරනව කියලා ඉතිං ඔහුව ප්‍රසිද්ධියේ මරන්න බැහැනේ ඊට පස්සෙ කටකතාන්දර යාවි ගොල්යව මැරුවයි කියලා නැතිනම් සිංහලයි සිංහලයන් මරා ගත්තා කියලා ඉතිං වීරසුන්දර බණ්ඩා අසු පිට යන පාරේ බොරු වලක් කපා එහි පුවක් ලී උල් කර හිටුව හිනී උල් වලට විස කවා තිබුණලු ඔන්න අසු පිට යනකොට ඕකට වැටුණලු ඊට පස්සෙ මොකද වෙන්න මැරෙන් නැතුව ඕක බලං හිටිය වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොනප්පු බණ්ඩාර මේක දැකලා මන්නාරම් කොටුවට පලා ගියා පෘතුගීසීන්ට වයසක කරලියද්දේට වඩා සිංහල ශක්තිමත් කොල්ලො වටිනවනේ ඒ නිසා බොහෝ ම ආදරයෙන් පිළිඅරගෙන ඔහුගේ දස්කතම් දැක ඉන්දියාවට ගිහිං යුද පුහුණු ලබා දී සෙන්පතියෙක් කරලා උඩරටට සේනාවක් එව්වලු එතනදි පහසුවෙන් උඩරට අල්ල ගත් පෘතුගීසීහු කරලියද්දේගෙ බෑණා යමසිංහ බණ්ඩාර නැතහොත් දොන් පිලිප් රජකමට පත් කළේය මේ ක බලං හිටිය කොනප්පු බණ්ඩාර මං මොකටද වෙන කාටවත් රජකම අරං දෙන්නේ කියලා දොන් පිලිප් මරලා විමලධර්මසූරිය නමින් රජවෙලා ඔන්න දැං රාජසිංහ රජතුමා සිත්තැව්ලෙන් ඉන්නේ තමා අමාරුවෙන් ගොඩ නැගූ සීතාවක අගාදයට යන නිසා නිකං පිස්සු වැටිල වගේ ඉන්නේ ඔන්න 1592 දී විමලධර්මසූරිය රජතුමාගෙන් අන්ත පරාජයකට පත් වුණාම පස්සේ ආපසු එන ගමනේදී පෙතන්ගොඩ උයනේ උණ කටුයක් ඇණී අභාවප්‍රාප්ත වූ බව කියවේ ඊට පස්සේ පෘතුගීසි පහසුවෙන්ම කෝට්ටේ සහ සීතාවක අල්ලා ගන්නා ලදී ඔන්න ඔහොම තමයි විජයබා කොල්ලයෙන් පසු ලංකාවේ තත්ත්වය එයින් වුණේ ඒ රජ පරම්පරාව අවසන් වුණා

වොහාරික තිස්ස මහා රජතුමා

වොහාරික තිස්ස මහා රජු සිරිනාග රජුගේ පුත්‍රයාය බුද්ධ වර්ෂ 753 දී වොහාරික තිස්ස සිහසුනට පත් වූ අතර ඔහුට අභය යනුවෙන් සොහොයුරෙකු විය දීප වංශයේ තොරතුරු පරිදි සිරිනාගගෙන් පසු රජ වූයේ අභය කුමරුය එසේම අභය නාග කුමරු වොහාර තිස්ස කුමරුට රජය අහිමි කිරීමට යෙදූ කටයුතු පිළිබඳව ද විස්තර දැක්වේ වොහාර යන්න විග්‍රහ කර අර්ථ දක්වන අයගේ මතය නම් මෙම වොහාර යන්න මෑත කාලයේ නීතිඥ යන්නට සමාන පදයක් බවය නීති විශාරද තිස්ස වොහාර තිස්ස යනුවෙන් හැදින්වුණු බව මේ අනුව පැහැදිලි කෙරේ මහ තොට හෙවත් මහාතිත්ථ මුල් යුගයේ මෙරට ප්‍රධාන වරාය ආශ්‍රිත ප්‍රදේශයෙකි එනම් වර්තමානයේ මන්නාරම අසල පෙදෙස වේ මෙහි ලොහොමුවා නැවක් තබා එහි දන්වැට පැවැත්වීම මේ රජු විසින් කරන ලද බැව් ප්‍රකාශිතය එසේම භික්ෂූන් විෂයෙහි ඔහු කරන ලද පුද පූජා මෙන්ම මිරිවැටිය,ඉසුරුමුණිය,නාගදීප, වැනි ස්ථානවල පුද පූජා කරවීම විශේෂ වැදගත්කමක් ගතී එයට හේතුව දිවයිනේ ණය බරින් මිරිකී සිටි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් තුන් ලක්ෂයක මුදල් වියදම් කිරීමක් ගැනද කියවෙන අතර එය ව්‍යාකූල සහිතය තවද සසුනට හානිකරව තිබූ මහායාන මතවාදයන් වූ වෛතුල්‍ය වාදය මර්දනය කර කපිල නම් ඇමතියෙකු ලවා කරුණු විනිශ්චය කර වෛතුල්‍යවාදී ග්‍රන්ථගිනිබත් කරවා බුදු සසුන බැබළවූ බව සදහන්ය සමහර ඉතිහාස ග්‍රන්ථවල සදහන් පරිදි ක්‍රි.ව.214 සිහසුනට පත් මේ රජු දඩුවම් වශයෙන් එකල තිබූ අත් පා කැපීමාදී ශාරීරක වධ අවලංගු කර රටේ සම්මත නීති ශංශෝදනයක් ඇති කළ බැව් පෙන්වා දෙයි පළමු වරට වෛතුල්‍යවාදී මත පළවූයේ මේ රජුගේ කාලයේ වීමද විශේෂ සිදුවීමකි වොහාරික තිස්ස රජුට ද්‍රෝහි වූයේ ඔහුගේම සොහොයුරා වූ අභය නාග කුමාරයාය රජ බිසව හා අයථා සම්බන්ධයක් පැවැත්වූ හෙතෙම එය හෙළිදරව් වූ පසු ලක්දිවෙන් පළා ගිය බැව් කියවේ ඒ අවස්ථාවේ ඔහු ජනප්‍රසාදයට පත්ව සිටි රජු වැසියාගෙන් බිදවීම පිණිස සූක්ෂම ක්‍රියාමාර්ග යොදා ඇත ඒ සිය මයිලණුවන් රජුට ද්‍රෝහිකම් කිරීම පිණිස යොදවා ගැනීමය අභය නාගගේ මයිලණුවන් සුබදේව විය අභය නාග හා සුබදේව ඔවුනොවුන් සතුරු බව රජුට ඇඟවීම පිණිස තම අත් පා කපා දැමීමට එකඟ වී ඇති බැව් කියති කෙසේ වුවත් විකලාංග වූ සුබදේව රජු වෙත පැමිණි පලා ගිය සොයුරා තමාට දෙන ලද දරුණු වධය ගැන රජුට සැලකර සිටියේය මේ ගැන කටයුතු කළ වොහාරික තිස්ස ඔහු විශ්වාස කර රාජ්‍ය කටයුතු පාලනය මොහුට පවරා දුන්නේය එතුන් සිට මොහු රජුගේ නාමයෙන් රජවාසීන්ට හිංසා පීඩා කරන්නට විය මේ හේතුව නිසා ටිකින් ටික රට වැසියා කෙරෙහි කළ කිරීමට පත් විය රජු හා වැසියා අතර හොද සිත පළදු වූ බැව් දැනගත් අභය නාග සේනාවක් පිරිවරාගෙන ලංකාවට පැමිණ තිබේ මෙහිදී රජු වෙනුවෙන් සටන් කිරීමට රටවාසීන් කැමැත්ත නොදැක්වූ බැවින් දිවි රැක ගැනීම පිණිස රජ තෙමේ සිය මෙහෙසියද රැගෙන අසු පිටින් මලය රයය පැන ගත්තේය එහෙත් සිය සොයුරා ලුහුබැද ගිය අභය නාග රජු මරා මෙහෙසිය අත්පත් කර ගෙන අනුරාධපුරයට පැමිණියේය වොහාරික තිස්සට මරු කැද වූ ඔහුගේ මෙහෙසිය එතැන් සිට අභය නාගගේ බිසොව වූවාය

එදා අනුරාධපුරය - ඇතුළුනුවර කැණීම්

ශ්‍රී ලංකාවේ ලොකුම පුරාවිද්‍යා කැණීම වන අනුරාධපුර ඇතුළුනුවර කැණීම් අනුව අනුරාධපුර නගරය තරම් දියුණු ශිෂ්ඨාචාරයක ලක්‍ෂණ කි‍්‍රස්තු පූර්ව හයසියේ දී දකුණු ඉන්දියාවේ පවා නොමැති බව එහි කැණීමේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරාන් දැරණියගල කියයි. ඇතුළුනුවර කැණීම නව ක‍්‍රමවේදයක් ඔස්සේ විධිමත්ව හා තාර්තිකව සනාථ කෙරෙන පුරාවිද්‍ය සාධක ඔස්සේ ජාත්‍යන්තර කැණීමක් ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව හා ජර්මනියේ බර්ලින් විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යඥයෝ පසුගියදා සංරක්ෂණ, පරීක්‍ෂණ,විශ්ලේෂණ හා වර්තා කටයුතු ඇරැඹූහ.බර්ලින් සරසවියේ පුරාවිද්‍යා මහාචාර්ය කායි කොල්මයර් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන් සමග නවීන තාක්ෂණික ක‍්‍රමවේදයක් ඔස්සේ කැණීම මෙහෙවයි. ආචාර්ය දැරණියගල කියනුයේ විජය රජුගේ ඉතිහාසයෙන් එපිට ඈත ඉතිහාසයක් ද දියුණු නගරයක් වූ අනුරාධපුරයේ ලෝහ තාක්ෂණ, මැටි නිර්මාණ හා අක්ෂර භාවිතය පැවැති බවත් එවැනි දියුණු නගරයක් දකුණු ආසියාවේම නොතිබූ බවත්ය. ‘‘ මේවගේ ලොකු කැණීමක් ලංකාවේම නෑ. අඩි සීයයි සියයක වළක් මෙහෙම පුරාවිද්‍යා පරීක්ෂණයක් ඉන්දියාවේත් නෑ. ඇතුළුනුවරට අයිති අක්කර 250ක පමණ භූමිය ආරක්ෂිත භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කොට තිබෙනනේ. ලොකුම ගැටළුව තමා මෙම ඉඩමේ අනවසර පදිංචිකරුවන් සිටීමයි’’ විජය රජුගෙන් පසු අනුරාධපුරය ලෙස නම් තැබූ අනුරාධපුරයේ කි‍්‍රස්තු පූර්ව 400ටත් පෙර නාමය ‘‘අනුරාධ’’ විය හැකි බවට සාධක ලැබී ඇතැයි ද ඒ මහතා කියයි. ‘‘අනුරාධ’’ යනුවෙන් අක්ෂර යෙදූ වළං කැබැල්ලක් එහි අදාල යුගයේ පස් ස්ථරවලින් හමු වූ බවත් කාබන් 14(සී-14) පරීක්ෂණය අනුව එය ක‍්‍රිස්තු පූර්ව 400ට අයත් බවත් ආචාර්ය දැරණියගල පවසයි. අතුළුනුවර යනු අනුරාධපුර පැරණි දළදා මාලිගය පිහිටි භූමියයි. එය මෙරට රජ පෙළපතේ වසස්ථාන සහිත දියුණු නාගරික හා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත පුරාවිද්‍යා වැඩ බිමකි. විජය රජුගෙන් පෙර ඉතිහාසයේ උදෙනි, සැවැත්, බරනැස් ආදී දියුණු ඉන්දීය නගර පැවැති කාලයේදී ද එම අනුරාධපුර නගරය අතිශය දියුණු නගරයක් ලෙස ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ පිළිගනිති. මීට වසර 12කට පෙර ආචාර්ය ශිරාන් දැරණියගල මෙම කැණීම ඇරඹුවේ මෙරට ප‍්‍රාග් ඉතිහාසය ලෝකයට විදහා දැක්වීමේ ප‍්‍රධාන කැණීම ලෙසයි. ඒ අනුව බර්ලින් සරසවි කණ්ඩායම එම ඉලක්කය සඳහා තවත් වසර හතරක් පමණ පර්යේෂණ කිරීමට නියමිතය.

විල්පත්තුවේ කුවේණි මාලිගය

ඉතිහාස පොතේ කුවේණිය අපට මවාගත නොහැකි සිතුවමකි. නැතහොත් චිත‍්‍රපටකරුවකුගේ හෝ නවකතාකරුවකුගේ චිත්තරූපයකට වහල් වූ සේයාවක් පමණි. තඹවැල්ල අදත් දිළිසෙමින් පවතී. විල නිසලය. තම්බපන්නිය සතුරන්ගෙන් මුදාගෙන ඇත. එදා මාතොට හා මග්ගන වරාය වෙනුවට වන ලැහැබින් සැරසුණු මෝදර ගං ආරු වෙරළ තීරයට ඔබ්බෙන් මහවන මැද කපු කිණිස්ස ගස් කාටදෝ අතවනනු සේ දිස්වේ. කපු නූලෙන් රෙදි වියන රාජිණිය එහි නැත. එහෙත් ක‍්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ සිට ඇගේ නමින් නැගී සිටින ගල්කණු පෙළ පණිවුඩයක් ගෙන දේ. ඒ ගරාවැටුණු කුවේණි-විජය පේ‍්‍රම මාලිගයේ ශෝකාන්තයදෝ හැගේ. අක්කර තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ වන විල්පත්තු වනෝද්‍යානයේ ඇති ස්මාරක අතර මේ එක පුවතක් පමණි. විල්පත්තුව යනුවෙන් අප සිතා සිටින දර්ශනයේ සිටිනුයේ වල් අලින්, මුව රංචු, විල් හා වියලි කලාපීය වෘක්‍ෂලතා පමණි. මෙතෙක් කල් අප මනසට දමා තිබූ ඒ සිතුවිලි බැම්ම කඩා අලූතින් දොරටු විවෘත කරන්නට වනජීවී දෙපාර්තමේන්තුව සැරසේ. ඒ අතර භෞතික වශයෙන් නොච්චියාගම දෙසින් ඇති ප‍්‍රදේශ දොරටුවට අමතරව තත්තිරිමලෙන්, විලච්චිය මන්නාරම් හන්දියෙන්, එළුවන්කුලමින් හා මන්නාරම -මොල්ලිකුලමින් පිවිසෙන දොරටු තැනීමට දෙපාර්තමේන්තුව වැඩ අරඹා ඇත. මනසට දොර ඇරියේ ඉකුත් සතියේ පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන් ද නාහිමියන් විසිනි. ”විල්පත්තුව යනු සත්ව විවිධත්වය හා ජෛව විවිධත්වය විතරක් පිරුණු තැනක් නොවේ. විල්පත්තුව පුරා තිබෙන්නේ බෞද්ධ ස්මාරක”යැයි කියමින් නාහිමියෝ ඊට ප‍්‍රවේශ වූහ. මීට වසර 40 කට පෙර ශිෂ්‍ය භික්‍ෂුවක් ලෙස කාල පර්යේෂණ හා පුරාවිද්‍යා වාර්තා සමග වැඩම කර සිටින නාහිමියන්ට ගල්තලා ගල් ලෙන් හා ගොඩනැගිලි පාදම් හා ගැටීම එතරම් අසීරු නොවීය. ඔච්චප්පු කල්ලූ ප‍්‍රදේශය තනිකරම පුරාවිද්‍යා නටබුන් බිමකි. ”ඔච්චප්පු කල්ලූ” යන්නෙහි අරුත එසවූ ගල් බව මේධානනන්ද නාහිමියෝ කීහ. එය එසේම දක්නා ලැබේ. ඒ අවට ඇති ගල්ලෙන් රැසක්ම පිහිටි ගල් ලෙන්වලට වඩා ඔසවා අඩ තබා වහලයක් බවට පත්කර තැනූ ලෙන්ය. ඇතැම් තැනක ”චතුදිග අගස...” ආදී වශයෙන් බ‍්‍රාහ්මණ අක්ෂරයෙන් ගල්ලෙන් කටාරම් අසල ශිලා ලේඛන මූර්තිමත්ය. ඉන් කියැවෙන්නේ සතර දිගින් වඩින භික්‍ෂූන් උදෙසා ඒවා පූජා කර ඇති අයුරුය. ඔච්චප්පු කල්ලූවේ ගල්ලෙන් මෙන්ම අගනා ස්තූප දෙකක නටබුන් ද හමුවෙයි. එවාහි ඝර්භය දිගින් දිගටම නිධන් හොරුන්ගෙන් විනාශව පවතී. ඒ දිගුකල් පැවැති යුද්ධයෙන් අතුරු ඵලයන්ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට වසර හතළිහකට පමණ පෙර සංරක්‍ෂණය කළ වැලිවෙහෙර නටබුන් සංකීර්ණය ද නැවත නැවතත් හාරා විනාශ කර තිබේ. එය පිහිටා ඇත්තේ වනාන්තරයේ දකුණු දෙස පුත්තලම පැත්තට වන්නටය. වනජීවී දෙපාර්තමේන්තුව උත්සාහ දරන්නේ නිධන් හොරුන්ගේ ග‍්‍රහණයෙන් මේවා බේරා ගන්නටත් ඉතිහාසයෙ සැබෑ මුහුණුවර කියන්නටත් ඇති හොඳම මග ලෙස දෙස් විදෙස් සංචාරකයන්ට මේවා නැරඹීමට සැලැස්මවීමටය. ”මෙම ස්මාරක, පොකුණු ආදිය ඉතා ආකර්ශනීය පෙනුමකින් සංරක්‍ෂණය කිරීම අපේ අරමුණ. ඒ සඳහා රජයෙන් අවශ්‍ය තරම් මුදල් ප‍්‍රතිපාදන ද ලැබිලා තිබෙන්නේ. ”දැයට කිරුළ” වැඩසටහනට සමගාමීව එම ස්ථාන සකස් කර එම ප‍්‍රදර්ශනය නැරඹීමට එන ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට විල්පත්තුව හඳුන්වා දීමත් අපි බලාපොරොත්තුයි.” යනුවෙන් ගොවිජන සේවා හා වනජීවී කටයුතු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප‍්‍රකාශ කළේය. වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එච්. වේරගම මහතා පවසන්නේ දැනට භාවිතයට ගැනෙන විල්පත්තුවේ අක්කර 150,000 ට අමතරව තවත් ලක්‍ෂයක්වත් සංචාරකයින් වෙනුවෙන් සකස් කරදීම තවත් අපේක්‍ෂාවක් බවයි. මනවිල, පනික්කවිල, තලවිල හා කොක්මොටේ ප‍්‍රදේශවල සංචාරක බංගලා හතරක් ඉදිකර තිබේ. ඊට අමතරව තවත් බංගලා 5ක් ගොඩනගා සංචාරකයන් ඇද ගැනීමට බලාපොරොත්තුවන බව වේරගම මහතා පවසයි. ඔහුගේ අනෙකුත් සැලසුම් අතර වනයේ ඇති වැව් ප‍්‍රතිසංස්කරණය, ආහාර වනවගා සුපෝෂණය, දියවළවල් ඉදිකිරීම් හා විදුලි වැට ඉදිකර අලි මිනිස් ගැටුම වළක්වාලීම ද වේ. මේ සියලූ සැලසුම් අවසානයේ වන සතුන් හා වන ගොමු නරඹන අයට මෙන්ම ඉතිහාසයට ඇළුම් කරන්නන්ට පුරාවිද්‍යා ස්ථාන සියයක් පමණ හඳුන්වාදිය හැකි බව පුරා විද්‍යාඥයෝ මෙන්ම වන නිලධරයෝ ද කියති. ශිලාවතුර, පොම්පරිප්පු, මෝදරගංආරු හා ඒ ආශ‍්‍රිතව අතීත ශ්‍රී ලංකාවේ සශ්‍රීකම නගරයක් වූ උරුවේල නගරය ඉතිහාස නටබුන් මතින් දැකීමට මෙයින් මග සැලසෙන බව මේධානන්ද නාහිමියෝ කියති. නාහිමියන්ගේ සිහිනය මල්ඵල දරන්නට තව ඊට එක්විය යුතු ”අඩුමකුඩුම” බොහෝය. විවිධ දෙපාර්තමේන්තුවල සහයෝගය, නීතිමය, ආරක්‍ෂකමය හා ප‍්‍රදේශමය සහයෝගය අනෙකුත් කරුණුය. එමෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන ලැබී ඇති සාධක ඔස්සේ ගැඹුරින් පුරාවිද්‍යා පර්යේෂණ සිදුවිය යුතුව තිබේ. තවද ගමන ඉදිරියට යාමට සංචාරක ව්‍යාපාරයද කළමනාකරණය කර ගත යුතුව පවතී. එවිට ක‍්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ 9 වැනි සියවස පමණ දක්වා ඇති විවිධ පුරා විද්‍යා සාධකවලින් මතුවූ දැවැන්ත ස්මාරක සමූහයක් ලොවට දායාද වනු ඇත. කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිළ සංදේශයේ කවියා සිය ඳුතයාට, ”තම්මැන්නා අඩවිය දැකයන් නොසිට...” වශයෙන් අමතයි. කෝකිලයා එවිටත් කම්මැන්නාවේ සුන්දරත්වය දැකීමට තරම් මනරම් වූ තම්මැන්නා අඩවිය සැබැවින්ම මතු පරපුරට අලංකාරයෙන් දැකගත යුතුව ඇත්තේ නොවේද?

උඩරට රජුන්ගේ රාජසභාව

අපගේ රජවරුන් රට පාලනය කළ රාජ සභා මණ්ඩප අතුරෙන් තවමත් ජීවමානව දැකිය හැකි රාජ සභා මණ්ඩපයක් වශයෙන් දළදා මැදුරු ආසන්නයේ ඇති මඟුල් මඩුව හැඳින්විය හැකිය. ශ්රීප දළදා මලිගාවටත් රජ මාලිගා පරිශර මඩයටත් මැදිව පිහිටා ඇති උඩරට දැව කැටයම් නිර්මාණ ශිල්පීන්ගේ අපූර්ව නිර්මාණයක් වූ මෙම විවෘත මණ්ඩපය ශ්රී‍ ලංකා දේශයම ගිවිසුමක් මගින් ඉංගීරව භසීන්ට අත්පත් කරදුන් ඓතිහාසික ලියවිල්ල වූ උඩරට ගිවිසුම අත්සන් කළ මණ්ඩපය ලෙසද සැලකේ. එහෙත් ඊට පෙර මෙම මණ්ඩපය සාමාන්යල ජනතාවට ළඟාවිය නොහැකි අධිආරක්ෂිැත කලාපයක පිහිටි නායක්කර් රජවරුන් තම යුද අධිකාරම්වරුන් මෙන්ම නිලමේවරුන් සමග රාජ්යල පරිපාලන කටයුතු පමණක් නොව, අධිකරණ කටයුතු පවා ගෙන ගියේ මෙම ස්ථානයේ දී බැවින් මෙම ගොඩනැගිල්ලට ”මහ නඩුව” යන නමින්ද එදා ව්යේවහරට එක්වී ඇත. එකළ මෙහි රාජ සභාව පවත්වන විට රතු හා සුදු රැලි පාලම් වලින් දැව කුලූන ඉතා අලංකාර අයුරින් සරසා ඇති අතර වර්තමානයේ එම අවස්ථාව දැක ගත හැක්කේ මල්වතු අස්ගිරි උභය පාර්ශවයේ නායක උත්සව වලදීය. උඩරට දැව කැටයම් කලාවේ ඉහළම සංධිස්ථානයක් වශයෙන් සැලකිය හැකි මේ අපූරු නිර්මාණය කළේ දේවේන්ද්රම මූලාචාරිවරයායි. ඔහු ඓතිහාසික දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ නිර්මාණකරුවාද වෙයි. ඓතිහාසික මඟුල් මඩුව සකස් කිරීම සඳහා යොදාගෙන ඇති හල්මිල්ල හා නා දැව මාතලේ නාලන්දෙන් රැගෙන ආ බවට සඳහන් වන අතර පත්තිරිප්පුව නිර්මාණය කිරීම සඳහා ගෙන එන ලද දැවද එම පරරැ දේශයෙන්ම ගෙන ආ බව සඳහන් වේ. මඟුල් මඩුව මුලින්ම නිර්මාණය කරන ලද්දේ 1781 සිට 1798 දක්වා උඩරට පාලනය කළා රාජාධිරාජසිංහ රජු බව ඉංගිරය සි ලේඛක ජේ.සී. ලූවිස් සටහන් වෙයි. එහෙත් රාජාධිරාජසිංහ රජු අභිරහස් ලෙස මිය යන විට එහි වැඩ කටයුතු අවසන් වී නොතිබූ බැවින් ශ්රීි විකර් රමරාජසිංහ රජුද එහි ඉදිකිරීම් කටයුතුවලට උර දී ඇත. ඓතිහාසික වූ මේ මහා මණ්ඩපය ඉතිහාසයට එකතු වන්නේ, අපගේ රාජවශංයේ රජවරුන් දෙදෙනකු හා පසුව ඉංගීරේ මසීන් විසින් අලූත් කරන ලද රාජසභා මණ්ඩපයක් වශයෙනි. එක්දහස් අටසිය තුනේ දී සිදු වූ ඉංගීර් අසි උඩරට ආකර් වමණයේ දී බොහෝ රාජකීය ගොඩනැගිලි ගිනි තබා විනාශ කළ බව 1803 පෙබරවාරි මස 24 වැනි දින ඉංගිර වශසීන් විසින් නිකුත් කරන ලද ගැසට් පතර ගියේ සඳහන් වේ. එම හේතුව නිසාම 1815 දී ඉංගීර24 සීන් උඩරට පාලනයද සියතට ගැනීමෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ලේ ගොඩනැගීමේ කටයුතු නිමාකරන්නට ඇත. එහෙත් 1875 වේල්ස් හි කුමරුව සිටි හත්වැනි එඩව්ඞ් රජුගේ උඩරට ආගමනය නිමිත්තෙන් එහි පරමෙමධාන සම්භාෂණය පැවති මෙම ගොඩනැගිල්ල එහිමුල් ස්වරූපයට හානි නොවන අයුරින් වෙනස් කොට ඇත. මෙම ගොඩනැගිල්ලේ මුලින් පැවති දිග වූ අඩි 58 අඟල් 8ක පර් වමාණය තවදුරටත් දීර්ඝ කරමින් තවත් අඩි 31 අඟල් 6කින් දික් කර ඇති අතර එහි පළල අඩි 35 අඟල් 6ක පරතවදමාණ වෙනස් නොකර ඒ අයුරින්ම තබා ඇත්තේ එහි පළල වැඩි කළහොත් ගොඩනැගිල්ල, දෙපැත්තේ ඇති දැවැන්ත ලී කණු නිසා පළල් කරන ලද ස්ථානයේ සිටින පුද්ගලයන්ට කිසිසේත්ම පර ළලධාන මණ්ඩපය දැකිය නොහැකි නිසා විය හැකිය. එවකට රජ මාලිගා පරිශර ි යට ඇතුළුවීම සඳහා පර‍ඟලධාන දොරටු තුනක් තිබී ඇති අතර දැනට දළදා මාලිගාවට ඇතුළුවීමේ දී එය පසුකරන දිය අගල අසලින් හකුලන පාලමක් තිබූ බව සඳහන් වේ. දැනට එම හකුලන පාලම දක්නට නොමැති වුවත් 1821 දී මහනුවර ස්වරූපය සියැසින් දුටු ජෝන් ඬේවී නමැත්තා මෙසේ සටහන් කර ඇත. අවශ්යත වූ විටෙක ඉවත් කළ හැකි පාලමකින් ඇතුළු වී සුවිශාල ආරුක්කුවක් යටින් වැටුණු පාරකින් ගමන්කොට පඩිපෙළක් නැග තවත් කුඩා ආරක්කුවක් යටින් ගියවිට මඟුල් මඩුවට ළඟාවිය හැකි බව එහි සඳහන් වේ. වර්තමානයේ දළදා මාළිගෙයි පත්තිරුප්පුව අසල ඇති වාහල්කඩින් ඇතුළු වී වමට හැරී පඩිපෙළ නැග ගියවිට කුඩා ආරක්කුවක් හමුවේ එහි පඩිපෙළ නැග ගියවිට මඟුල් මඩුව හමුවෙයි. ජෝන් ඬේවී සඳහන් කර ඇත්තේ එම පඩිපෙළ හා ආරුක්කුව විය හැකි බවය. වර්ෂ 1815 මාර්තු මස 2 වැනි දින උඩරට ගිිවිසුම අත්සන් කරන ලද්දේ ද මෙම ගොඩනැගිල්ලේ දීය. එම අවස්ථාව සියැසින් දුටු කපිතාන් ඇල් ද බූෂ් ගේ දින පොතට අනුව මෙසේ සඳහන් වේ. එදින පස්වරු 4.00ට පමණ ආවතේවකරුවන් විශාල පිරිසක්ද සමගින් ඇහැලේපොල පළමු වැනි අධිකාරම් දෙවැනි අධිකාරම්වරු ඇතුලූ සියළු දිසාපතිවරුන් සමග මඟුල් මඩුවට පැමිණියහ. මෙහිදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු ගිවිසුම තීන්දුකොට සියලූ පාර්ශවයන් විසින් ගිවිසුම් පතිරරම්කාව අත්සන් කරන ලදී. මේ අවස්ථාවේ දී මහමළුව ඉදිරිපිට පෙළ ගස්වා තිබූ කාලතුවක්කු වලින් රාජකීය ආචාර වෙඩිමුර පවත්වන්නට යෙදුණි.
එහෙත් එදා විරාජමානව උඩරට ගිවිසුම අත්සන් කිරීමට මඟුල් මඩුවට පැමිණි මොණරවිල කැප්පෙටිපොළ හා මඩුගල්ලේ නිලමේ 1818 උඩරට කැරැුල්ලේ පරිණිධාන චූදිතයන් වී ඔවුන් ඇතුළු උඩරට නායකයන්ට මරණ දඬුවම නියම කරන ලද්දේ ද, මෙම ගොඩනැගිල්ලේ දීය. උඩරට ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ඊට විරුද්ධවන උඩරට පරරැුභූවරුන් ඝාතනය කරමින් එම ගිවිසුමේ ඇති පරු ධාන කොන්දේසියක් වූ බෞද්ධාගම ආරක්ෂා් කරන බවට වූ කොන්දේසිය ද කඩ කරමින් ඉංගීරඅමුසින් නොමිනිසුන් ලෙස හැසිරෙමින් ඓතිහාසික මඟුල් මණ්ඩපයේ කතෝලික පල්ලියක්ද ඉදි කළේය. මෙමගින් උඩරට ජනතාව ඉංගීර් ඓසීන් කෙරෙහි දැඩි කෝපයටත් කලකිරීමටත් පත්වූවත් ඉංගීර් සීන්ගෙන් ලාභ පර් යෝජන ලැබූ එක්තරා පරරසීභූ පැලැන්ති කිහිපයක් පමණක් ඉන් පරන් තිලාභ ලැබීය. ඉංගීරන් සීන්ට එරෙහිව නිදහස් සටන දියත් කිරීමේ දී සාංගරාි මික වශයෙන් උඩරට පරු‍අභූ පවුල් කිහිපයක් එකතු වුවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ සබරගමුව ඌව හා මාතලේ ජනතාවයි. ඔවුන් බහුතරය ඉංගීරහිදසීන්ගේ නොමනා කිරදියයා කලාපයට එරෙහිව සටන් වැදුණි. කෙසේ නමුත් ඉංගරී‍විසීන් මෙම ගොඩනැගිල්ලේ ඔවුන්ගේ දේව මෙහෙයන් පැවැත්වීම සඳහා යොදාගෙන තිබී ඇත්තේ උඩරට රජවරුන් තානාපතිවරුන් හා වෙනත් විශේෂ අමුත්තන් හමුවීම සඳහා යොදා ගත් කොටසේයි. මෙම කිර් කයාවට උඩරැටියන්ගේ දැඩි විරෝධය එල්ලවීම නිසා ඉංගීරන් සීන් දළදා මාළිගාවට මදක් ඈතින් පල්ලියක් ඉදිකිරීමට පියවර ගත්තේය. අද සාන්ත පාවුලූ දේවස්ථානය නමින් පත්තිනි දේවාලයත් නාථ දේවාලයත් අතර බිම් කඩක ඇති දේවස්ථානය එයයි. අනතුරුව මඟුල් මඩුව නැවතත් අධිකරණ ශාලාවක් විය. ගොඩනැගිල්ලේ දකුණු කෙළවරේ තරමක් උස් බිම් කඩක කොටුවක් ඇති ස්ථානයක් දැකිය හැකිය. එම ස්ථානය රජතුමාගේ සිංහාසනය තිබූ ස්ථානය වශයෙන් හැඳින්වෙන අතර, එහි සිට උඩරට රජවරුන් අධිකරණ කටයුතු රාජසභා පැවැත්වීම් ඇතුළු රටේ පරිපාලන කටයුතු කරගෙන ගොස් ඇත. එදා අපගේ රජවරුන් පසුකලෙක ඉංගිරම් සි පාලකයන් ශ්රීත ලාංකික විනිසුරුවරුන් මුලූ මහත් දේශයටම වැදගත් වූ තීන්දු තීරණ ගත් මඟුල් මඩුව ඒ සියලූ මතකයන් විඳ දරාගෙන අදටත් පුරාවිද්යා ස්මාරකයක් ලෙස විරාජමානව නැගී සිටී.

කාලතුවක්කු ප‍්‍රහාර විසි දෙකකින් බෑට කෑ චේතියගිරි රජ මහා වෙහෙර

පදවිය - පරාක‍්‍රමපුර - ශ්‍රීපුර රජ කාලයේ පටන්ම ගොවි කමේ මුල් ගම්බිම්ය. ඒ බව සනාථ කරන විශාල වැව් රාශියක් අදත් මේ ගම්මාන වල හැමතැනකම වාගේ දැකගත හැකිය. ඒවා ප‍්‍රතිසංස්කරණය කරවා අක්කර දහස් ගණන් අස්වද්දන කුඹුරු මැදවච්චිය හන්දියෙන් හැරී පදවිය බලා එද්දී මඟ දෙපසම දිස්වේ. ගොවිකමට ශූර පදවි - පරාක‍්‍රමපුර වැසියන්ගේ උත්තම පුණ්‍ය භූමියකට අද අපි රජමහා වෙහෙරක කතාවෙන් ගොඩ වෙමු. අනුරාධපුර නගරයේ සිට රඹෑව - මැදවච්චිය කැබිතිගොල්ලෑව - පදවිය පසුකරමින් අපේ ගමන වැටී තිබේ. පරාක‍්‍රමපුර ඇළ අසල හන්දියට පෙනෙන දුරින් ඓතිහාසික චේතියගිරි රජමහා විහාරය පිහිටා තිබේ. අනුරාධපුරයේ සිට පරාක‍්‍රමපුරට දුර කිලෝ මීටර් 64කි. මේ ඉපැරණි විහාරය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවි ජනපදයට අයත්ය. චේතියගිරි රජමහා විහාරය, පරාක‍්‍රමපුර පිහිටි බුද්ධංගල, තෝනිගල, රාජපොකුණ ආදී අනෙකුත් පැරණි විහාර අතරින් එකකි. විහාරයේ මුල් යුගය පිළිබඳව තොරතුරු සොයා බලද්දී චේතියගිරි විහාරය අනුරාධපුර යුගයේ මුල් කාල සමයට අයත්ය. ඒ අනුව දේවානම්පියතිස්ස රාජ සමය හෝ ඊට ආසන්න කාලයක මේ විහාරය ගොඩ නැගෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. පදවි ජනපදයේ පිහිටි ඉපැරණි මට්ටමේ බොහෝ වෙහෙර විහාර අනුරාධපුර මුල් යුගයට නෑකම් කියයි. ඒ බව සනාථ කළ හැකි ශිලා ලේඛන හෝ වංශ කතා විස්තර හමු නොවුණත් පුරාවිද්‍යාත්මක ලක්‍ෂණ පිරික්සා බලද්දී විහාරයේ පැරණි බව තහවුරු කරගත හැකිය. විශේෂයෙන් කැටයම් නොකළ සඳකඩ පහන් කිහිපයක්, කැටයම් නොකළ මුරගල් හා අනුරාධපුර මුල් සමයේදී බුදු පිළිමය වෙනුවට වන්දනා මාන කළ සිරිපතුල් ගල් කිහිපයක් චේතියගිරි රජමහා වෙහෙර තැනින් තැන දැකිය හැකිවේ. විශේෂයෙන් මේ සිරිපතුල් ගල් වල බුදු සිරිපාදය සියුම් කැටයම් සහිතව නෙළා තිබේ. මෙවැනි සිරිපතුල් ගලක් කොළඹ කෞතුකාගාරයේ හෝ දැකිය නොහැකි බව විහාරාධිපති කුඩාහල්මිල්ලෑවේ රතනසාර නාහිමියෝ අපට පැවසූහ. විහාර බිම තැනින් තැන පිහිටි කුඩා ගල් කුළු අතරේ ඉදිකර ඇති විහාරාරාංග දැකුම්කළුය. එයින් ලම්බාකාර ගල් කුලක ඉදිකර ඇති චෛත්‍යය බැලූ බැල්මට වෙනස් ආරක් ගනී. මේ චෛත්‍යය කුඩා ගල් කුලක් මත ඉදිකර ඇති නිසා චේතියගිරි නමින් මේ ස්ථානය හඳුන්වන බව කියැවේ. දැනට චෛත්‍යය ඉදි කර ඇති ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටඹුන් තිබී ඇත. ඉන් පසු එම ගරා වැටුණු චෛත්‍යය මත්තේ නව චෛත්‍යය ගොඩ නංවා තිබේ. ඒ 1961න් පසු කාලයේය. චෛත්‍යයට නැගෙනහිර දෙසින් පැරණි විහාර මැදුරේ නටඹුන් අදත් දක්නට ලැබේ. එහි පැතලි උළු සෙවිලි කර තිබී ඇති අතර චෛත්‍යය ආසන්නයේ එම උළු තවමත් දක්නට ලැබේ. පැරණි ගල් පඩි පෙළ, ගල් කණු, කොරවක් ගල් රාශියක් විහාර බිම තැනින් තැන පිහිටා තිබේ. මේ හරහා පැහැදිලි වන ප‍්‍රධාන කරුණු කිහිපයක් තිබේ. පෙර රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග‍්‍රහයද මේ ස්ථාන ලක්වී ඇති බව ඉන් එකකි. වවුනියාව, මුලතිව්, ත‍්‍රිකුණාමලය ආදී දිස්ත‍්‍රික්කවලට ආසන්නයේ මෙවන් ඓතිහාසික ශ්‍රී විභූතියක් පිහිටි පැරණි විහාර පැවතීම අනුව පෙනී යන්නේ මේ ප‍්‍රදේශවල අතීතයේ පටන්ම බෞද්ධ ප‍්‍රබෝධයක් හා සශ්‍රීක ජනපද බොහෝ පවතින්නට ඇති බවය. විටෙක මේ සා ඉපැරණි නටබුන් අපට දකුණේ සමහර ප‍්‍රදේශවලදීද හමු නොවුණි. විහාරාධිපති හිමියන් පවසන ආකාරයට මේ චේතියගිරි රාජමහා විහාරයට දේවානම්පියතිස්ස මහසෙන්, සද්ධාතිස්ස, මහා පරාක‍්‍රමබාහු යන රජවරුන්ගේ අනුග‍්‍රහය ලැබී තිබේ. විහාර මළුව එදා ගල් බැම්මකින් ආවරණය වී තිබී ඇත. නමුත් පසුකාලීනව එම ගල් බැම්ම විසිරී ගොස් තිබේ. එහි ගල් කුට්ටි තවමත් තැනින් තැන දැකිය හැකිය. ඉතිහාසය පුරා ඉතා දියුණුව, සශ්‍රීකව පැවැති මේ ප‍්‍රදේශ කාලයාගේ ඇවෑමෙන් වනගත විය. මෑත යුගයේ දියුණුව ඇරඹෙන්නේ ඞී.ඇස්. සේනානායක මහතා පදවිය වැව යළි ප‍්‍රතිසංස්කරණය කරවා ගොවි ජනපද ආරම්භ කිරීමට මුල් අඩිතාලම දැමීමෙන් පසුවය. 1959 දී පරාක‍්‍රමපුර චේතියගිරි විහාරයට වැඩම කළ මාමඩුවේ රතනසාර නාහිමියන් මේ විහාරය සොයාගෙන මෙතැන පොල්අතු මඩුවක් තනා එහි කල් ගත කළහ. එකල පදවි ජනපදයෙහි මිනිසුන් පදිංචි කළ අතර අවට ගම්බිම්ද ජනාකීර්ණ වන්නට පටන් ගත්තේය. 1961 අවසාන කාලයේ මේ විහාරයට වැඩම කළ කුඩා හල්මිල්ලෑවේ රතනසාර නාහිමියන් (වැලිඔය හාමුදුරුවෝ) තවමත් මේ විහාරය ඇතුළු පදවිය-වැලිඔය වෙහෙර තැන්න ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් ගොඩ නංවා, ගොවිජනපද ඇතිකරවා මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක් කරගෙන යමින් සිටිති. උන්වහන්සේ මෙහි වැඩම කිරීමෙන් පසු මේ පළාතකවත් උසස් පෙළ පන්ති නොතිබූ සමයක ගුරුවරුන් යොදවා උසස් පෙළ පන්ති ආරම්භ කළහ. දහම් පාසලක්, පෙර පාසලක්, ඉංග‍්‍රීසි පාසලක්, ජුකී මැෂින් පුහුණුවක් ආරම්භ කළහ. ඒ හරහා ගොවි ජනපද වල වෙසෙන දරුවන්ට අලූත් ලෝකයට ප‍්‍රවිශ්ඨ වීමේ මාර්ග ඇති කළහ. මේ දියුණුව පසුකාලය වෙද්දී පරිගණක තාක්‍ෂණය දක්වා දියුණු කර දරුවන්ට ලබාදීමට නාහිමියන් මුල්වූහ. ඒ සියලූ දේ අතරේ විහාර බිමේ දර්ශනීය බුද්ධ මන්දිරයක්ද ඉදි කළහ. එහි විශාල සමාධි පිළිම වහන්සේ දකින අයගේ පින් සිතිවිලි පහළ කරන අපූර්ව නිර්මාණයකි. විහාර ගෙය පුරා බුද්ධ චරිතයේ සිදුවීම් ලිය වැල්, ජාතක කතා අගනා සිතුවම් දක්නට ලැබේ. එසේම ඝණ්ඨාර කුළුණ, අටවිසි බුද්ධ මන්දිර හා විහාරයේ දැකුම්කළු උද්‍යාන සැලැස්ම තුළ නාහිමියන්ගේත් ශිෂ්‍ය පරපුරේත් දැක්ම, ජාතික ආගමික කැක්කුම, නිර්මාණශිලීභාවය දකින්නවුන්ට පසක් කර දෙයි. විහාර බිම පසෙක පිහිටියේ පැරණි බෝධීන් වහන්සේ නමකි. පදවිය-පරාක‍්‍රමපුර අවට සියලූම ගම්මාන වලට 1984න් පසු ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රබල ප‍්‍රහාරයන්ට මුහුණ දෙන්නට සිදුවිය. විශේෂයෙන් මේ විහාරයත් නාහිමියනුත් ඉලක්ක කර කාලතුවක්කු ප‍්‍රහාර 22ක් එල්ල විය. එහි සංඥා ලැබෙන විටම පෙරපාසල් දරුවන් වළකට රිංගවා නාහිමියන්ද ආරක්‍ෂා වෙන්නට සෑම විටම වගබලා ගත්හ. එනිසා විහාර බිමට වැටුණු කාලතුවක්කු ප‍්‍රහාර 22න් එකකින් හෝ කිසිවකුටත් කිසිම තුවාලයක් සිදුවූයේ නැත. නමුත් විහාරයේ ගොඩනැගිලි රාශියකට අලාභහානි සිදුවිය. දැන් ඒ කුරිරු යුද්ධයද හමාරය. ප‍්‍රදේශ ශීඝ‍්‍රයෙන් ජනාකීර්ණ වෙමින් පවතී. අවට ගම්මානවල නව ජනපද පිහිටුවමින් යයි. යුද්ධය නිමාවී සැනසුම් සුසුම් විඳින ජනතාව අතරේ ඔවුන්ගේ උතුම් පින් බිමකට අද අපි රජ මහ වෙහෙරක කතාවෙන් ගොඩ වූයෙමු. පදවිය ජනපදයේ බෞද්ධ ප‍්‍රබෝධය විඳගන්නට ඔබටත් අවස්ථාව ලැබේවා.

බුදු දහම එන්නත් කලින් තිස්සමහාරාමයේ හැදු සඳගිරිසෑය

ඉර අවරගිරේ සැඟව යන්නට සූදානමින් සිටි හැන්දෑවක අනුරපුර පුදබිමේදී දුටු දසුනක් දැනුදු මගේ මතකයට නැගෙයි. එක් පසෙකින් ශ්වේත පැහැයෙන් දිලෙන රුවන්මැලි මහා සෑයත් තවත් අතෙකින් ගඩොල් පැහැගත් ජේතවනාරාමය සහ අභයගිරියත් මගේ නෙතට හසුවෙමින් තිබුණි. මහ සෑරදුන් අතීත ශ්‍රී විභූතියක මහිමය කියා පාමින් නිසලව වැඩ සිටියේ නිහඬ අතීතයක අනිගිභවනීය උරුමය වදනින් නොකියන උරුමයක් විලසිනි. සිත නිසල කළ ඒ දසුන යළිඳු මගේ මතකයට පිවිසියේ ක‍්‍රි.පු 250, ක‍්‍රි.පු 200 තරම් ඈතට දිව යන ස්තූප දෙකක පුරාවත නැවත අනාවරණය වෙමින් පවතින පසුබිමකය. ක‍්‍රි.පු 250 තරම් ඉපැරැණි අතීතයක් දරා හිඳින වගට කාලනීර්ණය කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරත් කි‍්‍ර.පු 200 තරම් අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ රාජයුගයක් කරා විහිද යන බවට අද සාක්‍ෂි දරයි. අපේ ඉතිහාසයේ පළමුවැනි වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ සතූප දෙකක අතීතය ක‍්‍රි.පු 250 කි‍්‍ර.පු 200 තරම් ඈත යුගවලට අයත් වෙන බව තහවුරු කර ඇත. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ නව වැඩපිළිවෙළකට අනුව දැන් මෙවැනි කාර්යයන් සිදු කරන අතර පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ කාර්යයන් සිදු කෙරීගෙන යයි. තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයේ කැණීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2000 වසරේදීය. 1986 දී රණසිංහ පේ‍්‍රමදාස මහතා කතරගම ගම්උදාව කරගෙන යන කාලයේදී සඳගිරි සෑය ප‍්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කළත් වසර 2000 වෙද්දී සඳගිරි සෑය කඩා වැටීමකට ලක්විය. දාගැබ සංරක්ෂණයට පෙර විධිමත් පරීක්‍ෂණ කැණීමක් කිරීම පිළිබඳ අවධානය යොමුවූයේ මේ අනුවය. මහා පරිමාණ බෞද්ධ ස්ථූපවලට ප‍්‍රතිසංස්කරණ අවධි කිහිපයක්ම ඇත. මහරජ කෙනකු මූලින් ගොඩනංවන ස්තූපය ඉන් පසු යුග යුගයන්හි රජවරු විසින් විවිධ ප‍්‍රතිසංස්කරණවලට බදුන් කරනු ලැබේ. ස්තූපය සංරක්‍ෂණය කරන්නට පෙර එම ස්තූපය අවසන් වරට ප‍්‍රතිසංස්කරණයකට බදුන් වූයේ කවර යුගයකදී දැයි යන්න විධිමත් පරීක්‍ෂණ කැණීමක් ඔස්සේ තහවුරු කරගනු ලැබේ. මුල් දාගැබේ සැලසුම හඳුනා ගැනීමත් ප‍්‍රතිසංස්කරණ අවධි හඳුනා ගැනීමත් සංරක්‍ෂණ කාර්යයට පෙර වැදගත් වෙයි. 2000 වසරේදී එවකට පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එච්. විජේපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ ආචාර්ය නිමල් පෙරේරා ප‍්‍රධාන අධීක්‍ෂණ නිලධාරීයා ලෙස මෙම විධිමත් පරීක්‍ෂණ කැණීමට දායත්වය සැපයූවේය. දාගැබේ අවධි ගණනාවක් පිළිබඳ තොරතුරු සම්භවූයේ එම විධිමත් පරීක්‍ෂණ කැණීමේදීය. එම ස්තූපය ගොඩනැංවීමට පෙර එම භූමියේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවැති බවට තොරතුරු හෙළිදරව් විය. ඒ එහි පළමු අවධිය වුවත් එම අවධිය පිළිබඳව තවදුරටත් සොයා බලා කාලනීර්ණය කරන්නට තරම් ප‍්‍රමාණවත් නියැදි සම්භ වූයේ නැත. එහෙයින් එම පළමු අවධිය පිළිබඳව කාල නිර්ණය කිරීමක් සිදු වූයේ නැත. ඉනික්බිති එම අවධියෙන් පසු අවධිය යකඩ යුගයට අයත් ජනාවාසයක ලකුණුවලින් යුක්තවිය. කාලනිර්ණය කරන්නට තරම් නියැදී එම අවධියෙන් සොයාගත් නිසා එම අවධිය පිළිබඳව කාලනිර්ණයක් කළ අතර ඒ අනුව එම ජනාවාසය කි‍්‍ර.පු. 900 තෙක් ඈත අතීතයකට දිවෙන බව තහවුරු විය. පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් එම ජනාවාසයෙන් කාල - රක්ත මැටි බඳුන් ආදී ඓතිහාසිකත්වය විවරණය කරන සාක්‍ෂි හමුවිණි. ක‍්‍රි.පූ. 200ට අයත් යැයි සැලකෙන සඳගිරි සෑය මුල්වරට ඉදිකර ඇත්තේ පොළොව යට තැනු ගල්වරි 47ක වේඳිකාවක් මතය. ඒ ගල්වරි නිර්මාණය කර ඇත්තේ ශක්තිමත් ගඩොලිනි. ඇමරිකාවේ බීටා ඇනලටික් පරීක්‍ෂණාගාරයේදී මෙම කාලනිර්ණ පරීක්‍ෂණ පවත්වා තිබේ. දැලිවල කොටවෙහෙර සහ සඳගිරි සෑය යන ස්ථානවල පාදමෙන් සොයාගත් අගුරු කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමුකිරීමෙන් මෙම කාලනිර්ණ තහවුරු කරගෙන ඇත. එදා අතීත රජුන් දවස ස්තූප ඉදි කිරීමේදී පාදම ඉදිකිරීම පිණිස කණින බිම පිළිස්සීමකට ලක්කර ඇත. පුරා විද්‍යා කැණීම්වලදී එම ස්ථර වලින් ඒ අඟුරු හමුවේ. අදාළ කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමු කරන්නේ කැණීම්වලදී සොයාගත් ඒ අඟුරුය. මහාවංශය ප‍්‍රධාන කොටගත් වංශ කතා කියන පරිදි කි‍්‍ර.පු 250-210 යුගය අනුරාධපුර රජකම් කළ දේවානම් පියතිස්ස රාජ යුගයයි. ඇමෙරිකාවේ බීටා ඇනලටික් පර්යේණාගාරය ලබාදුන් කාල නිර්ණ දත්තය මහාවංශයේ එන එම ඉතිහාස කතාන්දරයෙ ද ඉඳුරාම තහවුරු කරන තවත් සාක්‍ෂියක් වැන්න. වංශ කතාවල කියැවෙන පරිදි දේවානම් පියතිස්ස රජු දවස මෙම නිර්මාණය කරවනු ලැබ ඇත්තේ මහානාග නම් කුමරු විසිනි. සඳගිරි සෑයේ ගර්භය මුදුනේ ද කැණීමක් කර ඇති අතර ගඩොලින් කළ ගල්වරි 47 වේදිකාවෙන් පසු ප‍්‍රතිසංස්කරණ අවධි සඳහා ඊට වෙනස් ගඩොල් භාවිත කර ඇත. සඳගිරි සෑයටත් වඩා ඉපැරැණි රඹුක්කන දැලිවල කොටවෙහෙර (ක‍්‍රි.පූ. 250) ආසියාවේ මෙතෙක් හමු වූ පරැණිම සේද රෙදිකඩ තම සන්තකයේ දරා සිටි ඉපැරණි ස්ථූපයකි. පබලූ මුතු ඇල්ලූ සේද රෙදිකඩකින් ඔතන ලද රත්තරන් කරඬුවක් දැලිවල කොටවෙහෙරින් හමුවී ඇත. සාමාන්‍යයෙන් පුරා විද්‍යා සන්දර්භවල රෙදිකඩ රැඳී තිබෙන්නේ නැත. එහෙයින් මෙය විරල හමුවීමකි. ධාතූන් වහන්සේලා නිධන් කරද්දී සේද රෙද්දෙන් ආවරණය කර ඇත. සේද රෙද්දෙන් එතූ කරඬුව හමුවද්දී එම සේද රෙදිකඩ තිබුණේ කරඬුවටම ඇලී ගිය ස්වභාවයකිනි. සේද රෙදි කඩ ආරක්ෂාවී තිබුණේ ද එහෙයින්මය. එය අද දෑසට හසුවන්නේ අවර්ණවත් රෙදිකඩක් ලෙසය. ඔස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරන පෞරාණික රෙදිපිළි පිළිබඳ විශෙෂඥවරියක වන මහාචාර්ය ජූඞීන් කැමරන් විසින් කොටවෙහෙරින් හමු වූ සේද රෙදිකඩ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන ලදී. එම සේද රෙදි කඩ කවර දේශයක කවර තැනක නිපදවූවේද යන්න පිළිබඳව සොයා බලන්නට සාධක නැති වුණත් මේ කාලය වෙද්දී සේද මාවත ඔස්සේ පැමිණෙන සබඳකම් පැවති බවට ඉතිහාසය දෙස් දෙයි. එහෙයින් මෙම සේද රෙදිකඩ සේද මාවත ඔස්සේ මෙරටට ගෙන එන ලද්දක් විය හැකි බව අපට විශ්වාස කළ හැකිය. ඉතිහාසයේ විචිත‍්‍රවත් කඩඉම් පොළෝ තලයේ මහ ගැඹුරේ මෙන්ම නටඹුන් තුළ ද ශේෂව පවතියි. මේ ඒ බොහෝ වූ සැඟවුණු අතීත තොරතුරු කදම්බයක් අතරින් මතු වූ එක් අතීත පරිච්ෙඡ්දයක සලකුණු පමණි.

දළදා පෙරහරේ හාස්කම්

වසර 1823 ය. මුළු රටම අකල් නියඟයකින් වේලූම් කා වගා බිම් අස්වැද්දවීමට වැස්ස ඇයදු රට වැසියන් බොන්නට වතුර සොයා ගත්තේ ද අසීරුවෙනි. එවකට රට පාලනය කළ ආණ්ඩුකාර සර් එඞ්වඞ් බාන්ස්ට පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීමට විවිධ දේ කිරීමට සිදුවිය. අවසානයේ මුළු රටේම පාලකයන් ආණ්ඩුකාරවරයාගෙන් එක් ඉල්ලීමක් කළහ. ඒ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පෙරහැරකින් වඩම්මවා පරේරාදර්ශනය කර වර්ෂාව ලබාදෙන ලෙසය. ඒ අනුව කිරිර යාත්මක වූ ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස්, මහා සංඝර ත්නයේත් උඩරට පර ව ධානීන්ගේත් මඟ පෙන්වීම යටතේ මහ මළුවේ අලංකාර මණ්ඩප තුනක් ඉදිකර චාරිතර්ම වාරිතරටදරයන්ට මුල්තැන දෙමින් පූජනීයත්වයෙන් ඉහළ මහ පෙරහැරක් පැවැත්විණි. අනතුරුව ශ්රී් දළදා වහන්සේ මහජනතාව වෙනුවෙන් පරජන දර්ශනය කළහ. පොළොව ඉරිතලා, කොළ දලූවක් නැතිවන තරමට අකලට පෑයූ නියඟය නිමාව දළදා පෙරහැරත් දළදා පරළො දර්ශනය පැවැත්වීම ආරම්භ වීමත් සමග සියලූ රටවැසියන් මවිත වන අයුරින් ගංගා, ඇළ, දොළ, පිරී ඉතිරී යමින් මහා වැසි ඇද හැළුණේය. මෙම පරාම තිහාර්යය එදා සුදු ජාතිකයන් පමණක් නොව මුළු රට වැසියන්ටම අදහාගත නොහැකි කරුණක් විය. එතැන් සිට දළදා හාමුදුරුවන් වැඩමවන අවස්ථාවේදීත්, පෙරහර කරඬුව වඩමවන අවස්ථාවේදීත්, දළදා වහන්සේ පර දළදර්ශනය කරනා අවධියේදීත් සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳ ජන විශ්වාස බොහොමයක් ගොඩ නැගී තිබේ. කිරී ත.ව. 367 වසරේදී අනුරාධපුරයේ රජකළ පළමුවැනි උපතිස්ස රජුගේ කාලයේදී ද මෙවැනි පරාා තිහාර්යන් සිදුව තිබේ. රජුගේ පරබේදධානත්වයෙන් වෙනදා මෙන්ම මහත් උත්සව ශ්රීේයෙන් දළදා පෙරහර පැවැති ඇති අතර එහිදී මහා වර්ෂාවක් ඇද හැළී ඇත. මහාවංශයේ සඳහන් ආකාරයට පොළොන්නරුව රාජධානිය පාලනය කළ පළමුවැනි පරාකරකළ මබාහු රජුගේ කාලයේ දී ශ්රීය දළදා පෙරහර සිදු වූ අවස්ථාවකදී පෙරහර ගමන් කළ මාර්ගයේ හැර සියලූ පරුග දේශවලට වර්ෂාව ඇද හැලී ඇළ දොළ, ගංගා පිරී ඉතිරී ගිය බව ද සඳහන්ය. ඒ අනුව ඉතිහාසය පුරාවටම ශ්රීද දළදා පෙරහර හා බැඳුනු එක් කතා පුවතක් වනුයේ ශ්රී දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කලට වැසි ලැබී නියං දුරු වී රටේ සංශ්රීාකත්වය සෞභාග්යය ලබා දීමට හැකි වූ බවය. කිත්සිරිමෙවන් රජ දවසත්, දෙවැනි පරාකර නුමබාහු රජ දවසේදීත් ශ්රීස දළදා වහන්සේ හා බැඳුණු තවත් පරා් තිහාර්ය ජනක කත පුවතක් වනුයේ දළදා වහන්සේ පරවත දර්ශනය කෙරෙන අවස්ථාවකදී දළදා වහන්සේ අහසට පැන නැඟ, ශ්වේත වර්ණ බුදුරැුස් මාලාවකින් පරවත තිහාර්ය පෑ බවය. මෙම ඓතිහාසික කරුණු පිළිබඳ දළදා පූජාවලියේත්, දාඨා වංශයේත් සටහන්ව ඇත. දළදා වහන්සේ පරරජ දර්ශනය කරණ අවස්ථාවක දී කෙනෙකුට සිතීමටවත් නොහැකි පරාය තිහාර්යයක් වී ඇත්තේ ශ්රීේ දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව පුරාවට නැවුම් මල් සුවඳක් විහිදීමය. අදට ද දළදා මාලිගාවට යන්නකුට හේවිසි මණ්ඩපය ඉදිරිපිට සිටගෙන සිටියදී, වචනයෙන් විස්තර කළ නොහැකි සැනසිලිදායක සුවයක් සිතට දැනෙන්නෙත්, ඒ තුළින් හමා යන සිසිල් සුළඟ ශරීරයට සුවදායක බවක් ගෙන දෙන්නෙත් ශ්රී දළදා වහන්සේගේ ආනුභාවයේ පිහිටෙන් විය හැකි බව ද විශ්වාස කෙරේ. කිත්සිරිමෙවන් රජුගේ අවදියේදී ආරම්භ කළ ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහරට දීර්ඝ ඉතිහාසයක් ඇත. මීට වසර එක්දහස් හත්සිය දෙකකට පෙරාතුව දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්යයය පර ේ ථමයෙන්ම ලක්දිව ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජ දවස කිරර ම.ව. 310 දීය. වාර්ෂිකව දළදා වහන්සේ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය දක්වා මහපෙරහරින් වැඩමවා දින අනුවක් තිස්සේ මහජනතාවට පරචක්දර්ශනය කළ බව ද ඉතිහාසගතය. කහවනු නවලක්ෂයක් වැයකොට පැවැත් වූ මෙම පෙරහර මංගල්යළ නොකඩවා පවත්වන්නැයි කිත්සිරිමෙවන් රජු නියෝගයක් ද පනවා ඇත. මෙම සෙංකඩගල ඇසළ පෙරහර සඳහා එදා මහා සංඝයා වහන්සේ, අදිකාරම්වරු, දිසාවේවරු, රටේරාළලා ඇතුළු සිංහල නිලධාරීහුද විවිධ තරාතිරමේ ඉංගරීො සි නිලධාරීහුද සහභාගි වූහ. පැරැණි රාජ්ය3 සමයෙහි පෙරහර මංගල්යල සංවිධානය වූයේ රජුගේ මූලිකත්වයෙන් රාජ්ය, අනුගරහුදහය ඇතුවය. සෙංකඩගලපුර රාජධානියට ආවේණික ඇසළ පෙරහර මංගල්ය ය කිරමූ .ව. 1592 දී පළමුවන විමලධර්මසූරිය රජුගේ අවදියේදී දෙවියන්ට සිදුකරනා පූජාවක් ලෙස සලකා ‘‘දේව පෙරහරක්ද’’ පෙරහරට එක්කර තිබේ. වර්තමානයෙහි පවත්වන ආකාරයට මහනුවර ඇසළ පෙරහර මංගල්යනය පැවැත්වීම ආරම්භ වූයේ සියම් දේශයෙන් වැඩම කළ පර ආ වර උපාලි තෙරුන් වහන්සේගේ හා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිගේ ඉල්ලීමක් අනුව කිර් ම.ව. 1753 දී කීර්ති ශ්රීස රාජසිංහ රජු දවසය. එතැන් පටන් ශ්රීක දළදා මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර ගමන් කරවීමේ සිරිත ඇරඹිණි. මහනුවර ඇසළ පෙරහර මංගල්යරය පෞරාණික චාරිතරේග විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්යසයකි. මෙම පෙරහර මංගල්ය ය නැරඹීමට වාර්ෂිකව දෙස් විදෙස් ජනයා රැුස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්පරරහ දායික චාරිතරට ව විධි අදටත් එලෙසම පැවැත්වෙන ලොව එකම පෙරහර මංගල්යමය නිසා විය හැක. වර්තමානයෙහි කරිය යාත්මක වන බොහෝ දළදා චාරිතරුස විධි කුරුණෑගල සිව්වැනි පරාකර න මබාහු රාජ්යව සමයෙහි ලියැවුනු ‘‘දාඨා ධාතු චරිනිත’’ නම් වූ දළදා සිරිතෙහි එන ව්යකවස්ථාවන්ට අනුකූලව සැකසී ඇත. දළදා සිරිතෙහි එන ව්යුවස්ථාවන් 38 හි පෙරහර මංගල්ය‍යක් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව විස්තර ඇතුළත් වේ. ශ්රීත දළදා පෙරහරට සහභාගිවන සියලූ දෙනා මසකට දෙකකට පෙරාතුව පේවීම සිදුවේ. පුළුටු ආහාර නොගෙන (මස්, මාළු, බිත්තර, බැදුම්) අපිරිසිදු කිලිවලට නොගොස් ඥාතියෙකුගේ වුවද මරණයක් සිදු වුවහොත් එයට සහභාගි නොවී දියනා පිරිසිදු වී පුද්ගල වශයෙන් පෙරහරට සූදානම් වේ. භෞතිකමය වශයෙන් දින දහයකට පෙර දළදා වහන්සේ වැඩ සිටිනා මාලිගාව සෝදා පවිතර වෙකර, කොඩි සේසත් දමා අලංකාර කිරීමත් අපිරිසිදු දෑ ඉවත් කර වර්ණවත් කිරීමත් සිදුවේ. ශ්රී‍ දළදා පෙරහර ගමන් කරන මාර්ගය ද මෙලෙස කහ දියර ඉස පිරිසිදු කෙරෙන අතර පසුව කොඩි, සේසත්, විදුලි බුබුළු යොදා වීදි අලංකාරය කෙරේ. අතීතයේ සිට අද දක්වා ශ්රීය දළදා වහන්සේ වෙනුවෙන් දෛනික තුන්වරු පූජාවක්, සතිපතා බදාදා දිනයන්හිදී නානුමුර මංගලයත්, මාසිකව පුරපසළොස්වක පූජාවත්, දුරුතු පොහොය මුල්කොට පැවැත්වෙන අලූත් සහල් මංගල්යඉයත් නොකඩවා සිදු කෙරේ. බක්මාසයේ දී සිංහල අලූත් අවුරුදු මංගල්යවයත් ඇසළ පෙරහර මංගල්යායත් ඉල් පෝය මුල්කොට යෙදෙන කාර්තික මංගල්ය යත් ශ්රීං දළදා මාලිගාවේ අදට ද මහත් භක්තියෙන් සිදු කෙරේ. කිත්සිරිමෙවන් රජු ව්ය වස්ථා ගත කර ඇති ආකාරයටත් කුරුණෑගල යුගයේ සිව්වැනි පරාකරල් මබාහු රජ දවස ලියැවුණු දළදා සිරිත ගර භ න්ථයේ දැක්වෙන ආකාරයටත් අදට ද දළදා පෙරහර පැවැත්වේ. ඉන් පසුව රට පාලනය කළ සෑම රජ කෙනෙක්ම ඒ අයුරින්ම පෙරහර පවත්වාගෙන ගොස් තිබේ. මීට වසර එක්දහස් හත්සිය දෙකකට පෙරාතුව ආරම්භ කළ ශ්රීහ දළදා පෙරහර 1828 වසර වනතෙක් වීදි සංචාරය කර පරහස්දර්ශනය කෙරුණ ද එම වසරින් පසුව, පෙරහරට සමගාමීව ශ්රීස දන්ත ධාතුන් වහන්සේ වැඩම කිරීම සිදුවී නැත. ඒ ආරක්ෂාණව හේතුවෙනි. එතැන් පටන් සිදුව ඇත්තේ සාධාතුක ධාතූන් වහන්සේලා අඩංගු පෙරහර කරඬුව වැඩම කර අලංකාර පෙරහර පෙර පරිදිම පවත්වා චාරිතර8එත ඉටුකිරීමය. ශ්රීස දළදා මාලිගාවේ අදට ද භාවිත කරන පෙරහර කරඬුව කීර්ති ශ්රීත රාජසිංහ රජු 1753 දී පූජා කර ඇත. එම පෙරහර කරඬුව අලංකාර ලෙස සරසා ඇත්තේ කීර්ති ශ්රීර රාජසිංහ රජුගේ අග බිසවගේ මාල පළඳනාවන්ගෙන්ය. දළදා සිරිතෙහි සඳහන් ආකාරයට දළදා පෙරහර හා බැඳුණු චාරිතරුව විදි තිස් අටක් පමණ ව්යළවස්ථා ගතකොට තිබේ. එහි සඳහන් ආකාරයට පෙරහර පැවැත්විය යුතු ආකාරයත්, ශ්රීර දළදා වහන්සේ පිටතට වැඩම කළයුතු ආකාරයත්, ආපසු නැවත තැන්පත් කළ යුතු ආකාරයත්, කළ යුතු පූජා චාරිතරයළඳ ආදී චිරානුගත සම්පරි සදායන් බොහොමයක් සටහන් වී ඇත. ජීවමාන බුදුන්වහන්සේ වැඩ සිටින්නාක් මෙන් අතිශය පූජනීයත්වයෙන් ලොව පුරා බැතිමතුන් මහත් භක්තියෙන් වන්දනාමාන කරන ස්ථානයක් ලෙසට මහනුවර දළදා මාළිගාව සැළකේ. මහනුවර දළදා මාලිගාවේ රන් කරඬුවේ වැඩ සිටිමින් පුද සත්කාර ලබන දන්ත ධාතූන් වහන්සේ බුදුන් වහන්සේගේ යටි වම් දළදාව ලෙස සැලකේ. ඉතිහාසය පුරාවටම දළදා විහාරය නොකියා දළදා මාලිගාව යනුවෙන් හඳුන්වා ඇත්තේ දළදා වහන්සේත් රාජ නිවසත් අතර පැවැති සම්බන්ධය නිසා බව ද කියැවේ.