Taxila History Club
ඉපැරණි සභ්‍යත්වය නවමු ඇසකින්...
"යෝධයන්" කැපූ ඇළ
අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”හම්බ කළ ධනය පෙන්වන්නැයි” පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විට ”මා රට - ජාතිය වෙනුවෙන් ඉපැයූ ධනය පෙන්වන්නට මා සමග එන්න” යයි පුතාට විධාන කොට තමන්ද අසු පිටට නැගී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප‍්‍රවාදයේ පවතී. ඒ සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.
කලාවැවේ උපතට මුල් වී ඇති කලාඔය මහාවංශයෙන් හඳුන්වා ඇත්තේ ”ගෝන නදී” වශයෙනි. ප‍්‍රථම සියවස වනවිට කලාවැව සහ බළලූ වැව පැවැතියේ වැව් වශයෙන් නොව - විල් වශයෙනි. ටොලමි ලංකා සිතියම නිර්මාණය කළ යුගයේ මෙහි පැමිණි දේශාටකයකු වූ ”ප්ලීනි” (Pliny) තැප‍්‍රබෝන් රටේ (ශ්‍රී ලංකාවේ) ”මෙගිස්බා” (^Megisba) නමින් විලක් ගැන සඳහන්වේ. පසුකලක කලාවැව හා බළලූ වැව බවට පත් වුයේ මේ විල් බව විශ්වාස කෙරේ.
කලාවැව හා බැඳුණු කඩවර කතාවක් අදත් ජනප‍්‍රවාදයේ පවතී. එදා සිටි කඩවර අද කලාවැව රකින දෙවියන් ලෙසද ජනතාව අදහති. කඩවර විසුයේ මහසෙන් රජු සහ වසභ රජු විසූ යුගවලදීය. වැව් බැඳි රටේ වැව් කප්පිත්තන් ලෙස සැලැකෙන්නේ වසභ සහ මහසෙන් රජවරුය. මේ නිසා කලාවැවේ ආරම්භය පළමුවැනි සියවසේ විසු මහසෙන් රජු හෝ වසභ රජු විසින් කරන ලදැයි සැලකිය හැකිය. ධාතුසේන රජු විසුයේ පස්වැනි සිය වසේදීය. ක‍්‍රි.ව. 459 සිට 477 දක්වා වසර 18ක කාලයක් ධාතුසේන රජු අනුරාධපුර අගනුවරේ රජකම් කර ඇත. කලාවැව සහ බළලූ වැව යා කොට විශාල වැවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළේ ධාතුසේන රජුය.
කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසිනි. මෙහි ප‍්‍රථම සැතපුම් දහ හතේ දිය බැස්ම සැතපුමකට අඟල් 6කි. යෝධ ඇළ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකෙන එක් හේතුවක් එයයි. ගැබ්ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා - ඇය පියවර තැබු මග ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි ප‍්‍රදේශයේ ජනමතයක්ද පවතී. ධාතුසේන රජු රාජ්‍යයෙන් අත්මිදීමට වසර 7කට පෙර යෝධ ඇළ හදා අවසන් කළ බව මහාවංශයේ දැක්වේ. යෝධ ඇළ දෑලේ වර්ග සැතපුම් 180ක් පුරා විහිදුන කෙත් යාය ඉදිකොට වපසරිය අක්කර 11400කට එල්ලංගා පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර සැපයීමකට එදා යෝධ ඇළ සමත් වූ බව ඉතිහාසයේ දැක්වෙයි.
මහසෙන් රජු විසින් ඉදිකරන ලද මිනිපේ - ඇලහැර - යෝධ ඇළ ප‍්‍රථම සියවසේදී ඉදිවී තිබේ. යෝධ ඇළ සංකල්පයේ ආරම්භය මෙය විය හැකිය. අතීත වාරි පද්ධතිය අධ්‍යයනය කරන විට සිරුර පුරා රුධිර නාල පද්ධතිය පැතිරී ගොස් සිරුර ආරක්ෂා කරන්නාක් මෙන් යෝධ ඇළ නමින් හඳුන්වන ලද වාරි පද්ධතිය රජරට පුරාවට පැතිරී ගොස් රජරට සියලූ ප‍්‍රදේශ සංවර්ධනය කර තිබේ. වැව් ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ජලය ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම වැනි දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇළ සංකල්පය මගින් අතීතයේදී ඉටුකර ගෙන තිබේ. මෙය ස්වභාව ධර්මය විසින් ඉටුකර නොදෙනලද දෙයක් මිනිසා විසින් ජය ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය.
දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී දඹුලූ ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔයේ යටත්තාවට යෝධ ඇළක් කපා තිබේ. මල්වතු ඔයේ සිට මහකනදරා වැවට යෝධ ඇළක් මගින් දියවර ගෙන ගොස් ඇත. යෝධ ඇළ සියල්ල ගමන් කර ඇත්තේ ජල අධික ද්‍රෝණියක සිට ජල හීන ද්‍රෝණියකටය.
ක‍්‍රි.ව. 290දී මහසෙන් රජු විසින් බළලූ විලේ සිට උස්ගල සියඹලන්ගමුව දක්වා යෝධ ඇළක් කපා දියවර ගෙන ගොස් උස්ගල සියඹලන්ගමුව වැවේ ජලය ගබඩා කර ඇත. කලාවැව යෝධ ඇළෙන් සහ අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට දියවර ගෙනයාම සඳහා යෝධ ඇළක් කපා තිබේ. නුවර වැවට දියවර ගෙනයාම සඳහා නාච්චා දුව වැවේ සිට යෝධ ඇළක් කපා ඇත. වැවකින් වැවකට ජලය ගෙන ගිය අනෙක් යෝධ ඇළ වන්නේ කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙනගිය යෝධ ඇළයි. ද්‍රෝණියේ වැඩි වතුර මුහුදට ගලා යා නොදී රජරට තුළම රඳවා ගැනීම යෝධ ඇළ සංකල්පයේ ප‍්‍රධාන අරමුණ වේ. රජරට පුරාවට වැව් හැදුවාක් මෙන් මෙම වැව් සහ ද්‍රෝණි ඒකාබද්ධ කරමින් යෝධ ඇළවල් ඉදිකිරීමට පෙර රජදරුවන් උනන්දු වී ඇති නමුත් අද වනවිට මෙම යෝධ ඇළ වැඩි කොටසක් නටබුන් වී ගොස් ඇත.
ධාතුසේන රජතුමන් යෝධ ඇළ ඉදි කිරීමෙන් වසර හත් සියයකට පමණ පසු පරාක‍්‍රමබාහු රජතුමා විසින් මෙම යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරමින් පුළුල් කොට මෙයට ”ජයගංගා” යයි නම් කරනු ලැබීය.
යෝධ ඇළේ හෙවත් ජය ගංගාවේ බැම්ම හරියටම වෑ බැම්මකට සමානාය. මෙහි බැම්ම යොදා ඇත්තේ යටි පැත්තෙන් පමණි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමකි. කලාවැව සිට තිසා වැව දක්වා පැවැති මහාකණුමුල්ල - මානෑව - කිරලෝගම - කිරිවැල්හීන්න වැනි එල්ලංගා 34ක ජලය ගලා ආවේ මෙම යෝධ ඇළටය. එල්ලංගාවල ජලය - වැසි ජලය - කලා වැවේ ජලය මේ සියල්ල යෝධ ඇළට එක්රැුස්වූ විට එය නිතර වැවක් සේ වතුර පිරී පැවතිණි. යෝධ ඇළෙන් පහළ පැවති කෙත්වතුවලට පමණක් නොව යෝධ ඇළෙන් ඉහළ පැවැති කෙත්වතු හා එල්ංලගාවලටද මෙයින් ජලය ලබාදී ඇත. මහකණුමුල්ල එල්ලංගාව ඔස්සේ අයියනාගම, ඉහළවැව, මරිකාරගම, පහළවැව, ඉහළ අමනක්කට්ටුව යන වැව්වලට අතුරු යෝධ ඇළක් කපා දියවර ලබාදී ඇත. අද මෙය අභාවයට ගොස් ඇති නිසා ඉහත කී වැව්වලට ජලය ලැබෙන්නේ නැත.
යෝධ ඇළ නිසා පරිසරය මැනවින් සංරක්ෂණය විය. වැව්වලට උඩතින් යෝධ ඇළ ගමන් කිරීම නිසා වැව්වලට රොන් මඩ ගලා ඒම වැලකී තිබිණි. වැව්වල වතුර පාලනය කරමින් වැඩි වතුර ඒම වළක්වා තිබිණ. මහකන්නයේදී වැසිවලින් යෝධ ඇළට එකතුවන ජලය, අවශ්‍ය වැව් කරා ගෙන ගොස් ජලය බෙදා දී ඇත. ඇළවංගු තුළ පිහිටුවා ඇති දියකලි 48ක් යෝධ ඇළ පුරාවට තිබිණ. අවුරුද්දේ හැමදාටම වනගත සතා සීපාවගේ හා අලි ඇතුන්ගේ ජල අවශ්‍යතා මෙම ”දියකලි” මගින් සපුරා ගැනිණ.
කඩිනම් මහවැලිය මගින් ජයගඟක් අලූතෙන් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක් එනම් මහඉලූප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් කිරීම නිසා අභාවයට පත්විය. අලූත් ජයගඟ ගමන් කිරීමේදී සමහර තැනක පැරණි යෝද ඇළ මැදින් කපාගෙන ගොස් ඇත. එවැනි තැන්වල අද යෝධ ඇළක් නැති තරම්ය. සමහර තැන්වලදී අලූත් ජයගඟ ගමන් කර ඇත්තේ පුරාතනයේ ඉදිකර තිබූ වැවෙන් වැවටය.
අලූත් ජයගඟ සමහර තැනකදී එක එල්ලේම වේගයෙන් ගලායයි. එවැනි තැන්වල ජයගඟ අඩි පනහ, හැට තරම් ගැඹුරට කපා තිබේ. ජයගඟ මෙසේ ගැඹුරට කැපීම නිසා අදවන විට ජයගඟ දෑලේ පිහිටි බොහෝ ගම්මාන වියළී ගොස් ජල හිඟයකට මුහුණ පා ඇත. ඇතැම් ගම්වලට පානීය ජලය ලබා ගැනීම පවා දුෂ්කර වී ඇත. මෙසේ වේගයෙන් ජයගඟ ගලායාම නිසා එය සම්බන්ධ කර ඇති වැව් වඩාත් ඉක්මනින් රොන්මඩ වලින් පිරී යයි. දැනටමත් කිරිඅමුණකොලේවැව, කෝන්වැව, කිරලෝගම වැව යන වැව් අධික ලෙස රෝන්මඩවලින් පිරී පවතී. නව ජයගඟ නිසා පාරිසරික පද්ධති බොහෝ දුරට විනාශ වී ගොස් ඇත.
පැරණි යෝධ ඇළ මේ නව ජයගෙඟ් දුර්ගුණ කිසිවක් නැත. යෝධ ඇළෙන් රටට හා ජනතාවට සිදුවූ මෙහෙවර බොහෝය.
යෝධ ඇළ ගලා ගිය ප‍්‍රදේශය පුරාවට භූගත ජලය උස් මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි විය. මේ නිසා යෝධ ඇළ ආශ‍්‍රිතව සශ්‍රීක වැව් ගම්මාන රැසක් බිහිවිය. භූගත ජලයෙන් පෝෂණය වූ පාරිසරික පද්ධතියක් නිර්මාණය විය. වාපි ශිල්පයේ ආදුතු වැව් පෝෂණය කිරීමට හැකිවිය. වාෂ්පීකරණය පාලනය කිරීම සඳහා ඇළ, දෑල ගහකොළ වලින් බරිත විය. වැසි කාලයේදී එකතු කර ගන්නා ජලය නියං කාලයේදී වැව්වලට මුදා හැරීමට හැකි විය. ඇළ වංගුවල පිහිටි ”දියකලි” සදාකාලික දිය උල්පත් විය. එදා යෝධ ඇළ යෝධයෙකු සේ රජරට මැද හිටගෙන ජනතාව හා ගම්බිම් පෝෂණය කළේය.
මෙම අපූර්ව නිර්මාණය ඉදිරි පරපුර වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව ප‍්‍රදේශයේ ජනතාව නිතර පෙන්වා දෙති. එසේම මෙය ජාතික උරුමයක් වශයෙන්ද ලෝක උරුමයක් වශයෙන්ද සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුව තිබේ.
ඉපැරණි යෝධ ඇළ පුනරුත්ථාපනය කරමින් සංරක්ෂණය කිරීම සැබැවින්ම යුගයේ ජාතික මෙහෙවරකි. ක‍්‍රි.ව. 1200දී පමණ මහ පැරකුම්බාවන් විසින් ප‍්‍රථම වරට යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණය කරන ලදී. ඊළඟට දෙවෙනි වර මේ යෝධ ඇළ ප‍්‍රතිසංස්කරණයට තවමත් කිසිවකු අත තියා නැති නමුත් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ධාතුසේන රජතුමාගේ ආශ්චර්යයවත් යෝධ ඇළ අභාවයට යන්නට හැර ඒ වෙනුවට මහවැලි ජලය රජරටට ගෙන යන්නට ”අලූත් ජයගඟක්” නිර්මාණය කරනු ලැබීය. මෙය වූ කලි ධාතුසේන රජතුමා පමණක් නොව දේශීය විශ්වකර්ම වාපී ශිල්පයද සාහසික ලෙස විනාශ කර දැමීමකි. අදත් අපේ ඓතිහාසික උරුමය වූ යෝධ ඇළ කැලෑ ගත වී ජරාවාස වී අනවසරකරුවන් අල්ලාගෙන අභාවයට ගොස් ඇත.
නාගයා ශුද්ධ වස්තුවකි. මේ නිසා දෙවියන් නාගයාට ආරූඪ වී සිටිතැයි පැරණියෝ ඇදහූහ. මේ අනුව නාග වෙස් ගත් දෙවිවරු නිදාන, දේපොළ, වෙහෙර විහාර රැකීමේ යෙදී සිටිතියි විශ්වාස කරති. ජලය ද එබඳු මහාර්ඝ සම්පතකි. මේ නිසා ජලය රැකීමටද නාග සංකකේතය යොදාගෙන ඇත. පෙරදා වැවක් හැදු තැන නයි පෙණ සංකේතයක් යොදා ඇත්තේ එබැවිනි. තේරුමක් දැන හෝ නොදැන මහවැලියද අද සංකේතයට යොදාගෙන ඇත්තේ නයි පෙණයයි.
රජරැටියාගේ ජීවිතය රැකණේ ජලය නිසාය. මේ නිසා ජලය දේවත්වයෙන් සැලකූහ. ජලය අති පූජනීය වස්තුවක් ලෙස පිදුහ. ජලයට ගරු බුහුමන් දැක්වූහ. දැනට අම්පාර දිසාපති කාර්යාලයේ සුරක්ෂිතව තබා ඇති ”කොන්ඩු පට්ටමාන්” සෙල්ලිපිය මීට හොඳම උදාහරණයකි. සිරිසඟබෝ රජුගේ සහ දිවිගොන් රැජිනගේ පුත් දප්පුලූ රජු දස අණක් සහිත මෙම සෙල්ලිපිය සකස් කර ඇත. මෙයින් කියවෙන්නේ ජලය පරිහරණය කරන අන්දමයි. මෙහි තහංචි දහයක් පණවා ඇත. දියපත්තායම් තහංචිය, භූදිය තහාංචිය, මඩකලූ තහංචිය ආදී වශයෙන් තහංචි දහය හඳුන්වා ඇත. එයින් සනාථ වන්නේ එකලද මනා ජල කළමනාකරණයක් පැවැති බවයි. යෝධ ඇළ ඉදිකර ඇත්තේද ඒ තහංචි නොඉක්මවන අන්දමිනි.විශේෂයෙන් යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ, ඛණිජ ආදිය මුහුවී තිබීමය. එවැනි ජලය පැළ ගොයමට හොඳ නැත. මේ නිසා හැකිතාක් උඩතින් අලූත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා උඩහින් හොරොව් තබා ඇත. ජල කළමනාකරණය හා ජලයේ ගුණ අගුණ පිළිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර ඇති බව පෙනේ.
මේ නිසා යෝධ ඇළ පැවැති තත්ත්වයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් යෝධ ඇළ පමණක් නොව යෝධ ඇළ හා බැඳී පවත්නා දේශීය වාරි ශිෂ්ටාචාරයද සංරක්ෂණය වේ.
යුද්ධයට යන්නට පෙර දේවපතිරාජ ඇමති කාහිංගල පුදබිමේ පූජාවක් කරයි
යුද්ධයට යන්නට පෙර දේවපතිරාජ ඇමති කාහිංගල පුදබිමේ පූජාවක් කරයි
ක්‍රි.ව. 1236 සහ 1270 අතර කාල වකවානුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකිය. එයට හේතුව දඹදෙණිය පුරවරය රාජධානිය කර ගනිමින් ලාංකේය පාලනය ගෙන ගිය දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමය එය වීමයි.
දෙවැනි පැරකුම් රජ දවස ලාංකේය ඉතිහාසයේ සෑම අතෙකින්ම දියුණුවක් ලබමින් සිටි සමයක් වූ අතර පසුකාලීනව එම සශි්‍රකත්වය වනසමින් ඉන්දීය පරසතුරෝ දෙපිරිසක් ලාංකේය රාජ්‍යය උදුරා ගැනීමට නොමඳ වෙහෙසක් දැරූහ. එනම් කාලිංග මාඝ සහ චන්ද්‍රභාණු නමැති සටන්කාමීන් දෙදෙනා බලතණ්හාව මත ලාංකිකයන්ගේ උරුමය සුරතට ගැනීමට යුද ගිනි දැල් දේශය පුරා පැතිරවීමට කටයුතු කරමින් සිටියහ. කාලිංග මාඝ යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි දෙවැනි පැරකුම් නිරිඳුන් හට සවියක් වෙමින් ඔවුන්ගෙන් ශ්‍රී ලංකාද්වීපය මුදා ගැනීමට දේවපතිරාජ නමැති අමාත්‍යවරයෙක් ඉදිරිපත් විය. දෙවැනි පැරකුම් නිරිඳුන් සේම රටවැසියාද අතිශය පුදුමයට සහ සංතෘෂ්ටියට පත් කරමින් දේව පතිරාජ අමාත්‍යවරයා සතුරන් පරාජය කොට, ආක්‍රමණයට ලක්වෙමින් තිබූ විශාල භූමි ප්‍රදේශයක් යළිත් ලක් වැසියාට හිමිකර දීමට කටයුතු කළේය. එයින් සතුටට පත් රජතුමා දේවපතිරාජ ඇමැතිවරයා කෙරෙහි පැහැදී ඔහුට පාලනය කිරීම සඳහා දක්ෂිණ රාජ්‍යයේ කළුගංතොට සිට කතරගම කුඹුක්කන් ඔය දක්වා වූ ප්‍රදේශය පවරා දුන්නේ එයට තුටු පඬුරක් ලෙසිනි.
දේවපතිරාජ අමාත්‍යවරයාගේ මෙම විශ්මිත ආක්‍රමණිකයන් පරාජය කිරීමේ අපූරු පුවත මහාවංසය, පූජාවලිය සහ සිදත් සඟරාව යන ඓතිහාසික පුස්ථකයන්හිද සඳහන් වේ. යුද කාලීන රජවරුන්ගේ ඇමැතිවරුන් අතර දෙවැනි පැරකුම් රජුගේ ඇමැතියකු වූ දේව පතිරාජයන් ලංකා ඉතිහාසයේ නොමැකෙන නාම අතරට එක් වූයේ පරසතුරන්ගේ ග්‍රහණයෙන් ශ්‍රී ලංකාද්වීපය මුදා ගැනීමට දැක්වූ වීර බල පරාක්‍රමය හේතුවෙනි. එතුමන් පිළිබඳ ලියැවුණු පැරැණි සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී දේවපතිරාජ ඇමැතිවරයා සිය යුද කටයුතු සිදු කිරීමට පෙර දක්ෂිණ දේශයේ පිහිටා ඇති ගුප්ත හාස්කම්වලින් පිරි පුදබිමක් ඇසුරු කොට ඇති බව සඳහන් වේ. දේවපතිරාජයන් සිය යුද කටයුතු කිරීමට පෙර පූජා පැවැත්වූ එම පුදබිම සොයා යෑමට අපි තීරණය කළෙමු.
සියවස් ගණනාවකට පමණ පෙර පෞරාණික එම පුදබිම පිහිටා ඇත්තේ දේවපතිරාජ ඇමැතිවරයාගේ සොහොන් කොත පිහිටා ඇති දක්ෂිණ දේශයේ කොස්ගොඩ ග්‍රාමයට යාබදව පිහිටි උෟරගස්මංහන්දිය නම් ග්‍රාමයේය. විවිධ ගුප්ත හාස්කම්වලින් පිරිපුන්ව ඇති එම පුදබිම වර්තමානයෙහි "කාහිංගල පුදබිම' නමින් ව්‍යවහාර කරනු ලබයි. කාහිංගල පුදබිම ඇසුරු කරමින් දේවපතිරාජ ඇමැතිවරයා විවිධ පූජා කටයුතු සිදු කර ඇති බවද ඔහු යුද කටයුතුවලට යෑමට පෙර මෙම පූජා භූමියට අවුත් වන්දනාමාන සිදු කොට පූජා පවත්වා ඇති බවටද එම ගම්මානයෙහි ජනප්‍රවාදයන්හි පවතී. හෙතෙම යුදයෙන් ජයගත් පසුව මෙම පුදබිමට බොහෝ සේ ගෞරව බුහුමන් සැලකිලි දක්වා ඇති බවද ජනප්‍රවාදයකි. එය තහවුරු කිරීමට කදිම සාධකයක් වන්නේ දේවපතිරාජයන් යුදයෙන් ජයගත් පසුව ඔහුට රජුගෙන් හිමි වූ දක්ෂිණ දේශයේ වෙහෙර විහාර පුදබිම් රාශියක් ඉදිකිරීමට ඔහු කටයුතු කර ඇති බවද මහාවංශයේත් පූජාවලියේත් සඳහන් වීමයි.
උෟරගස්මංහන්දිය ප්‍රදේශයෙන් මඳක් ඔබ්බට ගිය විට කයිලත්ත නම් ග්‍රාමයේ පිහිටා ඇති මෙම කාහිංගල පුදබිම ජනශුන්‍ය වූ වනගත ප්‍රදේශයක පිහිටා තිබේ. පුදබිම වෙත අප ගොඩවන විට අවට පරිසරය සහ පුදබිමට අයත් භූමිය පුරාවටම දැනුණේ ගුප්ත නිහැ¾ඩියාවකි. ක්ෂණයකින් නිහඬ බව මකමින් නැඟී ආ සුවිසල් පක්ෂි නාද රැසකින් අප සිතට තරමක තැතිගැන්මක්ද ඇති විය. පුදබිම සිවු කෙළවර විශාල වෘක්ෂයන් කිහිපයක මා වවුලන් දහසකට අධික ප්‍රමාණයක් එල්ලී සිටි එම ගුප්තාන්විත දසුන අප සිත් තුළට තැති ගැන්මක්ද ඇති කිරීමට සමත් විය. පුදබිමට අයත් අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණය තුළ පියමං කළ අපට එහිදී ගතට දැනුණේ දැඩි සිසිලසකි. සත්තකින්ම මේ පූජාභූමියට අයත් භූමි සීමාවෙහි එකදු තුරුලතාවක් හෝ කිසිදු පුද්ගලයකු විසින් විනාශයට පත් නොකිරීම පුදුම සහගතය. වවුලන්ගේත්, වඳුරන්ගේත් ජනාවාස භූමියක් වූ එහි පැවැතියේ දැඩි නිහඬ බවකි. පුදබිමට අයත් නිසංසල වන පෙතේ සිසිලස විඳි අප පූජා භූමියේ ඇතුළතට පිවිසියේ අන්ධකාර භූමියෙහි වූ නිහඬ බවට බාධාවක් නොකරමිනි.
කාහිංගල පුදබිමට අයත් භූමියෙහි පියමං කළ අපට පැරැණි බුදු මැඳුරද, එයට යාබදව පිහිටා ඇති සියවස් ගණනකට පෙර ඉදි කරන ලද දේවපතිරාජ ඇමැතිවරයාගෙන් පවා වැඳුම් පිදුම් ලද පහන් පැලෙහි නෂ්ටාවශේෂද දැකගන්නට ලැබිණි. ඉන් ඇතුළතින් පිහිටා ඇත්තේ සියවස් ගණනාවක් ඉපැරැණි අදෘශ්‍යමාන සිදුවීම් රැසකට උරුමකම් කී නා වෘක්ෂයකි. මෙම නා වෘක්ෂය සතුව පැවැති අදෘශ්‍යමාන සිදුවීම් රැගත් කතා කිහිපයක්ම වන බව කාහිංගල පුදබිමේ වත්මන් ප්‍රධාන කපුමහතා වන ටී. විල්ඩන් ගුණසිංහ කපු මහතා අප සමඟ පැවැසුවේය.
මෙම පුදබිම හා සබැඳි අතීත හාස්කම් රැගත් සිදුවීම් රාශියකි. වර්තමානයෙහිදී එයට නොදෙවැනි හාස්කම් රාශියක් මෙම භූමිය ඇසුරු කළ පුද්ගලයන් අත් විඳ ඇති බව ඒ පිළිබඳ ගවේෂණයේදී අපට දැනගත හැකි විය. කාහිංගල පුද බිමෙහි සියවසකට පමණ පෙරාතුව පුද පූජා කටයුතු සිදුකර ඇත්තේ බුරුකේසු නමැති භාරතීය යෝගීවරයෙකි. ඔහුගෙන් පසුව දශක කිහිපයක් පුද බිම නිසොල්මන්ව තිබී ඇත්තේ කිසිදු පුද්ගලයකුගේ බලපෑමකින් තොරවය. කිසිවකුත් මෙයට බලපෑම් කිරීමට මැලිකමක් දැක්වීමට හේතුව අතීතයේ පටන්ම පුදබිම සතුව පවත්නා හාස්කම් සහ එසේ බලපෑම් කළ තැනැත්තන්ට අදෘශ්‍යමාන ලෙස ලැබී ඇති අද්භූත දඬුවම් හේතුවෙනි.
සුවකළ නොහැකි රෝගවලින් පෙළෙන විශාල රෝගීන් පිරිසක් සුවකළ හැකි බවද විල්ඩන් ගුණසිංහ කපු මහතා පවසයි. එයට එක් හේතු සාධකයක් වී ඇත්තේ පුද භූමිය තුළ ඇති වනයෙහි දශක කිහිපයකට පෙර සිට පැවැත එන ඔෟෂධ වැල්ද පැවැතීමයි. රෝගීන් සුව කිරීම සඳහා භූමියෙහි ඔෟෂධ පමණක් භාවිත කරන බවත් හෙතෙම පැවැසුවේය.
සියවසකට අධික පැරැණි නා වෘක්ෂය සේම නුග වෘක්ෂයක්ද පිහිටා ඇති මෙහි මේ වන විට නුග වෘක්ෂය කාලයත් සමඟ නෂ්ටාවශේෂව ගොසිනි. මෙම නා වෘක්ෂය සේම නුග ගස අළලාද ජනප්‍රවාදයේ පවතින අද්භූත සිදුවීම් රාශියක් වන බව ගමෙහි එක් වියපත් මිනිසෙක් අප සමඟ පැවැසුවේය.
මුල්ලේරියා සටන කළ හැටි
මුල්ලේරියා සංග්‍රාමය සිදුවූයේ 1562 වසරේ අගෝස්තු මාසයේය. එම මහා සංග්‍රාමයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ හා උදාරත්වයත් අභිමානයත් පිළිබඳව නූතන පරපුරට ඇත්තේ අඩු වැටහීමකි.
පෘතුගාලය් නාවික හෙන්රි කුමාරයාගේ සමුදුරු තරණය වැඩපිළිවෙළට අනුව පෘතුගීසි නෞකාවක් ඉන්දියන් සාගරය ඔස්සේ ප්‍රථමවරට ගමන් ගත්තේ 1498 වසරේදීය. එයින් වසර 7ක් ගෙවුණු තැන 1505 නොවැම්බරයේ එක් අවාසනාවන්ත සැන්දෑවක අනපේක්ෂිත නාවික කණ්ඩායමක් ලංකාවට පා තැබූහ. ඔවුහු පෙරදිග ලෝකය දිග් විජය කළ මුහුදු කොල්ලකරුවෝ වූහ. දින කීපයකින් මෙම මනරම් දිවයින පෘතුගාලයේ මනුවෙල් අධිරාජයාගෙ කිරීටයට යටත් කරගන්නට හැකි වෙතැයි එම පිරිසේ නායකයා වූ ලොරැන්සෝද අල්මේදා විශ්වාස කරන්නට ඇත. ඔවුන් ඉතා කෙටි කලක් තුළ ඒ වනවිටත් පෙරදිග බොහෝ රාජ්‍ය අවි බලයෙන් යටත්කොට තිබිණ. ලිස්බන් නුවරින් ඇරැඹි පෘතුගීසීන්ගේ යුද ගමන ඉන්දියාවේ ගෝව දක්වා පැමිණ තිබිණ. දිගු ඉතිහාසයක් තිබූ පෙරදිග රාජ්‍යයන් පෘතුගීසීන් හමුවේ දණගසා තිබුණේද ප්‍රබල විරෝධය පෑමකින් තොරවය.
ලංකාව සම්බන්ධයෙන් එය එසේ නොවීය. පෘතුගීසි අධිරාජ්‍යවාදීන්ගේ ගමන කොළොම් තොට සමීපයේදී නවතන්නට සමත් මහා රණ ශූරයෙක් විය. හේ සීතාවක රාජසිංහ නම්විය. පෘතුගීසීන්ට මල්වානෙන් ඔබ්බට යන්නට රාජසිංහ ඉඩදුන්නේ නැත. 1562 දී මුල්ලේරියා වෙලේදී පෘතුගීසීන් ලද පරාජය අනභිභවනීය වන්නේ එවැනි පරාජයක් යුරෝපයේදී පෘතුගීසීන් ලබා නොතිබූ හෙයිනි. රාජසිංහ අධිරාජ්‍යවාදීන්ට අමතක නොවන පාඩමක් එදා ඉගැන්වූයේය.
16වැනි සියවසේ මුල්ලේරියා වෙලේ සිදු කළ සටන 21 වැනි සියවසේ නන්දිකඩාල් කළපුවේ සටනට වඩා වැදගත්කමින් ඉහළය. මන්ද එදා සීතාවක හමුදාව යුද වැදුණේ අපිම නිෂ්පාදනය කළ අපේම අවිවලින් නිසාය. සටන මෙන්ම සටන් බිමේ සතුරා පරාජය කළ උපාය උපක්‍රමද දේශීය විය. පෘතුගීසීන්ගේ අනභිභවනීය යැයි සැලකූ හමුදා පරාජයට පත්වූයේ දේශීය යුද තාක්ෂණය හමුවේය.
රුබෙයිරෝ නම් පෘතුගීසි ලේඛකයාගේ සටහනකට අනුව එදා සීතාවක යුද ශක්තිය මෙසේය.
හේවායන් - 50,000
කුලීකරුවන් - 60,000
ඇතුන් - 2,200
ලෝකඩ කාලතුවක්කු - 500
පොරො - 10,000
නාරාසන - 3,000
කැති - 20,000
කුන්තනි - 2,000
උදලු - 6,000
ලෝ කුරුවන් - 400
වඩුවන් - 1,000
කාලතුවක්කු - 400
බෝට්ටු - 400
නාවික යාත්‍රා - 65
මෙම කාලතුවක්කු සීතාවක රාජධානියට අයත් ප්‍රදේශවලම නිෂ්පාදනය කරන ලද ඒවාය. යපස් උණුකොට වානේ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තිබූ බවට සාධක අදත් සීතාවකින් හමුවෙයි. පන්ජාබයෙන් පැමිණි ශික් ජාතික ඉන්ජිනේරුවන් හා හමුදා නිලධාරීන් රාජසිංහ රජුට යුද අවි නිපදවීම සඳහා තාක්‍ෂණික මඟ පෙන්වීම් කළ බවට සාක්ෂි ඇත. මුල්ලේරියා සංග්‍රාමය සිදුවන විට මායාදුන්නේ රජු 1521 -1580 සීතාවක රජුවිය. ඔහු පුත් ටිකිරි බණ්ඩාරයන් සීතාවක අග සෙනෙවි විය. යුද සංවිධානය ඔහු විසින් තරයේ සිදු කෙරිණි.
ෙදාන් ජුවන් ධර්මපාල රජුයේ කෝට්ටේ රාජධානිය පෘතුගීසි හමුදා විසින් ආරක්ෂා කෙරිණි. 1562 අගෝස්තු තුන්වන සතියේ සීතාවක හමුදාව කෝට්ටේට පහර දුන්නේය. ඊට නායකත්වය දුන්නේ වික්‍රමසිංහ මුදලිගේ සේනාංකයයි. ඉන් කිපුණු පෘතුගීසීහු ෙදාන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් සීතාවක හමුදාව ලුහුබැඳ ආහ.
සීතාවක හමුදාව මුල්ලේරියා වෙලට ඔබ්බෙන් මාපිටිගම වාඩිලා සිටියේය. මෙතසස්ගේ හමුදාව තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඉදිරියට ගමන් කළේය. එහි පෘතුගීසි භටයන් 1,200ක්ද, දේශීය ලන්සක්කාර් සෙබළුන් 7,000ක්ද වූ බව කියැවේ. වික්‍රමසිංහ මුදලිගේ කුඩා සේනාංකය වරින්වර ප්‍රහාර එල්ල කරමින් පසු බසිමින් සතුරා මුල්ලේරියා වෙල්යාය දක්වා ඉදිරියට ගත්තේය. සතුරු හමුදා මා ඒ දණ්ඩ දක්වා පැමිණි විට රාජසිංහ සීතාවක හමුදාවන් අණදීමේ වගකීම සියතට ගත්තේය. ඉලංගම් සටන් පුහුණු වූ පනික්කි සටන්කරුවෝද, ඇත් අස් හමුදාවලින්ද, අතුරුගිරියෙන් හා කොරතොටින් පැමිණි සේනාංකද මුල්ලේරියාව සහ කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩාපැන ප්‍රහාරය ආරම්භ කළහ.
රාජසිංහ පෙරමුණ ගත් අතර කොරතොට හා හේවාගම ආරච්චිවරු පසු පසින් පහර දෙමින් සතුරා වෙල මැද කොටු කළහ. එය කිසිසේත් ගරිල්ලා සටනක් නොවේ. එවකට ලෝකය දිග් විජයකළ අනභිභවනීය වූ යුරෝපීය හමුදාවක් සිංහල හමුදාව සමඟ මුහුණට මුහුණ සිදුවූ සංග්‍රාමයකි. ඒ වනවිට පෘතුගීසි හමුදා පරාජයක් ගැන අසා කියවා හෝ තිබුණේ නැත. මහා ලේ ගංගාවක් ගලාගිය අතර පෘතුගීසීහු තම තුවක්කු බයිනෙත්තුවලින් දැඩි ප්‍රහාර එල්ල කළහ. සිංහලයෝ ඇතුන්ගේ වල්ගාවල එල්ලී සතුරාට අතේ දුරින් ළංවන්නට උත්සාහ කළහ. මෙම අවස්ථාව "රාජාවලිය" පොතේ විස්තර කෙරෙන්නේ මෙසේය.
රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් ප්‍රතිකාල් සේනාව මැදට පැන්නාහ. පස්ස පොරොන්තුවෙන් ගිය හමුදාව යුද්ධ කරනා විට වීරහස්ති ඇතා කොඩියක් ගතිය. ඓරාවණයා කියන ඇතා දම්වැලක් ගතිය. රාජසිංහ රජු අසු පිටට පැනනැඟී මහා සේනාවට පස්සට වෙන්ඩ හැර ප්‍රතිකාලුන් මැදට වැද අසු මෙහෙය වීය. ඇත් අස් සෙනඟ එකට කලබැගෑනිව ප්‍රතිකාලුන්ට තුවක්කුවලට වෙඩි බේත් දමන්ට ඉඩ නොදී කොටන විට පලිස්කාරයෝ ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටූහ. තුවක්කුවලින් ගසා ප්‍රතිකානෝ පලිස්කාරයෝ මැරුවාහ. රාජසිංහ රජු අසු විහිදුවා සේනාව වටකර දුවවමින් යුද ගිනි කෙළි කෙළ කොටන බිම දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුරු කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්න නෑර කොටා ජය ගතිය. එක් දහස් පන්සියයක් ප්‍රතිකාලුන් හා කෝට්ටේ සේනාවෙන් කීප දෙනෙකුත් වෙල මැද වැටුණාහ."
(රාජාවලිය (අ.ප්‍ර.දෙ.) පිට 237)
මුල්ලේරියා සංග්‍රාමය අවසානයේ දිවි ගලවාගත් පෘතුගීසීන්ට ඔයේ නවතා තිබූ පාරුවලට යා හැකි වනසේ සිංහල හමුදාව මඟ විවර කරමින් දෙපසට වී ඉඩ දුන්නේය. පසුදින ජය සමරා උත්සවයක් පැවැත් වූ අතර හේවාගම, කොරතොට, ආරච්චිවරුන්ටද සෙසු නිලයන්ටද සම්මාන ප්‍රදානය කෙරිණි.
මෙම සංග්‍රාමයෙන් පසු සීතාවකට ගොඩබිමින් එන සතුරු උවදුරු වැළැක්වීමට ශක්තිමත් බල කොටුවක් කඩුවෙල ඉදිකෙළේය. හේවාගම ඉවුරේ කන් විද්දගල නමින් ගඟට නෙරාගිය ගල් පර්වතයක් ඇති අතර එම ගලේ ගඟට නෙරූ කොටස සිදුරු කොට එම සිදුරෙන් යකඩ දම්වැලක් යවා පහළින් ඇති ගල් කුලුනක් අතරෙන් ගංපතුලින් ගෙන ගොස් ගල් හිටියාව නම් ඉඩමේ අදත් දකින්නට ඇති ගල කුලුනකට බැඳ තිබුණේ ගඟදිගේ ඉහළට පැමිණෙන සතුරු බෝට්ටු වැළැක්වීමටය. කන්විද්දගල තිබෙන්නේ බියගම පාරේ රක්මාපා වත්ත තොටුපළට විරුද්ධ පැත්තේය.
සංග්‍රාමයේ කැපී පෙනුණු සේනා නායකයන් අතර වික්‍රමසිංහ මුදලි, කොරතොට ආරච්චි, අමරකෝන් මුදලි, සෙම්බ පෙරුමාල් ආදී නායකයන් 40ක් සිටි බව වාර්තා වේ. කෝට්ටේ රාජධානියට එරෙහිව පැවැති අනවරත යුද්ධ සඳහා වෙල්ලස්සෙන් බින්තැන්නෙන්, කටුවනින්, කළුතරින් සීතාවකට අයත් විවිධ ප්‍රදේශවලින් පැමිණි හමුදා සටනට දායකවී තිබේ.
පරාජය වූ පෘතුගීසි හමුදා නිලයන් අතර, නනෝ පෙරෙයිරා, ලසර්දා, අන්තෝලියො, ඩයස් ද ලොම්බා, මැනුවෙල් ලොරැන් සෝ, ගැස්පාර් ගුරේටස්, අන්ද්‍රෝද ෆොන්සේකා, මෙනසෙස් ආදීහු වූහ.
අවුරුදු 2000ක් පැරැණි පබළු උදුන සොයා
මීට වසර ගණනාවකට පෙරදී ජේතවනාරාම කෞතුකාගාරයට ගිය අපි එහි තිබූ පුරාවස්තු නරඹමින් සිටියෙමු. ඇස් හිත් අදහාගත නොහැකි වන විස්කම් පිරි පුරාවස්තු අතර අප සියලුම දෙනා සැරිසැරුවේ අපේම නෑදෑයන් අතරට කලකින් පැමිණි අමුත්තන් පරිද්දෙනි. ආභරණ තැන්පත් කළ ප්‍රදර්ශන කුටිය අප කණ්ඩායමේ පිරිමි පාර්ශ්වයට ඒ හැටි වැදගත් බවක් පෙනෙන්නට නොතිබිණි. එහෙත් අප කණ්ඩායමේ සහෝදරියන්ට නැරැඹීමට වැඩිම කාලයක් ගතවූයේ මේ කුටියටයි.
අපට ආරක්‍ෂාව සලසමින් අප අතරම කැරැකි කැරැකී උන් සහෝදර පිරිසට අප ගත කළ කාලය පිළිබඳ වූවේ නොරිස්සුමකි. අපට ඔවුන්ගේ නොරිස්සුම දැනුණේවත් නැති තරම්ය. පිස්සුවෙන් මෙන් වීදුරු පෙට්ටි තුළට දෙනෙත් යොමා ඒ ආභරණ පිළිබඳ විමසුවෙමු. කහ, නිල්, කොළ, රතු, දම් පැහැති පබළු අද ඊයේ වෙළෙඳසලකින් මිලට ගෙනැවිත් තැබුවා සේය. ඇස්වලින් දැක විඳගැනීමෙන් සෑහීමකට පත් නොවූ අපි එකිනෙකා සමඟ ඒ පිළිබඳ අදහස් හුවමාරු කරගත්තෙමු. අපේ සීමාවක් නොමැති නැරැඹීමත්, කතාවත් ඉවසාගත නොහැකි තැන අප මිතුරකු ප්‍රදර්ශන කුටිය බාරව හුන් නිලධාරියාට කීවේ 'මේ ගැලරිය මේ ගෑනුන්ට නම් පෙන්වන්න එපා.
මේ පේනවනේ පිස්සු හැදිල වගේ. දැන් කොච්චර වෙලා ගියාද' යනුවෙනි. ඒ තරමට අපි ඒ පබළුවලට වශී වුණෙමු. මීට වසර දෙදහසකට එපිට අතීතයට අයත් මේ පබළු කෙසේ නම් නිර්මාණය කරන්නට ඇද්ද? ඒ තාක්‍ෂණය කොපමණ දියුණුව තිබෙන්නට ඇද්ද? එදා මට මෙන්ම මා සමඟ උන් මගේ සෙසු සහෝදර කැලටද එසේ සිතුණු බව සහතිකය. එහෙත් එදා මම සැබෑවටම පබළු සෑදූ උදුනක් දෑසින්ම දකින්නට හැකිවේයැයි විහිළුවටවත් නොසිතුවෙමි. යකඩ උදුන් දැක බලා ගෙන තිබියද පැරැණි පබළු උදුනක් දැකීම ගැන අදහසක්වත් ඇති නොවුණේ එය එපමණටම දුලබ කර්තව්‍යයක් බව දැනගෙන සිටි බැවිනි.
එදා ජේතවනයෙන් දුටු පබළු සේම වර්ණවත් දීප්තිමත් එකිනෙක පරයා නොයන පබළු ලංකාව පුරා පිහිටි කෞතුකාගාරවලදී මෙන්ම කැණීම්වලදී ද මම දැක ගත්තෙමි. ඒ සමඟම කාලය මට මාවම පුදුම කරමින් එක් තොරතුරක් ලබා දුන්නේය. ඒ මන්නාරම් ප්‍රදේශයේ ස්ථානයක අතීතයේ පබළු තැනූ උදුනක් සොයාගෙන ඇති බවය.
ඒ තොරතුරු ඉබ්බා දියට දැමීමක් බඳු විය. හැකි ඉක්මනින් එය සොයා යෑමට ඇවැසි වුවද මාස හතර පහක්ම ගෙවී ගියේ ඊට ඉඩක් නොතබමිනි.
එහෙත් පසුගියදා ඒ අරමුණ ඉටුකර ගැනීමට මඟපාදා ගත් අපි මන්නාරම් යෑමට ගමන් ඇරැඹුවෙමු. 'බල සුබ නිමිති පෙර මඟ නැකැතටත් වැඩී' යන්න සැබෑ කරමින් ඊට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායකයන්ද අවසර දුන්නේ කිසිදු අදිමදි කිරීමක් නොකරමිනි. එසේම ඒ ගමන සඳහා සහභාගි වූ අපගේ පෙරගමන්කරු වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ සහකාර නිමල් පද්මසිරි මහතාය.
ගමන නම් දුෂ්කරය. එහෙත් මේ දුෂ්කරතා මේ මහපොළොවේ උපන් අපට නුහුරු නුපුරුදු නොවේ. එය විඳිය යුතුමය. පුරාණ බුද්ධ ප්‍රතිමාවන්හි හිස සිඳ පපුකුහරය හාරා රනින් කළ නිධන් සොයනා නොමේරු මොළ ඇති මිනිසුන්ට මේ යන ගමන විකාරයකැයි සිතෙන්නට හැකිය. එහෙත් සැබෑවටම අතීතයට ලොබ බඳින්නකුට මෙය ආශ්චර්යවත් පුරාවස්තුවකි.
නිමල් පද්මසිරි මහතා පවසන පරිදි මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ඇස ගැටුණේ 2011 වසරේ දිනයකය. ඒ ඔවුන් විසින් මෙහි කරන ලද ගවේෂණ චාරිකාවකදීය. එම ගවේෂණයේ මූලිකයා වූයේ පර්යේෂණ සහකාර කල්ප අසංගය. ඔහුගේ තනි නොතනියට සේම රාජකාරියටද උරදුන්නේ ඩී. ඩබ්ලිව්. නිමල් පද්මසිරි මහතාත්, අයි. පී. එස්. නිශාන්ත මහතාත්ය. මෙය සොයා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඔවුන්හටය.
පබළු උදුන නිකංම නිකං පබළු උදුනක් නොවේ. මේ වීදුරු පබළු උදුනකි. ඉතින් එවැන්නක් ගැන දැන දැනත් නොබලා සිටින්නේ කෙලෙසකද? හිතට ඇත්තේ කුකුසකි. කිරිඔය නිම්නයේදීත්, සමනල වැව් කන්දේදීත් දුටු යකඩ උදුන් සේම මේ පබළු උදුනද හඳුනාගත හැකිද? ගිරිබාව ප්‍රදේශයෙන් හමුවූ පබළු උදුනත්, මන්නාරමෙන් හමුවූ බව කියන මේ වීදුරු පබළු උදුනත් සමානද? අතොරක් නැති ප්‍රශ්න හිත පුරවාලයි.
විල්පත්තු කැලය මැදින් ඇදෙන වාහනය වරෙක ඉවතට විසිවේ යැයි සිතෙන තරම් ලිස්සනසුලු මාවතක යන්නේය. පහුවූ රාත්‍රියේ වට වැස්ස නිසාම තාර නොදැමූ පාරට ගොඩගැහුණු දූවිලිවලට දුවන්නට නොදී තදකර ඇත.
මහන්සියත්, නිදිමතත් දෑස් පියාගන්නට බල කළද, මේ ඊට වෙලාව නොවේ. අප උපන් දේශයේ තේජවත් බව නොදැක ජීවත්වී කුමටද? මේ පරිසරය නොබලා ඉන්නේ කුමකටද? තැනින් තැන හමුවූ ආරක්‍ෂක කඳවුරු සේම, තැන තැන මැරී උන් ගෝනුන් වැනි සතුන්ද, පාර හරහා සෙල්ලම් කරනා ඕලු මුවන්, මොනරුන්ද බලමින් අපි මන්නාරම් නගරයට ළඟා වනවිට ඉරමුදුන්ව තිබිණි.
'මෙතැනින් හරවන්න. මේ පාර තමයි' නිමල් පද්මසිරි මහතා අපට මඟ ලකුණු පෙන්වයි. තිරුකේදිස්වරම් කෝවිල පසුකොට මඳ දුරක් ගිය ඔහු වන ළැහැබෙන් අසල වූ අඩිපාරක් දැක වාහනය නතරකොට 'ඔයාලා ඉන්න මම ඉස්සරවෙලා තැන මෙතැනද කියලා බලල එන්නම්' යැයි කියමින් වාහනයෙන් බැස ගියේය. මොහොතකින් යළි පැමිණ 'එතැන නෙවි දැන් කැලේ නිසා හොයා ගන්න ටිකක් අමාරුයි' කියමින් නැවත වාහනයට නැඟ මීටර් පහ හයක් ඉදිරියට ගොස් 'මෙතැන නතර කරන්න' කියමින් බැස ගියේය. මිනිත්තු කිහිපයකින් කැලේ අතරින් මතුවූ ඔහු 'හරි දැන් එන්නැයි' කීවේය. මඳකට යටපත්ව තිබූ පබළු උදුන දැකීමට වූ හදිස්සිය යළිත් මතුව ආවේය.
නිමල් පද්මසිරි මහතා නැවත කුඩා අඩි පාර ඔස්සේ ඉදිරියට ඇදේ. කටුපඳුරු පිරි වන ළැහැබ ඔහු කී ලෙසම ඒ පෙදෙස ආක්‍රමණය කොට ගෙන ඇත. එහෙත් කටුපඳුරු බළඇණියට අප ගමන නතර කරලන්නට නොහැකිය. අත පය කටු අතුවලට සීරෙද්දීම නිමල් පද්මසිරි මහතා පසුපස අපි ඇදුණෙමු. තැන තැන වූවේ කොළපැහැති පොහොර කවර වළදැමූ වැලිකොට්ටය. 'මෙතැන යුද්ධ කාලෙ හමුදා බංකරයක් තිබිලා තියෙනවා. එයාලා දන්නෙ නැතිව මේ උදුනෙ එක බිත්තියක් උඩ තමයි ඒක හදල තිබිල තියෙන්නේ. එසේ කියමින් වළක් වැනි තැනකට බැස්ස ඔහු 'මේ තියෙන්නේ ඒ උදුනෙ කැඩුණු බිත්ති' යැයි කියමින් අඳුරු පැහැ යබොර වැනි කුට්ටි විශේෂයක් පෙන්වීය. කළුපැහැතිව ඝනකමට උණුව ගල්ගැසුණු ඒවා අතීතයේ තාක්‍ෂණයේ බලමහිමය උජාරුවට පෙන්වමින් සිටියේය.
පුරාවිද්‍යාඥයකුට මෙවැන්නක් වැදගත් වන්නේ අතීත පරිසරය, සමාජය යළි ප්‍රතිනිර්මාණය කරගැනීමටය. ඒ යුගයේ වූ සංස්කෘතිය, හෙළිවන කැඩපත වන්නේ මෙවන් පුරාවස්තුය.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම, ලෝකයේ පබළු භාවිතය පැවැතියේය. ප්‍රංශයේ පිහිටි ලික්විනා (ඹ්ඪඳභඪදච) හි ප්‍රාග් ඓතිහාසික ස්ථානයෙන් සොයාගත් පබළු ක්‍රිස්තු පූර්ව 38,000දී පමණ නියන්ඩතාල් මානවයා භාවිත කරන ලද ඒවා සේ පුරාවිද්‍යාඥයෝ සලකති.
ලංකාවේ හමුවන පැරැණිම පබළු සාධක හමුවන්නේ වසර 28,000ක් පමණ පැරැණි කුරුවිට බටෙදාඹලෙනින් හමුවූ බෙලි කටු පබළුවකි. ලංකාවේ සිදුකර ඇති කැණීම්වලදී හෙළිකොටගෙන ඇති පරිදි ක්‍රිස්තු පූර්ව 900 - 600 අයත් මුල් යකඩ යුගයේදී ජනතාව අතර මෙම පබළු සුලබව භාවිත වී ඇත. ප්‍රාථමික යුගයට අයත් ඉබ්බන්කට්ටුව ආදී මහා ශිලා සුසාන තුළින්ද පැරැණි වරායන් හා ජනාවාස වෙළෙඳ මධ්‍යස්ථානවලින්ද මෙලෙස පබළු හමුවීමෙන් සමකාලීන සමාජයේ පබළුවලට වැදගත්කමක් හිමිව තිබූ බව ගම්‍ය වන්නේය.
මෙලෙස හමුවන පබළුවල අලංකාරවත් බව, ප්‍රමාණය, යොදාගත් අමුද්‍රව්‍ය අනුව එදා සමාජයේ තරාතිරම, අභිචාර විධි, තාක්‍ෂණය, කලාකෞශල්‍යය පිළිබඳවද අදහසක් ලබාගත හැකිවේ.
පබළු නිෂ්පාදනයට පැමිණීමට පෙර මුල්කාලීනව මල්, ගෙඩි, ඇට වර්ග අමුණා කළ පලඳනාද ක්‍රමයෙන් ඒවා මැටි, වීදුරු, පාෂාණ වර්ග, ඇත්දළ, ලෝහ වර්ග දක්වා වර්ධනය වී ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
එලෙස ලංකාවෙන් හමුවන භාණ්ඩ අතර කානීලියන්, ඇගේට්, අඹතේස්ත, මෙන්ම තිරුවාණා වර්ගද වේ. ඇතැම් අවස්ථාවලදී මෙලෙස හමුව ඇති පාෂාණ මෙරට දක්නට නොලැබෙන ඒවා වන අතර, ඒවා විදේශයන්ගෙන් රැගෙනවිත් ඇත. එමඟින් ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා පිළිබඳවද කරුණු හෙළිකර ගැනීමට හැකියාව ලැබේ.
ඇනා දැරණියගල විසින් කරන ලද පර්යේෂණවල පරිදි ඇය පබළු නිර්මාණ තාක්‍ෂණය කොටස් දෙකකට වර්ගීකරණය ඇත. ඉන් පළමුවැන්න කපා පිලිස්සීමට ලක් කළ (ඛ්භබබඪදඨ) හා දෙවැන්න අතින් සකසාගත් (එධභදඤ) ලෙසය.
කෙසේ වුවද මන්නාරමෙන් ලැබි මෙම වීදුරු පබළු උදුන සම්පූර්ණයෙන්ම බලා ගැනීමට ඉඩක් නොතිබුණද එහි අවට විසිරි යබොර, වීදුරු කැබැලි සිය ගණනක් දැකගැනීමට ලැබිණි. නිමල් පද්මසිරි මහතා කියන පරිදි ආචාර්ය ශිරාන් දැරණියගල අනුමත කරන්නේ මෙම පබළු උදුන ක්‍රිස්තු වර්ෂ 8ට පමණ කාලයට අයත් ලෙසය. මේ බිම පුරා ඇත්තේ සැබෑවටම පුරාවිද්‍යාඥයකුගේ නොසිඳෙන තෘෂ්ණාවට හේතුවන පුරාවිද්‍යා සාධකය. කාලරක්ත වර්ණ මැටිබඳුන්, ඇතුළු විවිධාකාර මැටිබඳුන්, ඒ අතර අලංකාර කරන ලද මැටිබඳුන්, වර්ණාලේපිත මැටිබඳුන් මැටි නළ කොටස පාත්‍රා කොටස්, කෙමි කොටස, අතීතයේ මුදල් ලෙස භාවිත කළ කොටස්, බි්‍රතාන්‍ය යුගය හා විවිධ විදේශීය උරුව හඳුනාගත හැකි පිඟන් කැබැලි ආදියද ඒ බිමේ මතුව ඇත.
ක්‍රිස්තු පූර්ව යුගයේදී දකුණු ආසියාවේ විශාලතම වාණිජ වරාය වූ මාන්තෙයි, මන්නාරම්, මහාතිත්ථ මාතොට ආදී නම්වලින් හැඳින්වූ වරාය අසල පිහිටි වීදුරු පබළු උදුන එදා මෙරටට පමණක් නොව ඇතැම්විට විදේශයන්ටද පබළු යවන්නටද ඇත. අදටද ඒ අසලින් හමුවන උණු වූ වීදුරු කුට්ටිවල නිල්, කොළ, නිල්, කහ, ගොම පැහැ ආදී වර්ණ ඉතිරිව ඇත.
එදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂක පිරිස මේ උදුන සොයාගත් සැණෙකින් නිමල් පද්මසිරි පැවැසුවේ මේ නියත ලෙසම වීදුරු පබළු තැනූ උදුනක් බවය. ඒ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාද අනුමත කරන්නට විය. එහෙත් තමන්ගේ මතයෙන් පමණක් සෑහීමකට නොවන්නේය. එහෙයින්ම පර්යේෂණ සහකාර කල්ප අසංග මහතා උණුව ගොස් අවශේෂ වූ වීදුරු කොටසක් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට දී පරීක්‍ෂාවට බඳුන් කරන ලදී. එහිදී ද නිමල් පද්මසිරි කිවූ බස සනාථ විය. වීදුරු පබළු උඳුනක් මහාතිත්ථ වරාය අසල තිබීම එදා මේ බිමේ වූ සශ්‍රීකත්වය උලුප්පා දක්වන්නක් බව ආචාර්ය නිමල් පෙරේරා විසින් කිවූ බව පැවැසුවේ නිමල් පද්මසිරි මහතාය.
'ආචාර්ය නිමල් පෙරේරා මහත්තයා කියන්නෙ මේ වරාය අශ්ව ලාඩමක හැඩයට නිර්මාණය කරපු එකක්. මේකේ පැරැණි දිය අගල් දෙකක්
ඊජිප්තු පිරමීඩවල තියෙන සංකේත ලංකාවේ රන්මසු උයනේ තියෙනවා
ඊජිප්තු පිරමීඩවල තියෙන සංකේත ලංකාවේ රන්මසු උයනේ තියෙනවා
නිල් අහස නිල පුරවගෙන බලා ඉන්නේ වහින්නට නොවේ. අනුරපුර ශ්‍රී විභූතිය දකින්නට නිල් ඇසින් බලා හිඳින අහස බිඳකටවත් අඳුරු නෙත් දරා මේ අග්‍රගණ්‍ය පූජනීය නගරයෙන් දෑස් ඉවතට ගැනීමට අකැමැති සෙයකි.
අපිට ඇවැසි වූවේ කවදාවත් ලියා හෝ බලා අවසන් කළ නොහෙන අතීත අභිමානයේ ජයඝෝෂාව යළිත් සවන්පත් අසලට ඇදගැනීම පමණි. මීට වසර හැට හැත්තෑවකට එපිටදී මේ ගල් කුලුනු සමඟ ඔට්ටු වූ ඉසිඹුලන ජීවිතය ඊට කදිම සෙවණක් විය. අප ඔහුව සොයා ආවේ එහෙයිනි.
නමින් ආර්. බී. එදිරිසිංහ නම් වූ ඔහුට අපි එන්නට කීවේ ජේතවනාරාම කෞතුකාගාරය අසලටය. කියූ වේලාවට පෙර ඔහු පැමිණ සිටියේය.
නටබුන් ගොඩනැඟිල්ලක ඉහළ පියගැටයක හිඳගත් එදිරිසිංහ මහතා මටද ඉඳගන්නට යැයි කීවේය. තැනින් තැන පෙනෙනා ගල් කුලුනු කැටයම් සේම අපට පසුපසින් දිස්වෙන ජේතවනාරාමය දුටු මහිතට දැනුණේ දරාගත නොහැකි පමණේ ගර්වයකි. ඔහු කියන්නේ සුරංගනා කතාවක් නොවේ. ඒත් එය එපමණටම මිහිරිය. අසන්නට ලොල් වඩවන්නකි. මේ ලියන්නේ ඒ කතාවයි. ඔහු කියූ අතීත සෙවණැල්ලේ දිස්නයයි.
අවුරුදු එක්දාස් පන්සියයක් එකම තැනක කිසිම රටක රාජධානියක් තිබිල නෑ. ක්‍රිස්තු පූර්ව 7-5 සිට ක්‍රිස්තු වර්ෂ 10 දක්වා රෝම අධිරාජ්‍යයත් අවුරුදු එක්දාස් එකසීයයි. අනුරාධපුර රාජධානිය තමයි මේ තරං කාලයක් පැවැතුණ රාජ්‍යය.
මහසෙන් රජතුමා ජේතවන දාගැබ ඉදිකරන කොට රෝම අධිරාජ්‍යය බිඳ වැටිලා ඉවරයි. දහවැනි සියවසෙන් පස්සේ ඇතිවෙන පොළොන්නරු රාජධානිය තියෙන්නෙත් අවුරුදු දෙසිය පනහක් විතරයි.
ක්‍රිස්තු පූර්ව තුනේදී බුදුදහම ආවට පස්සේ සමාජේ විශාල පෙරළියක්, දීප්තියක් ඇති වෙනවා. ඒ එක්කම විශාල සංඝාරාම තුනක් ඇති වෙනවා. විශාල පිරිසක් භික්‍ෂූන් බවට පත් වෙනවා. ඒ එක්කම මහා විහාරය පළමුවෙන්ම ඉදිවෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව 3 සහ 2 අතර කාලයෙදී දෙවැනි එක වළගම්බා රජු දවස ඉදිවුණු අභයගිරිය. ඒක ක්‍රිස්තු පූර්ව එකේදී. තුන්වැනි එක ජේතවනාරාමය. ක්‍රිස්තු වර්ෂ හතරෙදි. අක්කර පන්සියයක භූමිභාගයක මේ ජේතවනාරාමයට දහස් ගාණක් ගොඩනැඟිලි තියෙනවා.
මේ ජේතවනාරාමය තමයි ලෝකෙ විශාලම ගඩොල් ගොඩනැඟිල්ල. විශාලම දාගැබ. පුරාණ ලෝකයේ උසින් තුන්වන තැන හිමිවෙන ගොඩනැඟිල්ල. පළමු තැන ඊජිප්තුවේ පිරමීඩයකට. ඒක අඩි හාරසීය අනූවයි. දෙකත් පිරමීඩයක්. හාරසිය හැත්තෑවයි. මේ ජේතවනය තුන්වන තැන ගන්නවා
. උස අඩි හාරසිය හැටයි. මීටර් නම් එකසිය පනහයි. මේකේ අත්තිවාරම් මීටර් දහයක් යට ඉඳල එන්නේ. පතුලෙ ඉඳන් උඩට යනකම් ගඩොල් තියෙන්නේ. මැද ධාතු ගර්භයට පොදු කුටීරයක් තියෙනවා. සර් එමසන් ටෙනන් කියන ඉංග්‍රීසි ජාතිකයා ගණනය කරල තියෙනවා. එයා කියනවා ලන්ඩන් නුවර ඉඳලා එඩින්බරෝවලට අඩි දහයක් උස අඩියක් පළල තාප්පයක් බඳින්න පුළුවන් මේ ගඩොල්වලින් කියල. ලංකාවේදී බැලුවොත් දෙවුන්දර තුඩුවෙ ඉඳල පේදුරුතුඩුව දක්වා අඩි දහයක් උස අඩියක් පළල තාප්පයක් හදන්න පුළුවන් කියල.
දහවැනි සියවසෙන් පස්සේ මේ සියල්ල විනාශවෙලා පස්වලින් වැහිලා යනවා. මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය අවුරුදු විසිහතරයි. ඒත් මේ ස්තූපය හදන්න කොච්චර කල් ගියාද දන්නේ නෑ. මේක ඔක්කොම කළේ මිනිස් බලයෙන්. මහා වැව් දාසයක් බැඳලා, ඇළවල් එකොළහක් හැදුවා. මේ ගඩොල් මිලියන අනූතුනක් තියෙනව කියල සර් එමර්සන් කියනවා. අවුරුදු එක්දාස් හත්සීයකට කලින් මේවා කොහේදි කැපුවද කොහේදි පිලිස්සුවද කියල, මිලියන ගාණක් ගල් කුලුනු, ගල් කුට්ටි තියෙන අනුරාධපුරේ ඒවා කැපූ තැනක්, කැපූ විදියක්, ගෙනා විදියක් කවුරුවත් දන්නේ නෑ. අඩුම තරමේ මේ ගල් කැපූ කොටු ගල් කොරි හඳුනාගන්න නෑ. අතීතයෙ දහවැනි සියවසෙන් පස්සේ මේක අත්හැරපු පාළු නගරයක් වෙනවා. චෝලයෝ මේක විනාශ කරනවා. ආයෙ මිනිස්සු මෙහෙට එන්නෙ දහඅටවන සියවසෙන් පස්සෙ. ඉංග්‍රීසින්ගෙ කාලෙ තමයි ආපහු අනුරාධපුරය ජනාවාස වුණේ.
මේ අනුරාධපුර නගරය ගැන හිතුවොත්, අභයගිරිය, රුවන්වැලිය, නඛාවෙහෙර, ලංකාරාමය, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, ජේතවනාරාමය ආදී තැන්වලට තමයි ඉස්සර මිනිස්සු වටවන්දනාවේ යන්නේ. තිසාවැවෙන් නාලා ශ්‍රී මහාබෝධියෙන් පටන් අරන් වටේම වැඳගන්නවා.
එදිරිසිංහයන් විටෙක තම අදහස් ප්‍රකාශ කරන්නේ සැලැසුම්ද අඳිමිනි. ඔහු හොඳ ඉතිහාස ගුරුවරයකු සේය. කියන අපූරු කතා ඔහුගේ දශක ගණනක ජීවිත කාලයෙන් එකතු කොටගත් දැනුම් පරාසය සමඟ ඉතිරී පැතිරී ඇත. ඔහු කියන කතා ඇසෙන විට හිතට දැනෙන්නේ මේ ගල්කණු ලියවැල් ත්‍රිමානව දෑස් ඉදිරිපිට කතා කරන සෙයකි.
මහා විහාරය ක්‍රිස්තු වර්ෂ තුනේදී ඇතිවුණේ. අභයගිරිය ක්‍රිස්තුවර්ෂ එකේදි. මහා විහාරය අක්කර හාරසීයයි. අභයගිරිය අක්කර හයසීයයි. රාජධානිය තිබුණු ඇතුළු නුවර අක්කර දෙසීයයි. විශාලම ස්ථානය මේ අභයගිරිය.
හතරවැනි සියවසේ මේ රටට ආපු පාහියන් හාමුදුරුවො කියනව අභයගිරියේ භික්‍ෂුන් පන්දාහක් හිටියයි කියල. ජේතවනාරාමේ භික්‍ෂුන් තුන්දහස් පන්සියක් හිටිය කියල. මහාවිහාරේ තුන්දාහක් හිටිය කියල. භික්සූන් වහන්සේලා එකොළොස්දාස් පන්සීයක් අනුරාධපුරේ ඉඳල තියෙනවා. දහවැනි සියවස දක්වාම දිගටම ඉඳල තියෙනව. මේ තරං භික්‍ෂුන් වහන්සේ ප්‍රමාණයක් සිවුපසයෙන් පෝෂණය කරන්න කොච්චර ජනගහනයක් ඕනෑද? පළමු සියවසේ චන්ද්‍රමුඛසීව තෑගි භෝග සමඟ නියෝජිතයන් රෝමයට යවනව. ඒ කාලේ හිටපු ප්ලිනි කියන ප¾ඩිවරයා කියල තියෙනවා, අනුරාධපුරය කියන්නේ සිංහල දේශයේ අගනුවර කියල. ඒ කාලෙ අනුරාධපුරේ මිලියන දෙකක ජනගහනයක් හිටිය කියල. රෝමයේ රජ කළේ ඒ කාලේ ක්ලෝඩියස් රජු.
ඒ තරං සෙනඟක් නැතිව මේ වැඩ කරන්න බෑ. ඒ කාලේ හැම මිනිහෙක්ම සතියට එක දවසක් රජයට වැඩ කරන්න ඕන. තමන්ගේ අස්වැන්නෙන් සියයට විස්සක් රජයට දෙන්න ඕන. නියං කාලවලදී එය විස්සෙන් එකක් දක්වා අඩුවෙලා තියෙනවා.
සෙල්ලිපිවල 'කැති අඬහැර' ලෙස දක්වනවා. සමහර ගංවතුර නියඟවලදී වගා පාළු වුණාම බදු අරන් නෑ.
මේ අනුරාධපුරේ කෘෂිකාර්මික වටරවුමක් ඇතිවෙනවා. තිසා වැව, අභය වැව, බුලන්කුලම, පෙරිමියන්කුලම, තන්නායන්කුලම, නුවර වැව යන වැව් ආශ්‍රිතව මේ වටරවුම් ඇති වෙනවා. මෙහෙම කාලය ගෙවෙද්දි මේ ජනගහන තත්ත්වයන් වැඩිවීමත් එක්ක මේවයේ භික්‍ෂුන් කැලේට යනවා. ඒ යන ගමන භාවනා කරන්න හිත එක්තැන් කරන්න හිතන් යන්නෙ. රජවරු මේ භික්‍ෂුන් වෙනුවෙන් ගොඩනැඟිලි හදනවා. මේ ටික පාංශුකූලික භික්‍ෂුන්ගේ වටරවුම වෙනවා. ඊට පස්සේ වනවාසී වුණු භික්‍ෂුන් නඩත්තු කරන්න නුවර වැසියනුත් කුඩා වැව් හදන් ඒ කිට්ටුව පදිංචි වෙනවා. සැතැපුම් හතර බැගින් හතර කොනටම මේ හැම නටබුමක්ම තියෙනවා. පශ්චිමාරාම, තොලුවිල, බටහිරාරාම ආදී ගොඩනැඟිලිත් මේවට අයිතියි. මේවා තවත් මතු කරගන්න බැරිවුණා. තාමත් අනුරාධපුරය වැළලුණු උරුමයක්.
කුෂාණ යුගය
කුෂාණ යුගයමෞර්ය අධිරාජ්යඑ බිඳ වැටීමෙත් සමඟ වයඹ දිග ඉන්දීය පර් වදේශයට කඩා වැටුණු විදේශීය වංශිකයන් අතරින් කුෂාණ වරුන්ට හිමි වන්නේ සුවිශේෂ ස්ථනයකි. මෞර්ය අධිරාජ්යු බිඳ වැටෙනවාත් සමඟ වයඹ දිග ඉන්දියානු පරිකලදේශයට කඩා වැදුණු විදේශීය වංශිකයන් අතර ගරී ක්වරුන් (යවන යම් පර ව මාණයකටය වැදගත් වේ. ඒ. කරිය .පූ. 327 දී වයඹ දිග ඉන්දීය පරීක්දේශය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්යාය ආකරකඩකමණය කොට ගරී ක ජනපද ආරම්භ කළ නිසාය. ඇලෙක්සැන්ඩර් අධිරාජ්යාක ඉන් අනතුරුව වයඹ දිග ඉන්දියානු පරසායදේහය තුළ ගරී ක්වරු බලවත් වෙමින් කප්පම් ලබාගැනීම පරදියදේශ වරින් වර යටත් කර ගැනීම සිදුකළ නිසාය. ඉන්පසුව වයඹ දිග ඉන්දියාව ආකරර යමණය කළ ශකවරුන්ද යම් පරු. මාණයකට වැදගත් වේ. ඔවුන් වයඹ දිග පරළ දේශයේ රාජධානී පිහිටුවා ගැනීමට උත්සහ දැරුවත් බලවත් වීමට නොහැකි විය. එනම් පරාඋත්දේශීය වශයෙන් යම් දේශපාලන බලයක් ස්ථාවර කර ගැනීමට ඔවුන් සමත්වී ඇත. මේ හැරුණු විට මෞර්ය අධිරාජ්යා බිඳ වැටෙනවාත් සමඟම වයඹ දිග ඉන්දියාවට කඩා වැදුණු තවත් විදේශීය වංශයක් වූ පර්තියන් (පල්ලව එතරම් වැදගත් නොවේ. ඔවුන් පාලකයන් කිහිපදෙනෙකුට සීමා වූ දේශපාලන බලයක් ගොඩනගා ගත් නිසාය. මෞර්ය අධිරාජ්ය බිඳවැටෙනවාත් සමඟම වයඹ දිග ඉන්දියාවට කඩා වැදුණු කුෂාණවරුන් ඉහත සඳහන් කළ අනෙකුත් විදේශීය රාජ්යග වංශ යටපත් කොටගෙන වයඹ දිග ඉන්දියාව තුළ පරිද බල අධිරාජ්යායක් නිර්මාණය කරනු ලැබිණි. මෙහිදී මෙලෙස ගොඩනැගුණු කුෂාණ අධිරාජ්ය යේ බලය මධ්යම ආසියාව (ඇෆ්ගනිස්ථාන්, කාබුල්, කන්දහාර්, උතුරු ඉන්දියාව හා නැගෙනහිර ඉන්දියාව දක්වා විහිදුණු විශාල අධිරාජ්ය ක් ගොඩනගාගත් හෙයින් කුෂාණ වරුන් වැදගත් වේ. කුෂාණ යුගය පිළිබඳ අධ්යඩයනය කිරීමේදී මහායානා බෞද්ධ ගරධිරන්ථ සඳහා වැදගත් තැනක් හිමිවේ. එනම්, අශ්ව ගෝෂ වත්ස්යා මිතර ාබ නාගර්ජුන පාර්ෂව, සංඝ රක්ඛිත ආදී ශ්රේවෂ්ඨ මහායානික දාර්ශනිකයන්ගේ වාර්තා වැදගත්වේ. මීට අමතරව චීන හා ටිබෙට් වාර්තා, හියුංසාන් සාන් හිමියන්ගේ වාර්තා, හැංෂු රාජ්යර වාර්තා මෙන්ම මේ හැරුණු විට කුෂාණ යුගයේ ලියවුණ අභිලේඛන කාසි හා නටඹුන් මෙම යුගය අධ්යහයනය කිරීමේදී බෙහෙවින් වැදගත්වේ. කුෂාණ වරුන් පිළිබඳ විමසා බැලීමේදී ඔවුන් වයඹ දිග චීනයෙන් සංකරණ් මණය වූ යුඒචී ගෝතර් වයට අයත්වේ. එම යඒවී ගෝතරිිබඳකකයන් පරකර ථම වරට බැක්ටිරම දයානා සොගරීේ ටයානා යන පරා බදේශවල පදිංචි විය. අනතුරුව මොවුන් ගෝතර වර 4ට කැඞී ගිය අතර ඉන් එක ගෝතරාරීයක් වූයේ කුෂාණ වරුන්ය. කුෂාණ රාජ වංශයේ ආරම්භක පාලකයා වන්නේ 1 වන කුජුල කැඞ්ෆයිසජ්ය. ඔහු කරි .ව. 1 ශතවර්ෂයේ දී පමණ බලයට පත්ව ඇත. මොහු පර්කුථමයෙන් බැක්ටිර කියානා හා සොගරිතර යානා යන පරණ දේශවල බලය තහවුරු කරගත් බව චීන වාර්තා වල සඳහන්වේ. වයඹ දිග ඉන්දියාවේ ඈත කෙළවරේ පිහිටි පරරු දේශ වලින් කරොෂ්ඨ අක්ෂදර වලින් ලියා ඇති ශිලා ලේඛණ වලට අනුව මොහුගේ බලය එම පර්ෂ දේශ දක්වා ව්යාිප්ත වුණු බවට අධ්යචනය කළ හැක. 1 කුජුල කැඞ්ෆයිසජ් ගෙන් අනතුරුව කුෂාණ යුගයේ දෙවන පාලකයා බවට පත්වූයේ ii කුජුල කැඞ්ෆයිසජ් හෙවත් වීම කැඞ්ෆයිසජ් ය. චීන වාර්තා වලට අනුව මොහු විසින් වයඹ දිග ඉන්දියාවේ සැලකිය යුතු දේශපාලන බලයක් ස්ථාවර කරගත් බව සඳහන් වේ. මොහුගේ රාජ්යපබලය තක්ෂිතලා, පංජාබ් යන පර දේශ වල ව්යා්ප්තව පැවතුණි. මේබව මෙම පර ප දේශවලින් හමුවූ ශිලා ලේඛණ වලින් අනාවරය කරගෙන ඇත. තවද මෙම රාජ්යල කාලයට අයත් කාසි විශාල පරගෙ මාණයක් හා නටඹුන් රැසක් පංජාබ්, තක්ෂිලා, කන්දහාර්, කාබුල් හා මථුරා යන පරමාණදේශ වලින් ද හමු වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ ඔහුගේ දේශපාලන බලය මථුරා පර න දේශ දක්වා පැතිරව පැවති බවයි. උතුරු ඉන්දියාව එක්පසෙක ගරී න ක අක්ෂවරද, තවත් පසක කරෝෂ්ඨ අක්ෂුර වලින් ලියන ලද පාඨ අන්තර්ගත කාසි හමු වී ඇත. ඉන්දියාවේ පැරණිතම ශිලාලිපි වල තිබූ කරෝෂ්ඨ අක්ෂ ර හා බරා වීහ්මීය අක්ෂේර හඳුනා ගැනීමට මෙම කාසි වඩාත් පර අ යෝජනවත් වේ. වීම කැඞ්ෆයිසජ් රජුව, සර්වලෝක, ඊෂ්වර, මහේෂ්වර යන විරූඪ නාමයන්ගෙන් හඳුන්වා ඇත. ඔහුට අයත් ඇතැම් කාසිවල ශිව දෙවියන්ගේ වාහනය වන ගවයා සංකේතවත් කර තිබීම නිසා ඔහු හිංදු හෙවත් ශිව භක්තිකයෙකු බවට පත්වී ඉන්දියානුවකු ලෙස පාලන කටයුතු කළ බව සිතිය හැක.
කණිෂ්ක රජු(ක්රි .ව 78-101)ii කුජුල කැට්ෆයිසජ් ගෙන් අනුතුරුව බලයට පත් වූයේ කුෂාණ යුගයේ ශ්රේජෂ්ඨතම පාලකයා වූ කණිෂ්ක රජුය. වීම කැඞ්ෆයිසර් ගේ හා කනිෂ්ක අතර පවතින ඥාතීත්වය පැහැදිලි කර ගැනීමට නිවැරදි සාක්ෂිෂ ලැබී නැත. ඒ කෙසේ වෙතත් කරිමට .ව. 78 දී ශක වර්ෂ කරතුරමය ආරම්භ කිරීමෙන් බලයට පත් වූ කණිෂ්ක රජුගේ කාලපරිච්ඡේදය ඉන්දීය දේශපාලන ඉතිහාසයේ මෙන්ම ආගමික, සංස්කාතික, ආර්ථික වැදගත්ම කාල පරිච්ඡේදයකි. කරි් .ව. 78-101 අතර කාලයේ කනිෂ්ක රජු පෙෂාවෝර් හෙවත් පුරුෂපුරය මුල් කරගෙන සිය දේශපාලන බලය බරණැස දක්වා විහිදී උතුරු ඉන්දියාව සහ මධ්යග ආසියාව දක්වා ඇතුලත විශාල පරචදකදේශයක දේශපාලන බලයක් ගොඩනගා ගැනීමට සමත් වී තිබේ. කණිෂ්කගේ දේශපාලන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී චීන සහ ටිබෙට් වාර්තා වැදගත් වේ. එම වාර්තා වලට අනුව ඔහුගේ දේශපාලන බලය සාකේත පාඨලී පුතරමස මගධ අගනුවර දක්වා ව්යාාප්තව පැවති බව සඳහන් වන අතර තව දුරටත් කණිෂ්ක රජු සාකේත හා පාඨලී පුතරව පාලකයන්ව පරාජයට පත් කොට ඔවුන්ව කණිෂ්ක ගේ රාජ සභාව පෙෂාවෝරය ට ගෙන ආ බව පාඨලීපුතරණේ යේ විසූ අශ්ව ගෝෂ හිමියන්ගේ වාර්තාවල සඳහන්වේ. එසේම කණිෂ්ක රජුගේ තුන්වන රාජ්යයවර්ෂයේ දී කරිරය .ව. 81 ලියවී ඇති සාරානාත් ශිලාලේඛනයට අනුව කනිෂ්කගේ බලය බරණැස දක්වා විහිදී පැවති බව දැක්වේ. ඊට අමතරව මථුරාවෙන් හමුවී ඇති ශිලා ලේඛණයකට අනුව සිය දේශපාලන බලය සින්ධි, රාජපුඨානා(ථාර්), මාල්වා , කතියවාර් යන පරකගේදේශ දක්වා ව්යාපප්තව පැවති බව සඳහන් වේ. දැනට සාංචි කෞතුකාගාරයේ දක්නට ඇති කණිෂ්කගේ ශිලා ලේඛණයක ඔහුගේ පාලන බලය මාල්වා දක්වා ව්යා්ප්තව පැවති බව සඳහන්ය. මීට අමතරව සුවිහාර් තඹ තහඩු ලිපිය, මානික්යාථර් ගල් පෙටිලිපිලිය, සේද සෙල්ලිපිය, පෙෂාවෝර් ධාතු කරඩුලිපිය යන අභිලේඛන වලට අනුව කණිෂ්කගේ දේශපාලන බලය පංජාබ්, ගන්ධාරය, ඉහල සින්ධි පරුව දේශය ඇතුළු වයඹ දිග ඉන්දියාව දක්වා ව්යාධප්තව පැවති බව සඳහන්වේ. මීට අමතරව කලණ හෙවත් කල්හාණ විසින් රචිත රාජතරංගනියේ සඳහන් වන ආකාරයට කනිෂ්ක රජු කාෂ්මීරය ආකරතරංමණය කොට කණිෂ්කපුරයක් නිර්මාණය කළ බව සඳහන් වේ. එසේම හියුංසාන් හිමියන්ගේ වාර්තාවලද කනිෂ්ක රජු කාෂ්මීරය ආකරම ංමණය කළ බව සඳහන් වේ. ඉහත තොරතුරු වලට අනුව කණිෂ්ක රජු විජාතිකයෙකු වුවද ඉන්දියාවට පැමිණීමෙන් පසු ස්වදේශික යෙකු වශයෙන් කටයුතු කරමින් වයඹ දිග ඉන්දියාව, බරණැස දක්වා විහිදී ගිය උතුරු ඉන්දියාව තුළ විශාල අධිරාජ්ය ක් නිර්මාණ කිරීමට කනිෂ්ක රජු සමත් වුණ බවය. කණිෂ්කගේ දේශාපලන බලය මධ්යා ආසියාවට ව්යාසප්ත වීම
කණිෂ්ක රජුගේ විදේශ පරමධ්තිපත්තිය.කණිෂ්ක රජුගේ දේශපාලන කටයුතු දෙස බලන කල ඔහුගේ දේශපාලන බලය මධ්යර ආසියාතික පර බ දේශ දක්වා ව්යා ප්තව ඇති බව අනාවරණය කරගත හැක. බෞද්ධ වාර්තාවන්ට අනුව කණිෂ්ක මධ්ය් ආසියාතික පරත හදේශය යටත් කරගෙන ඇත. සමහරවිට කනිෂ්ක මෙම පරිය දේශය යටත් කරගන්නට සිය උනන්දුව දක්වන්නට ඇත්තේ මධ්යට ආසියාතික පරයට දේශ හරහා වැටී තිබූ සුපරේ මසිද්ධ වෙළඳ මාර්ගයක් නිසා විය හැකිය. (සේද මාර්ගය) එම වෙළඳ මාර්ගය තුළින් විශාල ආර්ථික වාසියක් හිමිවිය. මේ නිසා මධ්යට ආසියාතික පාලකයන් වරින්වර අයකරනු ලබන බදු පරදේශමාණය ඉහළ නංවමින් වෙළඳාම හා සම්බන්ධ කාර්යන්ට බාධ පමුණුවා ඇත. මේ නිසා එම බාධක මැඩපැවැත්වීමට හා එම පර බාදේශයේ වෙළඳ ආධිපත්ය ය තමන් සතු කර ගැනීමේ අරමුණින් කණිෂ්ක මධ්යය ආසියාතික පරධක දේශය ආකර අරමණය කරන්නට ඇත. මේ බව සනාථ වන සාධක රැසක් හමු වී තිබේ. එනම් කණිෂ්ක රජු මධ්ය. ආසියාතික පර සාදේශ යටත් කර ගෙන රෝමය සමඟ වෙළඳ ගිවිසුම් ඇතිකරගෙන තිබුණි. චීන වාර්තා වලට අනුව කණිෂ්කගේ දේශපාලන බලය ආකරිිකමණකාරී ලෙස යාර්ඛාන්, කොටාන්, කෑෂ්ගාර්, බෝල්ඞ් යන පරකරිදේශ දක්වා ව්යාරප්තව පැවති බව සඳහන් වේ. මේ බව චීන තුර්කිස්ථානය පරපරකදේශයෙන් සොයාගත් කරෝෂ්ඨි ශිලා ලේඛන වලද සඳහන් වේ. හියුංසාන් හිමියන්ගේ වාර්තා වලට අනුවද යාර්තාන්, කෝටෑන, කැශ්ගාර් යන පරනය දේශ කණිෂ්ක යටත් කරගෙන සිටිබව සඳහන් වේ. තවද හියුංසාන් හිමිගේ වාර්තාවලට අනුව කණිෂ්කගේ බලය චීනයේ හොවැංහෝ ගංගා වෙන් බටහිර දිග දේශසීමාව දක්වා ව්යායප්තව තිබුණු බව සඳහන් වන අතර කණිෂ්ක එම පරව දදේශය ආකරචීනමණය කොට එහි විසූ කුමාරවරුන්ද ඇපකරුවන් ලෙස කාෂ්මීරයට ගෙන ආ බව සඳහන් වේ. චීන මූලාශරකර විගර බවහ කර බලනවිට චීන පරනකැදේශ වල දේශපාලන බලය දුර්වල වූ හෙයින් එම පරාස දේශීය ආධිපත්යුය කණිෂ්ක හිමිකර ගත් බව සිතිය හැක. තවද කණිෂ්ක රජුගේ බලය මධ්ය් ආසියාතික පරය හදේශයේ ව්යාෂප්තව පැවති බව අනාවරණය කර ගැනීමට රුසියානු පුරා විද්යාඥයන් කණ්ඩායමක් විසින් සිදුකල පර්යේෂණ වල කොරාශාන් නම් ස්ථනයෙන් කණිෂ්ක යුගයට අයත් නටබුන් සොයාගෙන ඇත. ඉහත සඳහන් කළ කරුණු වලින් පැහැදිලි වන්නේ කණිෂ්ක ගේ දේශපාලන බලය මධ්යණ ආසියාතික පරනේ දේශ දක්වා ව්යා ප්තව පැවති බවය. කණිෂ්ක මධ්ය ආසියාතික පරණිෂදේශ ආකර්යාමණය කිරීම සඳහා ඉන්දියාවෙන් හේවායන් ගෙන ගිය බව සඳහන් වී ඇත. කණිෂ්ක තම අගනුවර වශයෙන් පේෂාවෝරය හෙවත් පුරුෂපුරුය තෝරාගැනීමට හේතු වී ඇත්තේ ද අතීතයේ සිට ශාස්තරීපු ය හා වෙළඳ මධ්යකස්ථාන වශයෙන් එම පරේ දදේශය වැදගත් වීමත් තමන් සතු වූ වයඹ දිග ඉන්දීය පරයෙ දේශය බරණැස දක්වා විහිදුන ඉන්දියානු පරවයඹදේශ හා මධ්ය ආසිතාතික පරර දේශ පාලනය කිරීමේ පහසුව නිසා යැයි සිතිය හැක. කණිෂ්ක රජුට එරෙහිව ආකර ස මණයක් එල්ල කළ පංචෝ නම් චීන සෙම්පතියාගේ ආකරහිවමණයද කණිෂ්ක සාර්ථකව මර්දනය කළ බව සඳහන්වේ. මෙයින් පහැදිලි වන්නේ මොර්ය රාජ්යෂ වංශය බිඳ වැටීමත් සමඟ වයඹ දිග ඉන්දියානු පර්න දේශය මුල් කරගෙන කණිෂ්ක රජු යටතේ දේශපාලනික වශයෙන් එක්සත් පර්න බල ආධිරාජ්යෂක් ගොඩනැගූ බවය.
කුෂාණ යුගයේ ආර්ථිකයකුෂාණ යුගය දේශපාලන අතින් පමණක් නොව ආර්ථික වශයෙන්ද සමෘද්ධිමත් කාල පරිච්ඡේදයක් විය. එම කාලයේ නිකුත් කළ රන් හා තඹ කාසි මගින් එම ආර්ථික සමෘද්ධිය මැනවින් සනාථ කර ගත හැක. එමෙන්ම කණිෂ්ක රජු ඇෆ්ගනිස්ථානය, මධ්ය. ආසියාව ජයගරාසිහණය කළ නිසා චීනය සහ බටහිර දිග යුරෝපීය රටවල් සමඟ වෙළඳ සබඳතා ඇතිකර ගැනීමට හැකි විය. මෙය ද කුෂාණ යුගයේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට හේතු වී ඇත. කැෂ්ගාර්, කොටාන්, බේල්ඞ් වැනි මධ්යත ආසියවේ වැදගත් වෙළඳ මධ්යැස්ථාන රැසක් කණිෂ්ක රජුට යටත්ව පැවතිනි. එමෙන්ම චීනය, රෝමය, පර්සියාව ආදී රටවල් සමඟද කණිෂ්ක රජු වෙළඳ සබඳතා පවත්වා ඇත. එමෙන්ම මධ්යණ ආසියාතික වෙළඳ ම්ය්ස්ථාන වලින් හා බටහිර දිග වරායන් වලින් විශාල ආදායමක් කුෂාණ ආර්ථිකයට එක් වී ඇත. කනියවාර් පරින ද්ශය හා හාරුකච්ච හා සිප්පාරක යන වරායන්ද කුෂාණ පාලනය අයත් වූ නිසා මෙම යුගයේ ආර්ථික සමෘද්ධියත් පැවති බව සිතිය හැක. කුෂාණ රාජ්යව පෙළපතේ වැදගත්ම අසහාය පාලකයා වූයේ කණිෂ්ක රජුය. ඔහුගෙන් අනතුරුව වශිෂ්ක රජු බලයට පත්විය. ඔහුගේ පාලන සමයට අයත් සෙල්ලිපි හා කාසි උතුරු ඉන්දියා (බරණැස) පමණක් සීම වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ කණිෂ්ක රජුගෙන් පසු කුෂාණයන්ගේ දේශපාලන බලය දුර්වල වන්නට ඇති බවය. වශිෂ්ක ගෙන් පසු බලයට පත් වූයේ බුවිශ්කය. ඔහුගේ කාලයේ දී නම් රන් හා තඹ කාසි නිකුත් කල බවට ඔහුට අයත් පරශප දේශ වලින් සාධක හමුවී ඇත. එබැවින් ඔහු කුෂාණ යුගයේ අවසාන වැදගත් පාලකයා ලෙස හඳුන්වනු ලැබේ. මොහු ගෙන් අනුතුරුව වාසුදේව නැමැත්තෙක් බලයට පත් වී ඇත.
කුෂාණ යුගයේ කණිෂ්ක කාලපරිච්ඡේදය දේශපාලන, ආර්ථික වශයෙන් පමණක් නොව ආගමික වශයෙන් ද වැදගත් කාල පරිච්ඡේදයකි. කණිෂ්ක රටේ සාමය ස්ථාපිත කොට ආගමික වශයෙන් රට නඟා සිටුවීම සඳහා විශාල අනුගරපිතහයක් සපයන ලදී. කණිෂ්ක මුල් කාලයේ දී ශිව (හින්දු) භක්තිකයෙකු ලෙස කටයුතු කළද ඔහු පසුව බුදු දහම වැළඳගෙන ඇත. මොහු බුදු දහම හා බැඳුණු ජීවිතයකට අවතීර්ණ වීමට බලපා ඇත්තේ ඔහුට උපදේශන කටයුතු සඳහා අශ්ව ගෝෂ වස්ස මිතරලපා නගර්ජුන පාර්ෂව සංඝරක්ඛිත යන මහායානික දර්ශනිකයන් සිටි නිසාය විය යුතුය. මොවුන් කණිෂ්ක රජු ලවා මහායාන බුදු දහම නගා සිටුවීමට කටයුතු කරන්නට ඇතැයි සිතිය හැක. කණිෂ්ක රාජ්යක කාලයේ සිදුවූ වැදගත්ම කාර්ය සංසිද්ධිය වූයේ කත්ය්යනීපුතරයකම නම් හිමි නමකගේ උපදෙස් පරිදි වස්සමිතරත්ය හිමියන්ගේ මූලිකත්වයෙන් භික්ෂුන් වහන්සේලා 500ගේ සහභාගීත්වයෙන් කාෂ්මීර යේ කුණ්ඩලවන විහාරයේ දී 4 වන ධර්ම සංගායනාව පැවැත්වීමයි. මෙම 4 වන ධර්ම සංගායනවා පැවැත්වීමෙන් පසුව * එතෙක් කටපාඩමින් පවත්වාගෙන ආ මහායාන ධර්මය පරායනථම වරට ගරවැ න්ථාරූඪ කිරීම * මහායාන ධර්මය රන් පත්තිරුවල ලියා පේෂාවෝර් ස්ථූපයේ තැන්පත් කිරීම (පේෂාවෝර් ධාතු කරඩු ලිපිය) * මහායාන ධර්ම කරුණු ඇතුළත් කර මහා විභාෂා ශාස්තරීතැන නමින් ගරන් න්ථයක් රචනා කිරීම * මහායාන ධර්මය ථේරවාදී බුදු දහම ව්යා ප්තකලා මෙන් උතුරු ඉන්දියාව, සාකේත, පාඨලී පුතරන් ,බරණැස ආදී උතුරු ඉන්දියානු පර්ද දේශ දක්වා ද අමරාවතී, නාගර්ජුන කොණ්ඩ යන දකුණු ඉන්දියානු පර්ද දේශ දක්වාත් නේපාලය, ටිබෙටය, බුරුමය (මියන්මාර්) ජාවා, සුමාතරාව , චීනය විදේශීය රට වලටද මහායාන ධර්මය පර න චාරය කිරීම ඊට අමතරව මධ්ය ආසියාව, ඇෆ්ගනිස්ථානය, යාර්ඛාන්, කෝටාන්, කැෂ්ගාර් මහායාන ධර්මය ව්යාතප්ත වූ බවට සාධක ඇත එනම් අෆ්ගනිස්තනයේ භාමියන් බුද්ධ ප්රේතිමාව මෙම යුගයට අයත් වෙ.තවද සිව් වන ධර්ම සංගායනාවේ පරධ පතිඵලයක් ලෙස ලංකාවට ද මහායානික ආගම හෙවත් වෛතුල්යා වදී බලපෑම් එල්ල වී ඇත.කුෂාණ යුගයේ සංස්කෘතික වර්ධනයආගමික දියුණුව
බෞද්ධාගමික නටඹුන්කුෂාණ යුගයේ කණිෂ්ක කාල පරිච්ඡේදය ආගමික ක්ෂෙ තර. මයේ විශාල වර්ධනයක් සිදුවී ඇත. මේ කාලයට අයත් බෞද්ධාගමික නටඹුන් විශාල පර සිමාණයක් ගාන්ධාර්, පකිස්තාන්, ඇෆ්ගනිස්ථාන් ආදී පරරකෝදේශ වලින් හා කාශ්මීරය, පුරුෂපුරුය යන ස්ථාන වලින් සොයාගෙන ඇත. කරින .ව. 5 වන සියවසේ දී ඉන්දියාවේ ගාන්ධාර පරතස්දේශයේ සංචාරය කළ පාහියන් හිමියන් කණිෂ්ක රජුගේ අගනගරය (පුරුෂපුරය) ඉදිකොට තිබූ මහල් ගණනාවකින් යුත් මන්දිරයක් හා එහි වූ බුදු දහම පිළිබඳ සඳහන් කර තිබේ. කරිු .ව. 7 වන ශතවර්ෂයේ ගාන්ධාර පරරර දේශයට සංචාරය කළ හියුංසාන් හිමියන් කණිෂ්ක රජු කවීස නම් ස්ථානයේ සිදු කළ ස්ථූපයක් පිළිබඳ හා කණිෂ්ක ගේ අගනරගයෙහි ඉදිකොට තිබූ මහල් ගණනාවකින් යුත් මන්දිරයක් හෙවත් ධාතු මන්දිරය පිළිබඳව සඳහන්කර ඇත. මෙම ධාතු මන්දිරය අගසිලවූස් නම් ගරීන ශක ගෘහ නිර්මාණ ශිල්පියෙකු අතින් නිර්මාණය වුණු බව එහි තිබූ ගරීනම ක ආදර්ශ සටහනක සදහන් කර තිබේ. මෙම ධාතු මන්දිරයේ ගර්භයේ තිබී අඟල් 8 පමණ උසැති තඹ ආලේපිත කරඩුවක් සොයගෙන ඇත. කුෂාණ කාල පරිච්ඡේදය තුළ කණිෂ්ක රජුව ධර්මාශෝක කෙනෙකුට සමාන කිරීමට ඇතැම් ඉතිහාසඥයන් පෙළඹී ඇත. මෙයට හේතු වී ඇත්තේ කාෂ්මීරයේ කුණ්ඩලවන විහාරයේ 4 වන ධර්මසංගායනාව පවත්වා පරරය දේශ රැසකට ධර්මය පරටවනචාරය කළ නිසා මහායාන ධර්මය ලේඛණගත කිරීම, පෙෂාවෝර් ස්තූපය ඇතුළු වෙහෙර විහාරස්ථාන රැසක් ඉදිකිරීම නිසා විය යුතුය. තවද කණිෂ්ක බුදු දහමට විශාල අනුගර ඉදහයක් දැක්වූවා සේම අන්යළ ආගම් සඳහා ද අනුගරුගරහයක් ලබා දී ඇත. මොහුගේ කාසිවල බුදුන්ගේ රූපය හා කණිෂ්ක රජුගේ රූපය නිර්මාණය කොට තිබීමත් මිතරසිව වැනි පර්සියන් දෙවිවරුන් නාග වැනි සුමේරියන් දෙවිවරු ශීවවාතාදී ඉන්දියානු දෙවිවරුන් කණිෂ්කගේ කාසිවල ඇතුලත් වීම නිසා ඔහු අන්යා ආගම් ඉවසූ, අන්යු ආගම් ගරු කළ ශ්රේඇෂ්ඨ පාලකයෙකු ලෙස සිතිය හැකි. කණිෂ්ක රජුගෙන් අනතුරුව බලයට පත් වූ වැදගත්ම ඊළඟ කුෂාණ පාලකයා වූයේ භූහිෂ්කය. මොහුගේ කාල පරිච්ඡේදය ද විශාල ශාසනික පරයේ බෝධයක් පැවති බව හියුංසාන් හිමිගේ වාර්තාවලට අනුව අවබෝධකොට ගත හැක. තවද රාජතරංගනීය වැනි කෘතීවල භූහිෂ්කගේ කාල පරිච්ඡේදයේ කාෂ්මීරය තුළ භූහිෂ්ක පුරයක් ඉදිකොට තිබුණු බවත් එහි ආරාම වල භික්ෂූන් වහන්සේලා 5000ක්පමණ විසූ බව සඳහන් කරති. මෙකල මථුරා පර00 දේශය පදනම් කරගෙන අධ්යාමපනය හා කලාව යන ක්ෂෙ තර මථවල පුළුල් සංවර්ධනයක් සිදුවී ඇත.
කුෂාණ යුගයේ කලා ශිල්පකුෂාණ යුගයේ වැදගත්ම කාල පරිච්ඡේදය වූයේ කණිෂ්ක කාල පරිච්ඡේදයි. මෙම යුගයේ ජනපරිකණිය වූ මහායාන බුදුදහම සාමාන්ය ජනතාව අතරට ගෙනයාම සඳහා කණිෂ්ක රජු යොදාගත් මාධ්යා වූයේ කලාවයි. මෙම උත්සාහය හේතුවෙන් එම උත්සහයේ පරල තිඵලයක් වශයෙන් ඉන්දියාව තුළ කලා සම්පරහය දායන් 2ක් දියුණුවෙන් දියුණුවට පත්විය. එනම් ගාන්ධාරය මුල් කරගෙන(අගනුවර තක්ෂිනලා) ගොනැගුණු ගාන්ධාර කලා සම්පර මුදායන් මථුරා පරසම්දේශය මුල්කරගෙන මථුරා කලා සම්පරද) දායක් වර්ධනය වන්නට විය. ගාන්ධාරය කාබුල් තැනිතලාවේ පහල කොටසට අයත්වේ. බටහිර චීනය, පර්සියාව, මෙසපොතේමියාව, සුමේරියාව, වැනි පෞරාණික රාජ්යා සමඟ සමබන්ධතා පැවැත්වූ පුරුෂපුරුය මෙහි අගනගරය විය. ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, පන්ජාබය යන පරපහලදේශ වර්තමානයේදී ගාන්ධාරයට අයත්වේ. මෙම පරිස දේශ තුනෙන්ම ගාන්ධාර කලා සම්පර ව දායට අයත් කලා කෘති හමු වී ඇත. එසේම බෞද්ධ සාහිත්යේයට අනුව සමස්ථ භාරතයම පරර් සිද්ධ ස්ථානයක් වූ අධ්යාබපනයේ කේන්ද්රටස්ථානය වූ තක්ෂිවලාව මීට අයත් වූ හෙයින් ගාන්ධාරය විවිධ සංස්කෘතීන්ගේ වර්ධනයට බල පෑ මධ්ය ස්ථානයකි. ගරිය ක මහා අලෙක්සැන්ඩර් අධිරාජ්යනයා වයඹ දිග ඉන්දියාව ආකරවූ මණය කිරීමෙන් පසු ගරි ක හා ඉන්දියානු සමිශරජ්යණයකින් යුත් ජනපද හිමිවන්නට විය. සිවිස්, ඇපලෝවියන් වැනි දේව පරිශ තිමාවන් මෙන්ම බරැනප කන් වැනි යෝධයන්ගේ පරු තිමාවන් නිර්මාණය කිරීමට හා ඒවාට වන්දනා කිරීමට එම ජනපද වාසීන් පුරුදු වී සිටියහ. මේ පිළිබඳ අවධානය යොමු කළ කණිෂ්ක රජු ගරීජන ක කලා කරුවන් ලවා බෞද්ධ කලා සම්පරබඳ දායක් ගොඩ නැගීමේ අපේක්ෂා වෙන් මුලින්ම ඔවුන් ලවා බුද්ධ රූපය මානව රූපීව නිර්මාණය කරනු ලැබිණි. මීට පෙර ශරීා පතුල, ධර්ම චකර්යොය, සේසත් ආදිය බුදුන් වහන්සේ වෙනුවට සංකේතානුරූපීව නිර්මාණය කරනු ලැබිණි. එනම් පරරූ ථම වරට මානව රූපී ලෙස බුද්ධ පරූප තිමාව නිරූපණය කිරීමේ ගෞරවය හිමිවන්නේ කණිෂ්ක රාජ්යී කාලයටය. මෙම කරින යාදාමය ගාන්ධාරය මුල්කරගෙන සිදුවිය. පරිෂ ථම වරට බුද්ධ රූපය මානව රූපීව නිර්මානය කරනු ලැබුයේ කණිෂ්කගේ රන්කාසිවලය. මෙහි එක් පසෙක බුද්ධ රූපයක් ද අනෙක් පස කණිෂ්ක රජුගේ රූපයක් දක්නට ලැබේ. පසුම්බියක් වැනි දෙයක් අතින් ගෙන සිටින බුදු හිමියන්ගේ සිවුර හා උෂ්ණීශය දක්වා ඇත්තේ ගන්ධාර සම්පරක් දායට අනුවය. හිස හා සිරුර වටා රැස් වළල්ලක් දැක්වීම සඳහා රේඛාවක් යොදාගෙන ඇත. බුදුරුවට දකුණු පසින් බුඩ්ඩෝ යන ගරීඛ ක වචනය සඳහන්ව තිබීමෙන් මෙය ස්ථීර වශයෙන්ම බුද්ධරූපය බව හඳුනාගන ඇත. මෙහින් ආරම්භ වූ ගාන්ධාර කලා සම්පර්ම දාය, * ශරශද්ද * තකතිභාහි * කඩ්ඩා *බීරාමාන් ආදී පරබව දේශ දක්වා ව්යාිප්තව පවැති බවට සාධක හමුවී ඇත. ගාන්ධාර පර්ප තිමාවන් තුළින් ගරී ව ක ආභාසය බහුල වශයෙන් යොදගෙන ඇති බව මේ පිළිබඳ පර්යේෂණය කළ උගතුන් අනාවරණය කර ඇත. මථුරා කලා සම්පරෂණයදාය කුෂාණ යුගයේ තවත් වැදගත් කලා සම්පරර යදායක් වූයේ සුරසේන ජනපදයේ අග නගරය වූ මථුරා මුල් කරගෙන ගොඩ නැගුණු මථුරා කලා සම්පර නගදායයි. පර න ථම වරට බුද්ධ රූපය මානවරූපීව නිර්මාණය කළේ ගාන්ධාරය තුළ යැයි මතයක් පවතින අතර තවත් පරඩ නබල මතයක් වී ඇත්තේ මථුරාව පදනම් කරගෙන බුද්ධ පරර තතිමාව මානව රූපීව නිර්මාණය වූ බවය. මෙහිදී ගාන්ධාර කලා සම්පරූපීදාය ගරී බවක ආභාෂයට අනුව ගොඩනැගුණු අතර මථුරා කලා සම්පරප්ඩදාය ජෛන සම්පරමා දායට අනුව බිහිවී ඇත. මථුරා කලා සම්පරාන්දායේ විශේෂත්වය වන්නේ පරුව තිමාවල දේහ ලක්ෂාණ ස්වභාවයෙන් ස්ථූල භාවයෙන් යුත් (මිටි, මහත, ශක්තිමත්) හා මුහුණ රවුම් කන් එතරම් ලම්භක නොවේ. මුහුනේ එතරම් ශාන්ත බවක් දැකිය නොහැකි අතර පළල් නාසය පිරුණු කන් මුල්, විවෘත ඇස්, මුහුණේ මද සිනාව ශරීරය කුරු ස්වරූපයකින් යුත්තය. වම් නාසය තනය හා නාභිය විනිවිද පෙනෙන සේ නිමකර ඇති ගාන්ධාර කලා සම්පරම් දායට අනුව ඉදි, හිටි, සයනය පිළිම යන තුන් ආකාරයෙන් පිළිම නිර්මාණය කර තිබුණ ද මථුරා කලා සම්පරරයෙදායට අනුව දැකිය හැකි වන්නේ ඉදි හා හිටි පිළිම පමණි. සිරස වටා රැස් වළල්ල දැක්වීම සඳහා රේඛාවක් දක්වා තිබේ. පරි තිමාව දෙපසින් ආකාශ ගත දෙවිවරු දෙදෙනෙක් නිර්මාණය කර ඇත. ගාන්ධාර පරාශ තිමා වලට වඩා හොඳින් මථුරා පර හ තිමා තුළ දෙතිස්මහාපුරුෂ ලක්ෂෙණ නිර්මාණය කර ඇත. විශේෂයෙන් බුදුන් වහන්සේගේ අධ්යා ත්මික ගුණ සම්පරණය දාය ගෙන හැර දැක්වීමට මථුරා කලා කරුවා උත්සහයන්ගෙන් තිබුණ ද එය එතරම්ම සාර්ථකවී නැත. එහෙත් ශ්රේධෂ්ඨ පුරුෂයෙකු වශයෙන් පමණක් නොව විශාල ශර ර මණ පිරිසකගේ අගතෙකු (පරෂය ධානියා) වශයෙන් නිරූපණ කිරීමට මථුරා කලා කරුවා උත්සාහගෙන ඇත.
භාෂාව හා සාහිත්යයකුෂාණ යුගයේ ඇති වූ මහායානික බුදු දහමේ බලපෑමක් සමඟ සංස්කෘතික භාෂාවේ විශාල වර්ධනයක් එම යුගය තුළ ඇතිවිය. එකල සංස්කෘතික භාෂාවේ හා භාෂා සාහිත්යවයේ විශාල පරඇතිබෝධයක් ඇතිවිම කෙරෙහි මූලිකවම බලපෑ ඇත්තේ කණිෂ්ක රජුගේ රාජ සභාවේ මහායානික දාර්ශනිකයන් කටයුතු කරන හෙයිනි. එනම් අශ්වගෝෂ, වස්ස මිතරකයන, නාගර්ජුන, කොණ්ඩ, සංඝරක්ඛිත, පාර්ෂව යන මහායානික හිමිවරුන් ගේ මඟපෙන්වීම රජුට ලැබුණු නිසාය. ඉන්දියාවේ ශ්රේරෂ්ඨ කාව්යෙ නාට්යණ ගරයගෝන්ථ රචනා කළ ගුප්ත යුගයේ සිටි මහා කවි කාලිදාසට පූර්වයෙන් ඉන්දියාවේ විසූ ශ්රේයෂටතම පඩිවරයෙක් වූයේ අශ්වගෝෂ හිමි ය. එතුමා විසින් බුද්ධ චරිතය, සාරිපුතර් ව, සවුන්දරාගන්ද කාව්යබ යන ගරර, න්ථ රචනා කරන ලදී. ඔහුගේ බුද්ධ චරිතය නම් කෘතිය ශ්රේ ෂ්ඨ මහා කාව්යියකි. උන්වහන්සේ විසින් මහායාන දර්ශනය පිළිබඳව ද ගර යින්ථ රචනා කර ඇත. ඊට අමතරව මෙම යුගය් විසූ නාගර්ජුණ හාමුදුරුවන් විසින් පරයන ඥ්ඥා පාරමිතා, දස භූමි භාෂා වැනි ශරා්ජුස්තීරහරනය ගරකථ න්ථ රචනා කරන ලදී. එකල තවත් වැදගත් සාහිත්යෂ පඩිවරයෙක් මෙන්ම ශ්රේෂ්ඨ වෛද්ය වරයෙක් වූ චරක වාසය කළ බවද සඳහන් වේ.
ගුප්ත අධිරාජ්‍යය
ගුප්ත අධිරාජ්‍යය උතුරු ඉන්දියාවේ පිහිටවූ විශාල හින්දු අධිරාජ්‍යයෙකි. ක්‍රි.ව. 320 දී පමණ පළමුවෙනි චන්ද්‍ර ගුප්ත රජු විසින් පිහිටුවනු ලැබූ එහි පසුව රජ පැමිණි රණශූර, දක්ෂ පාලකයන් නිසා අධිරාජ්‍යයේ ව්‍යාප්තියත්, ආර්ථික සංවර්ධනයත්, දේශපාලන සාමයත් හා සංස්කෘතියේ උච්චතම අවස්ථාවත් එළඹියේය.
මේ අධිරාජ්‍යයේ ස්ථාවර භාවයට ආධාර වූ වැදගත් රජුන් දෙදෙනා නම් සමුද්‍රගුප්ත රජු හා ඔහු පුත් දෙවෙනි චන්ද්‍රගුප්තයි. මොවුන් දෙදෙනාගේ කාර්ය සාඵල්‍යය තමා අධිරාජ්‍යයේ ද ස්වර්ණමය යුගය ළඟා කර දුන්නේ. විශේෂයෙන් සමුද්‍ර ගුප්තයෙන් යුද්ධ කාර්ය නිසාත් දෙවෙනි චන්ද්‍රගුප්තගේ පාලන කටයුතුත් නිසා රටපුරා පතළ වූ දේශපාලන සාමය මෙයට බෙහෙවින් හේතුවිය. මෙම රජුන් දෙදෙනා හැරෙන්නට සෙසු ගුප්ත රජුන් මේ මාතෘකාවෙහි ලා එතරම් වැදගත් නොවේ.
මේ විශාල අධිරාජ්‍යය ශත වර්ෂ දෙකකට කිට්ටු කාලයක් (ක්‍රි.ව.320 – 490 දක්වා) පැවතුණු බව පෙනේ. එහි රජ පැමිණි 2 චන්ද්‍රගුප්ත රජු දවස ස්වර්ණමය අවස්ථාව එළඹි බව කීම වඩාත් සත්‍යය. මේ උච්ඡාවස්ථාව එක් අංශයක් කෙරේ පමණක් නොවේ දක්නට ඇත්තේ. දේශපාලනමය, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික හා කලාත්මක ආදී හැම අංශයකම දක්නා ලැබේ.
දැනට නටබුන්ව පවත්නා ගොඩනැඟිලි හා ශිලා ලිපි ද කාසි හා විදේශික වාර්තා මඟිනුත් මේ කීම් බොහෝ දුරට ඔප්පුවේ. ශිලා ලිපි අතර අලහබාද් ලිපියත් (හරිසේන කවියාගේ), වාර්තා අතර පාහියන්ගේ හා හියුංසෑං ගේ වාර්තාත් වැදගත් වේ. ගොඩනැඟිලි අතර නාලන්දා විශ්වවිද්‍යාල නටබුන් ද කාසි අතර සමුද්‍රගුප්තගේ හා 2 චන්ද්‍රගුප්තගේ කාසිද ගුප්ත සංස්කෘතියේ වටිනාකම් ලොවට මුරගා කියන්නාක් වැන්න.
අධිරාජ්‍යයේ ස්ථාවරභාවය වැඩීමට බෙහෙවින් උපස්ථම්භක වූයේ රණශූර හා කාර්යක්ෂම පාලකයන් වූ සමුද්‍ර ගුප්ත හා 2 චන්ද්‍රගුප්ත ආදීන්ගේ පහළවීමයි. රාජ්‍ය උරුමය ඔවුනට ලැබුණේ පිය පරපුරෙනි. පැරැණි හින්දු වැඩවසම් ක්‍රමය අනුව පාලනය ගෙන ගියේය. පුතුන් අතරත් දක්ෂයාටම සිහසුන භාරදීමේ සිරිත මේ රජුන් අතර පැවැති බවට අලහබාද් ප්‍රශස්තිය සඳහන් කරයි. පළමුවැනි චන්ද්‍ර ගුප්ත රජු තමාගේ ඇවෑමෙන් හිස්වන සිහසුනට කාර්යශූර පුද්ගලයෙක් වූ සමුද්‍රගුප්ත කුමාරයාගේ නම යෝජනා කිරීම එබඳු වැඩෙකි. මේ නිසා සෙසු නෑදෑයන්ගේ මුහුණු නරක් වූ බවද එම ලිපිය තවදුරටත් කියයි. කෙසේ හෝ දක්ෂ පාලකයන්ට පාලනභාරය පැවැරීමෙන් ගුප්ත අධිරාජ්‍යයේ සෞභාග්‍යය ඇතිවූ බව පෙනේ.
අධිරාජ්‍යයේ ප්‍රදේශ විජයග්‍රහණය වහා වැඩී ගියේ සමුද්‍ර ගුප්තගේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය නිසාය. දැඩි අධිරාජ්‍ය වාදියකු වූ හෙතෙම උතුරු ඉන්දියාවේ හා දෙකානයේ ප්‍රදේශය තම රාජ්‍යයට ඈඳා ගත්තේය. ඉන්දියාවෙන් පිටත ලක්දිවට පවා ඔහුගේ බලය පැතිරිණි දැයි ඉතිහාසඥයන් අතර දැනට මතයක් පවතී. තවත් සමහරුන් සිතන පරිදි එය මිත්‍ර සම්බන්ධයක් පමණක් වන්නටත් පිළිවනි.
සමුද්‍රගුප්තගේ විජයග්‍රහණයන් අලහබාද් ප්‍රශස්තියේ දැක්වේ. ඒ අනුව අධිරාජ්‍ය සීමාවන් උතුරින් හිමාලය සිට දකුණින් දෙකානය දක්වා ද බටහිරින් කතියවාරය පටන් නැඟෙනහිරින් ඇසෑමය තෙක් ද ව්‍යාප්ත විණි. තත්කාලීනව පිහිටුවූ ලිපියක් බැවින් බොහෝ දුරට මෙහි කීම් පිළිගත හැකි වුණත්, ප්‍රශස්තියක් බැවින් එහි එන අතිශයෝක්ති නිසා එහි ඇති ඓතිහාසික වටිනාකම බොහෝ දුරට සීමාවෙයි.
සමුද්‍රගුප්ත දිනූ මේ ප්‍රදේශ පාලනය සඳහා ඔහු ක්‍රම කීපයක්ම අනුගමනය කළ බව ලිපියෙන්ම පෙනේ. ඇතැම් රාජ්‍යයන් හා විවාහ සබඳකම් මඟින් මිත්‍රවද, සමහර රජුන්ගෙන් කප්පම් ගැනීමෙන් ද, තවත් ප්‍රදේශ කෙළින්ම අධිරාජ්‍ය පාලනය යටතට ගැනීමෙන් ද හා තවත් කොටසක් සමඟ නොපැහැදිලි ලෙස සබඳකම් පැවැත්වීමෙන් ද යනාදී ක්‍රම කීපයකට පාලනය සංවිධාන වී තිබිණ.
සමුද්‍රගුප්ත ලංකාව හා ශකමුරුණ්ඩයන් සමඟ විවාහ සම්බන්ධයන් ඇති කැරගත් අතර දෙවෙනි චන්ද්‍ර ගුප්ත වාකාටක කදම්බ, නාග හා ලිච්ඡවීන් සමඟ ද විවාහ ගිවිසුම් ඇති කරගති. දෙවෙනි චන්ද්‍රගුප්තට අතිරේක වශයෙන් යුද්ධ ආක්‍රමණයන්ට කළ යුතුව තිබුණේ වයඹ දිග ශකයන් පැරැදවීම පමණෙකි. එම කාර්යය නිසා මෙතෙක් සුරක්ෂිත නොවූ වයඹ දිගද ආරක්ෂා කරලීමෙන් ගුප්ත රාජ්‍යය වඩාත් ප්‍රබල වීය. මෙසේ යුද්ධාක්‍රමණ හා විවාහ මඟින් යටත් ප්‍රදේශ ඇතිකරලීමෙන් අධිරාජ්‍යය විශාල වීමත් රට සෙමෙහි පිහිටුවාලීමත් නිසා ආර්ථික තත්ත්වය ද බෙහෙවින් දියුණුවිය. දෙවෙනි චන්ද්‍රගුප්ත ගේ පාලන කාලයේදී නිකුත් කළ රන් හා රිදී කාසි මෙයට කදිම නිදසුන් වේ.
කාසි මුද්‍රණය රනින් රිදීයෙහි පැවැතීම එකල පැවැති ආර්ථික සමෘද්ධිය පිළිබිඹු කරන්නකි. පුරාවිද්‍යා ගවේෂකයන් විසින් ගුප්ත කාසි රාශියක් සොයා ගනු ලැබ ඇත. ලිච්ඡවීන් හා ගුප්ත රජුන් පැවැත්වූ විවාහ සබඳතා ද මේවා සමහරෙකින් පැහැදිලි වේ. කාසියෙක එක් පැත්තෙක ලක්ෂ්මී දෙවඟන ද අනික් පැත්තේ ලිච්ඡවි කුමාරියක් ද සමහර කාසියෙක දැක්වේ. ලක්ෂ්මී දෙවඟන ආගමික විශ්වාසයක් මත යෙදීද? නැත්නම් මේ ලිච්ඡවි සම්බන්ධය නිසා එකල රටේ ඇතිවූ ශ්‍රී සමෘද්ධියේ සංකේතයක් දැයි සැක කිරීමට පිළිවනි. ගුප්ත රජුන් ලිච්ඡවි සම්බන්ධය මහත් ගර්වයෙන් දක්වනුයේ ද මේ නිසා විය හැක.
නැත්නම් උසස් කුලයක් හා සම්බන්ධ වීමට ලැබුණු නිසා විය හැක. රාජ භාණ්ඩාගාරයේ ධනය එක්රැස් වුණේ ඉඩම් බදු, කප්පම්, තෑගිබෝග ආදිය නිසාය. අලහබාද් ලිපිය මෙයට සාක්ෂ්‍ය දරයි. වෙළඳාම අතින් බැලුවත් ගුප්ත රාජ යුගය ඉතා සාරවත් විය. පෙර අපර දෙදිග වෙළඳාමේ මධ්‍යස්ථානයක් වීම නිසා ඉන්දියාවේ ජාතික ධනය වැඩිවූ බව පෙනේ. දේශපාලන සාමය ඊට බෙහෙවින් පිටුවහල් වීය.
භාණ්ඩාගාරයේ මුදල් පිළිබඳ අය වැය ගණන් තබන්නෝ ද වූහ. ඔවුන් “අක්ෂ පටලික” නමින් හඳුන්වනු ලැබීය. මේ අතර ගුප්ත පාලන සංවිධානය මනා සේ කරගෙන යාම සඳහා අධිරාජයා යටතේ විශාල නිලධාරි පිරිසක් ද වූහ. මන්ත්‍රී පරිෂද් හා සේනාපති ආදී මේ පාලන මඬුල්ල මෞර්ය පාලනයේ ක්‍රමවත් විකාශයෙකි. මේ කරුණු ද ගුප්ත කාලයේදී ඉන්දීය සංස්කෘතිය නඟාලීමට අතිශයින් උපකාරී විය.
මෙකල විශේෂයෙන් ස්වර්ණමය යුගය ඇතිවුණේ සංස්කෘතික කටයුතු පිළිබඳව ය. මෙවැනි සංස්කෘතික උද්දීපනයක් ඇතිවීමට ආධාර වූවෝ ගුප්ත රජුන් පමණක්ම නොවේ. කලක සිටම වැඩීගෙන එමින් පැවැති මෙම හින්දු සංස්කෘතිය මෙකලදී මුදුන් මල් හටගැනීමේ අවදියට පා තැබුවා මිසක් මේ සමයේදී අලුතින්ම බිහිවූවක් ලෙස හැඳින්විය නොහැක. විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුත්තේ මේ වන විට බුද්ධ ධර්මය ඉන්දියාවෙන් කෙමෙන් තුරන් වීමත් සමඟම හින්දු පුනර්ජීවනය ඇතිවූ බවයි. සම්පූර්ණයෙන්ම වාගේ ගුප්ත සංස්කෘතිය හින්දු ආගම පදනම් කැර ගෙන බිහි වූවකි. එනම් හින්දු ආගමේ වැදගත් අවදියකි මේ.
මෙහිදී මෙම සංස්කෘතික දියුණුව පිළිබඳ ඉතිහාසය සාහිත්‍ය ආගමික හා කලාත්මක යනුවෙන් බෙදා සාකච්ඡා කිරීම පහසුවෙන් වටහා ගැනීමට හේතුවේ යැයි හඟිමි. එකල ජනතාව අතර ව්‍යවහාර භාෂාව වූයේ “කාව්‍ය සංස්කෘතියයි.” මේ වන තෙක් ග්‍රන්ථ රචකයන් භාවිත කළේ ප්‍රාකෘතිය හා වෛදික සංස්කෘතයයි. එහෙත් කාව්‍ය සංස්කෘතය වඩා සරල බැවිනුත් මෙසේ ජනපි‍්‍රය භාෂාව වන්නට ඇතැයි සිතේ. මෙම භාෂාව ක්‍රි. ව. 1 ශත වර්ෂයේ ඇති වුවත් එය ක්‍රමයෙන් වැඩි ආයේ පොදු ජනයා අතර ප්‍රචලිත විය. එය ග්‍රන්ථ රචනයට හා අධ්‍යාපන මාධ්‍යය සඳහාත් යොදාගත් බව මෙකල ලියැවි ඇති ග්‍රන්ථ සමූහයෙන් ම පෙනී යන කරුණකි. එසේ ම එම භාෂාවේ ඇති සරලභාවය හා අලංකාරවත් භාවය වටහා ගැනීමට හරිසේනගේ අලහබාද් ප්‍රශස්තියම ප්‍රමාණවත් වේ යැයි හඟිමි.
මහායාන බෞද්ධ ග්‍රන්ථ ද ලියැවී ඇත්තේ මෙම භාෂා මාධ්‍යයෙනි. එහෙත් මෙතෙක් පැවැති ප්‍රාකෘතය සම්පූර්ණයෙන් අභාවයට නොගියේය. මේ සාහිත්‍ය පෝෂණය වඩාත් ඉක්මන් වීමට හේතුව නම් ගුප්ත රජුනුත් කලාකාමි පිරිසක් වීමයි. සංගීතය හා කලාව පි‍්‍රය කළ බැවින් සමුද්‍රගුප්තට “කවිරාජ” යන විරුදාවලිය ද ලැබී ඇත. වීණාවක් අතින් ගත් ඔහුගේ රූපය දක්වන කාසිය මේ කරුණ ඔප්පු කරන්නකි. දෙවෙනි චන්ද්‍රගුප්ත ද සාහිත්‍යාභිලාෂින්ට හා කලාකරුවන්ට ආධාර කළේය. ඔහුගේ රාජ සභාවේම “නවරත්න” නමින් ශ්‍රේෂ්ඨ කවීන් සිටි බව ද ප්‍රබන්ධ කථාවලින් ද හෙළිවේ.
ප්‍රබන්ධවලදී “වික්‍රමාදිත්‍ය” යන නාමයෙන් හඳුන්වනු ලබන්නේ දෙවෙනි චන්ද්‍රගුප්ත රජු බව ඉතිහාසඥයන් වැඩි දෙනා ගේ පිළිගැනීමයි. ඔහු කවියනට ආධාර ලබා දුන් අතර තමන් ද කලාපි‍්‍රය වීමෙන් සංස්කෘත කාව්‍ය හා නාට්‍ය ග්‍රන්ථාදි කලා කෘති ශීඝ්‍රයෙන් දියුණු විය. මේ යුගයේදී ශ්‍රේෂ්ඨතම කලා නිර්මාණ බිහිවීමට හේතු වූයේ මේ කරුණුයි. “නවරත්නයන්” අතුරෙන් ඉතාම කීර්තිමත් පඬිවරයා නම් කාලිදාසයි. සංස්කෘත සාහිත්‍යයට නොමැකෙන කීර්තියක් අත්කර දුන් ඔහු ලෝක සාහිත්‍යය නමැති අම්බරයේ දීප්තිමත් තාරකාවක් ව අදත් බැබලේ. ඔහු ප්‍රතිභාපූර්ණ කවිවරයකු මෙන්ම දක්ෂ දෘශ්‍ය කාව්‍ය රචකයෙක් ද විය.
ඔහුගේ එම රසපූර්ණ දෘශ්‍ය කාව්‍ය නම් ශකුන්තලා, වික්‍රමෝර්වශිය හා මාලවිකාග් නිමිත්‍රයත්ය. ඒ අතර රඝුවංශ හා කුමාරසම්භව නම් මහා කාව්‍ය දෙක ද මේඝදූත නම් දූත කාව්‍යයද, සෘතුසංහාර නම් භාවගීතය ද ඔහුගේ අමරණීය කෘතීහු වෙත්. ඔහු හා සමකාලීන තවත් පඬිවරුන් ද විද්‍යාඥයන් හා දාර්ශනිකයන් ද විසින් සංස්කෘත සාහිත්‍යය වර්ධනයට කළ සේවය ඉමහත්ය.
භාස, ශුදාක, විශාඛදත්ත, වරාහමිහිර බ්‍රහ්ම ගුප්ත, අර්යභට, දින්නාග, වසුබන්ධු ආදිහු ඔවුන් අතර ප්‍රමුඛ වෙත්. මොවුන්ගේ සමහර කෘති දැනට අභාවයට ගොස් ඇත. භාස විසින් ම නාට්‍ය 13 ක් ලියූ බව සඳහන් වේ. එසේ ම තාරක විද්‍යාව, නීතිය, ව්‍යාකරණ, ගණිත හා දර්ශන යන විෂයයන් පිළිබඳව ද ග්‍රන්ථ රචිත විය. රාමායණ, මහාභාරත යන වීර කාව්‍ය දෙක අවසාන වරට සකස් වූයේ ගුප්ත යුගයේ පඬිවරුන් අතිනි. පුරාණ සාහිත්‍යය ගැන ද කිව යුත්තේ එයයි.
මෙබඳු සාහිත්‍ය පෝෂණයට ඉවහල් වූයේ එකල පැවැති අධ්‍යාපන තත්ත්වයේ උසස්කමයි. හින්දු ආගමික ආයතන ක්‍රමයෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පෙරැළිණි. මෙයට බෞද්ධ ආගමික සම්ප්‍රදායෙන් බොහෝ දුරට ආභාස ලැබී ඇති බව පෙනේ. තක්ෂිලාව මෙකල ඉතාමත් දියුණු අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන්ට ඇත. එහෙත් එම ප්‍රදේශය හරහා ඉන්දියාවට පැමිණි පාහියන් එම විශ්ව විද්‍යාලය ගැන කිසි සඳහනක් නොකරයි.
අනික් අධ්‍යාපන මධ්‍යස්ථාන නම් බරණැස්, මථුරා හා පාටලිපුත්‍රයි. හින්දු අධ්‍යාපනය බෙදා දීමේදී බමුණු “අග්‍රහාර ගම්” ඉතා වැදගත්වේ. ගෝදාවරී නදිය අසබඩ පිහිටි පිෂ්ටපුරම් එබන්දකි. මේවාට රජයේ ආධාර නොඅඩුව ලැබිණි. ඒ අතර බෞද්ධ විහාර වටා ගොඩනැගුණු ශාස්ත්‍රය බෙදා දෙන තැන් ද තිබිණි. නාලන්දා විශ්ව විද්‍යාලය ඒවා අතුරෙන් මුල් තැන ගනී. උසස් අධ්‍යාපන ආයතනයක් වූ එය ජාත්‍යන්තර කීර්තියට ලක් වූවකි. ලෝකයේ නා නා දිශාවලින් ශාස්ත්‍රාභිලාෂිහු එහි දහස් ගණනින් ඇදී ආහ.
එහි ඉගෙනුම ලත් අය දස දහසක් පමණ බවත් දිනකට දේශනා වාර 100 ක් පමණ පැවැත්වූ බවත් චීන වාර්තා දක්වයි. මහායාන හා ථෙරවාද ආදි දර්ශන වාදද නීතිය, තර්ක, ව්‍යාකරණ, ගණිත, ඡ්‍යොතිර් විද්‍යා ආදි හැම විෂයයක්ම ඉගැන්වූයේය. මෙහි තිබුණු ශ්‍රී විභූතිය මෙකල පවා, පුරාවිද්‍යා ගවේෂණවලින් මතු වූ නටබුන් වලින් පැහැදිලි වේ. මෙබඳු මධ්‍යස්ථාන නඩත්තුව සඳහා රජවරුන් හා අසල්වාසීන් විසින් ගම්වර ප්‍රදානය කරන ලදී. මේවා නිසා අධ්‍යාපන ප්‍රබෝධය භාරතය පුරා පැතිරෙන්නට ඇත. සංස්කෘත භාෂාව රාජ්‍ය භාෂාව වන්නට ඇත.
ගුප්ත සමයය හින්දු ආගමේ අලුත් මුහුණුවරකින් වැඩී ගිය දියුණුවක් දක්නට ලැබෙන සමයෙකි. එයද මේ යුගයට පෙර පටන් සකස් වෙමින් ඇවිත් උසස් අවස්ථාවකට සම්ප්‍රාප්ත වීමකි. මේ වන විට හින්දු ආගමේ ශෛව හා වෛෂ්ණව වශයෙන් ප්‍රභේද දෙකක් වැඩී ගොස් තිබිණි. මෙකල විශේෂ ලක්ෂණය නම් ඒ දෙකොටසම ජනපි‍්‍රය වී තිබීමයි. ඒ ඒ ආගමික කොටස්වලට ප්‍රාදේශීය වෙනත් ආගමික විශ්වාස ද මිශ්‍ර විය. එය කවර ලෝක ආගම්වල ද දක්නට ලැබෙන්නකි. මෙකල භක්තිවාදය ජනයා අතර මුල් බැස ගත්තේය. දකුණු ඉන්දියාවේ හටගත් එය උතුරට ද ව්‍යාප්ත විය. හින්දු ආගමේ ඇති වූ විශාල දියුණුවට එකල ඉදිවුණු ගොඩනැගිලි හා ප්‍රතිමා ආදිය සාක්ෂ්‍ය දරයි.
එහෙත් බෞද්ධාගම ඇදහු අයද හිඟ නොවූහ. පාහියන් භික්ෂුව කියනුයේ එකල ඉන්දියාවේ බෞද්ධයන් බොහෝ සිටි බවයි. ඇතැම් විට ඔහුගේ කීම අතිශයෝක්තියක් විය හැකි මුත් සාර්නාථ, බුද්ධගයා, වෙල්ලෝර් වැනි බෞද්ධ නෂ්ටාවශේෂ දෙස බලන විට එම කීම බැහැර කළ හැකි ද නොවේ. ගුප්ත රජුන් හින්දුන් වූ මුත් කවදත් භාරතිය හින්දු හා බෞද්ධ රජුන්ගේ පාලන ප්‍රතිපත්තිය වූයේ ආගමික සහනශීලිත්වය ගරු කිරීමයි. ඒ නිසා බෞද්ධ කටයුතු වලට ද ඔව්හු උදව් කළහ. ථෙරවද ධර්මය උතුරේ හා දකුණේ ජනපි‍්‍රය වූ බව පෙනේ. ලක්දිව පමණක් නිර්මල ථෙරවාදය රැඳුණු වග එකල ඉන්දියාව පවා පිළිගත් බව ථෙරවාදය හැදෑරීමට බුද්ධඝෝෂ හිමි මෙහි එවීමෙන් පෙනේ. ඔහු ආයේ ථෙරවාදය නැවැත ඉන්දියාවට හඳුන්වා දීමට අවබෝධයක් ලබාගැනීම සඳහා විය හැක. මෙකල මහායාන ධර්මය ප්‍රචාරය කළ අය අතර දින්නාග හා වසුබන්ධු වැනි දාර්ශනිකයෝ මුල් වූහ.
මේ අතර ජෛනාගම ද සමහර ප්‍රදේශවල අදහන ලද.ි මථුරාවේ හා වලභියේ ද ජෛන ධර්ම සංගායනා දෙකක් පැවැත්වූ බව තද් ග්‍රන්ථ ප්‍රකාශ කරයි. දකුණේ හා දෙකානයේ ජෛන භක්තිකයන් සිටි බව පෙනේ. මොවුනට ද රාජ්‍ය ආධාර ලැබිණ. මෙබඳු ජෛන, හිංදු හා බෞද්ධ ආගමික නිකායන් අතර ආගමික වාද හා සාකච්ඡා ද පැවැත්විණි.
කලාත්මක අංශය සලකා බැලුවත් එහිද විශාල දියුණුවක් දක්නට ලැබේ. නෂ්ටාවශේෂ මෙයට සාක්ෂ්‍ය දරයි. එම කලාත්මක අංග ද කලක සිටම වැඩීගෙන ආවක්මය. එම කලා කෘති ගොඩනැගුණේ හින්දු හා බෞද්ධ ආගම් වටාය. ජනයා අතර මුලදී හින්දු දේවරූප වන්දනාව නොපැවැතියේ නමුදු මෙකල ඔව්හු ඊට ඇබ්බැහි වී සිටියහ. බුද්ධාගමේ ප්‍රතිමා වන්දනය ද සමකාලීනව ඇරැඹිණි. ක්‍රි. ව. 1 ශත වර්ෂයේ නිකුත් කළ කාසි වලින් ද මීට ඉහත දේවතා රූප වන්දනය පැවැති බව පෙනේ. හැම හින්දු දෙවොලකම ප්‍රධානත්වය ලැබෙන්නේ විෂ්ණු හා ශිවටය. විෂ්ණු රූප බහුලව සොයාගෙන ඇති අතර ශිවගේ රූප ස්වල්පයෙකි.
බුදු පිළිමයේ ක්‍රමික විකාශය ද මෙකල තවදුරටත් ඇතිවිය. ගන්ධාර ක්‍රමයෙන් ඇතිවූ බුදු පිළිමයේ රශ්මි වලල්ල මුලදි ඉතා චාම්ය. ගුප්ත ශිල්පියා අතින් එය අලුත් මුහුණුවරක් ගනී. එහි රශ්මි වලල්ල ඉතා විසිතුරු කැටයමින් අලංකාර වේ. මේ ශිල්පින්ගේ කලා විශාරද භාවයට හොඳම නිදසුන් නම් මථුරා හා සාර්නාත් පිළිමයි. ගුප්ත කලාකරුවන් බුදුන්ගේ කරුණා ගුණය හා සුන්දරභාවය ගලේ මූර්තිමත් කර දැක්වීම ඉතාම චිත්තාකර්ෂණියයි. චෛත්‍ය හා කුළුණු නිර්මාණය ද මෙකල දක්නට ලැබේ. ගලින් නෙලූ හින්දු දේවාල ද්වාරය ඉතාමත් විසිතුරු කැටයමින් අලංකාර වේ.
චිත්‍ර කලාව අතින් ද ගුප්ත යුගය විශේෂ දියුණුවක් ලැබිය. අජන්තා බිතු සිතුවම් මෙයට කදිම නිදසුන්ය. ජාත්‍යන්තර කීර්තියක් ඒවාට ලැබී ඇත්තේ ගුප්ත නිර්මාණ ශිල්පියා ගේ කලා කෞශල්‍යයෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුය. ගුප්ත සංස්කෘතියේ තවත් විශේෂයක් නම්, එය ඉන්දියාවෙන් බැහැර රටවලත් ව්‍යාප්ත වීමයි. නාලන්දා විශ්ව විද්‍යාලය හා පැවැති විදේශ සම්බන්ධතා හා ඉන් යැවූ ධර්මදූතයන් මාර්ගයෙන් මේවා සුකර විය.
අග්නිදිග ආසියාව හා චීනය හා ලක්දිවත් ඒ බලපෑම් ඇතිවී ගුප්ත ප්‍රතිමාවේ ආභාසය මධ්‍ය ආසියාවේ හා තවත් රටවල ඇති පිළිමවලින් ද පිළිබිඹුවේ. බෞද්ධ හා හින්දු ආගමික අදහස් මේ රටවල පැතිරිණි. ලක්දිවින් යන භික්ෂුන් සඳහා බුද්ධගයාවේ විහාරයක් තැනීම ආදි සිද්ධි ලක්දිව හා ඉන්දියාව අතර පැවැති සංස්කෘතික සම්බන්ධතා වලට නිදසුන් වේ. ඉන්දියා ගෘහ නිර්මාණ කලාව, ප්‍රතිමා කලාව හා ආගමික අදහස් ද මෙසේ ලක්දිව කලා කෘතින්හි පිළිබිඹු වේ.
ඉසුරුමුණි විහාරයේ ගුප්ත කලා ආභාසය දැක්වෙන බව ඉතිහාසඥයන්ගේ මතයයි. ගුප්ත පාලනය ඉන්දියාව පුරා පතළ නොවූවත් ගුප්ත සංස්කෘතිය අතින් නම් ඉන්දියාව පුරා එකීයත්වයක් දක්නට ඇත. මේ ආදි කරුණු සලකා බලන විට අපට පැහැදිලි වනුයේ ඉන්දීය සංස්කෘතියේ මුදුන්මල් පිපුණු අවධිය ගුප්ත පාලනය සමය පසුබිම් කරගෙන ඇතිවූ බවයි.
Subscribe to:
Posts (Atom)